IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක

ආචාර්ය නිමල් සඳරත්න විසිනි

සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ

- හර්ෂණ තුෂාර සිල්වා

ගෝලීය මූල්‍ය වෙළෙඳපොළවල සිදුවෙමින් පවතින කම්පන සහ වෙළෙඳ අවිනිශ්චිතතාවල බලපෑම් මෙරට ආර්ථිකයට දැනෙමින් තිබේ. රුපියල අවප්‍රමාණය වීම, ඉන්ධන සහ ගෑස්මිල ඉහළ යෑම, බස් ගාස්තු සහ ආනයන පිරිවැය ඉහළ යෑම ගෝලීය මූල්‍ය අර්බුදය නිසා මෙරට ආර්ථිකයට බලපා තිබෙන නියත සහ නොවැළැක්විය හැකි ප්‍රතිවිපාකය. නිදහස් වෙළෙඳාම වර්තමානයේ මුහුණදී තිබෙන පසුබෑම ගෝලීය ආර්ථික වර්ධනයට ද බලපැවැත්විය හැකිය.

හේතු

ඇමෙරිකා එක්සත් ජනපදයේ පොළී අනුපාත ඉහළ යෑම, ඉන්ධන මිල ගණන් ඉහළ යෑම සහ වෙළෙඳ සීමා සහ බාහිර සාධකවලින් වැඩියෙන්ම පීඩාවට පත්ව ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල්ය. ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය හා සැසඳීමේදී බොහෝ මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබේ. ශ්‍රී ලංකා රුපියල මෙන්ම අනෙකුත් රටවලත් ඔවුන්ගේ මුදල් ඒකක අවප්‍රමාණය වීම නිසා ශ්‍රී ලංකාව ද ඇතුළුව එමරටවල ජීවන වියදම ඉහළ යමින් තිබේ.

ගෝලීය අර්බුදය

වර්තමානයේ පවතින මූල්‍ය අර්බුදය ගෝලීය මූල්‍ය අර්බුදයකි. පවතින ප්‍රශ්න, ගැටලු සහ අර්බුද සියල්ල මෙරට ආණ්ඩුවේ පාලනයෙන් තොරය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ආර්ථිකය සහ ආර්ථිකයේ බාහිර මූල්‍ය ශක්තිමත්ව තිබුණා නම් බාහිර කම්පනවලින් සිදුවන බලපෑම අඩුකිරීම සඳහා ප්‍රතිපත්ති තිබුණා නම් ගෝලීය අර්බුදයෙන් සිදුවන බලපෑම අඩු කරගන්නට තිබිණි. බාහිරින් සිදුවන බලපෑම පාලනය කිරීමට හෝ ඊට ප්‍රතිචාර දැක්වීමට හෝ එම පාලනයට අඩු කිරීමට හෝ ප්‍රමාණවත් මූල්‍ය අවකාශයක් (මූල්‍යමය ඉඩක්) මෙරට ආර්ථිකය තුළ නොමැත. එමෙන්ම ඒ සඳහා ප්‍රමාණවත් විදෙස් සංචිත ද නොමැත.

ඇමෙරිකා එක්සත් ජනපද ප්‍රතිපත්තිවල බලපෑම

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය ඉහළ යෑම, ඇමෙරිකා එක්සත් ජනපද මහබැංකුවේ (ෆෙඩරල් රිසව් බෑන්ක්) ප්‍රතිපත්ති නිසා ඉහළ පොලී අනුපාත, ඇමෙරිකා එක්සත් ජනපදය චීන සහ සහ ඇතැම් ආනයන තහනම් කිරීම, තීරු බදු වැඩි කිරීම, ඇමෙරිකාව ඉරානයට වෙළෙඳ සම්බාධක පැනවීම, ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක වෙළෙඳ සංවිධානයෙන් ඉවත් වන බවට තර්ජනය කිරීම යනාදිය පැමිණෙමින් තිබෙන කුණාටුවේ අඳුරු වළාය. නිදහස් වෙළෙඳාමට එල්ල වී තිබෙන හා එහි ඇති වී තිබෙන පසුබැසීම්, වෙළෙඳ අර්බුද සහ ඉහළ ඉන්ධන මිල ගණන් ගෝලීය ආර්ථික වර්ධනයේ වේගය අඩු කරනු ඇත. එය අපේ අපනයනවලට අහිතකර ලෙස බලපානු ඇත. මෙම වෙළෙඳ සටනේ දුෂ්ඨයා ඇමෙරිකා එක්සත් ජනපදයනම් ලෝකයේ ඉතිරි සියල්ල, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් ජාත්‍යන්තර මූල්‍යයේ සහ වෙළෙඳාමේ ගොදුරු බවට පත්වනු ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල් ඒ සටනේ පීඩිතයන් වනු ඇත.

 හැකියාවක් හෝ ධාරිතාවක් නොමැති වීම

සිදුවෙමින් පවතින කිසිවක් පාලනය කිරීමට ශ්‍රී ලංකාව රජයට හැකියාවක් නැත. ඒ සඳහා ධාරිතාවක් ද නැත. මේ නිසා මේ සියල්ලේ ප්‍රතිවිපාක ඉතා දරුණුය. ශ්‍රී ලංකාවේ දුර්වල ආර්ථික තත්ත්වය, විශේෂයෙන්ම විදේශ මූල්‍යයේ දුර්වලකම රට තව තවත් අවදානමේ හෙළනු ඇත. දුර්වල රාජ්‍ය මූල්‍ය හා විදේශ මූල්‍ය තත්ත්වය නිසා බාහිරින් සිදුවන බලපෑම් හා කම්පනවලට මුහුණ දීමට රටට කිසිදු හැකියාවක් නොමැත. අඩුම තරමේ එම බලපෑම අඩු කරගැනීමට ප්‍රමාණවත් ධාරිතාවක් ද ශ්‍රී ලංකා ආර්ථිකය සතුව නැත. රුපියල අවප්‍රමාණය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් විය යුතු යන්න ජනප්‍රිය මතය සහ අදහස වී තිබේ. එය අනාවර්යයෙන්ම රටේ විදේශ මූල්‍ය අංශය තවදුරටත් අවදානමේ හෙළීමක් වන අතර රට ආර්ථිකයද අස්ථාවර කරනු ඇත. එම නිසා මහ බැංකුව මැදිහත් විය යුතු යන නිර්දේශ, හෝ වට්ටෝරුව කිසිසේත්ම සුදුසු නැත. එයින් සිදුවන්නේ අසනීපය තවත් වැඩිකිරීමක් පමණි.

අනෙක් රටවල්

වේගවත් ආර්ථික වර්ධනයක් හිමි අති විශාල ඉන්දියාව ද ඇතුළත්ව නැගී එන රටවල් මෙම බාහිර බලපෑම්වලට මුහුණ දෙමින් සිටී. ඇතැම් රටවල මුදල් ඒකක ශ්‍රී ලංකා රුපියලටත් වඩා වැඩියෙන් අවප්‍රමාණය වී ඇත. මේ වසරේ මේ දක්වා කාලයේදී බ්‍රසීල මුදල් ඒකකය 20% ක්, ආර්ජන්ටිනාවේ 53% කින් සහ චීලි රාජ්‍යයේ මුදල් ඒකකය 10% කින් අවප්‍රමාණය වී ඇත. ඕස්ට්‍රේලියාවේ මුදල් ඒකකය 8% කින් ද චීනයේ 5% කින්, ඉන්දුනීසියාවේ 8% කින් සහ පිලිපීනයේ මුදල් ඒකකය 7%   කින් අවප්‍රමාණය වී ඇත. අර්බුදයේ ගෝලීය බලපෑම එයින් හොඳින්ම පැහැදිලි වේ. 

ඉන්දියාවේ තත්ත්වය

මේ වසරේ මේ දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියල 11%  කින් අවප්‍රමාණය වී තිබෙන අතර එය ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙන අගයට වඩා වැඩි අගයකි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය රුපියල හා සැසඳීමේදී ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබේ. 

ඉන්දියාවේ වෙළෙඳ සහකරුවන් වන රටවල මුදල් ඒකකද ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබේ. 2017 වසරේ දෙසැම්බර් මාසය හා සැසඳීමේදී ඉන්දීය රුපියල සත්‍ය වශයෙන්ම අවප්‍රමාණය වී ඇත්තේ 6% ත් 7%  ත් අතර අගයකින් යැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි. 

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය හා සැසඳීමේදී ඉන්දීය රුපියල, අවප්‍රමාණය වීමේ නාමික අනුපාතයට වඩා රුපියල අවප්‍රමාණය වීමේ සත්‍ය වශයෙන්ම බලපාන (යථා තත්ත්වය /සත්‍යවශයෙන්ම බලපවත්නා) අනුපාතය අඩු අතර ඉන්දීයාව සමඟ වෙළෙඳාම් කරන අනෙකුත් රටවල තත්ත්වය ද එසේය.

මිල ගණන් ඉහළ යෑම

ඉන්දීය රුපියල අවප්‍රමාණය නිසා ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන සහආනයන නිෂ්පාදනවල මිල ගණන්ඉහළ ගොස් ඇත. කෙසේ නමුත් ඉන්දීය ආර්ථිකය ශ්‍රී ලංකා ආර්ථිකය තරම් විවෘත ආර්ථිකයක් නොවන හෙයින් අවප්‍රමාණය නිසා සිදුවන උද්ධමනමය බලපෑම අඩුය. ඉන්ධන මිල ගණන් ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් ඉන්දීය මහ බැංකුව (රිසව් බෑන්ක් ඔෆ් ඉන්දියා) ප්‍රතිපත්තිමය පොළී අනුපාත ඉහළ දැම්මේය. 

වර්ධනයට සිදුවන අයහපත් බලපෑම සලකා බලමින් පොළී අනුපාත ඉහළ නොදැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය කර ඇත. මතභේදාත්මක වුවත් ඒ ගැන සැකයක්  නැත. ඉහළ පොළී අනුපාත නිසා සමස්ත ඉල්ලුම අඩු කරනු ඇති අතර ඒ හේතුවෙන් ආනයන අඩුවනු ඇත. ඒ නිසා පිරිහෙමින් තිබෙන වෙළෙඳ ශේෂයේ යම් වර්ධනයක් සිදුවිය හැක.

ගෝලීය තර්ජන

ගෝලීය ප්‍රවණතා නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවන බලපෑම් සහ තර්ජනවල නැවැතීමක් පෙනෙන්නට නැත. ගෝලීය ආර්ථික වර්ධනය මේ වසරේ දී සහ ලබන වසරේදී 3.9% ක සෑහීමකට පත්විය හැකි අගයක තිබුණ ද ශ්‍රී ලංකාවට එල්ලවන තර්ජනවල අඩුවක් නොවනු ඇත. 

වත්මන් වෙළෙඳ යුද්ධය ආරම්භ කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එහි බලපෑම් ඉදිරියටත් පවතිනු ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට සම්බාධක පැනවීම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද සැලකිය යුතු ලෙස බලපෑම් එල්ල කරනු ඇත. මේ තත්ත්වය නිසා ඉරානයට තේ අපනයනය කිරීම මෙන්ම ඉරානයෙන් තෙල් ආනයනය කිරීමටද සැලකිය යුතු බලපෑමක් එල්ල වනු ඇත. 

දැනටමත් ඉරානයෙන් තෙල් මිලදී ගැනීම නැවැත්වීමට රජය තීරණයකර ඇත. කෙසේ නමුත් ඉන්ධන මිල ගණන් ඉහළ යෑම අඛණ්ඩව මෙරට වෙළෙඳ ශේෂයේ පිරිහීමට හේතුවනු ඇත.

අවසාන වශයෙන්

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය ඉහළ යෑම, ඇමෙරිකා එක්සත් ජනපදය පොළී අනුපාත ඉහළ දැමීම සහ ඉන්ධන මිල ගණන් ඉහළ යෑම දැනටමත් මෙරට ආර්ථිකය අස්ථාවර කර ඇත. එමෙන්ම එම තත්ත්වය මෙරට ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇත. එපමණක් නොව රටේ විදේශ මූල්‍ය අංශය අවදානමේ හෙළනු ඇත. 
දුර්වල විදේශ මූල්‍ය තත්ත්වය සහ මූල්‍ය අවකාශය යන තත්ත්වය මධ්‍යයේ වුවද ගත හැකි සීමිත පියවර කිහිපයක් තිබේ. ශක්තිමත් සහ වේගවත් ආර්ථික වර්ධනයක් හිමි චීනය සහ ඉන්දියාවට මෙම පීඩන හා කම්පන දරා ගැනීමට හැකි නමුත් දුර්වල අයවැය සහ විදේශ මූල්‍ය සංචිත හිමි ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සිටින්නේ අවදානම් තත්ත්වයකය. ඉන්දියාවේ ආර්ථික වර්ධනය තව තවත් වේගවත් වෙමින් තිබෙන අතර 7% ක අගයකට ළඟා වනු ඇතැයි පැවසේ. චීනයේ ආර්ථිකය 9% ක අගයකින් වර්ධනය වනු ඇත. 

“ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකු යම් ප්‍රගතියක් පෙන්නුම් කළත් බාහිර සාධක ඉතා බලවත්. ඒවාට මුහුණ දීමට හෝ ඒවා දරාගැනීමට අපට හැකියාවක් හෝ ධාරිතාවක් හෝ නැහැ. සංචිතවලට යම් පීඩනයක් එල්ල කිරීමෙන් තොරව සහ විනිමය අනුපාත අවප්‍රමාණය වීමට දීමකින් තොරව ඒවා දරාගන්න අපට හැකියාවක් නැහැ” යැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෑතකදී පැවැසීය.

 



අදහස් (1)

මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක

W.M.C.A.B.විජේකෝන් Friday, 10 January 2020 03:15 AM

එ.ජ.ඩො.ශක්තිමත් කීරීම මත, රුපියල අවප්‍රමාණයෙන් ලංකාවට දිගින් දිගටම බලපෑමක් සිදුවන හෙයින් පසුගිය දස වසර තුළ වූ අවප්‍රමාණය ගණනය ඊට මුහුණ දීමට අවිනිශ්චිත අවප්මාණ සංචිතයක් ඇතිකර අවප්‍රමාණයේ බලපෑම සංචිතයට ගැලපිම් කළ යුතුය. එවිට උද්ධමනයේ බලපෑම ආනයන වියදම මත ඍජුව බලපෑමක් ඇති නොකරනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 104 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 100 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 300 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 540 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 594 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 96 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1639 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site