IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඝාතන කුමන්ත්‍රණයක් කරා දුරදිග ගියේ අමනාපයක්ද ?

(තරිඳු ජයවර්ධන)

ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියමින් නාමල් කුමාර නම් පුද්ගලයකු කළ පැමිණිල්ලකට අනුව මේ වන විට රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. ඒ සම්බන්ධයෙන් දින දෙකක් පුරා  පැය 19කට ආසන්න කාලයක් ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය. ප්‍රකාශ ගැනීම තවම අවසන් නැත.

කුමන්ත්‍රණ කතාවේ එන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන රටම දනී. නමුත් එම සහකාර පොලිස් අධිකාරීවරයා කවුරුන්දැයි වැඩි දෙනෙක් නොදනිති. මේ කියන්නට යන්නේ එම සහකාර පොලිස් අධිකාරීවරයා ගැනයි.

ඔහු නමින් ප්‍රසන්න ද අල්විස්ය. ප්‍රසන්න ද අල්විස් මහතා පොලිස් සේවයට එක් වන්නේ ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙනි. ඒ 1988 දෙසැම්බර් මස පළමු වැනි දා ය. උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස අවුරුදු අටකට අසන්න කාලයක් කටයුතු කළ අල්විස් මහතා පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස් වන්නේ 1996 සැප්තැම්බර මස දෙවැනි දා ය.   ඊට වසර දහයකට පමණ පසු 2006 ජනවාරි පළමු වැනි දා ප්‍රධාන පෙලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ලැබූ ප්‍රසන්න ද අල්විස් මහතා වර්තමාන නිලයට උසස්වීම් ලැබුවේ 2014 ජනවාරි 13 වැනි දා ය.

උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කරන සමයේ මෝදර, දෙමටගොඩ, වැල්ලවත්ත, පිටකොටුව යන පොලිස් ස්ථානාවල අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙසත්, වවුනියාව කොට්ඨාසයේ සෙට්ටිකුලම පොලිස් ස්ථානයේත් කටයුතු කළ අල්විස් මහතා පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස් වීමෙන් පසු කොළඹ අපරාධ විමර්ශන මූලස්ථානයේ නාගරික මිනීමැරුම් අංශයේ ස්ථානාධිපති ලෙස මෙන්ම ත්‍රස්ත මර්දන ඒකකයේ ස්ථානාධිපති ලෙසත්, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ ඒකක 1හි සහ 11හි ස්ථානාධිපති ලෙසත් කටයුතු කළේය.

1998 වසරේ මැයි 18 වැනි දා සිට 2015 ජුනි 30 වැනි දා දක්වා වසර 17කට ආසන්න කාලයක් ඔහු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ කටයුතු කළේය. උප පොලිස් පරීක්ෂක නිලයේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලය දක්වා කාලයේ දී ඔහු කරන ලද විමර්ශන ඇගයීම වෙනුවෙන් විශේෂ පොලිස්පති ප්‍රශංසා තුනක්, විශේෂ ත්‍යාග පිරිනැමීම් 70ක් සහ විශේෂ වැටුප් වර්ධක 5ක් ද හිමිකරගෙන තිබේ.

ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීම, යුද හමුදාපති ඝාතනය කිරීමට තැත් කිරීම, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීම සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යවරයකුව සිටිය දී ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් ද විමර්ශන පවත්වා ඇත්තේ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙනි. දැන් පරීක්ෂණ යන්නේ පෙර කී ඝාතන කුමන්ත්‍රණ චෝදනා විමර්ශනය කළ පොලිස් නිලධාරියා ඝාතනයට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් ගැනයි.

ඔහු සම්බන්ධයෙන් ගැටලු මතුවන්නට වූයේ 2015 පෙබරවාරි මස 25 වැනි දා ය. කුමන්ත්‍රණ සිද්ධියට පසුබිම් වූ මූල බීජය හට ගන්නේ එතැන් පටන් විය හැකිය. ප්‍රසන්න ද අල්විස් මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවට කළ පැමිණිල්ලේ සඳහන් වන අන්දමට කතාව අරැඹෙන්නේ මෙතැන් සිටය.

පැමිණිල්ලේ ඒ ගැන දැක්වෙන්නේ මෙසේය.

‘2015 පෙබරවාරි 25 දින ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් ස්ථානමාරු ලබා පැමිණි එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වර්තාමානයේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මෙම කොට්ඨාසයට පැමිණි දිනයේ සිට එතුමා මා සමඟ තිබූ පෞද්ගලික අමනාපයක් මත යම් යම් අසත්‍ය කරුණු මත මා දෝෂ දර්ශනයට ලක් කරන ලදී. එවකට ත්‍රස්තවාදී කොට්ඨාසයේ නියේජ්‍ය පොලිස්පති වෙත එම පැමිණිලි කිරීමෙන් අනතුරුව මා හට පොලිස්පතිතුමා විසින් 2015.07.01 දින සිට තංගල්ල කොට්ඨාසය වෙන ස්ථානමාරුවීමක් ලබා දෙන ලදී.

මේ වන විට මා හම්බන්තොට සහකාර පොලිස් අධිකාරීවරයා වශයෙන් කටයුතු කරන අතර දැනට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයෙන් මා ස්ථානමාරුවීම් ලබා පැමිණ වසර එක හමාරකට ආසන්න කාලයක් මෙම කොට්ඨාසයේ සේවය කළත් නාලක සිල්වා මහතා විවිධ අන්දමේ චෝදනා නගමින් නාමිකව හා නිර්නාමිකව පොලිස් කොමිසම වෙත ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සහ කොළඹ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කරමින් මා මානසික හා කායිකව දුර්වල කිරීමට උත්සාහයක් දරමින් සිටින බව පෙනී ගොස් ඇත.

නමුත් එතුමා විසින් නාමිකව සහ නිර්නාමිකව සිදු කරන ලද පැමිණිලි රාශියක් මේ වන විටත් අදාල ආයතන මගින් විභාග කොට අවසන්වී ඇතත් එහි සඳහන් චෝදනාවන් සම්බන්ධයෙන් මා වැරදිකරුවකු ලෙස අනාවරණ වී නොමැති අතර නාලක ද සිල්වා මහතා  මා සමඟ ඇති පෞද්ගලික අමනාපය මත මෙම අසත්‍ය තොරතුරු විවිධ ආයතනවලට යොමු කරන බව එම ආයතනවල නිලධාරීන්  සහ ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිතුමා ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලු දෙනා හොඳින් දන්නා කරුණක් බව නොරහසකි. ‘‘ යනුවෙන් නාලක සිල්වා මහතා 2016 දී ජාතික පොලිස් කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් මහතා විසින් කරන ලද පැමිණිල්ලේ ඒ මහතාට සිදුවූ අසාධාරණකම් වලට අමතරව තවත් කරුණු රැසක් අන්තර්ගත වේ. ඉන් එක් කරුණ වන්නේ නාලක ද සිල්වා මහතා පොලිස් සේවයට එක්වීමේදී ලබා දුන් අධ්‍යාපන සහතික පිළිබඳ වලංගුබාවයයි. 

ප්‍රසන්න අල්විස් මහතා සිය පැමිණිල්ල අවසන් කර ඇත්තේ මෙසේය.

‘‘කෙසේ වෙතත් මෙම නිලධාරියා 1999.03.05 දින ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයකු වශයෙන් බැඳීමට තිබිය යුතු මූලික සුදුසුකම් වශයෙන් අවශ්‍ය උස ප්‍රමාණය අඟල් 02කින් පමණ අඩු ප්‍රමාණයක් යටතේ බඳවාගෙන ඇති බවත්, කිසිම විශේෂ ක්‍රීඩා සුදුසුකමක් නොමැතිව කිසිම අවස්ථාවක උස ප්‍රමාණයෙන් අඩු කෙනෙකු කිසිම නිලයකට බඳවා ගැනීමට නොහැකි අතර මෙම නිලධාරියා කිනම් හෝ අයථා මාර්ගයකින් මේ අන්දමින් මෙම සේවයට ඇතුළත්වී ඇති බව ඔබතුමා වෙත දන්වන අතරම මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කර සියලු තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු මෙම නිලධාරියා සේවයෙන් පහ කිරීම තුලින් ගෞරවනීය සේවයක් ඉටු කරන සමස්ථ ශ්‍රී ලංකා පොලිසියට හා එහි රාජකාරි කරන සියලු පොලිස් නිලධාරීන්ගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන මහඟු සේවයක් වන බව ඔබතුමා වෙත කාරුණිකව දන්වා සිටිමි.‘‘ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතාගේ ඉල්ලීම එයයි.

මේවා තවමත් ඇත්තේ චෝදනා මට්ටමෙනි. මේ වන විට මෙම චෝදනා සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ විශේෂ ඒකකයක් මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අවශ්‍ය නම් රහස් පොලිසිය වැනි ස්වාධීන ආයතනයක් හරහා ද මේ ගැන විමර්ශනය කිරීමට හැකිය.  එවිට මෙම පැමිණිලිවල සත්‍යාසත්‍ය බව පැහැදිලි වනු ඇත.

සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ මහතාගේ ගෝලයකු බවත්, එනිසා ප්‍රසන්නට ප්‍රහාරයක් එල්ල කරන ලෙස කියමින් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඔහුගේ නිවස පෙන්වූ බවත් මෙම කුමන්ත්‍රණ සිද්ධිය ගැන පැමිණිල්ල කළ නාමල් කුමාර මහතා රහස් පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත. ඒ අනුව රහස් පොලිසිය ප්‍රසන්න අල්විස් මහතාගෙන්  ප්‍රකාශ ලබා ගත්තේය. රහස් පොලිසිය මෙම සිදුවීම ගැන ද නාලක ද සිල්වා මහතාගෙන් ප්‍රශ්න නිරීමට නියමිත බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 



අදහස් (1)

ඝාතන කුමන්ත්‍රණයක් කරා දුරදිග ගියේ අමනාපයක්ද ?

de silva Wednesday, 24 October 2018 02:49 AM

අද රටේ උඩ ඉඳල පහලටම සිටින දේශපාලකයන් නිලධාරීන් කිසිම වග විභාගයක් නැතුව හිතට එන වාචාල කතා කීමට පුරුදු වී ඇත..... මට පෙනෙන්න විදිහට මෙහි සිදුවී ඇත්තෙත් එවැනි වාචාල කතාවක් දුර දිග ගිහින් ,

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 110 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 90 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 185 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 375 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 381 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 120 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site