නැටුමකට එක් වී... දකුණේ සිට පස්වැන්නා |
1997 දී ඉරිදා ලංකාදීපයේ පළ වූ ලිපිය |
පොදු රාජ්‍ය මණ්ඩලීය 23 වැනි සමුළුව පැවැත්වෙන මේ දිනවල බොහෝ දෙනා බොහෝ දේ ඒ ගැන කතා කරති. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 60 කට ආසන්න ප්‍රමාණයේම මව ලෙස සැලකෙන්නේ මහා බි්රතාන්යයයි. මහා බි්රතාන්යයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයට සහභාගි වන්නේ මහා බි්රතාන්යයේ කිරුළ හිමි චාල්ස් කුමරුයි. අප මේ කියන්නට යන්නේ චාල්ස් කුමරු උපන්දා බකිංහැම් මාළිගාවේ උඩරට නර්තනයක් ඉදිරිපත් කර රටවල් 40 ක් අභිබවා පළමු තැන දිනා ලංකාවට කීර්තියක් ගෙනා ලෝක ප්‍රකට නර්තන ශිල්පියෙකු ගැන යටපත්ව ඇති අපූරු කතාවකි.
ඔහු මහනුවර තිත්තපජ්ජල පදිංචිව සිටි තිත්තපජ්ජල සුරඹා ගුරුන්නාන්සේයි.
අද ඔහු ජීවතුන් අතර නැති වුවත් පොදුරාජ්‍ය නායක සමුළුව ලංකාවේ පැවැත්වෙන මේ මොහොතේ යටපත්ව ඇති ඒ අතීත කතාව දිග හරින්නට අවස්ථාවක් කර ගන්නට සිතුවෙමි.
1997 ජූනි මස 22 වැනිදා ඉරිදා ලංකාදීප පුවත්පතේ සුරඹා ගුරුන්නාන්සේ පිළිබඳව විශේෂාංගයක් පළ වූ අතර එම ලිපිය සකස් කිරීම සඳහා මා ඔහු හමු වූයේ ඒ ලෝක ප්‍රකට කලා කරුවා මිය යන්නට ටික කලකට පෙරයි. මේ රස බර කතාව එදා ඔහු මා සමඟ කී ඒ කතාව ඇසුරෙන් සකස් කර තිබේ.
”මට වයස අවුරුදු 11 පමණ වන විට මම උඩරට නර්තන කලාව හදාරන්න ආරම්භ කළා. 1927 දී එවකට දියවඩන නිළමේ ලෙස කටයුතු කළ සී.බී. නුගවෙල මහතාගේ ප්‍රධානත්වයෙන් තිත්තපජ්ජල ගලේ පන්සලේදී සිදු කෙරුණා.
තිත්තපජ්ජල සුරඹා ගුරුන්නාන්සේ මා සමඟ කී පරිදි ඔහු මුල් කාලයේ පටන්ම රටවල් රැසක සංචාරය කළේය. ඒ අතර 1940 ගණන් වල අග භාගයේදී ඔහු මහා බි්රතාන්යයට ද ගියේය.
එම කාලය වන විට බි්රතාන්යයේ රජ පවුලට දීර්ඝ කාලයක් කිරුළ හිමි කුමරෙකු නැති වීමේ අඩුව පුරවමින් චාල්ස් කුමාරයා ඉපදුනේය. චාල්ස් කුමාරයා උපන් ප්‍රීතිය මුළු බි්රතාන්යයේම උත්සවශ්‍රීයෙන් සැමරීය. මේ අවස්ථාව නියෝජනය කරමින් ලෝකයේ විවිධ රටවල කලා කරුවන් විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කිරීමට කටයුතු කළහ. මේ කාලය වන විට මහා බි්රතාන්යයේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයා වූයේ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතායි. චාල්ස් කුමාරයා උපන් දිනයේ ලෝකයේ අනෙක් රටවල් සංස්කෘතික අංග ඉදිරිපත් කරද්දී ලංකාවෙන් ඒ සඳහා සංස්කෘතිකාංගයක් නොමැති වීම ඔලිවර් ගුණතිලක මහතාට ලොකු අඩුවක්ව දැනින.
සුරඹා ගුරුන්නාන්සේ එදා |
මේ අවස්ථාවේ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාට සුරඹා ගුරුන්නාන්සේ එංගලන්තයට පැමිණ ඇති බව ආරංචි විය. වහාම ඔහු කැඳවූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා චාල්ස් කුමාරයා උපන් මේ අවස්ථාවේ ලංකාවේ ප්‍රීතියත් එක් කරන්න උඩරට නැටුමක් ඉදිරිපත් කරන ලෙස ඔලිවර් ගුණතිලක මහතා සුරඹා ගුරුන්නාන්සේගෙන් ඉල්ලීමක් කළේය. ඒ අවස්ථාවේදී නැටුම ඉදිරිපත් කිරීමට හැකි වුවත් ඒ සඳහා බෙර ගැසීම සඳහා කෙනෙකු අවශ්‍ය බව සුරඹා ගුරුන්නාන්සේ ඔලිවර් ගුණතිලක මහතාට දැන්වීය. ඒ අනුව එංගලන්තය පුරා සොයා බලා සුරඹා ගුරුන්නාන්සේගේ ඥාතියෙකු වන පුද්ගලයෙකු සොයාගෙන නැටුම ඉදිරිපත් කරන්නට පියවර ගත්තේය.
ලෝකයේ රටවල් 40 කට වැඩි ප්‍රමාණයක් චාල්ස් කුමාරයා උපන් ප්‍රීතිය නිමිත්තෙන් සංස්කෘතිකාංග ඉදිරිපත් කළ අතර එයින් ලංකාව වෙනුවෙන් සුරඹා ගුරුන්නාන්සේ ඉදිරිපත් කළ උඩරට නර්තනය ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් විය. එම ජයග්‍රහණයත් සමඟ ලංකාවට පැමිණි සුරඹා ගුරුන්නාන්සේට තවත් භාරදුර කාර්යයක් ඉටු කිරීමට සිදු විය. ඒ වන විට බුරුමයේ කලබලයක් ඇතිව තිබූ අතර ඒ වෙනුවෙන් මහාමාන්‍ය ඞී.එස්. සේනානායක මහතා දළදා වහන්සේ බුරුමයට වැඩම කිරීමේ වගකීම තමන් වෙත පැවරූ බවත් තවත් කිහිප දෙනෙකු සමඟ තමන් ඒ කාර්යද මනාව ඉටු කළ බව සුරඹා ගුරුන්නාන්සේ එදා මා සමඟ කීය.
ලංකාවේ පිහිටවූ ප්‍රථම කලායතනය වන ශ්‍රී ලංකා දේශීය කලායතනය අද වන විටත් සුරඹා ගුරුන්නාන්සේගේ පුතණුවන් දෙදෙනා වන සුමනවීර සහ සමරවීර යන දෙදෙනා විසින් පවත්වාගෙන යනු ලබයි. තම පියා මෙන්ම ඔවුන්ද උඩරට නර්තන කලාව වෙනුවෙන් සිය උපරිම කැපකිරීම කර තිබෙන අයුරු එහි දක්නට ඇත.
මැතිවරණ සම්බන්ධයෙන් මේ දිනවල සිදුවන සංවාදය තුළ මැතිවරණ ක්රමයේ සංශෝධනයක් විය යුතු බවට කතාබහක් නැවත කරළියට පැමිණ තිබේ. මෙහි දී මිශ්‍ර නියෝජන ක්‍රමයක්
පාතාලයට සම්බන්ධකම් පවත්වන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක
නිදහස ලබා ගත වු වසර 76 ක කාල පරිච්ඡේදය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට රට පාලනය කළ බවත්, එම පක්ෂ විසින් එම කාලය තුළ අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හේ
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලු දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමේ වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන
පසුගිය වසරක පමණ කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල වගේම ප්‍රධාන මාධ්‍යවල ද වාර්තා වූ පරිදි, පාසල් සිසු සිසුවියන්ට මුහුණ දෙන්නට සිදු වූ හිංසන, අතවර, අපචාර, අපයෝජන
රටක ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටෙමින් පවතී නම් එවැනි රටක සංවර්ධනය පිළිබඳ කොතරම් පුරාජේරු කතා කිව්වත් පලක් නැත. ඒ මක්නිසාද යත් ඉදිකිරීම් කර්මාන්තය සමත
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චාල්ස් කුමරු උපන් දා බකිංහැම් මාළිගාව හෙල්ලූ ලංකාවේ නර්තන ශිල්පියා
චතුරංග Thursday, 21 November 2013 10:46 PM
නියමයි (නි)
රවී Monday, 18 November 2013 11:35 AM
ඔහුට නිවන් සුවය පතමි. (ස)
මනීෂ ගිම්හාන් Saturday, 23 November 2013 06:26 PM
සුපිරි වැඩ කාරයා.(නදී)
ඇෆ්ගන් සරීඩ් Wednesday, 20 November 2013 12:54 AM
සෙහාන් ඇත්තටම ඔබ හරි.(අ)
අනුර නාවලපිටිය Saturday, 23 November 2013 07:51 PM
මේවගේ ගෞරවනීය මිනිසුන් ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි (අ)
ෂෙහාන් Tuesday, 19 November 2013 07:21 AM
මොහොමඩ් ආසික්,ඔබ ගැන ආඩම්බරයි... (නි)
මුහමඩ් හිල්මි Tuesday, 19 November 2013 01:41 PM
මෙවැනි කලාකරුවන්ගේ අඩුවක් දැන් අප රටේ පවතිනවා. මෙවැනි අද්විතීය කලාකරුවන් අප කවදත් අගය කල යුතුමයි. මාධ්‍ය හරහා කලාකරුවන්ව නිතරම ඇගයීමකට ලක් විය යුතු බව මාගේ අවංක හැගීමයි. (ස)
ලියොන් ගුණවර්ධන Monday, 24 November 2014 06:33 PM
මීට 75 වසරකට පෙර උඩරට නැටුම විශ්ව කීර්තියට පත්කළ සුරඹා ගුරුන්නාන්සේගේ පිළිරුවක් තනා අපේ කලාගාරයේ ප්‍රදර්ශනය කළොත් හොඳයි නේද? (නි)
අංජන ආතාවුද Monday, 18 November 2013 03:38 PM
අපේ උරුමය රකින සමරේ අයියා ඔබට සුබ පැතුම්. (ස)
චන්ද්‍රසිරි Saturday, 23 November 2013 03:00 PM
ලේඛකයාට ස්තුතියි අපිව දැනුම්වත් කෙරුවාට.(නදී)
සශිමාල් Monday, 18 November 2013 10:28 AM
ඉතා හොඳ ලිපියක්.අපිට ආඩම්බරයී අපේ කලාකරුවො ගැන.ඔහුට නිවන් සුවය පතමි. (ස)
සමීර Thursday, 21 November 2013 08:49 PM
මොහොමඩ් ආශික් ඔබ ගැන ඇත්ටටම ආඩම්බරයි (අ)