IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බලාගෙනයි ‘බ්ලූ වේල්‘ මරණ 150යි

(අකිල බද්දෙවිතාන)

මේ දිනවල ලොව පුරා කථාබහට ලක්ව ඇති ‘බ්ලු වේල්‘ (Blue whale) නමැති අන්තර්ජාල ක්‍රීඩාව හරහා මේ වනවිට පුද්ගල මරණ 150ක් පමණ වාර්තා වී ඇත. එම ක්‍රීඩාවට සහභාගීවන පුද්ගලයන් අවසානයේ සියදිවි හානි කරගැනීමේ තත්ත්වයට පොළඹවන ආකාරයෙන් මෙම ක්‍රීඩාව නිර්මාණය කර තිබීම ඊට හේතුවයි.

2013 වසරේ රුසියාවේ 'Vkontakte' නමැති සමාජ වෙබ් අඩවිය මගින් රහස් කණ්ඩායමක් (Group) ලෙස ක්‍රියාත්මක වූ  'F57' හරහා මෙය අන්තර්ජාල ක්‍රීඩාවක් (online game) ලෙස ඇරැඹිණි.

ශ්‍රී ලංකාව ඇතුළු බොහොමයක් රටවල ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වන්නේ ෆේස්බුක් වුවද රුසියාවේ ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය වන්නේ 'Vkontakte' වෙබ් අඩවියයි. මෙය දැනට ලොව දෙවැනියට වැඩිම පරිශීලකයින් ගණනක් සිටින සමාජ වෙබ් ජාලාව ලෙසද සැලකේ.

බාගත කරගැනීමේ හැකියාවක් හෝ මෘදුකාංගයක් ලෙස ලබාගැනීමේ හැකියාවක් නැති මෙම ක්‍රීඩාව අන්තර්ජාල රහස් කණ්ඩායම මඟින් සමාජ ජාල වෙබ් අඩවිවලට ඇතුළු වීමෙන් සිදුකරනු ලබන්නකි. උදාහරණයක් ලෙස මෑතකදී ජනප්‍රිය වූ අයිස් බකට් අභියෝගය (Ice bucket challenge) , Harlem shake වැනි සමාජ වෙබ් අඩවි සංසිද්ධියක් ලෙස මෙය හඳුන්වනු ලබයි.

පිලිප් බුඩෙයිකින් (Philipp Budeikin) නම් මනෝ විද්‍යාව හැදෑරූ විශ්ව විද්‍යාලයෙන් නෙරපන ලද සිසුවකු විසින් මෙම මාරක ක්‍රීඩාව හඳුන්වා දී ඇති අතර එය මේ වනවිට ලොව පුරා මරණ 150කට පමණ දායක වී ඇතැයි වාර්තාවේ. මෙම ක්‍රීඩාවෙදි එක් එක් තරගකරුවාට දින 50ක් ඇතුළත සම්පූර්ණ කළ යුතු රාජකාරි 50ක් පවරනු ලබන අතර ඒවා නිරීක්ෂණය කිරීමට නිරීක්ෂකයකු ද වෙන්කර ඇත.

ක්‍රීඩාවේ යෙදෙන්නා සෑම පවරන ලද කාර්යයක් අවසානයේම ඒවා කළ බවට තහවුරු කළ හැකි ඡායාරූපයක් අන්තර්ජාලයට ඇතුළත් කළ යුතුය. ආරම්භයේ දී ඉතා සරල පහසු කාර්ය වලින් පටන් ගන්නා මෙම ක්‍රීඩාව ක්‍රමයෙන් අභියෝගාත්මක වන අතර එහිදී තමාට අදාළ කාර්යය සම්පූර්ණ කරගත නොහැකි වුවහොත් බ්ලූ වේල් ලාංඡනය තම අතේ බාහුවක ලේ වලින් කොටා ගැනීම කළ යුතුය. හොල්මන් චිත්‍රපටයක් නැරඹීම, අවේලාවන්හි අවදි වීම වැනි කුඩා ක්‍රියාකාරකම්වලින් ඇරඹී ඉන් පසුව පාලමක් උඩ ඔළුවෙන් හිට ගැනීම, ඉඳි කටුවක් කෙලින් තබා ඒ මත හිට ගැනීම වැනි ක්‍රියාකාරකම් ඔස්සේ තමන්ටම හිංසා කරගැනීමට පෙළඹවීම ද මෙමගින් සිදුකෙරේ. තමන්ගේම ලේ සොලවා ගැනීම දක්වා දිවෙන මෙම ඔන්ලයින් ක්‍රීඩාවේ අවසාන අභියෝගය වන්නේ සිය දිවි හානි කරගැනීමේ අභියෝගයයි. ක්‍රීඩාව සඳහා තෝරාගනු ලබන්නේ ද මානසිකව දුර්වල පිරිස් වීම විශේෂයකි. මෙය සමාජ මාධ්‍ය ජාල හරහා ක්‍රියාත්මක වන බැවින් ඕනෑම අයකුගේ පෞද්ගලික විස්තර සොයා ගැනීම ඔවුනට ඉතා පහසුය. ඒ අනුව මනසින් දුර්වල ක්‍රීඩාවේදී පාලකයාට අවශ්‍ය පරිදි හැසිරෙන ඕනෑම දේකට පහසුවෙන් අවනත වන්නන් මේ සඳහා යොදා ගැනීම සිදුකෙරේ.

අභියෝගවලට කැමැති නව යොවුන් වියේ තරුණ තරුණියන් අභියෝග 49ක් ජයගෙන සිටින මානසික මට්ටම අනුව ක්‍රමයෙන් තමා මරණය වෙත ගෙනයන බ්ලූ වේල් නිරීක්ෂකයාට අවනත වීම සිදුවෙයි.

රුසියාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වු  මේ මාරක ක්‍රීඩාව නිසා එහි නිර්මාණකරු ලෙස සලකන පිලිප් බුඩෙයිකින් අත්ඩංගුවට ගත් අතර ඔහුට වසර තුනක සිර දඬුවම් නියම කිරීමට එරට අධිකරණය නියෝග කළේය. අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ඔහු කියා සිටියේ තමා කරනුයේ සමාජ සත්කාරයක් බවයි. ජීව විද්‍යාත්මකව සමාජයට වැඩක් නැති ජීවින්  ලොවින් තුරන් කර ලොව වැඩක් ඇති තැනක් කිරීමට උත්සාහ කරන බව ඔහු කියා තිබේ. මෙම නවතම ක්‍රීඩාව නිසා රුසියාවේ නව නීති පවා සම්පාදනය වු අතර වර්තමානය වන විට මෙහි අලුත්ම ගොදුර බවට පත්වී ඇත්තේ අප අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාවේ තැනින් තැන වාර්තා වූ සිය දිවි නසා ගැනීම්වල ශීඝ්‍ර වර්ධනයක් පසුගිය සමයේ සිදුවී ඇති අතර එයින් වැඩි පිරිසක් යෞවනයන් වන බවත් ඔවුන් අන්තර්ජාලයට ඇබ්බැහි වී සිටින සමාජ ආශ්‍රය ඉතාම අඩු පිරිසක් බවත් අනාවරණය වී ඇත.

පහුගිය දා තමිල්නාඩුවේ 19 හැවිරිදි විග්නේෂ් නමැති තරුණයා සිය මදුරෙයි නිවසේ සිවිලිමේ එල්ලී මිය ගොස් සිටි අතර ඔහුගේ මේසය මත තිබී ලියුමක් සොයාගැනුණු අතර එහි සඳහන්ව තිබී ඇත්තේ " You can enter it. But you can not exit the game" යනුවෙනි. ඔහුගේ එක් අතක නිල් තල්මසකුගේ රුවක් කොටා තිබූ අතර ඔහු මාරක Blue whale ඔන්ලයින් ක්‍රීඩාවේ අවසන් අදියරේ සිටි අයෙකු බවට ඉන්දීය තොරතුරු තාක්ෂණ ආයතනය පවසයි.

ඉන්දීය බුද්ධි අංශ මෙන්ම තොරතුරු තාක්ෂණ විශේෂඥයන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් මේ වනවිට යොමු කර ඇති අතර රජය විසින් සියලු ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සැකසුම්කරුවන් වන ගූගල්, ෆේස්බුක්, වට්ස්ඇප්, යාහූ, මයික්‍රොසොෆ්ට්, ඉන්ස්ටර්ග්‍රෑම් ආදී සමාජ ජාලවලට බ්ලූ වේල් ක්‍රීඩාවට අවතීර්ණ විය හැකි කිසිඳු සබැඳියක්  ලබාගත නොහැකිවන ආකාරයට සිය සැකසුම්වල ආරක්ෂිත බව තහවුරු කරගන්නා ලෙස ද දැනුම් දී ඇත.

ඉතා නිර්මාණශීලි ආකාරයේ ඉදිරිපත් කිරීමක් සමඟින් නව යෞවන යෞවනියන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ අභියෝග බාර ගැනීමට ඇති කැමැත්ත ඉලක්කකර මේ ක්‍රීඩාව  සකසා ඇති බවත් කියති. මෙහිදී සමාජයට පාඩමක් ඉගැන්වීම සඳහා අවසානයේ තමන් සියදිවි නසාගන්නා බව සඳහන් කරමින් දිවි තොර කරගන්නා අයුරුද අන්තර්ජාලයට එක් කරමින් ක්‍රීඩකයා මිය යාමට පොළඹවන බව වාර්තා වේ.

මේ වන විට ඉන්දියාවේ බ්ලුවේල් වසංගතය සම්බන්ධයෙන් වන චිත්‍රපටයක් ද එළිදැක්වීමට නියමිත අතර එයට රන්වීර් කපූර්, ප්‍රීත්විරාජ් මෙන්ම කමල් හසන්ද රංගනයෙන් දායක වෙති.

මෙවැනි ක්‍රීඩාවකට මානසික ශක්තිය අඩු පිරිස් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බැවින් මවුපියන් ඇතුළු වැඩිහිටි පිරිස් මේ සම්බන්ධයෙන් දැනුම්වත්ව සිටීම ඉතා වැදගත් බව මනෝ විශේෂඥවරු පෙන්වා දෙති.

මෙම ක්‍රීඩාවට සම්බන්ධ කිසිදු තොරතුරක් හෝ ඊට සම්බන්ධවූවකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඇතුළත තොරතුරක් මෙතෙක් ලැබී නැති බවත් එවැන්නක් සම්බන්ධයෙන් දැනුම්වත්වීමක් මෙතෙක් සිදුකර නැති බවත් අන්තර්ජාලයේ පමණක් මෙවැනි තොරතුරක් සංසරණය වන බැවින් ශ්‍රී ලංකාව තුළ විශේෂිත ආරක්ෂිත පියවරක් ගෙන නැති බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.


 



අදහස් (8)

බලාගෙනයි ‘බ්ලූ වේල්‘ මරණ 150යි

ranil Tuesday, 12 September 2017 06:32 AM

අනේ හොඳයි . පාර්ලිමේන්තු කණ්ඩායමට තමයි මේක හඳුන්වල දෙන්න ඕන .බැරි වෙන එකක් නෑ. ජනපති තුමත් කියල තිබුන නේ කැබිනට් රැස්වීමට ඇවිල්ලත් කට්ටිය ෆෝන් එක ඔබ ඔබ ඉන්නේ කියල

:       6       561

sam Tuesday, 12 September 2017 01:22 PM

මේ වගේ ගේම්ස් ගහන කොල්ලෝ කුරුට්ටෝ අරන් ගිහින් පුරන් කුබුරු හාන්න දාන්න ඕන. වෙන මොකුත් නෙවේ මේ කාල තෙල වැඩි වෙලා මේ.

:       25       191

nimal Tuesday, 12 September 2017 11:06 PM

දැනට ලංකාවේ නැති උනාට අද හෙට ඒවි.දැන් ඒගැන දැනුවත් කළානේ.

:       23       54

Asela Wednesday, 13 September 2017 01:44 AM

සිම්පල් දෙයක් කරන්න තියෙන්නේ. ශ්‍රි ලංකාවේ ඒ ස්යිට් එක බ්ලොක් කරානම් හරි.

:       5       166

ලිට්ල් ජෝන් Thursday, 14 September 2017 04:15 PM

ගේම් එක තියෙන්නේ ඩාර්ක් වෙබ් එකේ. එකයි ලංකාවේ කට්ටිය සෙල්ලම් කරන්නේ නැත්තේ.

:       1       9

sanjeeva Wednesday, 13 September 2017 06:41 AM

රුසියාවට කියල යවන්න ඔවා අපිට එපා කියලා. ඒ කියන්නේ කොහොමටත් අපේ රටේ සිය දිවි නසාගැනීම් බහුලයි නේ. එක නිසා වෙනමම පිටින් අපිට උදවු ඕනේ නැහැ.

:       2       84

Mandy Saturday, 30 September 2017 05:55 PM

ජීවිත ආරක්ෂාවට මේවා කෙසේ හෝ වළකාලන්න.

:       0       0

Heshan Saturday, 20 January 2018 02:27 PM

අපේ උන් ඉතින් කොහොමත් අභියෝග භාරගන්න උන් නෙමෙයිනේ. ඒක නිසා අවුලක් නැති වෙයිනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 8 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 11 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 152 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 145 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 486 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 739 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site