IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රාහුල පුත් ගුණපාල වික්‍රමරත්නට අනුවයි

 

New444211676054_2055507161_n

මා වික්‍රමරත්න මහතා පළමුවෙන්ම හඳුනා ගත්තේ ,1940 දී  සිසුවකු වශයෙන් රාහුල විදුහලේ උගන්නා අවධියේය. එවකට  ඔහු  ජ්‍යෙෂ්ඨ පන්තියේ ඉගෙනුම ලබමින් සිටියේය. අනතුරුව 1952 සිට 1961 දක්වා වසර  නවයක් එවකට  රාහුල විදුහලේ ආචාර්යවරුන් වශයෙන්  සේවය කළ අතර  එතුමා  අධ්‍යාපන විද්‍යා පීඨ කොමසාරිස් වු විට වසර  කිහිපයක් ම එම අංශයේ නිලධාරයකු ලෙස ද සේවය කළෙමි.

කෝට්ටේගොඩ පාතෙගම විසු විදුහල්පතිවරයකුගේ හා ආචාරිනියකගේ පුත්‍ර රත්නය ලෙස ගුණපාල වික්‍රමරත්න  වර්ෂ 1926 මැයි 19 වැනි දා උපන්නේය. එකල බොහෝ විදුහල්පතිවරුන් මෙන් එතුමා ද තම පුතුන් දෙදෙනා ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබනු වස්  ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් කරවීය.

විසි වැනි සියවසේ සිව් වැනි දශකයේ මුල දී දෙවැනි ලෝක සංග්‍රාමය ආරම්භ වී ජපන්නු ලංකාවේ අගනුවර වන කොළඹට ද බෝම්බ දැමුහ. එම නිසා කොළඹ,ගාල්ල වැනි ප්‍රධාන නගරයන්හි ඉගෙනුම ලැබු සිසු දරුවන් බොහෝ දෙනෙකු විදුහල් වලින් ඉවත් කර  තම නිවෙස් අසල පාසල් වලට  ඇතුළු කිරිමට දෙමව්පියෝ පෙළඹුනාහ.

මේ අවදිය වන විට ඩී.ජේ.කුමාරගේ මහතා මාතර රාහුල විද්‍යාලයේ අධිපති ධුරය බාර ගෙන එය අධ්‍යාපනය හා විනය අතින් ඉහළ මට්ටමකට ගෙන ආවේය. පසුව කෝට්ටේගොඩ විදුහල්පති තම පුතුන් දෙදෙනා ඉවත් කර රාහුල විද්‍යාලයට  ඇතුළත් කළේය. වර්ෂ 1945 දී ගුණපාල වික්‍රමරත්න සරසවි  වරම් ලැබීය. රාහුල විදුහලින් ඉදිරිපත්ව ප්‍රථම වරට උපාධිය සමත් වු සිසුන් තිදෙනාගෙන් එක් අයකු වීමේ භාග්‍ය ඔහු උදාකර ගත්තේය.

තෙවසරක සරසවි  උපාධි පාඨමාලාව හදාරා වර්ෂ 1952 සිට 1961 දක්වා වසර නවයක් රාහුල විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් සේවය කළේය.  ඉගැන්වීමේ  යෙදෙන අතරතුර එක් වසරකින් අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හා  දෙවසරකින් අධ්‍යාපන ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගත්තේය. වර්ෂ 1956 දී ඩී.ජේ.කුමාරගේ මහතා විශ්‍රාම යාමත් සමඟ ඔහු උප විදුහල්පති ධුරයට පත්විය. වේලාවට පාසලට පැමිණිම, සිසු විනය ක්‍රමවත් කිරිම හා පාසල් පරිපාලනය ක්‍රමවත් කිරිම ඔහුට බාරවිය.

වර්ෂ 1961 දී විදුහල්පතිවරයකු වශයෙන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට පත්වීම දෙන ලදි. ඔහු අවශ්‍යව තිබුණේ  පරිපාලන කටයුතු වලට  සහය වීමටත් වඩා අභියෝගනයට  මුහුණ දීමයි. ගැටලු වලට මුහුණ දිමයි. එය ආනන්ද ශාස්ත්‍රාලයේ දී සාර්ථිකව ඉටු කළේය. වර්ෂ 1964 සිට 1969 දක්වා නාලන්දා විදුහලේ විදුහල්පතිවරයකු වශයෙන් ද කටයුතු කළේය. ඔහු ගාල්ලේ අධ්‍යාපන අධ්‍යක්ෂ හා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් ලෙසත් විභාග කොමසාරිස් ජනරාල් ලෙසත් සේවය කළේය. ඒ සෑම තැනකදීම විනය රැකිම ප්‍රමුඛ කාරියක් විය.

වර්ෂ 1991 දි ගුණපාල වික්‍රමරත්නයන් විශ්‍රාම ගැනීමෙන් පසුව ද රාජ්‍ය සේවා  කොමිෂන් සභාවේ වසර පහක කාලයක් ද අධ්‍යාපන සේවා කොමිසන් සභාවේ සභාපති ලෙස අවුරුදු තුනක කාලයක් සේවය කරමින් සිය දැනුම, බුද්ධිය හා පරිපාලන ශක්තිය රටේ දියුණුවට මෙහෙයවීය.

ගුණපාල වික්‍රමරත්න මහතාගේ බිරිඳ වීනිතා වික්‍රමරත්න මහත්මිය කොළඹ විශාකා විද්‍යාලයේ ආචාර්යවරියක වශයෙන් සේවය කොට  විශ්‍රාම ලැබ දැන් විවේක සුවයෙන් සිටින්නීය. වික්‍රමරත්න යුවළට  දරුවෝ පස් දෙනෙකි. ඔවුහු සියල්ලෝම  විවිධ කේෂ්ත්‍රයන් එස්සේ රටට  ජාතියට  මහඟු සේවාවක් ඉටු කරති.

ඔහු සමාජයේ කලාතුරකින් මුණගැසෙන්නෙකි. සෘජුය. ප්‍රතිපත්තිගරුකය. අයුත්තියට  කිසි සේත් හිස නොනමයි. දැනුමෙන් හා අත්දැකීමෙන්  මනාව පෝෂිතය. ආගමට හා ජාතියට  මිණි පහනක් බඳුය. ගෙවී ගිය හැත්තෑපස් වසරේ  රට  ජාතියට හා ආගමට අද්වීතිය මෙහෙවරක් ඉටු කළ දැනුදු ඉටු කරන අප සැමගේ කළ්‍යාණ  මිත්‍ර ගුණපාල වික්‍රමරත්න මහතාට  නිරෝගි සුවය පතමු.

 

නන්දසිරි මුතුකුමාරණ

විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය - ආදි  ආචාර්ය



අදහස් (0)

රාහුල පුත් ගුණපාල වික්‍රමරත්නට අනුවයි

ගුණපාල වික්‍රමරත්න Tuesday, 17 May 2016 04:30 AM

සරත් දොස්තර එඩ්වර්ඩ් ඔබලාගේ සුභපැතුම් මට තව සවියකි. ඉඩ ඇති විටක හමුවෙමු. (ම)

:       0       0

දොන් සරත් නන්දසිරි මලවීර Monday, 09 May 2016 06:10 PM

මගේ සුබ පැතුම්! (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 10 May 2016 09:24 PM

මගේ පාසැල් දිවියේදී මට හමුවූ හොඳම විදුහල්පතිවරයා ගුණපාල වික්‍රමරත්න මහතායි. එතමා උත්සාහ කළේ අපට අකුරු කියාදෙන්න පමණක් නොවේ. රටට වැඩදායක යහපත් මිනිසෙකු වන්නේ කෙසේද කියා කියාදීමටත්ය. එතුමා නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ලෙස පත්වී යනවිට මමද විශ්ව විද්‍යාලයට ඇතුළුව මාගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියෙමි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශීය වශයෙන් මෙන්ම විදේශයන්හිදීත් මා ලැබූ ජයග්‍රහණ පිටුපස එතුමාද සෙවණැල්ලක් මෙන් මාහට ආශීර්වාදයක් වූ බව සඳහන් කරන්නේ ගෞරවපුර්වක සිතුවිල්ලකිනුයි. එතුමාට නීරෝගීමත් දීඝායු සහිත ජීවිතයක් ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 62 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 68 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 203 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 453 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 525 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 91 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1622 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site