IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාර්ලිමේන්තුව විගණන කරන්න ඉල්ලූ කතානායක

විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කරුණු සම්බන්ධව විවිධ මති මනාන්තර මේ දිනවල සමාජයේ සාකච්ඡාවට බඳුන් වී තිබේ.

විශේෂයෙන්ම රටේ පළමු වන පුරවැසියා වන ජනාධිපතිතුමාගේත්, රටේ දෙවැනි පුරවැසියා වන අගමැතිතුමාගේත්, කටයුතු සම්බන්ධව වියහියදම්වල මිල මුදල් ගැන විගණනයකට ලක් කිරීම එම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කිරීමට යන වගක් කියවෙයි.

විගණන ක්‍රියාවන් සම්බන්ධව මෙවැනි කතිකාවක් සමාජය තුළ දෝලනය වන මොහොතක මෙවැනිම විගණන ක්‍රියාවලියක් පිළිබඳ මා මැනවින් දන්නා රසවත් සිද්ධික් මට සිහියට නැගේ.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා රටේ තුන්වැනි පුරවැසියා ලෙස සැලකේ.

වර්ෂ 1978 සැප්තැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ධුරයට පත්වූයේ එවකට බේරුවල පළමු වැනි මහජන මන්ත්‍රීවරයා වශයෙන් වැඩි ඡන්දයෙන් තේරී පත්වී නියෝජ්‍ය කතානායක ධුරය හොබවමින් සිටි අධිනීතිඥ අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර් මහතාය. ඒ මහතා එකී නිලයට අදාළ ක්‍රියාදාමයන් ඉතාමත් සාර්ථකව ඉෂ්ට සිද්ධ කළ බව කවුරුත් දන්නා සත්‍යයකි. පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වශයෙන් සියලුම පරිපාලන කටයුතු මැනවින් සංවිධානය කළේය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ එතෙක් මෙතෙක් විගණන කටයුත්තක් ගැන හෝඩුවාවක් දක්නට නොලැබුණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ ඌර්ණතාව පිළිබඳව ඉවෙන් මෙන් කතානායක අධිනීතිඥ බාකීර් මාකාර් මහතාට දැනුණි. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා මේ ගැන විමසන්නට විය. එතුමන්ට දැනගන්නට ලැබුණේ පාර්ලිමේන්තුවේ විය හියදම් ගැන රජයේ විගණකාධිපතිවරයාගේ වාර්ෂික ගණන් පරීක්ෂාවක් සිදු නොවන බවය. තවදුරටත් කරුණු සොයා බැලීමේදී පාර්ලිමේන්තුවේ සියලුම විය හියදම් පරීක්ෂා කර වාර්ෂික ගණන් පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමේ වැදගත්කම එතුමාට පෙනී ගියේය.

පාර්ලිමේන්තුවට මුදල් අනුමත කරන සෑම ආයතනයක්ම, දෙපාර්තමේන්තුවක්ම වාර්ෂික විගණන පරීක්ෂාවකට ලක් වන්නේ නම් ඒ මුදල් සියල්ල අනුමත කරන පාර්ලිමේන්තුවේ ගණන් මිනුම් පරීක්ෂාවට ලක් නොකිරීම ප්‍රබල සාවද්‍ය ක්‍රියාවක් ලෙස සිතුවේය. වහාම රජයේ විගණකාධිපතිවරයා දුරකතනයෙන් අමතා, ඒ ගැන විමසා සිටියේය. ඉන් සෑහීමකට පත් නොවූ කතානායක අධිනීතිඥ බාකිර් මාකාර් මහතා ඔහු කැඳවීය. ස්වල්ප වේලාවකින් රජයේ විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයට පැමිණියේය.

සුපුරුදු ලෙන්ගතු සිනහවකින් විගණකාධිපතිවරයා පිළිගත් කතානායක බාකිර් මාකාර් මහතා. ‘‘පාර්ලිමේන්තුවේ මුදල් අනුමත කරන සෑම ආයතනයක්ම දෙපාර්තමේන්තුවක්ම ඔබ ගණන් පරීක්ෂා කටයුතු සිදු කරනවා. ඒක බොහොම වැදගත්. ඒත් ඒවාට වියහියදම් කරන්න මුදල් අනුමත කරන මේ පාර්ලිමේන්තුවේ විය හියදම් විගණන පරීක්ෂාවට ලක් කරන්නේ නැහැ. ඒ ඇයි? මේ පාර්ලිමේන්තුවේත් විගණන කටයුතු සිදු විය යුතු නොවේද?’’

විගණකාධිපතිවරයා: කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුව ස්වෛරී ස්වාධීන ආයතනයක්. ඒ නිසා අපට මේ පාර්ලිමේන්තුවේ ගණන් මිනුම් පරීක්ෂා කිරීමට අවශ්‍යතාවක් නැහැ. පාර්ලිමේන්තුවේම කාර්ය මණ්ඩලය ගණන් පරීක්ෂා කටයුතු සිදු කරගෙන යනවා. ඒ නිසයි අපි පාර්ලිමේන්තුවට විගණන කටයුතු සිදු නොකළේ.

කතානායක බාකිර් මාකාර් මහතා: ඔබට මේ මොහොතේ සිටම ඒ කටයුත්ත ආරම්භ කිරීමට කිසියම් වූ බාධාවක් අවහිරයක් ගැටලුවක් ප්‍රශ්නයක් හෙම තියෙනවද?
රජයේ විගණකාධිපතිවරයා: කතානායකතුමනි, අපට අද සිටම මේ මොහොතේ සිටම එය ආරම්භ කිරීමට පුළුවන්. කිසිම බාධාවක්, ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒ සඳහා ඔබතුමාගේ නියෝගයක්, විධානයක් අපට රාජකාරි මට්ටමින් අවශ්‍ය වෙනවා.

කතානායක බාකිර් මාකාර් මහතා: ‘‘ඒ නියෝගය – ඔබ ඉල්ලන ඒ විධානය මම මේ මොහොතේම ඔබට ලබා දෙනවා. රජයේ අනෙකුත් ආයතන දෙපාර්තමේන්තු වාගේම මේ පාර්ලිමේන්තුවේත් විය හියදම් ගැන වාර්ෂික විගණන පරීක්ෂණ කටයුතු හොඳින් සිදු කරන්න.’’

ඒ මොහොතේම අවශ්‍ය නියෝගය විධානය – පිළියෙළ කොට එතුමාගේම අත්සනින් රජයේ විගණකාධිපතිවරයා වෙත නිකුත් කළේය.
පාර්ලිමේන්තුවේ මෙන්ම කතානායකවරයාගේත්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේත් ගෞරවය ආරක්ෂා වීමට එය හේතුවක් විය. එදින සිට මේ දක්වාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියලු වියහියදම් රජයේ විගණකාධිපතිවරයාගේ වාර්ෂික ගණන් පරීක්ෂාවට ලක්වේ.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ පළවෙනි පුරවැසියා වන ජනාධිපතිවරයාගේත්, දෙවැනි පුරවැසියා වන අගමැතිවරයාගේත් වියහියදම් සම්බන්ධව විගණකාධිපතිවරයාගේ වාර්ෂික පරීක්ෂාව ඉවත් කිරීමට සාකච්ඡා වන කාල වකවානුවකි මේ.

රජයේ විගණකාධිපතිවරයා තමන් වෙත කැඳවා තමන්ගේ හා තමන් පාලනයේ පවතින පාර්ලිමේන්තුවේ වියහියදම් ගැන විගණනය නොකරන්නේ මන්දැයි විමසා, ඊට අවශ්‍ය නියෝග විධිවිධාන ඒ මොහොතේම ලබාදී විගණන කටයුතු සිදු කර ගත් එවකට රටේ තුන්වැනි පුරවැසියා වන කතානායක ධුරය හෙබ වූ අධිනීතිඥ අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර් මහතා මතකයට හා ආදර්ශයට ගත යුතු යුගයකි මේ.

(***)
හේරස් ප්‍රනාන්දු
කොළඹ රාජකීය විද්‍යාලයේ (හිටපු)
නියෝජ්‍ය විදුහල්පති.



අදහස් (1)

පාර්ලිමේන්තුව විගණන කරන්න ඉල්ලූ කතානායක

Champa Wednesday, 16 September 2020 01:50 PM

මේ අවුරුද්දේ තිබ්බ මහ මැතිවරණ වියදම විගණනයට ලක් විය යුතුයි. ඒ මොකද කිව්වා නම්, තවත් මහා වියදමක්, ඒ කියන්නේ තව බිලියන් 10ක වියදමක් එන්න තියෙනවා. 20 සම්මත වුනොත්, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවන්න බලය ලැබෙනවා. ඔහු අනිවාර්යයෙන්ම මේ පාර්ලිමේන්තුව විසිරුවලා ඔහුගේ පිරිසක් පාර්ලිමේන්තු ගෙනැල්ල දිගටම බලයේ ඉන්නවා. ඔහුගෙන් පස්සේ බලය දෙන්නෙත් හමුදා නිලධාරියෙකුට. 20 සම්මත වුණාට පස්සේ නව ව්‍යවස්ථාවක් කවදාවත් ගේන්නේ නැහැ. මැකෝ ඉන්නකම් අලුත් ව්‍යවස්ථා ඉල්ලන කවුරුවත් පාර්ලිමේන්තු එන්නෙත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 245 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 213 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 58 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 301 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 260 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site