IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


රට යන අත කොහාටද

(සටහන - චමින්ද මුණසිංහ)

මේ රටේ ව්‍යාප්ත වී තිබෙන දුෂණය, වංචාව, අල්ලස යනාදිය සම්බන්ධයෙන් යම් පාලනයක් කිරීමට කලක පටන් උත්සාහ ගන්නා ආකාරයක් දැකගත හැකිය. කොතරම් කාලයක් තිස්සේ මේ උත්සාහය ගත්තද අද වනතෙක් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමට හැකි වී ඇති ස්වභාවයක් පෙනෙන්නට නැත. එයින් පෙනෙන්නේ මේ ප‍්‍රශ්නය නිරාකරණය කිරීමේ යම් අපහසුතාවක් ඇති බවය. 

එනිසා මෙවන් තත්ත්වයක් ඇතිවීමට බලපා තිබෙන හේතු සාධක කවරේදැයි සොයා බැලීම අවශ්‍යය. එසේ සොයා බලා එම හේතු ගැන කල්පනා නොකර අල්ලස, දුෂණය, වංචාව පිටුදැකීමට ගන්නා උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලබාගත හැකි යැයි සිතිය නොහැක.

යම් කෙනෙකුට රෝගී තත්ත්වයක් ඇති වුවොත් කරන්නේ කුමක්ද? එම රෝගී තත්ත්වය ඇතිවීමට බලපෑ හේතු සොයා බැලීමය. රෝගය නිවාරණය වෙනුවෙන් එම හේතුවට යම් පිළියමක් යෙදීමය. සමාජමය වශයෙන් අප මුහුණදෙන යම් යම් ගැටලූ සම්බන්ධයෙන්ද අනුගමනය කළ යුත්තේද එවැනිම පියවරකි. එනිසා මේ ගැටලූවල පසුබිම, හේතු සොයා පිළියම් යෙදීම අවශ්‍ය බව පැහැදිලි කාරණාවකි. එසේ නොවන තැනකදී සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීම අපහසුය.

තමන්ට විවිධාකාරයෙන් තිබෙන බලය තම පෞද්ගලික වාසිය සඳහා යොදා ගැනීම දුෂණයේදී සිදුවන්නකි. එය මූල්‍යමය වශයෙන් විය හැකිය. නැතිනම් වෙනත් ආකාරයක දේවල් වන්නටද පුළුවන. තමන් සතු බලය පාවිච්චි කර තමන්ට කවරාකාර හෝ වාසි ලබාගැනීම මෙහිදී සිදුවන්නකි. මෙය සෑම ක්‍ෂෙත‍්‍රයකම සිදුවිය හැකි දෙයක් බව අමතක නොකළ යුතුය. අප නිතරම කතා කරන්නේ දේශපාලනඥයන්ගේ වංචා දුෂණ සම්බන්ධයෙනි. එහෙත් සමාජයේ සෑම අංශයකම වංචාව, දුෂණය, අල්ලස සිදුවන බව අමතක නොකළ යුතුය. මෙය සමාජයේ සියලූ අංශ හරහා වේගයෙන් ව්‍යාප්ත වූ ගැටලූවකි. දේශපාලන රාමුවෙන් බැහැරව වෘත්තිකයන් ගතහොත් ඒ වෘත්තිවල සිටින අය තමන්ට හිමි බලය යම් යම් ආකාරයට තම වාසියට භාවිත කරන අවස්ථා තිබේ. ව්‍යාපාරික ලෝකය ගත්තද විවිධ අය තමන්ට ඇති ආර්ථීක බලය තම පෞද්ගලික ලාබ අපේක්ෂා සඳහා භාවිත කරනු පෙනේ. ඒ සමඟම රාජ්‍ය සේවාව ගතහොත් එහිදී ද ඉහත කී ස්වරූපයම දක්නට ලැබෙනු ඇත. මේවාට සමගාමීව නීතිය ක‍්‍රියාත්මක කරන අංශය ගතහොත් නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනවලත් මෙවන් කටයුතු කෙරෙන බව අනාවරණය වී තිබේ. නීතිය පසිඳලන අංශයට පවා මේ ගැටලූ ව්‍යාප්ත වී තිබේ. සිවිල් සමාජ ක‍්‍රියාධරයන් අතර ද වංචාව, දුෂණය, අල්ලස යන ගැටලූ පවතින බව අමුතුවෙන් කිව යුතු නැත. ආරක්ෂක අංශ ගත්ත ද මේ කාරණය හඳුනාගන්නට පුළුවන.

මෙයින් පෙනෙන්නේ සමස්තයක් වශයෙන් සමාජයේ යම් කිසි බලයක් පාවිච්චි කළ හැකි සෑම ක්‍ෂෙත‍්‍රයකම අය අල්ලසට, දුෂණයට, වංචාවට පෙළඹී සිටින බවය. මෙවන් තත්ත්වයක් නිර්මාණය වූ විට ඒ සඳහා බලපා තිබෙන හේතු සාධක මොනවාද යන්න සොයා බැලීම අත්‍යවශ්‍ය කරුණක් වනු ඇත. සෑම ක්‍ෂෙත‍්‍රයකටම මේ ප‍්‍රශ්නය ව්‍යාප්ත වන්නේ බරපතළ ගැටලූවක් නිසා දැයි සෙවීම අවශ්‍යය.

ප‍්‍රධාන වශයෙන් ඇත්තේ හේතු දෙකකි. තමන්ට  නොමැති ධනය, තමන්ට නැති ආර්ථික ශක්තියක් පරිහරණය කිරීමට ජනතාව යොමුව සිටීම ඉන් පළමුවැන්නයි. වෙනත් ආකාරයට කියන්නේ නම් තමන්ට තිබෙන ආර්ථික හැකියාවෙන් ඔබ්බට ගොස් ජීවන රටාවක් ගොඩනඟා ගැනීමය. මෙය විශේෂයෙන්ම 1977න් පසුව ඇති වූ තත්ත්වයකි. විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් පසුව නිර්මාණය වූවකි. දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ සිටින අයට නොයෙක් වරප‍්‍රසාද තිබේ. එහෙත් ඒ වරප‍්‍රසාදවලින් ඔබ්බට ගොස් තවත් ධනය හා සම්පත් විවිධාකාරයෙන් උපයා ගැනීමට මේ අය පෙළඹී සිටිති. අනෙක් සෑම ක්‍ෂෙත‍්‍රයකම වන්නේ ද මෙයයි. තමන්ට තිබෙන දෙයට වඩා වියදම් කර ජීවත්වීමට බොහෝ දෙනා පෙළඹී සිටිති. තමන්ට නැති සම්පත් ධනය පාවිච්චි කර ජීවත්වීමට යාමේදී අනිවාර්යයෙන්ම ඒක කළ හැකි වන්නේ වංචාව, දුෂණය සහ අල්ලස හරහාය. වැඩි වන වැය පියවා ගැනීමට වෙනත් ක‍්‍රමවලින් ධනය සම්පත් ඉපැයීමට සිදුවනු ඇත. බොහෝ වෘත්තිකයන් මේ ක‍්‍රියාවලියෙහි නිරතවන බව පැහැදිලිය. තම සේවාදායකයන්ගෙන් අසාධාරණ ලෙස යම් යම් දේ ගැනීමේ හැකියාව මේ අයට තිබේ. විවිධ උපාය උපක‍්‍රම යොදා තම ධනය වැඩිකර ගැනීමට ව්‍යාපාරිකයන්ට පුළුවන.

තමන්ට සාමාන්‍යයෙන් ගෙනයාමට නොහැකි ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට ජනතාව පෙළඹීමේ හේතුව කුමක්ද? රජයේ අසාර්ථකභාවය එහිදී අප පැහැදිලිවම දකින කරුණකි. ජනතාව මුහුණදෙන ප‍්‍රශ්නවලට පැහැදිලි, ස්ථීර විසඳුම් ලබාදීමට රාජ්‍යය අපොහොසත් වී තිබේ. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය යනාදී පොදු ප‍්‍රශ්න විසඳීමට හැකිවී නැත. මේ පොදු සේවා ප‍්‍රමාණවත් පරිදි ජනතාවට සපයන්නට රාජ්‍ය මැදිහත්වීම අසාර්ථක වී තිබීම නිසා ඒවාට පෞද්ගලික විසඳුම් සොයා ගැනීමට ජනතාවට සිදුව තිබේ. සුළු රැකියාවක් කරන කෙනෙකුට තම එදිනෙදා වියදමෙන් එහාට යාමේ හැකියාවක් නැත. මේ කාරණය රාජ්‍ය අංශයේ බොහෝ පිරිසකට වුවද අදාළය. එහෙත් කෙසේ හෝ තම සීමාවෙන් ඔබ්බට ගොස් ක‍්‍රියාකරන ආකාරයක් දැකගත හැකිය.

ග‍්‍රාමීය පාසල්වලින් අධ්‍යාපනය ලබාගත් යුගයක් තිබුණි. එහෙත් ග‍්‍රාමීය පාසල්වල තිබෙන තත්ත්වය යටතේ ඒවාට හිරවී සිටියහොත් තම දරුවන්ට අනාගතයක් ගොඩනඟා ගැනීම අපහසු බව මවුපියන් වටහා ගැනීම නිසා නාගරික පාසල්වලට තම දරුවා ඇතුළත් කිරීමට යොමුව තිබේ. මේ නිසා නාගරික පාසල්වල නිර්මාණය වී ඇත්තේ තවත් ප‍්‍රශ්නයකි. මෙහිදී ග‍්‍රාමීය සහ නාගරික පරතරය අඩු කිරීමට රාජ්‍යය අපොහොසත් වී තිබේ. නාගරිකවද හොඳ පාසල් ඇත්තේ සීමිත සංඛ්‍යාවකි.

මේවාට ඇති ඉල්ලූම වැඩි නිසා එම අවස්ථාව උපයෝගී කරගෙන මුදල් සහ වෙනත් සම්පත් වාසි ලබාගැනීමට ඇතැම් අයට අවකාශය සැලසී තිබේ. පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීමේදී සිදුවන වංචා දුෂණ ගැන නිරන්තරයෙන්ම මාධ්‍ය මගින් අසන්නට දකින්නට ලැබෙන්නේ මෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රය ගත්ත ද ඇත්තේ මෙවන් තත්ත්වයකි. පොදු ප‍්‍රවාහන සේවාවේ පවතින ප‍්‍රශ්න නිසා තම ප‍්‍රවාහන ගැටලූ විසඳා ගැනීමට ජනතාවට තමන්ටම වාහනයක් ගැනීමට සිදුවිය හැකිය. එවන් අවස්ථාවක ඇතැම් විට යම් යම් අය ඒ සඳහා තම බලය යොදා ගනිමින් ධනය ඉපැයීමට පුළුවන. ලංකාවේ තිබෙන වාහන සංඛ්‍යාව ගෙන බැලූ විට ජනතාවගේ ආර්ථික තත්ත්වය අනුව එය පිළිගත හැකි තත්ත්වයක් නොවේ. සිතාගත නොහැකි තත්ත්වයක් සමාජයේ තිබේ.

ජනතාවට ජීවත්වීමට ප‍්‍රමාණවත් ආදායම් තත්ත්වයක් නොමැති බව එක් පැත්තකින් කියන කතාවකි. අනෙක් අතට ජනතාව කරන වියදම් ද සිතාගත නොහැකි තරම්ය. වාහන මිලදී ගැනීමම උදාහරණයකි. ප‍්‍රමාණවත් ආදායම් නොමැති නම් වාහන මිලදී ගන්නේ කෙසේද?. මෙතැන කුමනාකාරයක හෝ රහසක් තිබෙන බව පැහැදිලිය. වෙනත් උපාය උපක‍්‍රම හරහා බොහෝ දෙනා මුදල් ඉපැයීමට යොමුව සිටීම එම රහසයි.

ප‍්‍රවාහන ප‍්‍රශ්න විසඳීමේ හැකියාවක් තිබුණි. පැහැදිලි විසඳුම් තිබුණි. එහෙත් ඒ විසඳුමට ගියේ නැත. රාජ්‍යය මේ විසඳුම් සම්බන්ධයෙන් උනන්දු වූණේ නැත. පසුගිය දශක හතරක පමණ කාලය ගතහොත් අප සම්පූර්ණයෙන්ම අසාර්ථකය.

පොදු සෞඛ්‍ය සේවාවෙන්ද ජනතාව තෘප්තිමත් නොවන විට පෞද්ගලික අංශයට යොමුවනු ඇත. පෞද්ගලික සෞඛ්‍ය සේවා මේ රටේ ව්‍යාප්ත වී තිබෙන්නේ ඒ ආකාරයෙනි. පෞද්ගලික සෞඛ්‍ය සේවාව පැවතීම නරක දෙයක් යැයි මෙයින් අදහස් කරන්නේ නැත. නිවාස පිළිබඳ ප‍්‍රශ්නය ද මෙහිදී අමතක නොකළ යුතුය. ඉඩම් මිල ගණන් සිතාගත නොහැකි ආකාරයට පසුගිය කාලවලදී වැඩි වී තිබේ. රටපුරාම මේ තත්ත්වය දැකගත හැකිය.

මෙවන් පසුබිමකදී ජනතාව යොමු වන්නේ කොතැනටද? අධ්‍යාපනයේ, ආර්ථිකයේ ඇති වූ වෙනස්කම් නිසා ජනතාව නගරයේ හෝ ඒ ආසන්නව පදිංචි වීමට යොමු වුණි. නාගරික ප‍්‍රදේශයට පැමිණ පසු මුහුණ දෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වන්නේ ඉඩමක් මිලදී ගෙන නිවසක් ඉදිකර ගැනීමය. කෙනෙක් මුදල් සොයාගෙන ඉඩමක් ගෙන නිවසක් ඉදිකර ගැනීමට පුළුවන. ඒ වගේම ඉඩම් මිල ඉහළ යන නිසා ඇතැම් අය ඉඩම් නිවාස මිලදී ගෙන වැඩි මිලට විකිණීමට පෙළඹී සිටිති. මෙහිදී අපහසුතාවට, දුෂ්කරතාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාවය. ඒ කෙරෙහි වගකිව යුතු අංශවල අවධානය යොමුව තිබෙනවාද?

කෙසේ වෙතත් අල්ලස, දුෂණය නීතිය ඉදිරියේ සාපරාධී ක‍්‍රියාවකි. සාපරාධී ක‍්‍රියාවකදී නීතියෙන් කෙරෙන්නේ දඬුවම් දීමය. එහෙත් නීතිය ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙන්නේ ඇයි.? අල්ලස හා දුෂණය සම්බන්ධයෙන් බරපතළ ලෙස චෝදනා නැඟුණ අවස්ථා පසුගිය කාලයේ අසන්නට ලැබුණි. මේ රටේ ප‍්‍රභූ ක්‍ෂෙත‍්‍රවල සිටින බොහෝ දෙනා මේ ප‍්‍රශ්නයට කෙළින්ම සම්බන්ධ පිරිස්ය.

දේශපාලනයේ සිට අනෙක් සියලූ ක්‍ෂෙත‍්‍රවල අය අඩු වැඩි වශයෙන් අල්ලසට දුෂණයට සම්බන්ධවීමේ ප‍්‍රවණතාවක් පසුගිය කාලයේ දක්නට ලැබුණි. මෙවන් පසුබිමක් යටතේ නීතිය තදින් ක‍්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබේ. දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ අයට නීතිය ක‍්‍රියාත්මක කිරීමට යාමේදී විවිධ බලපෑම්වලට ලක්වීමට සිදුවන්නට පුළුවන. ඇතැම් විට දේශපාලන බලය යොදා යම් යම් සිද්ධි යටපත් කරනවාද යන සැකය මතුව තිබේ. අල්ලස, දුෂණය තුරන් කිරීමට සෑම කෙනෙක් තුළම පැහැදිලි කැපවීමක් තිබෙනවාද යන ප‍්‍රශ්නය ද තිබේ.

මේ තත්ත්වය යටතේ කළ හැක්කේ කුමක්ද යන්න ගැන කල්පනා කළ යුතුය. කෙටි කාලීනව මෙයට විසඳුමක් නැත. සමාජ, ආර්ථික පසුබිමක් මේ සඳහා තිබේ. එම සමාජ, ආර්ථික පසුබිම දෙස නොබලා විසඳුමක් ලබාගත නොහැකිය. සමාජ, ආර්ථික වශයෙන් මෙරට සමාජයේ ඇති පරතරය අඩු කිරීමේ හැකියාවක් අපට තවම ලැබී නැත. ජනතාව අතර තරගය ඇති කිරීමට ප‍්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ මෙම පරතරයයි. ජනතාව බලන්නේ කෙසේ හෝ තම අවශ්‍යතා ඉටුකර ගැනීමටය. ඔවුන්ට ඉවසීමක් නැත. විනයක් නැත. එයට හේතුව පොදු අවශ්‍යතා සංතර්පනය කිරීමට රාජ්‍යය සියයට සියයක්ම අසාර්ථක වී තිබීමය.

කෙසේ වුවත් මේ ප‍්‍රශ්නය විසඳීමට රාජ්‍ය මැදිහත් වීම අත්‍යවශ්‍යය. එය නීතිය ක‍්‍රියාත්මක කිරීමෙන් ඔබ්බට ගිය මැදිහත්වීමක් විය යුතුය. පැහැදිලි රාජ්‍ය ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් ජනතාවගේ අවශ්‍යතා සංතර්පනය කරන තත්ත්වයට එන්නේ නැතිව පවතින ප‍්‍රශ්නයට මුහුණදීමේ හැකියාවක් කිසිසේත් ලැබෙන්නේ නැත.

එක් පැත්තකින් නීතිය ශක්තිමත් කිරීම, නීතිය ක‍්‍රියාත්මක කිරීම හැකි තරම් කළ යුතුය. ඒ අතරම අනෙකුත් ක්‍ෂෙත‍්‍ර සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍ය වන්නකි. ආර්ථිකයේ ව්‍යුහය සම්බන්ධයෙන්ද කල්පනා කළ යුතුය. ආර්ථිකය ප‍්‍රතිව්‍යුහගතකර නොගෙන ප‍්‍රශ්නය විසඳීම ද අපහසු බව අමතක නොකළ යුතුය. මුදල් සංසරණයෙන්ම ගොඩයාමට බලන්නේ නම් එය සාර්ථක වන්නේ නැත. එයින් වන්නේ තව තවත් අගාධයට යාමය.



අදහස් (9)

රට යන අත කොහාටද

Rohana Tuesday, 10 October 2017 07:43 AM

පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරු ,හිටපු රජයේ මැති ඇමතිවරු බොහෝදෙනා වංචා, දුෂණය, චෝදනාවලට ලක්විඇත . දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ අයට නීතිය ක‍්‍රියාත්මක කිරීමට යාමේදී විවිධ බලපෑම්වලට ලක්වීම නිසා නිතිය ක්‍රියාත්මක වන්නේ නැත. ගිය රජය වගේම මේ රජයේත් මහා පරිමාණ දුෂණ සිදුවිය. බැදුම්කර සිද්ධිය මිලියන 59 ක් වංචාව සම්බන්දව තීරණය ලැබෙන තෙක් ජනතාව බලාගෙන ඉන්නේ. නීතිය ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙන්නේ ඇයි.? දේශපාලන බලය යොදා යම් යම් සිද්ධි යටපත් කරනවාද යන සැකය මතුව තිබේ. නිතිය කඩාවැටීම කියන්නේ රටක් පිරිහීම කර ගමන් කිරීමයි. 2020 රට ජ වී පෙ ට බේරාගැනීමට හැකිද? නැවත හොරුන්ටමයි බලය යන්නේ?

:       251       138

vipulaTuesday, 10 October 2017 09:28 AM

ජ වී පෙ ට තියෙනේ අන්තිම චන්ද ටිකත් අනුර කුමාර මහතා අලියට මුක්කු ගහන්න ගිහිල්ලා නැති කරගෙන තියෙන්නේ. මෙම පක්ෂයේ කිසි කෙනෙක් නැහැ ජනාධිපතිවරණයට තරග කරන්න. පක්ෂය දියාරු වී අවසන්. මේ අයගේ එදිනෙද වියදම් පිරිමහන්න පාර්ලිමේන්තුවේ සිටීම විතරයි පෙනෙන්න තියෙන්නේ. දේශපාලන දැනුම අන්තිමයි

:       33       324

kavumudi ranasinha Tuesday, 10 October 2017 11:40 AM

ජා වී පෙ පමණයි දැනට හොරු නැති ඇත්ත ඇති විධිහට කියන පක්ෂය ඒ බව පක්ෂ විපක්ෂ කවුරුත් කියනවා.ඔබ හැර...

:       1618       44

RaveeendraTuesday, 10 October 2017 11:10 AM

රෝහන මයවෙත ඔබගේ අදහසට අප ද ගරුකරන්නෙමු, නුමුත් එයට එකග වීමට නොහැක.ඔබ විසින් දියවන්නා ඔය මඩ වගුරේ ලැග සිටින මෙම අහිංසක මනුසත්වයන්හට අපහාස කර ඇත.මක්නිසාදයත් ඔවුන් කිසිදින හීනෙන්වත් හොරකම් කර නොමැත, හොරකම යන්නේ අර්තයවත් නොදන්නා මෙම "නිහිනයන් " මඩවගුරේ ලැග සිටිමින් ලක්මව වෙනුවෙන් සේවය කරන්නේ තම තමන්ගේ ගෙදරින් ගෙනා මුදල් වලින් බව ඔබ නොදන්නේද ??? කෙටියෙන් කියනවනම් බලන්න මෙම "නිවටයන්" කපටි ඇදුම ඇදසිටියත් " නිහිනයන් ගේ මුණුවල තිබෙන පින්පාට ". එබැවින් ඔබගේ අදහස ඉල්ලා අස්කරගන්නලෙස කරුනිකව ඉල්ලා සිටිමු.

:       1       57

etarahelaya Tuesday, 10 October 2017 09:48 AM

.වංචා දුෂණ වලට රටේ අගමැති උපදෙස් දුන් බව පරීක්ෂණ කරන අවස්ථා වලදී කියවුනා. අතීතයත් ඒ වගේම යි .එත් බලය අතට අරගෙන ලීයුම් වලට අත්සන් අරගෙන ලාච්චුවේ දා ගෙන මැතිවරණ කොහොමහරි දිනගන්ඩ කියල කියන කොට හැම හෙන්චියෙක්ම හොරකම්කරනවා .

:       0       52

MP Wednesday, 11 October 2017 02:36 AM

පෙනෙන හෑටියට නම් අපායට.

:       0       74

කමල් Wednesday, 11 October 2017 06:37 AM

ජනපතිතුමනි, රජයේ කාර්යාල වලින් නිසි වේලාවට වැල්වටාරම්ව තොරව ගැටළුවට නිසි පිළිතුරු මහජනයාට ලබා දෙනවා නම් ප්‍රශ්ණ ගොඩක් විසඳිය හැකියි

:       0       22

Perakum Sunday, 15 October 2017 12:48 PM

රට ගොඩගැනීමේ අවංක අභිලාෂයෙන් යුත් පාලකයින්ගෙන් සැදුම්ලත් රජයකින් පමණක් මේ ප්‍රශ්න විසඳිය හැක. නීතිය බලාත්මක කොට ආර්ථිකය රටට ගැලපෙන පරිදි සැකසිය යුතුය. මේ සඳහා හැකියාව ඇති අවංක පාලකයින් අප රටේ ඇත්ද යන්න සැක සහිතය.

:       6       0

Kumara (Galf) Wednesday, 18 October 2017 05:56 PM

එහෙනම් ඉතින් වලපල්ලට තමා යන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 282 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 248 0

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2207 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


අලුත් අවුරුද්ද සංස්කෘතිය අනාගතය
2024 අප්‍රේල් මස 11 206 0

සංස්කෘතික උත්සව යනු, ඕනෑම සංස්කෘතියක ඉතාම වැදගත් අංගයක් වේ. ඒ අනුව, අලු‍ත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනයාගේ සංස්කෘතික ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි.


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 151 0

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


දේශපාලනය අතීතයෙන් වර්තමානයට
2024 අප්‍රේල් මස 10 780 1

පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම නව එක්සත් ජාතික පාක්ෂිකයන් ද මේ දිනවල දැඩි දෙගිඩියාවකට මුහුණ දී සිටින බව පෙනේ. ඒ, තමන් ප්‍රිය කරන එක්සත් ජාතික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site