IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


විපක්ෂය මහින්ද වටා රොද බඳී

එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වාර්ෂික සමුළුවේ දී ජනපති සිරිසේන මහතා තම මැතිවරණ සැළසුම් තවදුරටත් සකස් කරනු ඇත.

මෛත්‍රීපාල මහතාගේ හිතවතකු සහ වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රකාශකයා වන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, සමළුව පැවැත්වීම සදහා දින කිහිපයක්ම යෝජනාවී තිබෙන බවත්, ජනපතිවරයාට වඩාත්ම පහසු දිනය දැනුම්දෙන තෙක් ඔවුන් බලා සිටින බවත්, පසුගිය බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවක දී පැවසුවේය. 

මෙම මස 30 සහ 31 දිනයන්හි නේපාලයේ පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් සමුලුවට සහභාගීවීම සදහා ජනපති සිරිසේන මහතා දිවයිනෙන් බැහැර වනු ඇත. සැප්තැම්බර් මස 18 වැනිදා සිට විවෘත වන එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට ද ඔහු සහභාගීවනු ඇති අතර, එම සමුළුවේ ඉහළම අංගය වන රාජ්‍ය නායකයින්ගේ අදහස් දැක්වීම් යෙදී තිබෙන්නේ සැප්තැම්බර් මස 25 වැනිදාටය.

ජනපතිවරයා දිනය ලබාදුන් විගස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වාර්ෂික සමුළුව ඉහළින්ම පැවැත්වීම සදහා සංවිධාන කටයුතු ආරම්භ කැරෙනු ඇති බව සමරසිංහ මහතා පැවසුවේ ය. මේ අතර, උතුරු මැද පළාතේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමටත්, බිම් මට්ටමේ සංවිධාන ඉදිරියේ එන මැතිවරණය ඉලක්ක කර ශක්තිමත් කිරීමටත්, ජනපති සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායකයා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, දෙමළ ජාතික වතුකම්කරුවන් වැඩි වශයෙන් වාසය කරන කඳුකර ප්‍රදේශයන්හි ජනතාව බැහැදැකීමෙන් තම මැතිවරණ කටයුතු ආරම්භ කළ අතර, මෙරට කතෝලික ජනතාවගේ අතිමහත් භක්තියට පාත්‍ර මඩු දේවස්ථානයේ සංචාරයකද නිරත විය. පෙර අවස්ථාවල උතුරට යෙදුනු ඔහුගේ සංචාරයන්ගෙන්, සුළුතර ජන කොටස්වල මනාපය දිනාගැනීම ඔහුගේ උත්සාහය බව පැහැදිලි වේ.
රාජපක්ෂ පාලන සමයේ මහා පරිමාන වංචා හා දූෂණවල යෙදුණවුන් වහ වහා නීතිය හමුවට ගෙන ඒම සදහා, ප්‍රමාද වී වුව ද ස්ථාපිත කළ විශේෂ අධිකරණයෙන් ජනතා ප්‍රසාදය තමන් වෙත ලැබීමට ප්‍රධාන හේතුවක් වනු ඇති බව එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ විශ්වාසයයි. එවැනි සිදුවීම් 10ක වාර්තා නීතිපති ජයන්ත ජයසූරිය මහතා මේ වන විට අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ අනුමැතිය සදහා යොමුකර තිබේ. නව අධිකරණ හා බැදී තිබෙන නීති ප්‍රකාරව එසේ ලැබී තිබෙන වාර්තා අතරින් කවරක් විභාගයට ගත යුතු ද යන තීරණය ඇත්තේ අගවිනිසුරුවරයා අතය. 
බිම් මට්ටමින් සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට සහ නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ අරමුණින් දියත් කර තිබෙන, ගම්මාන අවදිකිරීමේ ගම්පෙරළිය වැඩසටහනෙන් අමතර වාසියක්, විශේෂයෙන් බහුතර සිංහල ඡන්ද දිනාගැනීමට, ලැබෙනු ඇතැයි ද ඔවුහු විශ්වාස කරති.

ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට මහින්ද රාජපක්ෂ මහතාට දොරටු විවෘත වීමක් යනු විපක්ෂයේ දේශපාලන පක්ෂවලට ලැබෙන මහත් සවියකි, තල්ලුවකි. වර්තමානයේ විපක්ෂයේ සිටින ජනප්‍රියම දේශපාලන නායකයා ඔහුය. 
වත්මන් සභාග රජය කෙරේ දිනෙන් දිනම නැගෙමින් තිබෙන ජනතා අප්‍රසාදය රාජපක්ෂ මහතා කෙරේ මේසා ජනප්‍රියත්වයක් ඇතිවීමට හේතුවී තිබෙන ප්‍රධානම සාධකයකි. ජනතාව පෙළමින් තිබෙන ගැටළු ගොන්නක් අතරේ, ඉහළ යමින් තිබෙන ජීවන වියදම, සියලුම තලයන්හි සිදුවන වංචා හා දූෂණ, නීතිය හා සාමයේ බිද වැටීම, ආරක්ෂක අංශ සහ පොලිසියේ විනය අතිශය බරපතල ලෙස පිරිහෙමින් තිබීම, අමු අමුවේ සිදුවන නීතියේ සහ පිළිගත් ක්‍රියා පිළිවෙත්වල උල්ලංඝණය කිරීම් ආදිය ජනතාව අතරින් වර්තමාන රජය ප්‍රතික්ෂේප වෙමින් තිබීමට කරුණුය. 
රාජපක්ෂ රජය ප්‍රතික්ෂේප කළ ජනතාව, වත්මන් රජය පත්කර ගත්තේ අද මෙන් එදාද තිබුණු මෙවැනි ගැටළු විසදාගැනීමට වුවත්, එදා හා සමානව අදත්, මත්කුඩු ජාවාරම ද ඇතුළත්ව, ජයටම සියල්ල එළෙසම සිදුවෙමින් තිබේ. රාජපක්ෂ මහතාගේ වත්මන් ජනප්‍රියත්වයට මෙම කරුණු ද අදාළය. ඔහු සහ ඔහුගේ පිරිවරට නැවත වරක් කරළියට පැමිණීමට අවස්ථාව සැළසී තිබෙන්නේ වර්තමාන සභාග රජයේ අසමර්ථකම නිසාවෙන්මය.

විපක්ෂය දෙසය අවධානය යොමුකළහොත්, මහින්ද රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම පසුපස ඔවුන් සියලුදෙනා එක්සත් වනු ඇත. ජනපති අපේක්ෂකයා ලෙස තෝරාගත යුත්තේ කවුරුන්දැයි ඒකාබද්ධයේ එක් එක් කොටස් අතර මතුව තිබෙන මතගැටුම එසැණින්ම සමනය වනු ඇත. 

පසුගිය පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන ආයතන මැතිවරණයේදී, දිවයිනේ මුස්ලිම් ජනතාවගෙන් කොටසක් ඔවුන්ගේ මනාපය දී තිබුණේ පොහොට්ටුව සළකුණ පෙරටු කරගත් ශ්‍රී ලංකා මහජන පෙරමුණටය. නමුත් 2015 වසරේ දී රටේ සමස්ත මුස්ලිම් ජනතාවම පෙනී සිටියේ රාජපක්ෂ රජයට එරෙහිවය. මෙවර ඔවුන්ගේ සහාය රාජපක්ෂ මහතාට ලබෙනු ඇති බවක් පෙනේ. ගැටළුව ඇත්තේ උතුරේ ඡන්ද සම්බන්ධයෙන්ය. 

එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජයට පත්කිරීමෙන් පසුව රාජපක්ෂ රජය පැතිර වූ කටුක සහ අමිහිරි පාලනය නොඉවසූ උතුරේ දෙමළ ජනතාව සිරිසේන - වික්‍රමසිංහ රජය කෙරේ විශ්වාසය තැබූහ. නමුත් ඉදිරියේ එන ජනපතිවරණයට එදා මෙන් මෙදාද උනන්දුවීමට තරම් හේතුවක් ඔවුනට තිබෙනවාද? එසේ නම් ඔවුන් ඡන්දය දීමෙන් වැළකී සිටිනු ඇති ද?
නව ව්‍යවස්ථාවක් සකස් කරන බවට දුන් පොරොන්දුව සභාග රජය කඩකර තිබෙන බව, විශේෂයෙන් රජයේ එක්සත් ජාතික පක්ෂ පාර්ශවය, උතුරේ බහුතරයකගේ මතයයි. මෙය ප්‍රතික්ෂේප කරන එක්සත් ජාතික පක්ෂය, නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මකව තිබෙන බව අවධාරණය කරයි. 

මේ අයුරින් නව ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් එක් එක් අවස්ථාවල අදහස් දැක්වීම් සිදුවෙතත්, මෙම ක්‍රියාවලිය අවසානයේ දී අදහස් දැක්වීම්වලටම සිීමාවනු ඇතැයි උතුරේ බහුතරයක් දෙමළ ජනතාව බියට පත්ව සිටිති. එක්සත් ජාතික පක්ෂ නායකත්වයට දක්වන සහාය නිසාම උතුරේ ජනතා නියෝජනය වන දෙමළ ජාතික සන්ධානය ජනතා අප්‍රසාදයට පත්ව තිබීම හමුවේ දැඩි මතධාරී කණ්ඩායම්වලට ඔවුන්ගේ දේශපාලන පදනම වඩාත් පුළුල් කරගැනීමට අවස්ථාව සැළසී තිබේ. පළාත් සභා මැතිවරණය කල්දැමීම අරභයා දෙමළ ජාතික සන්ධානයේ සහාය ද එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබීම නිසාම, ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමක ධනාත්මක ලකුණු පෙනෙන්නට නැත. 

2015 අගොස්තු මස පැවැති පාර්ලිමෙන්තු මැතිවරණයේ දී උතුරේ 65 % ක ඡන්ද ප්‍රමාණයකට හිමිකම් කියූ දෙමළ ජාතික සන්ධානයට, පසුගියදා පැවැති පළාත් පාලන ආයතන මැතිවරණයේ දී හිමිවූයේ  35 ්‍රක ඡන්ද ප්‍රමාණයක් පමණකි. මෙවන් වාතාවරණයක, පළාත් පාලන ආයතන මැතිවරණය නියමිත පරිදි පැවැත්වෙනු ඇතැයි සිතුවහොත්, ඉන් ප්‍රකාශයට පත්වන ප්‍රතිඵලවලින් ඉදිරියේ එන ජනපතිවරණයේ සහ පාර්ලිමෙන්තු මැතිවරණයේ ප්‍රතිඵලය ගැන නියත වශයෙන්ම ප්‍රකාශ කිරීමට හැකිවනු ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ජනපති සටනට ඉදිරිපත් වේ නම් ඒ හමුවේ මතුවනු ඇති ගැටලු රාශියකි. 

එවන් අවස්ථාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනපති සිරිසේන මහතා කෙසේ මුහුණදෙනු ඇතිද? තම තීරණය වෙනස් නොකොට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඔහු ඉදිරිපත් වනු ඇතිද?, එසේත් නැතිනම් පක්ෂයේ දෙපාර්ශවය එක්සත් කිරීමට නොයෙක් අවස්ථාවන්වල ගැනුනු වෑයම සාර්ථක වනු ඇතිද? තමාගේ ජයග්‍රහණය පිළිබඳ සහතිකයක් දිය නොහැකි වාතාවරණයක සිදුවන එවැනි දෙයක් ජනපති සිරිසේන මහතාගේ ස්ථාවරය වෙනස් කරනු ඇතිද? 

එවැන්නක් සිදුවුවහොත් ජනපතිවරණයේ ජයග්‍රහණයක් සදහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂාව තවදුරටත් වියැකී යනු ඇත. කෙසේවුවද, මෙම ගැටළු සියල්ලට විසදුම් ලැබෙනු ඇත්තේ ජනපති ලෙස පත්වීමට තිබෙන සීමාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශයට පත් වූ පසුවය. එයද, මෙම කාරණය රටේ ව්‍යවස්ථාපිත අධිකරණය වන ශ්‍රේෂ්ඨධිකරණය දක්වාම ගියහොත් පමණක්ය.

මේ සියල්ල මධ්‍යයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - එක්සත් ජාතික පක්ෂ සභාග රජය තවදුරටත් ක්‍රියාත්මකය. 

මතු සම්බන්ධයි

 



අදහස් (1)

විපක්ෂය මහින්ද වටා රොද බඳී

sisil gamage Tuesday, 21 August 2018 01:44 PM

අලුතින් රොද බඳින්න දෙයක් නැහැ. අපි ඒකාබද්ධ විපක්ෂය මහින්දට තමයි. ඔබලා අපි කවුරුත් අඩු වැඩියෙන් විපක්ෂෙට හෝ පාලක පක්ෂයට දෙන එක තමයි කරන්නේ.

:       1197       192

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 75 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 82 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 240 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 481 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 544 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 92 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site