IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


විස්ස ජනතා ඉල්ලීමක්

20 වැනි සංශෝධනය, ඒකාබද්ධ විපක්ෂයේ මතය, දින සීයේ වැඩපිළිවෙල, ජනාධිපතිවරයාගේ චෝදනා හා ජ.වි.පෙට කරන විවාද යෝජනා ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතායි.
 
ප්‍රශ්නය- 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පාර්ශ්වයක් සාධනීය ස්ථාවරයක සිටින බව ජවිපෙ මුලින් කිව්වා. හැබැයි දැන් 20 ට තමන් විරුද්ධ බව ඒකාබද්ධ විපක්ෂය පැහැදිලිව කියද්දී ඊළඟ පියවර කුමක් ද? 
 
පිළිතුර- 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ මේ රටේ ජනතාවගේ ඉල්ලීමක්. විධායක ජනාධිපති ධූරය ඒකාධිපති එකක් යන්න එය ආරම්භ වූ දවසේ සිට ජවිපෙ කිව්වා. චන්ද්‍රිකා කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ හා අවසානයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාත් පත්වෙද්දී කිව්වේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලයි. දන් සමහරු අහසින් වැටුණා වගේ දින සීයෙන් අයින් කරන බවක් දන්නේ නෑ කියලා කියනවා. මේවා පට්ටපල් බොරු. ජනවරම ජනතාවට පැහැදිලි කරද්දී ඒ සාකච්ඡාවල සංවාදවල රැස්වීම්වල එජාපය හා මෛත්‍රිපාල සිරිසේන මහත්තයා එකඟ වෙලා දින සීයෙන් විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා යැයි කී ජනවරමක් මේ තියෙන්නේ. විධායක ජනාධිපති ධූරය පාවිච්චි කරමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, අධිකරණයට, මූල්‍ය ක්‍ෂේත්‍රයට කරන ලද බලපෑම් පිළිබඳව අවශ්‍ය තරම් උදාහරණ අපට දෙන්න පුළුවන්. ඒ නිසා මේක රටේ අවශ්‍යතාවයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ තිබුණු සාකච්ඡාවක් දැන් නෑ. එක එක්කෙනා මේ ගැන විවිධ අවස්ථාවල තිබුණ අදහස්, නිර්ණායක ප්‍රකාශ කළා. අපි කියන්නේ 20 ට අදාළව රටට අහිතකර දේවල් කියන්න. අපි මේක දැම්මේ ආණ්ඩුව නොදාපු නිසයි. මෛත්‍රිපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ මහත්වරු මේ ගැන රටට කියන්න ඕනෑ. 
 
ප්‍රශ්නය- ඔබ එහෙම කිව්වත් ජනාධිපතිවරයා දැන් කියන්නේ දින සීයේ වැඩපිළිවෙල ගැන තමන් දැන සිටියේ නැහැ කියලනෙ?
 
පිළිතුර - ඔව් ඉතින් එතුමා ජනාධිපතිද කියලා දන්නවද කියලා තමයි අහන්න තියෙන්නේ. දින සීයේ වැඩපිළිවෙළ හදලා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ෆොටෝ දාලා ඒ මැතිවරණ ව්‍යාපාරයට මැදිහත් වූ අයගෙ එකඟතාවයක් අනුව තමයි සහාය දුන්නේ. මහින්ද රාජපක්ෂ පැරැද්දුවෙ. එතකොට මේවා දන්නෙ නැත්නම් එතුමා බබාද. දින සීයෙන් කරනවා කිව්ව සමහර වැඩ කරන්න බැරි වුණා. පස්සෙ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලා සෝභිත හාමුදුරුවන්ගෙ ආදාහන උත්සවයෙදිත් පොරොන්දු වුණා. අද ඒකත් අමතක වෙලා. එතුමාට බලය දෙද්දී එතුමා මැතිවරණ රැස්වීම්වල, ප්‍රතිපත්ති ප්‍රකාශනවලට කරපු කතා තියෙනවා. දින සීයෙ දැක්කෙ නැතත් හොරු අල්ලනවා කිව්වනෙ. අල්ලපු හොරෙක් කියන්නකො. 
 
ප්‍රශ්නය- 20 වැනි සංශෝධනයට සහායට සිටින්නේ කවුද?
 
පිළිතුර- මේ රටේ පොදු ජනතාවගේ සහාය තිබෙනවා. හැබැයි පොදු ජනතාවට මේකට ඡන්දෙ දෙන්න බෑ. ඒක කරන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විතරයි. මේ සහයෝගය තිබුණු නිසානෙ මෛත්‍රිපාල මහත්තයා දිනුවෙ. 18 ගෙනැල්ලා ජීවිත කාලෙම ඉන්න හැදුවාට 2010 ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂ කිව්වෙත් මේකම තමයි.  ඕනෑම අධිකරණ නියෝගයක් බල රහිත කරන්නට මිනීමරුවන් පවා නිදහස් කරන්නට බලයක් මේ ජනාධිපති ධූරයට තිබෙනවා. අපි මේ කරන්නේ විධායක ජනාධිපති ධූරයේ බලය අඩු කිරීමයි. ජනාධිපති ධූරය නැතිවෙන්නේ නෑ. 20ට එරෙහිව කෑ ගහන හැමෝටම නඩු දෙක තුන තිබෙනවා. නඩු වැටිලා හිරේ ගියත් නිදහස් වෙන්න නම් විධායක ජනාධිපති කෙනෙක් ඉන්න ඕනෑ කියලා ඒ අය හිතනවා ඇති. හොරු අල්ලන්න ආපු ආණ්ඩුවක් හොරු එක්ක කේවල් කර කර බලය රඳවා ගැනීමට ව්‍යාපෘති මෙහෙයවන්නේ ඒ නිසයි. බැඳුම්කර වංචාවෙ නම් ටික එළියට නොදා මෛත්‍රිපාල සිරිසේන මහතා කරන්නෙත් කේවල් කිරීම තමයි. මේ රටේ දේශපාලකයන්ට ජනතා කැමැත්තට පිටින් යන්න හැකි නම් 20 පරද්දන්න පුළුවන්. ජනතා කැමැත්ත අනුව පාර්ලිමේන්තුව කටයුතු කරනවා නම් 20 සම්මත කරන්නම ඕනෑ. 
 
ප්‍රශ්නය- මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හැටියට ක්‍රියා කර්ද්දී ජ.වි.පෙ මීට අත ගැසුවේ ඇයිදැයි ඒකාබද්ධ විපක්ෂය අහනවා. ඒ වගේම මේ පනත් ක්‍රියාවලියට අඩුම තරමින් මාස හතක්වත් ගතවන නිසා ආණ්ඩුවේ ආයුෂ සමඟ බලද්දී එය ප්‍රායෝගික නොවන වැඩක් බවත් කියනවා.
 
පිළිතුර- ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හැටියට පාර්ලිමේන්තුව කටයුතු කරනවා නම් ඒකෙ ඉන්න ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු එළියට ගිහිල්ලා මේ කියන කතා නවත්තලා කියන්න ඕනෙ මොකද්ද? අපි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විදියට මේක කෙටුම්පත් කරමු කියලනෙ. එහෙම එකක් නෑ. අනෙක් එක අපේ රටේ ජනාධිපති ධුරය 1978 ව්‍යවස්ථාවෙන් ඇවිල්ලා 1982 ජනාධිපතිවරණයේ සිට වසර හතලිහකට ආසන්න කාලයක් රටේ තියෙනවා. මේ විධායක ජනාධිපති ධුරයේ බලය අඩු කරලා පාර්ලිමේන්තුවට වග කියන කැබිනට් මණ්ඩලයට බලය තියෙන සංශෝධනයක් අපි ගේන්නේ. ඒක අවශ්‍ය නම් මාසයක් දෙකක් විවාද කරලා සම්මත කළ හැකියි. මේ ආණ්ඩුවට කාලයක් නෑ කියලා ඔය කියන්නේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හෙවිල්ලක්නෙ. 2018 ජනවාරි වෙනතුරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති. මාස හත නම් ඒත් කාලය තියෙනවානෙ. 20 න් සමාජයට සිදුවන යහපත් ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ ගැන ඒ අයට තර්ක නෑ. මේ පස්ස හරවන්නේ ජනතා ඉල්ලීමටයි. 
 
ප්‍රශ්නය- 20 රෝ සංවිධානයේ වැඩක් කියලත් කියනවනෙ. ජවිපෙට මොකද මේ රෝ ලේබල් එකක් නිතර වදින්නේ? 
 
පිළිතුර - ඔය විග්‍රහ වෙන්නේ එක එක වෙලාවට එක එක පැතිවලට හරවලා තම තමන් කැමැති විදියටනෙ. අපි කියන්නේ 20 අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විග්‍රහ කරගන්න. මොකද රට පාලනය කරන්නෙ පාර්ලිමේන්තුවෙන් මිස රෝ එකෙන් නෙවෙයිනෙ. මේක රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ වුවමනාවට ගේන්නෙ කියලත් සමහරු කිව්වනෙ. හැබැයි එජාපයෙ අය කියන්නෙ මේක මහින්ද ගේන්න කරන වැඩක් කියලයි. 
 
ප්‍රශ්නය- උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා 20 ගැන ප්‍රසිද්ධ විවාදයකට සූදානම්. ජවිපෙත් සූදානම් ද?
 
පිළිතුර- සමහරු කරුණු කියන්නේ හොරකම් කරලා හිරේ නොයා ඉන්න විදියනෙ. එහෙම නෙවෙයි. ඕනෑම පාර්ශ්වයකට 20 වැනි සංශෝධනය ගැන කරුණු කියාදෙන්න අපි සූදානම්. 
 
ප්‍රශ්නය- ජනාධිපතිවරයකු මියයාම, ඉල්ලා අස්වීම ආදී කරුණක් මත ධුරයේ පුරප්පාඩුවක් වන අවස්ථාවකදී නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවී 19 වැනි සංශෝධනයේ හිඩැසක් මත  ජනාධිපති පුටුවට ඒමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉඩක් ඇතැයි උදය ගම්මන්පිල පවසනවා. 20 පාරාවළල්ලක් වේවිද?
 
පිළිතුර- ගම්මන්පිල හිතන් ඉන්නේ මිනිස්සු මැරෙන්නේ නෑ කියලයි. බලයේ ඉන්න ජනාධිපති මැරෙනවා වගේම මහින්ද රාජපක්ෂ මහතා මැරෙන්නත් පුළුවන්. අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතා අගමැති වෙයි කියලා කියන්නෙ කොහොමද? පාර්ලිමේන්තුවෙ කැමැත්ත එතුමාට ලැබෙයි කියලා කියන්නේ කොහොමද? මේවා හිතලු. 19 හෝ 20 දුර්වලතා තිබෙනවා නම් ඒවා හදාගැනීමයි කළයුත්තේ. ගම්මන්පිල වගේම මාත් මැරෙනවා. පුරප්පාඩු ගැන මේ තිබෙන්නෙ නම් හීනයක්. 
 
ප්‍රශ්නය- මේ සියල්ල අතරේ බැසිල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම් ප්‍රබල දේශපාලන ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. 2020 ජනාධිපතිවරණය ඔවුන්ට පහසු ඉලක්කයක් වන බව නේද පෙනෙන්නේ? 
 
පිළිතුර- මේ බැසිල්ලා ගෝඨාභයලා ඇමැතිකම් දරාගෙන සිටිද්දී රාජපක්ෂ මහත්තයා ජනාධිපතිකම් දරන් සිටිද්දී පාර්ලිමේන්තුවේ 156 ක් හා පළාත් සභා ටික තියෙද්දී තමයි ඔහු පැරදුණේ. 2020 ජනාධිපතිවරණය එද්දී ඔවුන් කියන්නේ මොකද්ද? අසාර්ථක කණ්ඩායම් දෙකකින් වඩා සාර්ථක යැයි කෙනෙක් හොයාගන්න වෙන්නේ නෑ. රටට තියෙන්නේ විකල්පයක්. වඩා හොඳ තනි පුද්ගලයෙකුට බලය ප්‍රසාරණය වන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමයි. මේ අය මොනව කළත් රට අද තිබෙන තැන ජනතාව දන්නවා. ඒක පුද්ගල ආදායම ඩොලර් 4030 යි. රටක් සංවර්ධිත රටක් වීමට නම් ඩොලර් 12 650 ක් විය යුතුයි. ඒ කියන්නේ මේ වගේ තුන් ගුණයකට. පුද්ගල වුවමනා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය හැකිලූ පාලක සංස්කෘතිය නැවත ගෙනඒම වැලැක්වීමට ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ශිෂ්ට සමාජයක් ගොඩනැගීම සඳහා අපි 20 යෝජනා කරනවා. 2015 වනවිට රටේ රජකම ගැනීම සඳහා රාජපක්ෂ මහත්තයා හිටියේ කඩුවයි පුටුවයි හොයමින්. ඒ රජ්ජුරුවොත් පැරැද්දුවා නම් දොරටු පාලයෝ පරද්දන එක මිනිස්සුන්ට වැඩක් නෙවෙයි. 
 
ප්‍රශ්නය- පර්පචුවල් ටේ‍රෂරීස් වෙතින් මුදල් ලබාගත්තේ යැයි කියන 118 ක් ගැන කතාවෙද්දී ඔබ 166 ක ලැයිස්තුවක් ගැන කියනවා. මොකද්ද හරි ලැයිස්තුව?
 
පිළිතුර- මෙහෙමයි. බැඳුම්කර වාර්තාව දුන්නාම කඩිනම් ක්‍රියාමාර්ග ගන්න කියලා ඒකෙ පිටු 106 ක් ජනාධිපති ළඟ තියාගත්තා. මොකද්ද ගත්ත ක්‍රියාමාර්ග? 166 දෙනෙක් රුපියල් මිලියන 1190 ක් පර්පචුවල් ටේ‍රෂරීස් එකේ සල්ලි සෙලාන් බැංකුවෙ ගිණුමක් හරහා බෙදාගෙන තියෙනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළා. ඊට අදාළ තොරතුරු අර පිටු 106 තියෙනවා. අද ඒ පිටු 106 ත් නෑ. හොරුත් නෑ. ඒ ටික ජනාධිපති ලේකම් කාර්යාලෙ තියෙනවා කියලා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කිව්වා. 116 නෙවෙයි 166 ක නම් තියෙනවා. දේශපාලකයන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ අගමැති කාර්යාලයේ මහ බැංකුවේ අර්ථසාධක අරමුදල ඇතුලු රාජ්‍ය ආයතනවල විපක්ෂයේ කණ්ඩායම්වල ගොඩක් අයගෙ නම් තියෙනවා. මේ දේශපාලන ගේම්වලට තමයි ලිස්ට් එක හංගන්නේ. දැන් එතුමා හෙට අනිද්දා වෙනකොට මම එහෙම ඒවත් කිව්වේ නෑ කියාවි. මේ බොළඳ කතා කියන්නේ ජනතාව දීපු ජනවරමට පිටුපාලා වැඩ කරන ජනාධිපතිවරයෙකු හැටියටයි. 
 
ප්‍රශ්නය- ඔය 166 යේ ජවිපෙ කිසිවෙකුම නෑ කියලා සහතික ද?
 
පිළිතුර - අනිවාර්යෙන්ම. අපට හැර වෙන කිසි කෙනකුට තමන්ගෙ අය මේ ලැයිස්තුවේ නෑ කියලා කියන්න බෑ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයටවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාටවත් මහින්ද රාජපක්ෂ මහත්තයාටවත් කියන්න බෑ. අද ඒගොල්ලො මේ ගැන වචනයක් කියන්නේ නැත්තේ ඇයි. මේ 166 නම් ටික එළියට දාන එක ජනාධිපතිවරයාගෙ වගකීමක්. තව ලංකා බැංකුවෙ ගිණුම්වලින් බෙදාපුවා තියෙනවා. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට දීපු චෙක්පත දීලා තියෙන්නේ ලංකා බැංකුවෙ ගිණුමකින්. මේ ලේඛනය හෙට අනිද්දා වෙනකොට අස්ථානගත වෙනවා කියලා අපට විශ්වාසයක් තියෙනවා. ඊටපස්සෙ ජනාධිපති ලේකම් මාරු වෙනවා. ඊට පස්සෙ කාගේ හරි නිලධාරියෙකු පිට පටවලා මේ 166 හංඟන මැදිහත්වීමකයි ජනාධිපතිවරයා සිටින්නේ. 
 
ප්‍රශ්නය - බොහෝ දෙනෙකු තමන්ට චෝදනා කළත් රාජ්‍ය බැංකු ටික බේරාගැනීමට පවා හැකිවුණේ තමා ශ්‍රීලනිප සභාපතිත්වය ලබාගත් නිසා යැයි ජනාධිපතිවරයා පැවැසුවා. ජනාධිපතිවරයාගෙ පැත්තෙන් කියන කතා වලංගුම නැද්ද?
 
පිළිතුර - මේ කියන සමහර කරුණු ගැන අපට තාර්කිකව හිතන්න පුළුවන්. ඒ වගේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 42ක් හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කළේ නොදැන නෙවෙයිනෙ. ජනාධිපති වුණාට පස්සෙයි පක්ෂෙ සභාපතිකම ලැබුණෙ. ඇයි සභාපතිකම් ගත්තේ? දින 100 ක් දන්නේ නෑ මෙහෙම මඟුලක් කරන්න බෑ කියලා පාර්ලිමේන්තුව විසුරුවන්න තිබුණනෙ. කොමිෂන් සභා පිහිටුවීමේ සිට 19 වැනි සංශෝධනය ඇතුලු කරුණු කාරණා ගණනාවක් දින සීයේ තිබුණා. අවුරුදු තුනහමාරකට පස්සෙ ජනාධිපති කියනවා නම් දන්නේ නෑ කියලා ඔහු තනතුරට ගැලපෙන්නෙ නෑ. 156 ක් හිටපු මහින්ද රාජපක්ෂ 46ක් හිටපු වික්‍රමසිංහට දීලා ගියා. එතුමා දින සීයෙන් විසුරුවන්නේ නැතිව එකසිය හැට ගාණක් වෙනකන් කල්ගත්තේ බලය ඒකරාශි කරගන්නයි.  
 
- සාකච්ඡා කළේ බිඟුන් මේනක ගමගේ



අදහස් (27)

විස්ස ජනතා ඉල්ලීමක්

kalani Monday, 04 June 2018 05:33 AM

සත්‍යයේ හඬ. මානව ධර්මතා මුල් සිඳගත් සමාජයක හරස් කැපුමක්.

:       9       3

gunarathna Monday, 04 June 2018 06:14 AM

මහත්තයෝ විස්ස නෙමෙයි මහජනතාව ඉල්ලන්නේ බදු බරෙන් නිදහස් බඩු බරෙන් නිදහස් රටක්.

:       52       195

ධනුෂ්කMonday, 04 June 2018 04:45 PM

අාණ්ඩුව ඡන්දත් කඩාගෙන බදු ගහලා තියෙන්නේ මේක තවත් දුවන්න බැරි නිසයි. ඔබ කියන්නේ රෝගයක එක් ලක්ෂණයක්. එ් රෝගය තමා රට අාර්ථික, දේශපානික හා සමාජීය වශයෙන් පිරිහීම. එම රෝගය සුව කිරීමට රෝග නිධානය සොයා බෙහෙත් දිය යුතුයි. 20න් එ්ක 50%ක් වත් සුව කල හැකියි.මේ විධායකයේ ඍජු බලපෑම නිසා මේ රටේ විශාල යුද්ධ දෙකක් නිර්මාණය වී ලොකු විනාශයක් වුනා.හැබැයි 20 තුළින් රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් හැදෙනවා. හැබැයි වත්මන් දේශපාලකයන්ට එ්ක අහිතකරයි. අර 118 ට එහෙම. එ්කයි 20ට අකමැති.

:       0       27

Ajith NissankaTuesday, 05 June 2018 04:29 AM

බදු බර අඩු කරගන්න නම් හොරු පාර්ලිමේන්තුවට යවන එක ජනතාව නතර කරන්න ඕන! එහෙම නැතුව ලෝකේ වටේ ගිහින් ණය එකතු කරහෙන ඒවා ගසා කන තක්කඩි තමන් පාලනය කරන්න පත් කරගෙන ණය බර අඩුකරන්න කියල අඩල පලක් නැහැ! තව බදු බර වැඩි වෙනවා මොකද ගත්ත සමහර ණය කදු වල සහන කාලය මේ අවුරුද්දේ ඉවරයී!

:       18       33

gunarathnaTuesday, 05 June 2018 08:45 AM

අපි කවුරුත් හොරු පාර්ලිමන්ට් යවන්නේ නැහැ. ඔබතුමා කොහෙද ඉන්නේ කියල මම දන්නේ නැහැ..... .එකක් දන්නවා. ලංකාවේ වෙන්ට බැහැ හොරකම් කරන්නේ බලේ ලැබුණට පස්සේ. බලය ලැබුණට පස්සේ ගෙදර යවන්න බෑ

:       17       5

නුමාTuesday, 05 June 2018 10:09 PM

මට පේන්නෙ ගුණරත්න මහත්මයා වගේ අය තමා ලංකාවේ 99% ඉන්නේ. 'යවන්නෙ යහපත් කෙනෙක්, ගියාට පස්සෙ හොරෙක්' කියන සංකල්පයේ තමා ඉන්නේ. නමුත් සැබැවින්ම එසේ කරන්නේ නම්, එකම මුහුණ පාර්ලිමේන්තුවේ/ පළාත් සභාවේ එක් වරකට වඩා දකින්නට හේතුවක් නැහැ. නමුත් අපි වසර ගණනාවක් දකින්නේ එකම මුහුණු. එකම නඩය 'යහපත් යහපත්' කියමින් නැවත නැවත පත්කර යවන ගුණරත්න වැන්නන් ගේ බුද්ධිය සංශෝධනය වනතුරු රටට සෙතක් වන්නේ නැහැ.

:       0       37

Ajith NissankaTuesday, 05 June 2018 08:18 PM

එහෙනම් ඔය හොරකම් වලට සහ දාමරිකකම් වලට නම් දරාපු අය නැවත පත්වෙන්නේ අහසින් වෙන්න ඇති! ඔච්චර දෙයක් පෙනෙන්නේ නැත්නම් 2020 වෙනකල් පොඩ්ඩක් ඉවසන්න! එතකොට තමන්ටම පෙනේවි ලොකු ඡන්ද ගාණකින් මේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරුම නැවත පත් කරගෙන කෑවෝ කෑවෝ කියමින් ඉන්න හැට්! අපිත් මේ පොළොවේම පය ගහල ඉන්න නිසා තමයී මේ කටුක ඇත්ත පෙනෙන්නේ! නමුත් මට තනියම කරන්න පුළුවන් දෙයක් නැහැනේ!

:       0       19

saman Monday, 04 June 2018 03:00 PM

20 ඕනේ අපිට නොවෙයි. 20 ඔලුව කපල අතපය ඕනෙ විදියට නටාවි!

:       14       233

ධනුෂ්කMonday, 04 June 2018 04:31 PM

එතකොට එංගලන්තයේ, කැනඩාව, අර අති විශාල සංකීර්ණ සමාජයක් සහිත ඉන්දියාව. වගේ විධායක ජනාධිපතිවරු නැති රටවල්. මා මිනිසා ශිෂ්ඨාචාර ගත වූදා සිට ලෝක ඉතිහාසය, දර්ශන කියවලා තියනවා. හැබැයි බලතල එ්කරාශි කරගත් පාලකයන් ඔවුන්ගේ රටත් සමග වලපල්ලට ගිය අවස්ථා විතරයි තියෙන්නේ. එහෙම නැති එකතැනක් තියනවනම් කියන්න. අර ඉතා බලවත්, රෝම අධිරාජ්යත් නොදියුනු මිලේච්චයන් හමුවේ බිඳ වැටුනා. වෙන මුකුත් නිසා නොව පාලකයා එ්කාධිපතියකු වීම හමුවේ අධිරාජ්‍ය පිරිහුනා. එ් සදාතනික සත්‍යය ලංකාවේ විතරක් වෙනස් වෙයි කියලා හිතනවද?

:       21       125

BamunuarachchiMonday, 04 June 2018 11:24 PM

අපේ රට ඊට වඩා වෙනස්. මෙතරම්ම දුරක් ආ විධායක ජනාධිපති ක්‍රමයෙන් මේසිංහල රටට හොඳක් මිස උන නරකක් පෙන්වන්න. විධායක ජනාධිපති ක්‍රමය නොතිබුනානම් රටේ හැරවුම් ලක්ෂයක් වූ යුද්දය දිනන්න පුළුවන් වෙන්නේනැහැ. කරුණාකර එවකට සිටි අගමැති යුද්දය නැවැත්වීමට යෝජනා කලේ මොනවාදැයි අන්තර්ජාලයේ සොයා කියවන්න. විධායක ජනාධිපති අනිවාර්යෙන්ම ඒකාධිපතියෙක් වෙනවා කියලා මොන පොතේද තිබෙන්නේ. දැන් මෙරටේ උගත් බුද්දිමත් ජනතාව සිතන්නේ රටට ආදරය කරන ඒකාධිපතියෙක් මේ රටපාලනය කලයුතු බවයි. විධායක ජනධිපතියෙක් ඇමති මන්ත්‍රීන් රඳවා ගැනීමට පඬුරු පාක්කූඩම් දියයුතු නැත.

:       73       62

ලංකාTuesday, 05 June 2018 04:32 AM

ධනුෂ්ක දන්න දෙයක් කතා කරන්න. ඔයා කියන්නේ ඇමරිකාව, ප්‍රංශය, වගේ රටවල් ඒකාධිපති රටවල් කියලද ? අනිත් එක ඔයා කියන රටවල අගමැති වරුන්ටත් විධායක බලතල තියනවා.ඉන්දියාවෙ අගමැති හිට්ය කියල සාර්ථක රටක්ද ? අගමැති ද ජනාධීපති ද කියන එක වැඩක් නැති ප්‍රශ්නයක් .ලෝකෙ දියුණු රටවල ඔය දෙකම තියෙනවා.

:       0       43

sumanasiriWednesday, 06 June 2018 01:58 PM

මෙතන 20 ගේන්නේ වෙන වැඩකට. හොඳට බලන්න. ඒ අතරේ 20 නිසා ස්වාධීන රජයන් ඇතිවෙලා විනාශයට මුල පිරෙනවා.

:       0       47

BamunuarachchiTuesday, 05 June 2018 06:53 PM

20 ඔබ වැන්නවුන්ට උවමනා නැතිවුනාට රටේ ජනතාවට උවමනා කරතිබෙනවා මේ ආණ්ඩුව පන්නාදමන්න අපේ මොරල් සපෝට් එක ඒ සඳහා දෙනවා.

:       49       0

Bamunuarachchi Monday, 04 June 2018 10:54 PM

විස්ස ජනතා ඉල්ලීමක් නොවෙයි ඊළඟ පත්වෙන ජනාධිපතිට බයේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණ කියා ගන්නා අයගේ ඉල්ලීමක්. ජනතාවට වෙන අමුතු සෙත මොකක්ද? ජීවන වියදම අඩුවෙනවාද වෙනත් පසුකම් ලැබෙනවාද? නැත. නමුත් මන්ත්‍රී, ඇමති වරුන්ගේ සහයෝගයෙන් අගමැති කොරන්න යන අමනවැඩ හොරවැඩ නැවැත්වීමේ හැකියාවක් විධායක ජනාධිපතිට තිබෙනවා. යටගහන්න බැංකු කොල්ලයට කොමිසමක් ආවේ, යුද්දය දින්නේ විධායක ජනාධිපති බලතල නිසයි. ජනාධිපති තුමා තිබෙන ඉතිරි බලතල මේ අගමැතිට දීම වඳුරාට දැලිපිහියක් දීම වගෙයි.

:       39       278

ධනුෂ්කTuesday, 05 June 2018 05:26 PM

බමුණු විධායක ජනපති එ්කාධිපතියෙක් යන්න පොතේනම් නෑ. හැබැයි ලංකා ඉතිහාසය තුල අත්දැකීම් හා නිදසුන් තියනවා එහෙමයි කියලා. අනික මොන උගතද බුද්ධිමතාද එ්කාධිපතියෙක් ඉල්ලන්නේ. හිට්ලර් ජර්මන් ජාතිය ලෝකේ උතුම්ම ජාතිය කියලා මොකද කලේ. ඔහුත් ජර්මනියට ගොඩක් අාදරේ කලා. එතකොට කොංගෝවේ බොකසා. ලිබියාවේ ගඩාබි, ඉතාලියේ මුසොලිනි, ඉරාකයේ සදම් හුසේන්, පොල්පොට් මොවුන් එ්කාධිපතියන් හැබැයි අවසානේ බලවත් රටවල් මොවුන්ගේ රටවල් වලට පහර දී විනාශ කලා. ඉතින් ඔවුන් හොඳද?

:       1       0

BamunuarachchiThursday, 07 June 2018 01:16 AM

ඔබ මොනවා දැනගෙන කතා කොරනවාද කියා තේරෙන්නේ නැත. කොහොම උනත් පුවත් පතක තිබෙනවා විග්නේස්වාරන් 13 වෙනි සන්සොදනයේ ඉඩම් සමබන්දව උතුරේ ක්‍රීයාත්මක කරන්න පළාත් සබාවේ සම්මත කොරගෙන කියලා. දැනටමත් බලරහිත වෙලා ඉන්න ජනාධිපතිට මේසම්බන්දව ක්‍රීයාකළ හැකිද? පුවත් පතේ සඳහන් වන්නේ ජනාධිපතිට මේ සම්බන්දව ක්‍රීයාකළ නොහැකි බවයි . දැන් සනීපද

:       0       10

ධනුෂ්ක Tuesday, 05 June 2018 04:38 PM

ලංකා. ලංකාවේ ජනාධිපති ධූරය හැදුවෙත් ඔය රටවල් දෙකේ ජනාධිපති ධූර දෙක දිහා බලාගෙන අැමරිකාව හා ප්‍රංශය ජනාධිපති ධූරවල සංවරන හා තුලන විධි තිබෙනවා නමුත් ලංකාවේ එහෙම දෙයක් නෑ. තිබුනත් තියෙන්නේ වචනාලංකාර විතරයි. තිබුන ටිකත් 18 වන සංශෝධනයෙන් ඉවත් කලා. දැන ගන්න "බලය මිනිසා දූෂණය කරයි වැඩි බලය වැඩි දූෂණයේ යෙදෙයි" කියලා අහලා නැද්ද. එ්ක මෙහේ වෙලා නැද්ද? මම හොඳටම දැනගෙන කතා කරන්නේ

:       0       60

ධනුෂ්ක Tuesday, 05 June 2018 05:11 PM

බමුණු මේ අගමැතිටවත් ජනාධිපතිටවත් මේක අදාල නෑ. වත්මන් අාණ්ඩුවත් ජනපතිගෙනුත් පස්සේ මේක අදාල වෙන්නේ.

:       31       31

BamunuarachchiThursday, 07 June 2018 01:21 AM

දැන් ඉන්න කෙනාට මොනවා උනත් අපිට කමක් නැහැ මොකද තිබෙන බලතලවලින් වත් ඉන්න කෙනා ප්‍රයෝජන නොගන්න නිසා. පත්වෙන ජනාධිපතිටයි බලතල තිබෙන්නේ ඕනේ . නැවත මෙය සිංහල රටක් කොරන්න.

:       0       0

BamunuarachchiThursday, 07 June 2018 01:37 AM

ධනුෂ්ක අපිට වුවමනා රටේ අබිවුර්දියට අකුල් හෙලන ඇමතියන් පවා සුදු වෑන් වල පටවන්න පුළුවන් ඒකාධිපති ජනාධිපති කෙනෙක්.

:       0       0

ධනුෂ්කThursday, 07 June 2018 04:26 AM

බමුණු, එහෙම කරන්න පුලුවන් මේ ලෝකේ ලංකාව විතරක් ඉන්නවනම්. ඉස්සර එහෙම කරාට දැන් ලෝකේ එහෙම එ්කාධිපති පාලන ගෙනියන්න බෑ. ඔබට මතකද සිරියාව අාණ්ඩුව ජනතාවට ගෑස් ගැහුවා කියලා අැමරිකාව රුසියන් හමුදාවත් රට තුල සිටිද්දිත් ඩැමස්කස් අගනුවරට පහර දුන්නා. එතකොට අපි කවුද අපිව යටත් කරන්න එක සබ්මැරීනයක් නැවක් අැති. අඩුගානේ අපිට ඔය අඟල් 14 නැව් බඳක් හිල් කරන්න පුලුවන් අවියක් තියනවද. එ් ගැන අපි කනගාටු වෙන්නෝන. අපේ මොන ලොක්කාත් මෙහේ කයිය ගැහුවට නටන්නේ බලවතුන් කියන පදේට. සතියක් තෙල් නැවැත්තුවොත් මොනා වෙයිද?

:       0       0

BamunuarachchiThursday, 07 June 2018 06:46 AM

ධනුෂ්ක කරන්න බැරිකම වෙනම දෙයක් ජනතාවගේ බලාපොරොත්තුව අපේක්ෂාව චේතනාව එකයි. චේතනාහම් භික්කවේ කම්මන් වදාමී.

:       0       0

BamunuarachchiThursday, 07 June 2018 06:59 AM

ධනුෂ්ක ඔය මානසිකත්වයේ සිටි නිසා තමයි 2005 කලින් සිටි අයට යුද්දය දිනා ගන්න බැරි උනේ. මහින්ද මහතාත් ඔය විදිහට සිතුවානම් ප්‍රබාකරන් මෙරටේ තවමත් සෙල්ලම් දානවා,. ඔය නිවට මානසිකත්වහෙන් මිදෙන්න. මේ ලියන මම 4 වෙනි යාගය පසු කරන්නෙක් නමුත් තවමත් මගේ හිත පළවෙනි යුගයේ. යුගයක් කියන්නේ අවුරුදු 20ක්.

:       0       0

sarath Wednesday, 06 June 2018 01:37 AM

මම නම් 20 ඉල්ලුවේ නැහැ. තියෙන ව්‍යවස්ථාව හොඳටම ඇති රට හදන්න.

:       17       140

surath Wednesday, 06 June 2018 06:42 PM

රටේ මෙතරම් දැවෙන ප්‍රශ්න තියෙද්දී ජවිපෙ මෙම ඉල්ලීම පුදුම සහගතයි. ජනතාවට අබ සරණයි.

:       0       0

Ajith Nissanka Thursday, 07 June 2018 03:34 AM

අනේ සුරත් ඔය ජනධිපති ක්‍රමය ඉවත් කිරීමේ ඉල්ලීම අපි නම් දන්නා කාලේ ඉදල තිබුන ප්‍රධානතම මැතිවරණ පොරොන්දුවක්! එහෙම පොරොන්දුවක් දේසපාලුවන්ට දෙන්න සිද්ද උනේ ජනතා ඉල්ලීමක් වෙච්ච නිසායී! දේසපාලුවන්ට විතරක් නොවේ හුගක් දෙනකුට දැන් අමතක වීමේ රෝගය තියනවා! යුද්දේ අල්ලාගෙන ජනාධිපති ක්‍රමය මහා ලොකු වෙලා! ඔය ක්‍රමය මුලදී ආවේ 1977 හයෙන් පහක ඇති විශාල බලයක් UNP එකට ලැබුන නිසායී! ඔය ක්‍රමයෙන් ලැබිච්ච නරක දායාද ගැන පොත් ගණන් ලියන්න පුළුවන්! ප්‍රබල පර්ලිමන්තු තිබුන කාලෙත් අගමැතිට තිනුන බලතල පාවිච්චි කරලා යස අගේට පාලනය කරා! සුදු වෑන් වලින් රට කරන ජනාධිපත් ක්‍රමයක් ඇති නොවෙන්න අපි වග බලා ගන්න ඕන! පස්සේ කනවෝ කනවෝ කියල මර ලතෝනි පල කරන්න එපා!

:       0       0

BamunuarachchiThursday, 07 June 2018 06:54 AM

"ජනතා ඉල්ලීමක් වෙච්ච නිසායී!" කොහේ මොන ජනතාවද ඉල්ලුවේ? කියන්න බලන්න. පළමුව කියන්න විධායක ජනාධිපති ක්‍රමය ඔබටයි මටයි නරක උනේ කොතනද කියලා. මහ ජනතාවට හොඳක් උනා නරකක් උනේ දෙශපාලුවන්ට.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 99 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 336 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 180 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 569 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 668 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2688 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 191 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1390 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site