IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පොලිස් විමර්ශන ඒකකයට විස පෙවීම

තරිදු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

([email protected],[email protected])

 

මල්ලී සීඅයිඩී ටීම් කේම් ඉන්...

සීඅයිඞී ටීම්?

නෝ. එස්.අයි.යූ ටීම්. ....  ඕඩර්ස් ෆ්රොම් අයි.ජී.පී

ඕකේ.

මල්ලී ටූ ඇරැක් බොට්ල්ස් ගිව් ටු ඉන්චාර්ජ්...

අයි.පී  ඕර් එස්.අයි?

එස්.අයි.. එස්..අයි

ඕකේ

ඩූයූ ක්නෝ හිම්?

නෝ. අයි ඩෝන්ට් ක්නෝ.

මල්ලි කැන් යූ හෙල්ප්.

යර්ස්.. ආස්ක් හිම් ටු ක් හියර්...

යූවර් ටෙලිෆෝන් නම්බර්...

ඕකේ. ගිව් දෙම්.

කතාව ආරම්භ කළේ දුරකතන සංවාදයකිනි.  කැඩුණු ඉංග‍්‍රීසියෙන් දිව පටලවමින් ඒ කතා කරන පළමු පුද්ගලයා ශ්‍රී ලංකා පොලිසියේ සහකාර පොලිස් අධිකාරීවරයෙකි. ඇමතුට පිළිතුරු දෙන දෙවැනි පුද්ගලයා ව්‍යාපාරිකයෙකි.

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව. මේ කියමන සිහි ගන්වන කතා රැසක් පසුගිය කාලයේ ‘සත්‍ය ගවේෂණ’ විශේෂාංගයෙන් ඉදිරිපත් කළේය. එලෙස අනාවරණය කළ ඇතැම් සිදුවීම් ගැන බලධාරීන්ගේ අවධානය යොමුවී වැරදි නිවැරදි කිරීමට උත්සාහ ගෙන තිබිණි. මෙවර ද සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කරන්නට යන්නේ පෙර සඳහන් කළ කියමන සිහිගන්වන කතාවකි. ශ‍්‍රී ලංකා පොලීසියේ සිටින වැඩි දෙනෙක් හොරු, වංචාකාරයෝ නොවෙති. නීතිය ‘නවන’ පිරිස් සිටින්නේ අතලොස්සක් පමණි. මහජන මිත‍්‍රශීලී අභිමානවත් පොලිස් සේවාවක් ඇති කිරීමට නම් නීතිය ‘නවන’ පොලිසියේ සුළුතරය හෙළිදරව් කළ යුතුමය.

දෛනික රාජකාරිවලට අමතරව රාජකාරි ආරම්භ කරද්දී අලූත් කටයුත්තක් සිදු කළ යුතු බවට පොලිසියට නීතියක් පැනවුණේ පසුගිය අපේ‍්‍රල් මාසයේදීය. ඒ භාවනාවයි. භාවනාවේ අරමුණ ලෙස කියැවුණේ පෙර සඳහන් කළ පරිදි පොලිස් නිලධාරීන් අතින් නීතිය ‘නවන‘ සිදුවීම් වීම අවම  කරලීමයි.

2017 අපේ‍්‍රල් 17 වැනි දා පොලිස්පති චක‍්‍රලේඛ අංක 2619/2017 සහ පාලන චක‍්‍රලේඛ අංක 04/2017 යටතේ භාවනා චක‍්‍රලේඛය නිකුත් විය. එම චක‍්‍රලේඛයේ හතර වැනි පිටුවේ රෝම ඉලක්කම් අංක දෙකෙන් පොලිස්පතිවරයා යෝජනා කර ඇත්තේ පළමු විනාඩි තුන අරමුණ පැහැදිලි කර ගැනීම, ඉන් පසු මිනිත්තු පහක් මෛත‍්‍රී භාවනාව, ඊළඟ මිනිත්තු පහ ආනාපානාසති භාවනාව සහ අවසන් මිනිත්තු දෙකේදී පසු විපරම මෙහෙනෙහි කිරීමයි. මෙම කටයුත්ත සඳහා සහභාගී වීම පොලිස් නිලධාරීන් සිදු කළ යුත්තේ ඔවුන්ගේ රාජකාරි කටයුතු අතපසු කිරීමකින් තොරව බවත්, රථවාහන හැසිරවීම, අපරාධ විමර්ශන, අධිකරණ රාජකාරි හෝ අනෙකුත්  ඕනෑම අත්‍යවශ්‍ය රාජකාරියක නිරත නිලධාරියකුම එම රාජකාරියෙන් බැහැරව මෙය නොකළ යුතු බව ද චක‍්‍රලේඛයේ ස`දහන් විය.

ආගමක් නොඅදහන සහ බෞද්ධ නොවන පොලිස් නිලධාරීහු මෙන්ම බෞද්ධ වුවද භාවනාවට අකමැති පොලිස් නිලධාරීහු ද දෙපාර්තමේන්තුවේ කොතෙකුත් සිටිති. ඔවුන් සියලූ දෙනාට මෙම චක‍්‍රලේඛය ප‍්‍රශ්නකාරී වුවද ප‍්‍රසිද්ධියේ කිසිවකු කතා කළේ නැත. චක‍්‍රලේඛය ගැන ප‍්‍රසිද්ධියේ කතාව පටන් ගත්තේ චක‍්‍රලේඛ ප‍්‍රකාරව භාවනා නොකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක‍්‍රියාකරුවකුට පහරදීමට උත්සාහ කරන වීඩියෝවක් නිකුත් වීමත් සමඟය.

පොලිස්පතිවරයා නිලධාරියාගේ කමිසයෙන් අදින අයුරුත් ඔහුට පහර දීමට උත්සාහ කරන අයුරුත් එම වීඩියෝවේ පැහැදිලිවම සඳහන් වූ අතර කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදී පොලිස්පතිවරයාගේ හැසිරීම ගැන මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළ විට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කීවේ පොලිස්පති නියමය අනුව නියමිත වේලාවේ භාවනාව නොකිරීම නිසා එම සිද්ධිය වූ බවයි. මෙවැනි ක‍්‍රියාකාරකම්වලින් වැරදි කරන පොලිස් නිලධාරීන් හැදිය නොහැකි බව පොලිස්පතිගේ හැසිරීමෙන්ම ඔප්පු කරනවා නේදැයි මාධ්‍යවේදීහු ප‍්‍රශ්න කළහ. පහරදීමට උත්සාහ කිරීමට නීතිය අනුව වරදක් වුවද නීතිය ක‍්‍රියාත්මක වූයේ නැත.

පොලිස් නිලධාරීන් හික්මවීමට මෙවැනි චක‍්‍රලේඛ අවශ්‍ය නොවූ අතර ඊට සරිලන නීති රීති රැසක්  ඕනවටත් වඩා පොලිසියේ තිබිණි. පොලිස් නිලධාරීන් එම නීති රීති උල්ලංඝණය කරනවා නම් සහ පොලිසියේ නිලධාරීන් කරන වැරදි ගැන සොයා බැලීමට වෙනමම අංශයක් ද තිබේ. ඒ පොලිස් විශේෂ විමර්ශන අංශයයි. වැඩි දෙනකු එය දන්නේ ‘එස්.අයි.යූ’ යනුවෙන් පැවසූ විටය. පොලිස් නිලධාරීන් සම්බන්ධ බරපතල සිදුවීම් ගැන සොයා බැලීම අතීතයේ සිදු කරනු ලැබුවේ ඒ ඒ ප‍්‍රදේශයට අදාළ උසස් පොලිස් නිලධාරීන් විසිනි. බරපතල සිදුවීම් ගැන එලෙස සොයා බලද්දී පක්ෂපාතීවීම් ගැන වාර්තා වීමත් සමඟ පොලිසියේ වැරදි විමර්ශනය කිරීමට පොලිසියේම වෙනමම අංශයක අවශ්‍යතාව මතුවිය. පොලිස් විශේෂ විමර්ශන ඒකකය පිහිටුවීමට බලපෑ හේතු විය.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවතිනුයේ සෘජුවම පොලිස්පතිවරයා යටතේය. රහස් පොලිසියට සේම පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ද විමර්ශන සදහා පැමිණිලි යොමුකරන්නේ පොලිස්පතිවරයාය. විශේෂ විමර්ශන ඒකකය වග කියනුයේ සෘජුවම පොලිස්පතිවරයාටමය. එම අංශය පොලිසියට එරෙහිව නොවන වෙනත් පැමිණිලිද විමර්ශනය කරන අතර වැඩි වශයෙන්ම ඊට යොමු කෙරෙනුයේ පොලිසියට එරෙහි පැමිණිලිය.   මෙම අංශය ගැන පසුගිය කාලයේ විවිධ කතා මතුවන්නට විය. පොලිසියේ උසස් නිලධාරීන් අතර පොලිස් විශේෂ විමර්ශන ඒකකය ගැන විවධ කතා පැතිර ගියේය. ඒ මෙහි ඇතැම් නිලධාරීන් යම් යම් පුද්ගලයන්ට අවශ්‍ය ආකාරයට ඔවුන්ගේ උවමනා එපාකම් ඉටු කිරීම සඳහා විමර්ශන සිදු කරන බවයි.  එහෙත් එම චෝදනා සනාථ කිරීමට සාක්කි ඉදිරිපත් වී නොතිබිණි.

පොලිස් දෙපාර්තමේන්තුවේ එක්තරා සහකාර පොලිස් අධිකාරීවරයකු ගැන මාධ්‍ය වාර්තාවක් පළ වූයේ මේ අතරේය. ඉන් කියැවුණේ පොලිස් නිලධාරියකුට නොගැලපෙන ආකාරයේ හැසිරීම් ගැනය. මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ස`දහා යොමු කරනු ලැබුයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයටය. මේ අතර මෙම ඒකකයෙන් තවත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබිණි. එම විමර්ශනය පෙර කී සහකාර පොලිස් අධිකාරීවරයා සේවය කරන ප‍්‍රදේශයේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ගැනය. විමර්ශන දෙකම ආරම්භ විය. පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් අවස්ථා කිහිපයක දී අදාළ ප‍්‍රදේශයට ගියහ. විමර්ශනයෙන් පසු සහකාර පොලිස් අධිකාරීට එරෙහි චෝදනා සනාථ කිරීමට ප‍්‍රමාණවත් සාක්කි නොලැබුණු බවට විශේෂ විමර්ශන ඒකකයට පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නේය. ‘පොඩි දෙයක් කළත් වෙන කෙනකුගේ නම් බෙල්ල මුලින් යනවා. හැබැයි මෙතරම් වැරදි කරලත් මේ ඒ.එස්.පී නිදහස් වුණේ කොහොමද?’ නියෝජ්‍ය පොලිස්පතිවරු පවා කතා වූහ.

කතාව අරම්භ කළ දුරකතන සංවාදය එන්නේ ඉන් පසුය. සහකාර පොලිස් අධිකාරී ගැන සහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට එරෙහිව විමර්ශන ස`දහා ගිය උප පොලිස් පරීක්ෂකවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමට අවශ්‍ය සත්කාර කරනු ලැබුවේ අන් කිසිවකුවත් විසින් නොව පෙර කී සහකාර පොලිස් අධිකාරීවරයා විසින්මය. ඒ සඳහා සහකාර පොලිස් අධිකාරී පසුම්බියෙන් වියදම් වූ බවත් නොපෙනෙන අතර ඔහු ප‍්‍රදේශයේ අවන්හලකට එම කටයුත්ත පැවරීය.   සහකාර පොලිස් අධිකාරීවරයා තමන් සහ තම කොට්ඨාස භාර නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනය කරන්නට එන නිලධාරීන්ට හො`ද හැටි සැළකීය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ ඔහු චෝදනාවලින් නිදහස් කිරීමය. කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට එරෙහිව ඒ වන විටත් සහකාර පොලිස් අධිකාරීවරයා කටයුතු කරමින් සිටියේය.   

සහකාර පොලිස් අධිකාරීගේ සහ එස්අයියූ කණ්ඩායමේ (සිද්ධියට අදාල) පිරිසට වැරදුණු තැනක් ඇත. ඒ  එස්අයියූ උප පොලිස් පරීක්ෂක ඇතුලූ කණ්ඩායමට සප්පායම් කරන ලෙස සහකාර පොලිස් අධිකාරීවරයා අවන්හල් හිමිකරුට කළ දැනුම්දීමේ සාක්කි ඉතිරිවීමයි. සහකාර පොලිස් අධිකාරීගේ දුරකතන ඇමතුම පටිගත වී ඇති බව ඔවුහු නොදැන සිටියහ.

පොලිස්පති විසින් පවරන ලද විමර්ශනයක් සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායමක්  පැමිණ ඇති බවත්, ඔවුන්ට අරක්කු බෝතල දෙකක් ලබා දෙන ලෙසත් සහකාර පොලිස් අධිකාරීවරයා දැනුම් දෙන්නේ කැඩුණු ඉංග‍්‍රීසියෙනි.   මේ සහකාර පොලිස් අධිකාරීවරයා එම අවන්හල් හිමියාට කතා කළ පළමු අවස්ථාව මෙන්ම අවසන් අවස්ථාවද මෙයෙ නොවීය.  ඊට පසු යළිත් කතා කරමින් පොලිස් කණ්ඩායම් ප‍්‍රකාශ ගන්නට ආවොත් උත්තර බැ`දිය යුතු ආකාරය දැනුම් දුන්නේය.

කතාවේ දෙවැනි අදියර ආරම්භ වන්නේ ඉන් පසුය. ඒ විශේෂ විමර්ශන ඒකකයට එරෙහිව   පෙර ස`දහන් කළ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කළ පැමිණිල්ලකිනි. ඔහු පැමිණිල්ල කරන්නේ පොලිස් කොමිෂන් සභාවටය.  එම පැමිණිල්ලට අනුව කතාව මෙසේය.  එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අදාළ  කොට්ඨාසයෙන් ඉවත් කරන බව පොලිසියේ ඉහළම තනතුරක් දරන්නකු ප‍්‍රසිද්ධ රැුස්වීමකදී ප‍්‍රකාශ කරයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. පොලිස් ප‍්‍රධානියාට කොට්ඨාස භාර නිලධාරියා ඉවත් කිරීමේ බලයක් නැති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුවේ පිටපතක් ජාතික පොලිස් කොමිසමට යැවීමට ද දැනුම් දුන්නේය. මෙම තීන්දුව ජනමාධ්‍යවල පවා පළ විය.

ඉන් පසුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සම්බන්ධයෙන් රහස් පොලිසියෙන් සහ තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ විමර්ශන ආරම්භ වන්නේය. ඒ ගැන ද මේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පොලිස් කොමිසමට දැනුම් දුන් අතර එම විමර්ශනවලින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ වරදක් අනාවරණය නොවීය. ඉන් පසුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ විය. ඒ පොලිස්පතිවරයාට ලැබුණු නිර්නාමික පෙත්සමක් අනුවය. අදාළ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් රියදුරු තනතුරේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා  නිලධාරීන් විශාල පිරිසකගෙන් ප‍්‍රකාශ ලබා ගත්තේය.  එමෙන්ම ප‍්‍රදේශයේ ඇතැම් ව්‍යාපාරිකයන්ගෙන් ද ප‍්‍රකාශ ගත්තේය. ඒ අතර පෙර ස`දහන් කළ ව්‍යාපාරිකයා ද වෙයි.

දැන් ප‍්‍රශ්න දෙකක් ඉතිරිව ඇත. උප පොලිස් පරීක්ෂක තනතුරේ සිටිය දී පත්වීම අවලංගුවීමෙන් අනතුරුව යළිත් සේවයට පැමිණි ආකාරයක් ගැන සඳහනක් නැති, සේවය අත හැර යෑමේ නියෝග නිකුත් කර පසුව යළිත් සේවයට බැඳුණු සහ සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ම පැමිණිලි ඉදිරිපත් කර ඇති එම සහකාර පොලිස් අධිකාරීවරයා පරීක්ෂණයෙන් නිදහස් කළේ ඔහු විසින් විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණ කණ්ඩායමට ලබා දුන් සැළකිලි නිසාද? එසේත් නැතිනම් කොට්ඨාස භාර පොලිස් ප‍්‍රධානියාට පහර ගැසීමට පොලිස් ප‍්‍රධානියකුට ඇති  ඕනෑකමේ නියෝජිතයා ලෙස සහකාර පොලිස් අධිකාරීවරයා කටයුතු කළ නිසාද? මේ ප‍්‍රශ්න දෙකට පිළිතුරු ලබා ගැනීමට නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි දැනට ස්වාධීන යැයි සම්මත ආයතනයක් හරහා විමර්ශනයක් පැවැත්විය යුතුය.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය ගැන තවත් යමක් සඳහන් කළ යුතුය. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පසුගිය දෙසැම්බර් මාසයේ දී පොලිස් කොමිසම සමඟ තිබූ සාකච්ඡුාවේදී ඉදිරිපත් කළ කාරණාවකි. විවිධ පුද්ගලයන්ගේ උවමනා එපාකම් ඉටු කරන බළල් අතක් බවට පොලිස් විශේෂ විමර්ශන ඒකකය පත්වෙමින් ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කියා තිබිණි. එහි ඇත්ත නැත්ත සෙවීමේ වගකීම ඇත්තේ පොලිස් කොමිෂන් සභාවටයි.

නීතිය රකින්න  සිටින නිලධාරීන් වැරදි කරද්දී ඒ ගැන සොයන්නට තිබෙන ඒකකයක්ත් නීතිය කඩනවා නම් එය බරපතල තත්ත්වයකි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා විමර්ශනයක් කරවන ලෙස නීත්‍යනුකූලව රාජකාරි කරන පොලිස් නිලධාරීහු මෙන්ම නීතිය කෙරෙහි විශ්වාසය තබන උදවිය ද පොලිස් කොමිෂන් සභාවෙන් සහ පොලිසිය බාර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.  



අදහස් (5)

පොලිස් විමර්ශන ඒකකයට විස පෙවීම

Dr Edward Perera Wednesday, 10 January 2018 09:26 AM

පොලිසියේ නිළ ඇඳුමින් ධර්ම චක්‍රය ඉවත් කර ගැනීම සඳහා කලකට ඉහතදී අපට බොහෝ තැන්වලට ලියන්න වුණා. කතා කරන්න වුණා. එය ඉවත් කළ බව සඳහන් ප්‍රවෘත්තියක් මෑතකදී පුවත්පත් වල සඳහන් වුණා. එය ඉවත් වුණා නම් එය අපගේ බලවත් සතුටට හේතු වෙනවා. සමහර පැවිද්දන් ළඟ නැති බෞද්ධකම පොලිස් නිලධාරියෙක් ළඟ තිබෙන්න හැකියාවක් ඇතත් පොලිස් රාජකාරියට භික්ෂූන් වහන්සේලා යොදා ගන්න හෝ බුදු දහම ඉගැන්වීමට පොලිසියද යොදා ගන්න ගියොත් ඒ දෙකම සිදු වෙන්නේ නැහැ. පොලිසියේ නිළ ඇඳුමට ධර්ම චක්‍රය හඳුන්වා දුන් ධර්මිෂ්ට අම තමයි කුමන්ත්‍රණ නඩුවක සැකකරුවන්වූ දොඩම්පේ මුදලාලි කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ දී ප්‍රශ්න කිරීමේදී පහරදීම මරා දැමුවේ. කෝප්‍රල් තිලකවර්ධනව 4 වන මාලයෙන් පහළට විසි කළේ. ඒ පහරදීම් කළ නිලධාරීන්ගේ කබායේ ධර්මචක්‍රය පහර දෙන අතරෙත් වර්ණවත්ව බැබළුණා. වැඩ වර්ජකයින්ට, විරෝධතා වල යෙදෙන සිසුන්ගේ ඔලු පැලෙන්න බැටන් ප්‍රහාර පාත් වෙද්දී නිල කබාවල ඇති ධර්ම චක්‍ර විදේශ මාධ්‍ය ජාලවල කැමරා වලත් සටහන්ව ලොව පුරාම බෙදා හැරීමත් සිදු වුණා. පොලිස් නිල ඇඳුමින් බෞද්ධයින්ට පූජනීය වූ ධර්ම චක්‍ර ලාංජනය ඉවත් කිරීම වැදගත් සිදු වීමක්...

:       13       23

daham Wednesday, 10 January 2018 09:31 AM

හරිම වටිනා ලිපියක්. අනගි මාධ්‍ය මෙහෙවරක්...

:       31       3

Deepal Nirosh Thursday, 11 January 2018 06:47 AM

රාජිත ඇමතිතුමා බැඳුම්කර කොමිසම ගැන කියයු කතාව පොලිස් කොමිසමටත් ගැළපෙනවා. පොලිස් කොමිසමටත් පත් කරල ඉන්නෙ විශේෂඥ දැනුම ඇති අය නොවෙයි. ඒකයි මේකට හේතුව.

:       102       3

Nandaka Friday, 12 January 2018 09:03 AM

ඔක්කෝටම කලින් පොලිසියට හරි සන්නිවේදන සහ ලේඛන ක්‍රමවේදයක් හඳුන්වාදිය යුතුයි. ලංකාවේ පුංචි පෞද්ගලික ආයතන පවා ඊ මේල් වලින් වැඩ කරද්දී පරිගණක වලින් ලිපි ටයිප් කර කාලය ඉතිරිකර ගනිද්දී, ලේඛන තත්වය ඉහලින් පවත්වාගෙන යද්දී උපරිම දේ ඵලදායිව වැඩ ගනිද්දී පොලිසිය තවම ටයිප් රයිටර් වලින් කොට කොට - හතර වටේ ලියුම් ගනුදෙනුම කර කර ඉන්නවා... පොලිසිය දියුණු කරන්න කරන්න ඕන වැඩ දාහක් තියෙද්දී භාවනා වගේ මෙවැනි ආයතනයකට අදාල නැති වැඩ කරකර කල් දදා ඉන්නවා !

:       1       206

lanka Saturday, 13 January 2018 02:28 AM

කවුරු මොනා කිවුවත් පොලිසිය කරන මෙහෙවර අගය කල යුතුයි.

:       27       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 242 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 399 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 228 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 628 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 740 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2842 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site