IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලූනු බිකට අරුතක්

(කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ - ධම්ම දිසානායක)

‘බැඳුම්කර සිද්ධිය වංචාවක් නම් එය ලූනු බිකක් තරම් යැයි’ කීවේ කැබිනට් ප‍්‍රකාශකයා ය. මිලියන, බිලියන ගණන් යනු ලූනු බිකක් නම් ගෙඩියක් කිලෝ එකක් යනු කීයක් දැයි අප වැන්නවුන්ට නම් සිතා ගන්නවත් නොහැකිය. මිලියන, බිලියන ගණනින් වන මූල්‍ය විශුද්ධිකරණ ද ඒ ආකාරයේම ලූනු බිකවල් බව නම් අප වටහාගත යුතුය.

තවත් ඇමැතිවරයෙකු කියූ ආකාරයට හැම කාලෙකම රට පාලනය කළෝ හොරුය. හොරකම සහ දේශපාලනය වෙන් කළ නොහැකිය. එය ඇත්තක් විය හැකිය. එහෙත් හැම රටක්ම, හැම කාලයේම පාලනය කළේ හොරුන්ම පමණක් නොවන බව එතුමා නොදැන සිටිනවා නොවිය හැකිය.

රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් බලපෑම් කිරීමට සහ මැදිහත්වීමට වෘත්තීය සමිතිවලට කිසිම අයිතියක් නැතැයි කීවේ තම විශ්වවිද්‍යාල ශිෂ්‍ය අවධියේ කොමියුනිස්ට් පක්ෂ ශිෂ්‍ය සංගමයේ ක‍්‍රියාකාරී නායකයකු ලෙස කටයුතු කළ පසුව සහචර ධනපති ආණ්ඩු කීපයක ඇමති ධුර දැරූ සහ තවමත් හොබවන ඇමැතිවරයෙකි.

ඉන් පෙනී යන්නේ සමාජවාදී විප්ලවීය ව්‍යාපාරවල අත්පොතක්  වූ ලෙනින්ගේ  ‘‘කළ යුත්තේ කුමක්ද?’’ හිටපු කොමියුනිස්ට්වාදියා කියවා නැති සැටියකි. එය කියවූයේ නම් වෘත්තීය සමිතියක් වෘත්තීය සමිති විඥානයෙන් එහාට යා යුතු බවට වූ ලෙනින්ගේ තීසිසය ඔහුට මුණගැසෙන්නට ඉඩ තිබුණි. එය එසේ වී නම් ජාතික සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් මැදිහත් වීමට වෘත්තීය සමිතිවලට ඇති අයිතිය එතුමාට වැටහෙනු ඇත. අද මෙන්ම එදාත් අපූරු කොමියුනිස්ට්කාරයන් සිටි බවට නම් එතුමා කදිම නිදසුනකි.

අධිකරණයට පෙර, අධිකරණ ක‍්‍රියාමාර්ගවලට පෙර අධිකරණ තීන්දු ප‍්‍රකාශ කරන ඇමතීන් හිඟ නැති රටක ස්වාධීන අධිකරණයක් කෙරෙහිවන ජනතා විශ්වාසයට කුමක්වේ ද? මැතිවරණ සිතියම දිගින් දිගටම අකුලා තැබීමට සැලසුම් සකස්කරන පසුබිමක ස්වාධීන මැතිවරණ කොමිසමක ස්වාධීනත්වය අදාළ වන්නේ රාජගිරියේ ගොඩනැගිල්ලකට පමණක් නම් ඉන් ඇති සමාජ පලය කුමක්ද? බිලියන, ටි‍්‍රලියන ගණනේ වන වංචා ලූනු බික් වෙද්දී කුසට ලූනු බිකක්වත් තරමේ අහරක් නැතිව නියංසායෙන් වේළුණු වැව් පතුල්වල  ඕලූ_ නෙළුම් අල සොයමින් මහපොළොව හාරන කුස පිටට ඇලූණු ගැහැනු පිරිමින්ගේ, ළමා ළපටින්ගේ සෝ සුසුම්, උණ ගින්දරේ පැහෙන දරුවාට බෙහෙත් ටිකක් ගන්නට  ගෙයි සන්තකේ සතයක් නැති තැන මන්නය උකසට තැබීමට සිදුවන දරු දුක දරා ගැනීමට බැරි පියවරුන්ගේ හැඬුම් නොඇසෙන ස්වාධීන මානව හිමිකම් කොමිෂන්වලින් ඇති පලය කුමක්ද?

මේ සියලූ පූර්විකා සමගින් අප අවධානය යොමු කළ යුතු ප‍්‍රධාන ගැටලූවක් වේ. අපේ රටට මෙහෙම වුණේ ඇයි? යන්න ඒ ගැටලූවය. දිව්‍ය ලෝකය දක්වා වේගයෙන් වලාකුළු අතරින් ඉහළට නැග දිව්‍ය මන්දිර සමග තරග කොට ඒවා සියලූ වටවල දී පරාජය කළ හැකි ‘මොනැක් මන්දිර’ සහ ‘ඇකිලියන් මන්දිර’ තියෙන සහ හැදෙන රටක බඩ සායෙන් සහ රෝග පීඩාවන්ගෙන් දුක් විඳින දස ලක්ෂ ගණනින් වූ ජනකායක් හැදුණේ කොහොමද? එය එක අතකින් රටක් ලෙස අප අවමානයට පත්කරන එකකි. රාජ්‍යයක් ලෙස එහි අපරිණත බව ප‍්‍රකාශ වන්නකි.

ආණ්ඩු ලෙස ඒවායේ අඥාන බව, වංචාකාරී බව මෙන්ම  සහචර ජාවාරම්කාරී සහ පුද්ගල කේන්ද්‍රීය භාවිත හෙළිදරව් වන්නකි. මැතිවරණ වේදිකා තුළත්, පාර්ලිමේන්තුව තුළත්, පක්ෂ තුළ සහ අතරත් ආණ්ඩුපක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් අතරත්, සන්නිවේදන මාධ්‍ය තුළත් හොරු සහ හොරකම් පිළිබඳව සිදුවන දෛනික විවාද සහ එකිනෙක පාර්ශ්ව අතර සිදුවෙන චෝදනාවලින් පෙනී යන්නේ පාලකයන් සියල්ලම චෞරයන් බවය.

මේ රාජ්‍යය චෞර රාජ්‍යයක් බවය. මේ රාජ්‍යයේ ආණ්ඩු චෞරයන්ගේ සහචර ආණ්ඩු බවය. ඉතින් එවැනි ව්‍යුහ සහ පුද්ගලයන්ගෙන් අර ඉහත කී ආකාරයේ ජනයා වෙනුවෙන් පොදුජන සුබසෙත ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් හා සම නොවේද? කෙසේ වෙතත් ඊට පිළිතුරු සහ විසඳුමක් සොයා ගත යුතුමය. ඒ සඳහා, නිදහසින් පසු නවසිය හැත්තෑ ගණන්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ආසියානු මොඩලය ලෙස නම් දැරූ මේ රට, බොහෝ පාලන කාලවල චෞර රාජ්‍යයක් වුණේ මන්ද, එහි ආණ්ඩු චෞර ආණ්ඩු වූයේ මන්ද යන්න පිළිබඳව විමසීමක් කළ යුතුය. මෙවර ලිපියේ අරමුණ වන්නේ එය ය.

නිදහසට පෙර ඊට ආසන්න මුල් දශක දෙක තුන පමණ කාලයේ ආරම්භ වී වර්ධනය වූ වාමාංශික දේශපාලනය න්‍යායිකව සමාජවාදී හෝ කොමියුනිස්ට්වාදී වුවත් ප‍්‍රායෝගිකව එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ සුභසාධනය මුල් කරගත් එකකි. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප‍්‍රවාහනය යන ක්ෂේත‍්‍ර වෙනුවෙන් වන රාජ්‍ය කැපවීම සහ අනෙකුත් පොදුජන කේන්ද්‍රීය අංශවල දී රාජ්‍යයේ සුභසාධනවාදී මැදිහත්වීම අවධාරණය කළ සමාජ ව්‍යාපාරයකි. එසේම විධිමත් ප‍්‍රතිපත්තිමය දේශපාලනය රටට හඳුන්වා දුන් සමාජ ව්‍යාපාරයකි.

තම පෞද්ගලික නැති බැරිකම් නිසා හෝ බල තණ්හාව නිසා හෝ ධන තණ්හාව නිසා හෝ දේශපාලනයට ආ නායකයෝ එහි නොවූහ. ඔවුහු තමන් සතුව තිබුණු දේපළ සහ බුද්ධිය පොදු ජනයා වෙනුවෙන් කැප කළ අය ය. බොහෝ නායකයෝ දේපළ තිබුණු සහ ඉහළ උගත්කමක් තිබුණු උපාධිධාරීන්, පශ්චාත් උපාධිධාරීන් සහ වෘත්තිකයන්ගෙන් සමන්විත වූහ. නිදහස අද්දර ඔවුන් ඉදිරිපත් කළ වැඩපිළිවෙළවල් හුදු මැතිවරණ ප‍්‍රචාරක ප‍්‍රකාශන නොවේ.

අලූත් රාජ්‍යයකට, එහි අත්තිවාරමට ගැළපෙන සහ අනාගත ශ‍්‍රී ලංකාවේ පොදුජන සංතෘෂ්ටියට උපකාරී වන දැක්මක් සහ මුලෝපායික වැඩපිළිවෙළක් එකී සමාජ ව්‍යාපාරය සතු විය. පසු කාලීනව අනෙකුත් ධනපති පක්ෂවල සුභසාධනවා දී කපටි සටන් පාඨවලට පවා බලපෑවේ ඒ සමාජ ව්‍යාපාර මතු කළ සැබෑ සටන් පාඨවල සහ ප‍්‍රතිපත්තිවල උණුසුම ය.

එහෙත් ඒ දැක්ම සහ මුලෝපායික වැඩපිළිවෙළවල්වලට පොදු ජන සමාජය මත ගැඹුරු සහ කල්පවත්නා නායකත්වයක් පිහිටුවීමට නොහැකි වුණේ ඇයි? නැතහොත් ආධිපත්‍යය පිහිටුවීමට නොහැකි වුණේ ඇයි? එසේත් නැතහොත් මුල් බැස ගැනීමට නොහැකි වුණේ ඇයි? දැනට වසර හැට හතරකට පෙර 1953 අගෝස්තු පැවති හර්තාලයට හේතු වූයේ ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදලේ අණසකට යටත්ව පොදු ජන සුබසාධනය කප්පාදු කිරීම ය.

එවක මුදල් ඇමැති ලෙස කටයුතු කළේ (ආසියාවේ හොඳම මුදල් ඇමති නොවුණත්) ජේ.ආර්. ජයවර්ධන ය. සුබසාධන වියදම් කප්පාදු කිරීමේ අණ ක‍්‍රියාත්මක කළේ ඔහුගේ ප‍්‍රධානත්වයෙන්ය. ඊට එරෙහිව මහා හර්තාලයක් (හර්තාලයක් යනු වැඩ කරන නොකරන සැමට සහභාගී විය හැකි පුළුල් විරෝධතා ව්‍යාපාරයකි) දියත් කළේ මෙරට වමේ සමාජ ව්‍යාපාරය යි.

නවදෙනෙකුට ආසන්න හර්තාල්කරුවන් පිරිසක් රාජ්‍ය ආරක්ෂක අංශ විසින් වෙඩිතබා ඝාතනය කළ මේ විරෝධතා ව්‍යාපාරය නිසා අගමැති ඩඞ්ලි සේනානායකට තම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට සිදු වූයේ මහ මුහුදේ ඈත දියඹ නැංගුරම් ලා තිබූ නැවකය. ඒ හර්තාලයට නායකත්වය දුන්නෝ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ප‍්‍රමුඛ වමේ නායකයෝය. ගැටලූව වන්නේ පොදුජන සුභ සාධනය සඳහා අභීතව නායකත්වය දුන් ඒ පොදු ජනනායකයා ඊට වසර විසි හතරකට පසු 1977 මැතිවරණයේ දී පරාජය කොට ආසනය අහිමි කොට, එම හර්තාලයට හේතු වූ පොදුජන විරෝධී තීරණ ගත් නායකයා වූ ජේ.ආර්. ජයවර්ධනට මෙරට ජනයා හයෙන් පහක බලයක් ලබාදීම ය.

ජයවර්ධන නායකත්වය පිහිට වූ සමාජය මත ඇන්ඇම්ලාට නායකත්වය පිහිටුවීමට නොහැකි වූයේ මන්ද? ඊට වගකිව යුත්තේ කවුරුද? අද අප මුහුණ දෙන ඛේදවාචකවලට උත්තර ඇත්තේ එම පැනයට අදාළ පිළිතුර මත ය යන්න මගේ විශ්වාසය යි.

වර්තමානයේ පවත්නා  ලංකා සමසමාජ පක්ෂය, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනාදිය ද මුහුණ දෙමින් සිටින්නේ ඒ ගැටලූවටමය. එනම් එදා ඇන්ඇම්ලා මුහුණ පෑ ගැටලූ_වටම ය.

පොදු නැතහොත් බහුජන සමාජය මත නායකත්වය පිහිටුවීමේ හැකියාවක් පැරණි පක්ෂ තුන කෙසේ වෙතත් මැදි වමක් වන ජවිපෙටවත් ඉන් කැඞී ගිය පෙරටුගාමී පක්ෂයටවත් තිබේය යන්නට කිසිදු සාක්ෂියක් නැත. නායකත්වය දෙස බලන විට බුද්ධිමතුන්ගෙන් සහ උගතුන්ගෙන් සමන්විත වුව ද රටක් ඇද බැඳ ගන්නා දැක්මක්, මුලෝපායික වැඩපිළිවෙළක් සහ ඒවා සමාජ ගත කරන ආකර්ෂණීය සහ ජනප‍්‍රිය උපාය මාර්ග ඔවුන් සතුවන බව පෙනෙන්නට නැත. අඩුම තරමේ වමේ සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී එකමුතුවක් තබා සුහද එකඟතාවක් ගැනවත් හිතන බවක් පෙනෙන්නට ඇත.

ඒ වෙනුවට ඇත්තේ බලයේ සිටින සහ බලය ගනී යැයි සිතන පක්ෂවලට විවෘත සහ වක‍්‍ර සහය දෙමින්, විරෝධය, තර්ජන සහ විවේචන ඉදිරිපත් කරමින් පූර්ණ කාලීන දේශපාලනයේ නිරතවීම ය. එසේම රටට සුගතියක් නොවුණත් පුරුද්දට ආණ්ඩු මාරු කිරීමය.

එහෙත් රට ට සතුට ලබාදීමට නම් කළ යුත්තේ කවුරු බලයට පත් වුවද මඟහැරිය නොහැකි, සමාජ සුභ සාධනය, නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මත පදනම් වූ වාම සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩපිළිවෙළක් සැකසීමට වමක් ලෙස එකමුතුවීම ය. එවැනි වැඩ පිළිවෙළකට මිස මේ රට ගොඩ ගත හැකි වෙන මඟක් නොමැත.

චෞර රාජ්‍යයකට සහ චෞර ආණ්ඩුවලට නතුවී ඇති මේ රට ඉන් ගලවාගෙන පොදු ජන යහපත සඳහා මෙහෙය වීමට නම් වාම සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමන් මඟකට පිවිසිය යුතුමය යන්න මේ රටේ ඇති මහත් ජනකායක් වටහා ගත යුතුම ය. එසේ නොවුණොත් වැරදී ඇති රට ට නුදුරු  දිනෙක නම්  නිවැරැදි වීමට යළි අවස්ථාවක් නොලැබෙන බව වැඩිමනක් සිහි තබා ගැනීම මැනවි.



අදහස් (12)

ලූනු බිකට අරුතක්

abaran Friday, 11 August 2017 06:48 AM

ඉතා හොඳ ,වටිනා කරුණු අඩංගු ලිපියක්...වමේ යයි කියාගන්නා පක්ෂ නායකයින් එකතුවී මේ කරුණු දෙස සැලකීමෙන් බැලිය යුතු කාලයයි...

:       3       107

sachith Friday, 11 August 2017 06:51 AM

ඔබතුමාගේ මේ ලිපියේ ඇති කරුණු අපේ මිනිස්සු කොච්චාර දුරට තේරුම් අරන් ඉන්නවද කියල ඊයේ හවස පාර්ලිමේන්තු පාරේදී දැක්ක. හොරකම් කරලා හිරේ ගියාම මහා වීරයෝ වෙන අමුතු රටක් මේක. මිනිස්සුන්ට කන්න ලූනු බිකක් නැති උනත් ලූනු බික් හොරකම් කරන දේශපාලකයන් පස්සේ වහල්ලු වගේ යන්නේ.

:       0       76

වින්සන්ට් Friday, 11 August 2017 07:14 AM

වර්තමාන දේශපාලන තත්ත්වය ඉදිරියේ රටක් ගැන සිතන ජනතාව සහ වාමාංශික දේශපාලන ව්‍යාපාරය යායුතු ගමන ගැන තේරුම් කරදීමට මෙම ලිපිය මඟින් ගෙන ඇති උත්සාහය අගය කළ යුතුය. බෝඩ් ලෑලිවලට සීමා වුණ පක්ෂවලට හෝ අවස්ථාවාදීන් බිහිකිරීමට හෝ තම ඡන්දය ලබා දීමට අකමැති ජනතාවක්ද රටේ සිටිති. අතීතයන් අමතක කරදමා එක අරමුණක සිටින බහුතර ජනතාවක් ඒකරාශී කරගැනීමේ ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් අද රටේ අවශ්‍යතාවයකි.

:       0       333

raveendraMonday, 14 August 2017 03:05 PM

මෙම ලිපිය පිළිබඳව ඔබ විසින් දක්වා ඇති අදහස් ඉතා කාලොචිත වේ. මෙම ලිපියේ අරුත කෙසේ වෙතත් එහි සාරාංශය පිළිබඳව වත් අප රටේ කීයෙන් කීදෙනෙකුට වැටහේද යන්න ප්‍රශ්නාර්ථයකි.

:       0       5

de silva Friday, 11 August 2017 08:43 AM

සියළුදෙනාම කියවිය යුතු ඉතා හොඳ ලිපියක්.. තරුණ කාලේ විශ්ව විද්‍යාලෙදි සමාජවාදී මත ඉදිරිපත් කරමින් උද්ඝෝෂණ කරමින් සහෝදර සිසුන්ගේ අධ්‍යාපනය සහ රටේ දියුණුව කඩාකප්පල් කරන සිසු නායකයෝ... අවුරුදු 10-15 කින් නවතින්නේ ධනවාදී පිලේ, ඉන්පසු ඔවුන්ට රුපියල් බිලියනය පෙනෙන්නේ ළූණු බිකක් වගේ... එ්කට හේතුව ඔවුන් කිලෝගණනින් හොරකම් කරන නිසාය. මේවට හොඳම උදාහරණ තව දෙන්නම් "හඟුරන්කෙත මාලිගාව හදපු පින් අමැති, අර ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන නිතරම දොඩවන ජවිපෙන් මහින්දගේ ඔඩොක්කුවට පැනපු විහිළුවන්සලා.. දැනටත් ලොකු අමැතිකමක් දරන, නිතරම මෙගා එකේ කතාකියන නමුත් සත පහක වැඩක් නොකරන අයෙකි.

:       191       418

මංගල Friday, 11 August 2017 10:06 AM

මේ රටේ වමේ බලවේගවලට විශේෂයෙන් ජවිපෙට වැරදිලා තියෙන්නේ... රටේ ඉතිහාසය ජාතිවාදය හඳුනාගන්නේ නැතිකම. මේ රටේ බහුතරයක් ජනතාව බුදුදහම සහ තමන්ගේ ජාතිය සමග යාවී ජීවත්වෙන ජනතාවක්. ධනපති පාලකයෝ ජනතාවගේ ඔලුවලට වක්කරලා තියෙන ජවිපෙ පිළිබඳ විරෝධාකල්ප ලෙහෙසියෙන් ඉවත්කරන්න අමාරුයි. ඒක කරන්න පුලුවන් ජවිපෙටම විතරයි. නමුත් කරන්නෙත් නැත්තේ ඒකමයි. ඉතිහාසයේ ඉඳන් පැවතෙන සිංහල බෙෳද්ධ පදනමට ආමන්ත්‍රණය කරන්න පටන්ගන්න දවසේ ඉඳලා ජවිපෙ දිනුම් මාර්ගයට අවතීර්ණ වෙන එක වලක්වන්න කාටවත්ම බැහැ. ලෙනින්ට කලින් බුදුන්වහන්සේ තමයි සැමට සමානව සලකන්න කියලා දේශනා කලේ.

:       7       160

සමන් - ඕමානය Friday, 11 August 2017 04:04 PM

වැදගත් කරුණු අඩංගු ලිපියක්. මම හිතන්නේ පසුගිය දශක කීපය තුළ දේශපාලන චෞරයන් බිහිවීමට ලොකුම හේතුව අපේ මේ අනුපාතික ඡන්ද ක්‍රමයයි. ඡන්ද අපේක්ෂකයින්ට මනාප ගැනීමට විශාල ප්‍රදේශයක කරටුතු කරන්න වෙනවා. විශාල වියදමක් දරාගෙන... දිනුවයින් පස්සේ එම මුදල ආපසු හම්බ කරගැනීම ඔවුන්ගේ පරමාර්ථය වෙනවා. තමන්ට වියදම්කල අයට අයථා ලෙස මුදල් ඉපයීමට ඉඩ දෙනවා. මෙම ක්‍රියාවලියට ඔවුන් ඇබ්බැහි වෙනවා. අනාගතයේදීවත් අපේ දේශපාලනඥයින් හරි මඟට යොමු වේවායි කියා ප්‍රර්ථනා කරනවා.

:       0       19

de silva Saturday, 12 August 2017 12:25 PM

අාසන ක්‍රමයට නැවත ගියොත්, වෙන්න පුළුවන් වැඩි වියදමක් දරන්න වෙන්නේ නැති නිසා අවංක, බුද්ධිමත් පුද්ගලයන්ට ඡන්දයට ඉදිරිපත් වෙන්න පුළුවන්, ආසනයට අවංක පුද්ගලයෙක් ඉදිරිපත් කරන්න අනිවාර්යයෙන් පක්ෂෙට සිදුවෙනවා.

:       0       40

sudesh Monday, 14 August 2017 05:22 AM

ඒක වෙන්න ඇති. මොකද, එයා කාපු බලන කොට එයාට එහෙම හිතෙනවා ඇති.

:       0       3

rohana Monday, 14 August 2017 01:15 PM

අනේ, ආසන ක්‍රමයට නම් ආපහු යන්න එපා. එහෙම වුණොත් විමල්ට, වාසුට, ගම්මන්පිළට මොකද වෙන්නේ? සදා සොත්ති නේද?

:       7       5

siri Tuesday, 15 August 2017 03:04 AM

ඔබ තුමාගේ එඩිතර ප්‍රකාශයට ගරු කරමි.ලුණු බිකේ කතාව කියපු වාචාල ඇමතිට ජනතාව නිසි පිළිතුර දෙවි.

:       0       3

channa Tuesday, 15 August 2017 05:49 AM

මම නම් හිතන්නේ මිනිස්සු ජනතා විමුක්ති පෙරමුණට චන්දය නොදෙන්නේ වෙන දෙයක් හින්ද නෙවෙයි. මිනිස්සු කැමති චන්දෙ දාට පෙර දිනයේදී කව්රු හරි හොරෙක් ඇවිදින් කීයක් හරි තහඩුවක් හරි දුන්නොත් චන්දෙ දෙනවා. පොත පත දැනුමෙන් උගත් යයි කියා ගන්න ය චන්දෙ නොදෙන්නේ ඒ අය කැමති න පොදු ජනයා සේප විදිනවා දකින්න. අන්තිමේදී රටේ කරන ආණ්ඩුවෙන් පෙන්නුම් කරන්නේ මේ රටේ වැඩි බහුතරයකගේ කැමැත්තයි. තව දෙයක් තියෙනවා රටේ සන්ගයවහන්සේලත් කැමති ඒ යට පැදුරු පාක්කුඩම් දෙන හොර මජර දෙසපලකයින්ට මිසක් දුප්පත් පොදු ජනතාවට නෙමෙයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 288 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 431 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 248 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 661 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 792 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2915 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site