IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මවුබස නොදන්නා අනාගත පරපුරක් මොකටද?


ජාත්‍යන්තර මවු භාෂා දිනය පෙබරවාරි මස 21 වැනිදාට යෙදී තිබුණි. කුමාරතුංග මුනිදාස සමරුව සහ සිංහල භාෂා දිනය යෙදෙන්නේ අද දිනටය. භාෂාව කිසියම් ජාතියක සමාජයක කැටපත ලෙස සැලකෙන බැවින් ඒ පිළිබඳව යළි යළිත් වත්මන් පරම්පරාවේ අවධානය යොමුවීම වැදගත් බව පෙනේ. සිංහල භාෂාවට අනුපමේය මෙහෙවරක් ඉටු කළ කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ කාර්ය භාරය සැකෙවින් විමසෙන මෙම සංවාදයේ අරමුණ වන්නේ සිංහල භාෂා භාවිතයේ වත්මන් අර්බුද හා ඊට යෝජනා කෙරෙන පිළියම් සාකච්ඡා කිරීමයි. මතු දැක්වෙන්නේ හෙළ හවුලේ වත්මන් නයු ශ්‍රීනාත් ගණේවත්ත මහතා සමඟ ඒ සම්බන්ධයෙන් අප කළ සංවාදයක සටහනකි.

• ජාත්‍යන්තර මවු භාෂා දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. කිසියම් ජාතියක අනන්‍යතාව තහවුරු කිරීමේ ප්‍රධාන සාධකය ලෙස මවු බස සැලකෙනවා. මේ ගැන ඔබේ කරුණු දැක්වීම කෙබඳු ද?
මේ පැනය බෙහෙවින් ම වැදගත් කියා මා හිතනවා. යම් ජන සමූහයක් ජාතියක් බවට පත්වන්නේ ඒ සියල්ලනට පොදු සංස්කෘතියක් පවතින විට යි. ඒ සංස්කෘතියේ ප්‍රධාන ම අංගයක් තමයි භාෂාව. සංස්කෘතියක් ඉදිරියට ගෙන යන ගාමක බලයත් භාෂාව ම යි. අප සිංහලයන් වන්නේ අන් කිසිවක් නිසා නො වෙයි, සිංහල සංස්කෘතිය නිසා යි. ඒ සිංහල සංස්කෘතියේ ප්‍රධාන ම අංගය සිංහල භාෂාවයි. ඒ සිංහලය මවු බස කොටගත් පිරිස සිංහල ජාතිය යි. ඒ නිසා අපේ අනන්‍යතාව ඇත්තේ අපේ මවු බස වන සිංහලයේ යි. අනෙක් ජාතීන් පිළිබඳවත් තත්ත්වය එසේ ම තමයි. අප කොතරම් භාෂා දැන ගත්තත් සිතන්නේ මවු බසින්. අපට හැඟීම් දනවන්නේ මවු බස යි. ඒ කියන්නේ අපේ අනන්‍යතාව පවතින්නේ මවු බසේ කියන එක යි.
• සිංහල භාෂාභිමානය සිංහල ජාතියේ ප්‍රවර්ධනයට කරන බලපෑම කෙබඳුද?
ජාතියක දියුණුව ඇතිවන්නේ නැඟීම ඇතිවන්නේ ඒ ජාතියේ චින්තනය මුල් කොටගෙනයි. ඒ ජාතික චින්තනය බිහිවන්නේ භාෂාව මාධ්‍යය කොට ගෙනයි. ඒ නිසා ජාතියක් නැඟෙන්නට නම් ඒ ජාතිය වහරවන බස නොවහල්ව, ඉතා දියුණුව තිබෙන්නට ඕනෑ. බස ඒ වගේ තත්ත්වයක තිබෙන විටයි එය භාවිත කරන ජනතාවට භාෂාභිමානයක් ඇතිවන්නේ. පරභාෂාවලින් ලෑටි ගාගත් කඩමාලු වචන කිසිම ව්‍යාකරණ රීතියකට එකඟ නොවී හිතු හිතූ විදිහට යොදන විට භාෂාභිමානයක් ඇතිවන්නේ කොහොමද?
සිංහලයේ ඉතිහාසය විමසා බලන විට අපට පෙනෙන්නේ භාෂාව නිදහස්ව, නොවහල්ව, දියුණු වී පැවැති කාල වකවානුවල ජාතියත් ඒ වගේම ස්වාධීනව, බලවත්ව සිටි බව. ඒත් කෝට්ටේ යුගයෙන් පසු භාෂාව පිරිහීමත් සමඟ ජාතියත් පිරිහී පරාධීන වුණා. අද වුණත් අප කොඳු කැඩුණු නිවට නියාලුවන් ලෙස විදෙස් ඉදිරියේ බැගෑපත් වන්නේ භාෂාව මගින් නිර්මාණය වන ජාතික චින්තනයක් නැති නිසායි.
මේ තත්ත්වය මනා ව අවබෝධ කොටගත් නිසයි කුමාරතුංග මුනිදාසයන් බස නැංවීම මඟින් රැස හෙවත් ජාතියත් රැස මඟින් දෙසත් නැංවිය හැකි බව පැවැසුවේ.
• සිංහල භාෂා දිනය මාර්තු 2 වැනි දාට යෙදෙන්නේ කුමාරතුංග මුනිදාස අනුස්මරණ දිනය සලකාගෙනයි. සිංහල භාෂා දිනය වඩාත් අර්ථවත් කරගත හැක්කේ කවර අන්දමින්ද?
සිංහල භාෂා දිනය ගැන කියන විට පසුගියදා අපගෙන් සමුගත් වි.ජ.මු. ලොකු බණ්ඩාර ඇමැතිතුමන් ගැන සිහිපත් කළ යුතුයි. එතුමා තමයි මාර්තු දෙවැනි දා සිංහල භාෂා දිනය ලෙස නම් කළේ. කුමාරතුංගයන් කටයුතු කළේ භාෂාවත් ජාතියත් අතර ඇති අවියෝජනීය සම්බන්ධතාව පිළිබඳ තියුණු අවබෝධයකින් යුතු ව යි. එතුමනට පෙරත් ජේමිස් ද අල්විස් වැනි පඬිවරුන් ස්වභාෂාවේ අගය පෙන්වා දුන්නා. ඒත් ජාතිකත්වයෙහි ලා බසේ අගය මුලින් ම මතු කළේ කුමාරතුංගයන්. එතුමන් එදා කීවා
උගන්නැ සිය බස-මත් වන්නැ එහි රසයෙන්
දකින්නෙහි මහඟු බව-කියා දෙන්න අනුනටත්
කා කුමක් කීවත්-සියබස කෙළෙසා අපට
නිදහසෙක් නො මැ ලැබේ-පටන් ගන්නැ සිය බසින්
අනුන් පර බසෙකැ-අගය වනන පුන පුනා
සිය අගය පානු බැරි-හෙළයා මහ නිවටයෙකි

ආදී වශයෙන්. එයින් එතුමන් මතු කළේ බස නොඔසවා, බස නොවඩා, බසින් වෙන් ව කෙදිනකවත් ජාතිය නැංවිය නොහැකි බව යි.
කුමාරතුංගයන් හැම විට ම තැත් කළේ බසෙහි නිවැරැදි බව රැක ගැනීමටයි. නිවැරැදි බසක් නැතිව නිවැරැදි චින්තනයක් ඇති නොවන බවත් නිවැරැදි චින්තනයකින් තොර ව ජාතියක් කිසි විටෙක දියුණු නොවන බවත් එ තුමන් පෙන්වා දුන්නා. අප ගේ අභාග්‍යයට බලය ඇත්තන් එ තුමන්ට සවන් දුන්නේ නෑ.  

බසක් පවතින්නේ ඒ බස අයත් ජාතිය පවතින්නේ බස හැකි තරම් භාවිත කරන විට යි.
එ තුමන් කීවේ සිංහලයෙන් කතා නොකරන, සිංහලය භාවිත නොකරන කළු සුද්දන් වැනි පාලකයන්ගෙන් රටට කිසි ම සෙතක් නොවන බව යි. අදටත් රටේ වැදගත් තීරණ ගන්නා තැන්වල අය වැඩ කරන්නේ ඉංගිරිසියෙන්. ගන්නා තීරණ පවසන්නේ ඉංගිරිසියෙන්. ඉතින් කොහොම ද සිංහලය දියුණුවන්නේ. මේ තරමින්වත් සිංහලය පැවැතීම ලොකු සතුටක්.
කුමාරතුංගයන් නුමුසු හෙළ බස පිළිබඳ අදහස පවා ඉදිරිපත් කළේ එමඟින් ජාතියේ අභිමානය ඇති කිරීමට යි. අප ගේ ස්වායත්ත භාවය ස්වාධීනත්වය පෙන්වීමටයි. අප රටේ ජනයාට එය වටහා ගන්නට බැරි වුණා. එහි විපාක අප අදත් විඳිනවා.

• භාෂාව චින්තනයේ මෙවලමක් ලෙස සැලකෙනවා. අද ඇති බරපතළ ගැටලුවක් වන්නේ දරුවන්ට මවු භාෂාව මඟින් තම අදහස් නිරවුල් ව ප්‍රකාශ කර ගැනීමට නොහැකිවීම බව ඔබ ඇතුළු විද්වතුන් නිතර පෙන්වා දෙන කරුණක්. මේ තත්ත්වය අනාගතයට කෙසේ බලපායිද?
මේ තත්ත්වය අනාගතයට ඉතා ම අහිතකර ලෙස බලපානවා. අනාගතයට නොවෙයි වර්තමානයේ පවා මෙහි ඇති බලපෑම අද අපට ඇස් පනාපිට පෙනෙනවා. බොහෝ පාසල් සිසුනට තම සිතේ ඇති අදහස් විභාගයකදී තම මවුබසින් නිවැරැදි ව පවසන්නට බැහැ. විභාග අසමත්වීමට ප්‍රධාන ම හේතුවත් එය. මට මතකයි, මෙයට ටිකකලකට පෙර විභාග කොමසාරිස්වරයාගේ වාර්තාවක ම ඒ බව පැහැදිලි ව ප්‍රකාශ කොට තිබුණා. මා කලිනුත් කීවා භාෂාව තමයි උසස් චින්තනයේ මාධ්‍යය බව. ඉතින් භාෂාව පිළිබඳ දැනුමක් නැති අය කෙසේ ද නිවැරැදි චින්තනයකට යොමුවන්නේ. මෙය විශාල සමාජ ගැටලුවක්. බලධරයන් මේ ගැන වහාම අවධානය යොමු කළ යුතුයි.  
සාහිත්‍යයෙන් ළමා පරපුර ඈත් වීමත් මෙයට බෙහෙවින් බල පා තිබෙනවා. අද සමාජයේ සිටින්නේ භාෂා ශක්‍යතාවෙනුත් භාෂා සංවේදීතාවෙනුත් තොර රොඩු මනස් ඇති දරු පරපුරක්. හෙට දිනයේ තත්ත්වය ගැන සිතන්නටවත් බැහැ. අනාගතයේ මෙ රට සිටිනු ඇත්තේ චින්තනයෙන් තොර ජාතියක් බව නම් කිව හැකි යි. එවැනි පරපුරක් කුමද?
අනෙක් අතට ළමයින්ට බස හොඳින් උගන්වන්නට නම් හොඳින් බස දන්නා ගුරු පරපුරක් සිටිය යුතුයි. අද ගුරුවරුන් ගේ භාෂා ඥානය බොහෝ සෙයින් පහළ මට්ටමක යි තිබෙන්නේ. එයට හේතුව බොහෝ ගුරුවරුන්ට තිබෙන්නේ විශ්වවිද්‍යාලයේ උපාධිය පමණක් වීමයි. ඒ නිසා පළමු ව ගුරුවරුනට භාෂාව පිළිබඳ දැනුමත් අභිමානයත් ඇති කළ යුතුයි.
• 1956 බලයට පත් වූ රජය සිංහලය රාජ්‍ය භාෂාව කළ බව අපි දන්නවා. බොහෝ දෙනා අදටත් මෙහි හොඳ නරක ප්‍රතිඵල කතා වෙනවා. අද වනවිට සිංහලයේ තත්ත්වය කුමක් ද? ඔබ එය දකින්නේ කෙසේ ද?
1956 බලයට පත් වූ බණ්ඩාරනායක මහතා ගේ රජය සිංහලය රාජ්‍ය භාෂාව කළ බව ඇත්ත. ඒත් ඒ දේශපාලන අවශ්‍යතාවක් බවයි අපට පසු ව පෙනුණේ. ඉන් පසු ව වත් මෙරට කිසි ම රජයක් සිංහල භාෂාවට නිසි අනුග්‍රහයක් දැක්වූ බව කියන්නට බැහැ. සිංහල භාෂාව පමණක් නොවෙයි සිංහලත්වයත් කොල්ල කා ගෙන බලය ලබා ගැනීමට යි දේශපාලකයන්ට අවශ්‍ය වන්නේ. 1987 දී ජයවර්ධන රජය සිංහලයත් දෙමළයත් දෙක ම රාජ්‍ය භාෂා බවට පත් කළා. ඉංගිරිසිය සම්බන්ධීකර (linking) භාෂාව බවට පත් කළා. මනුෂ්‍ය ඝාතන මැද රාජ්‍ය භාෂාව බවට පත් සිංහලයට අවසානයේ අත්වුණු ඉරණම එය යි. අද ලංකාවේ ඇත්ත ම රාජ්‍ය භාෂාව ඉංගිරිසිය දැයි සැක හිතෙනවා. ධනවතුන් ගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ අන්තර්ජාතික පාසල්වල ඉංගිරිසියෙනුයි. ඔවුනට රට ජාතිය භාෂාව ගැන ඇල්මක් ඇති වෙයි කියා සිතිය හැකිද?
අද එයටත් වඩා ඉතා සූක්ෂ්ම ලෙස සිංහලය මරා දැමීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. ගැසට් පත්‍රයක් මඟින් නීති විද්‍යාලයේ සියලු විභාග ඉංගිරිසියෙන් පමණක් පවත්වන්නට යන බවට තොරතුරු තිබෙනවා.

මහජනතාව මෙවැනි දේ දන්නේ නෑ. ඉංගිරිසියෙන් විභාග පවත්වන විට සිංහලයෙන් නීතිය ඉගෙන ගෙන වැඩක් තිබේ ද? කොළඹ සරසවියේ නීති පීඨයේ සිංහල පාඨමාලා නවත්වන්නට වේවි. නීතිය පමණක් නොවෙයි උසස් අධ්‍යාපනය මුළුමනින් ම ඉංගිරිසියෙන් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. රාජ්‍ය භාෂාව වන සිංහලයේ ඉරණම මෙය ද? සිංහලය ලංකාවෙන් නැති වී ගියහොත් එය මුළු ලොවෙන් ම තුරන් වී යන බව අප වටහා ගත යුතු යි. සියලු බස් ළැදියන්, භාෂා ප්‍රේමීන් වහා එකතු වී මේ තත්ත්වය වෙනස් කිරීමට සටන් කළ යුතුයි.

අප ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, රටේ බලය ඇත්තනට කියන්නේ සිංහලයට මේ රටේ ප්‍රමුඛස්ථානය ලබාදෙන ලෙස යි. රාජ්‍ය භාෂාවන් සතු නියම බලය සිංහලයට ලබාදිය යුතු ම යි.
අප දැඩි ලෙස තිරසර ව කියන්නේ රජය නව ව්‍යවස්ථාවක් සකස් කරනවා නම් එය මුලින් ම සිංහලයෙන් සකස් කළ යුතු යි. ඉංගිරිසි ආදී භාෂාවලට පරිවර්තනය කළ යුතු ඉන් පසු ව යි. ඉංගිරිසියෙන් සකස් කොට පසුව සිංහලයට පෙරැළු ව්‍යවස්ථාවෙකින් රටට වැඩක් වේ ද? මා දන්නා හැටියට 1972 ව්‍යළුස්ථාව මුලින් සකස් කළේ සිංහලයෙනුයි.

රටේ පාලකයන් සිංහලයෙන් සිතා සිංහලත්වය අනුව තීරණ ගෙන රට පාලනය නොකරන තාක් සිංහල භාෂාවට නියම පැවැත්මක් නැතිබව ස්ථිරයි.


(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)

 



අදහස් (6)

මවුබස නොදන්නා අනාගත පරපුරක් මොකටද?

Raveendra Tuesday, 02 March 2021 06:59 AM

ඉතාමත්ම හරවත් ලිපියක් මෙන්ම අපගේ අනාගත පරපුරේ භාෂා ඥානය පිළිබඳවද යම්කිසි අනතුරු හැඳවීමක්ද සඳහන් වීම සතුටකි. අප දන්නා පරිදි අපගේ භාෂාවට පමණක් ආවේණික අකුරු සමුදායක් තිබීම ඉතාමත්ම වැදගත්ය. සමහර රූපවාහිනි "නාලිකාලා " මෙන් ගුවන්විදුලි "නාලිකාලාද" අපගේ මව්බස අමු අමුවේ මරාදැමීමට ඒවායේ සේවය කරන සියල්ල දන්නවා යයි පුරසාරම් දොඩවන මෝඩ මාධ්‍යවේදීන් උදේ සවස වෙහෙසෙන බව නොරහසකි. සරල උදාහරණයක් සඳහන් කිරීමට කැමැත්තෙමු. නිවේදක නිවේදිකාවන් උදෑසන අමුත්තෙකුව පිළිගන්නේ අප ඔබව අයිබෝවන් "කියා" පිළිගන්නවා. මෙම වාක්‍ය වැරදිද නිවැරදිද යන්නවත් ඔවුන් නොදන්නෝය. ආයුබෝවන් යන්නෙහි අර්ථය කුමක්ද..? "කියා" ඔබව පිළිගන්නවා යන්නෙහි අර්ථය කුමක්ද? සියලුම නාලිකාවල මාධ්‍යවල කෙළ පැමිණි ඔස්තාර්ලාට මෙම අදහස් කියවීමට හැකි වේවා...!! අමතක නොකරන්න බස රැකුණොත් ජාතියද රැකෙනු ඇත...

:       1       15

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 03 March 2021 02:28 AM

ඉතාම වැදගත් අනභිභවනීය සාරගර්භ වටිනා කරුණු ඇතුළත් ලිපියක්... ජාතියක ඉදිරි පැවැත්මට භාෂාවේ ඇති මහඟු වටිනාකම ගැන මහා විද්වතුන්ගෙන් කරුණු කාරණා පිළිබඳව සරසවියේ ඉගෙනීමට අපද පින්කොට තිබුණි. ඒ සම්බන්ධව ලිපියේ සඳහන් කරුණු නැවත නැවත පෙන්වාදීම අවශ්‍ය නොවේ. ජාතියක අනන්‍යතාව පවතිනුයේ එම ජාතියේ භාෂා අනන්‍යතාව මතය. භාෂාව මියගියහොත්, ජාතියද අනිවාර්යයෙන්ම වැනසෙයි. එවන් විටෙක, එම ජාතිය ලෝකයෙන් කොන්වී හුදෙකලා වෙයි. ඔවුන්හට එදාට අභිමානයෙන් යුතු ජීවිතයක් ගෙවිය නොහැකියි. සිංහල භාෂාවද මේ යන පිළිවෙල නිසා තව ලෝකයේ පවතිනුයේ, වසර 50 ක් පමණ බව ලෝකයේ විද්වත් මතයයි. මේ ගැන සිහිවනවිට දැනෙන්නේ, මහා දුකකි. අතීත උරුමය ගැන පුරාජේරු දොඩනා අප අපගේ භාෂාමය අනන්‍යතාව, ජාතික අනන්‍යතාව හා සංස්කෘතික අනන්‍යතාව රැකගැනීමට දිවිහිමියෙන් පෙළගැසිය යුතු බව දන්වනු කැමැත්තෙමු. එහෙත්, මේ රටේ නූගත්, අමන මෝඩ දේශපාලකයින් මේ ගැඹුරු කරුණු කෙසේ අවබෝධ කරත්ද? ගැටලුව ඇත්තේ එතැනයි...

:       1       8

RaveendraWednesday, 03 March 2021 11:08 AM

ඔබගේ වටිනා අදහස් අප අගයන්නෙමු.

:       1       8

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 03 March 2021 02:55 PM

ස්තූතියි..!!! රවීන්ද්‍ර මහතාණෙනි.

:       1       5

SUPER Wednesday, 03 March 2021 03:39 AM

වෙඩි තියන්න බෑනේ. පොඩි වෙනසකටත් එක්ක බොන්න දුන්නා.

:       0       1

ජනිත Thursday, 04 March 2021 04:31 AM

මිශ්‍රකර නොගනිමින් මැදිහත්ව යන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 22 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 39 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 90 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 347 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 454 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 82 0

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site