IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වැවට නාන්න එන කාන්තාවන් උස්සා කප්පම් ඉල්ලන කල්ලියක්

මඩකළපුව - උත්තච්චිය වැව්කොමලියගේ පහස ලබමින් පෙම් සුව විඳීමට එන පෙම්වතුන් හා පෙම්පතියන්ගෙන් මෙන්ම දියනෑමට එන අයගෙන් සති අන්ත නිවාඩු දිනවල වැව් ඉස්මත්ත පිරී ඉතිරී යනු දක්නට ලැබේ. ඒත් අනෙක් දිනවල එතරම් සෙනඟක් වැව ආශ්‍රිතව ගැවසෙන්නේ නැත.


තරුණ අඹු සැමි යුවළක් උත්තච්චිය වැවට සතියේ දවසක පැමිණ දියනා වැව ඉස්මත්තේ තුරු සෙවණක් යට වාඩිවී ආගිය තොරතුරු කතා බස් කරමින් එක බත් පත ලිහාගෙන කමින් සිටියදී ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවූ සිද්ධියක් නිසා බියෙන් වෙව්ලන්නට පටන්ගෙන ඇත.

18-wewata-nanda-ena..
පුද්ගලයින් කණ්ඩායමක් කඩාවැදී එයින් දෙදෙනෙක් තරුණ බිරිඳව පැහැරගෙන ලඳු කැලෑවකට ඇදගෙන ගියේ සැමියා මගේ නෝනාට මුකුත් කරදරයක් හිරිහැරයක් කරන්න එපා යැයි කියා බැගෑපත් වෙද්දීය.


එහෙත් රකුසු වෙස්ගෙන සිටි ඒ නරුමයන්ට ඒ හඬට කන්දීමට තරම් හිතක් පපුවක් තිබුණේ නැත. කෑ ගැහැව්වොත් මෙතනම බාවනවා. එකෙක් තර්ජනය කළේය. දෙන්නෙක් බිරිඳව පැහැරගෙන ගියේ තව හතර දෙනෙක් සැමියා අල්ලාගෙන සිටිය අතරවාරයේය. ඔවුන්ව බේරා ගන්නට හතර මායිමක මිනිස් පුළුටක්වත් සිටියේ නැත.


ලඳු කැලෑවකට ඇදගෙන ගිය දෙදෙනාගෙන් එකෙක් කාන්තාවට ලිංගික අතවර කරද්දී අනෙකා එම දර්ශන ජංගම දුරකථනයකින් විඩියෝ හා ඡායාරූපගත කරගෙන ඇත. මේ නරුමයින් කාන්තාව මුදාහැර තිබුණේ ඔවුන්ගේ අවශ්‍යතාවන් සිතැඟි පරිදි ඉටුකර ගැනුමෙන් පසුවය.


අපි මේවා අන්තර්ජාලයට මුදාහරිනවා. එහෙම නොකර ඉන්න නම් අපිට රුපියල් 50,000ක කප්පම් මුදලක් ඕනෑ යැයි පැවසූ ඒ අපරාධ කල්ලිය පලාගියේ කාන්තාවගේ හෑන්ඞ් බෑග් එකේ බහා තිබූ ජංගම දුරකථන දෙකක් හා රුපියල් 30,000ක පමණ මුදලක්ද පැහැරගෙනය. තරුණ අඹු සැමි යුවළ තමන්ට වෙච්ච කරදරය පොලිසියට ගොස් පැමිණිලි කළේ නීතියේ පිළිසරණ පතාය. 


එක් අයෙක් සැමියාට ඒ දුරකථනයකින් කතා කර පවසා ඇත්තේ ලිංගික අතවර කළ දර්ශන හා ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටීමට නම් රුපියල් 50,000ක කප්පම් මුදලක් අවශ්‍ය බවයි. එසේ කියා තර්ජනය කර තිබේ.


මේ බවද ඔවුන් දෙන්නා පොලිසියට පැමිණිලි කර ඇත.


මඩකළපුව කොට්ඨාසය භාර පොලිස් අධිකාරී කේ. පී. කීර්තිරත්න මහතාගේ විශේෂ උපදෙස් හා මෙහෙයවීම යටතේ මෙම කල්ලිය අල්ලා ගැනීමට සැලසුමක් සකස්කර ඇත.


ආයෙත් කප්පම් ඉල්ලා කතා කළාම ඔය ගොල්ලෝ සල්ලි දෙන්න කැමැතියි කියන්න. ඉතිරි හරිය අපි බලාගන්නම්. කිසිම දෙයකට බය වෙන්න එපා. පොලිසියේ නිලධාරීන් තරුණ අඹු සැමි යුවළට උපදෙස් දුන්නේ ඔවුන් තුළ එතෙක් පැවති බය සැකසංකා දුරුකරමිනි.


පොලිසිය කී විදියට කටයුතු කරන්න තරුණ අඹු සැමි යුවළ කැමති වී ඇත.


මොකද කියන්නේ අපි ඉල්ලුව ගාණ දෙන්න කැමැති නේද? අකමැතිනම් කියපං උඹේ ගෑනි එක්ක කරපු සෙලලම් සේරම අන්තර්ජාලයට දාලා ප්‍රසිද්ධ කරන්නම්.


ගොරහැඩි කටහඬකින් කතා කළ අයෙකු දුරකථනයෙන් කතා කර තර්ජනය කර ඇත්තේ ආයෙත් මේ ගැන කතා නොකරන බව පවසමිනි. අනේ එහෙම කරන්න එපා. සල්ලි හොයාගන්න පරක්කු වුණා. අපි සල්ලි දෙන්න කැමතියි.  ඔයගොල්ලෝ කියන තැනකට මම සල්ලි ටික අරගෙන එන්නම්. තරුණ සැමියා කප්පම් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයා සමඟ කියා සිටියේය.


මේ දැනුම්දීම මත හය දෙනෙක් කප්පම් මුදල රැගෙන යාමට පැමිණි අවස්ථාවේ වෙස්වළාගෙන පැමිණ සිටි මඩකළපුව කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිල වීරසේකර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් වැටලීමක් සිදුකර ඔවුන් හය දෙනාම අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවටගත් හයදෙනා අතර මෙම කල්ලියේ නායකයාද සිටියේය. කප්පම් ඉල්ලා දුරකථනයෙන් තර්ජනය කර ඇත්තේ කල්ලියේ නායකයාය.


නැගෙනහිර පළාතේ කොටි සංවිධානය ක්‍රියාත්මකවූ වකවානුවේ මොහු කොටි පිස්තෝල කල්ලි නායකයෙක් බවට කරුණු හෙළිවූයේ පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වල දීය. හිටපු කොටි පිස්තෝල කල්ලි නායකයාගේ එක් අතක සුවවූ තුවාල කැළලක්ද තිබෙන අන්දම පොලිස් කණ්ඩායම දැක ඒ ගැනද ප්‍රශ්න කර ඇත. පොලිසිය කළ ඒ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ කොටි සංවිධානය ක්‍රියාත්මක වූ වකවානුවේ ආරක්ෂක අංශ සමඟ සටනට ගොස් වෙඩි වැදුණ බවයි.


අත්අඩංගුවට පත් මෙම සංවිධානාත්මක කල්ලිය උත්තච්චිය වැවට නෑමට එන කාන්තාවන් පැහැරගෙන ගොස් ලිංගික අතවර කරන අතරවාරයේ එම දර්ශන ජංගම දුරකථනවලින් විඩියෝ කර ඡායාරූප ලබාගෙන මෙවැනි ආකාරයට කප්පම් මුදල් ඉල්ලා තර්ජනය කර මුදල් ලබාගෙන ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.


බොහොමයක් කාන්තාවන් ඉල්ලන ගාණක් ලබාදී ලැජ්ජාව නිසා මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමට ඉදිරිපත් වී නොමැති බවද දැන ගැනීමට ඇත. සැකකාර හිටපු කොටි පිස්තෝල කල්ලි නායකයා 2004 වසරේ නැගෙනහිර සන්නද්ධ නායකයාව සිටි කරුණා අම්මාන් සංවිධානය අතහැර යද්දී ඉවත්ව ගොස් කාලයක් කරුණා පාර්ශවයට සම්බන්ධ වී සිටි අයෙකු බවද පොලිසිය කියයි.

 
අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා මඩකළපුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බාරයට පත්කර සිටිති. මඩකලපුව කොට්ඨාසය භාර පොලිස් අධිකාරී කේ. පී. කීර්තිරත්න මහතාගේ විශේෂ උපදෙස් හා මෙහෙයවීම යටතේ පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ මඩකළපුව කොට්ඨාස නොවිසිඳුනු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිල වීරසේකර, පොලිස් සැරයන් රෝහණ (42997), පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රියංකර (66427), මනෝහර (54554), නාගා (65042) සහ ප්‍රදීප් (18432) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.

m



අදහස් (2)

වැවට නාන්න එන කාන්තාවන් උස්සා කප්පම් ඉල්ලන කල්ලියක්

nimallalitha Wednesday, 15 March 2017 09:34 AM

කලයුත්තේ එකම දෙයකි .එනම් හැම එකාගෙම දකුණු අත සහ වම කකුල කපා දැමීමය. එහෙත් අද පවතින මානව හිමි කම් වලින් සහ මුදලට පෙරේත කමට අපරාද කරුවන් බේරා ගැනීමට ඉදිරිපත් වෙන නීතිවේදීන් නිසා එය සිදු වන්නේ නැත. වාසිය අපරාද කරුවාටය.

:       0       11

ATHULA KALUARACHCHI Sunday, 19 March 2017 10:43 PM

මේවගේ ප්‍රශ්න එනවා අපරාද වැඩිවෙන්න හේතුවක් විරැකියව අනාගතය පිළිබඳව තියෙන අවිනිශ්චිත බව මේවා මහා විපත් කොහොම වුනත් පොලීසියට ස්තුති . මෙවගේ උන් වග කීමෙන් ආරක්ෂා නොකර අයින්කරලා දාන්න ඕන දෙපාරක් හිතන්න ඕන නැහැ

:       7       20

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 183 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 135 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 210 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 221 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 725 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 971 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site