IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගෝඨාවාදයේ අනාගත ඔක්සිජන්

පවතින වියළි කාලගුණය ඉතාම දරුණු එකකි. අගනගරයට ඉහළ අහසේ රොද බැඳ ගෙන සිටින දුම් දූවිලි තට්ටුව උදෑසන, දහවල සහ සැන්දෑ අහසේ චමත්කාරයත්, පිරිසුදු ආලෝකයත් නගර වැසියන්ට සහ නගරයට පැමිණෙන්නන්ට අහිමි කොට ඇත. සාමාන්‍ය වායු ගෝලයට කලවම් වී ඇති දූවිලි අංශු ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් ඇත. අග නගරය මිනිස් වාසයට හෝ ගැවසීමට නුසුදුසු තැනක් වෙමින් තිබියදී ටොන් ගණනින් දූවිලි සිමෙන්ති කුඩු සහ රසායන ද්‍රව්‍ය පහළ වායුගෝලයට සහ අහසට මුදා හරිමින් අහස උසට ඉදිවන බිහිසුණු ගොඩනැගිලි ය. ඒ ගැන හාංකාවිසියක් නැති ආණ්ඩු පක්ෂ-විපක්ෂ දේශපාලකයෝ ඊළඟ මැතිවරණයට හැරපොට බඳිති.

පැරණි අයගේ දේශපාලනය රටට කළේ විනාශයක් යැයි කියමින්, ඒ පැරැන්නන්ගේම ආශිර්වාදය සහ රැකවරණ යටතේ මැතිවරණයට එන්නට සැරසී, අලු‍ත් වෙස්මුහුණු බැඳගෙන මහ ඡන්දයට පෙළගැහෙන බොහෝ අය නටන්නට සැරසෙන්නේ පරණ අයට වඩා අප්පිරියා සහගත නැටුමක් බව මේ වනවිටත් ඔප්පු කරමින් සිටී. ඒ නිසා දේශපාලනය සාරවත් බවින් තොර වියළි කතරක්ම වී ඇත.

මේ කතරේ තනිවී අසරණ වී ඇති ස්වදේශික මහජනයාගේ ‘එකම පමණක් නොව අවසාන බලාපොරොත්තුව සහ විශ්වාසය’ ගෝඨාභය ය. 2019 වනවිට පෙළ ගැසුණු බහුජනයා තම බහුජන ව්‍යාපාරයේ නායකත්වය ගත යුතු පුද්ගලයා ලෙස අන් කිසිවකු ගැන නොව විශ්වාසය තැබූයේ එකම මිනිසෙකු ගැනය. ඒ ගෝඨාභය ගැන ය. ගෝඨාභය ව්‍යාපෘතියේ සමහර දෑ පිළිබඳව විවේචනයක් තිබුණද අප ඉහත කරුණ පිළිගත යුතු ය. 56 ගොඩනැගුණු බහුජන ව්‍යාපාරය බණ්ඩාරනායක ගැන තැබුවේ මහා විශ්වාසයකි, බලපොරොත්තුවකි.

ඒ ජනයා බණ්ඩාරනායක සමඟ එකතු වී 47 සිට ඉදිරියට ආ කළු සුද්දන්ගේ නොහොත් කොම්ප්‍රදෝරු පාලකයන්ගේ ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික පාලන ආකෘතිය තීරණාත්මක වෙනසකට ලක් කළේය. ඒ ස්වදේශික රසයකින් යුතුව ය. බණ්ඩාරනායක ශාරීරිකව ඝාතනය කිරීමෙන්වත් නවතන්නට බැරිවුණ ඒ වෙනස අවුරුදු විසි එකකට එනම් දශක දෙකකට පසුව තීරණාත්මකව, ප්‍රතිගාමීව සහ සාහසිකව වෙනස් කිරීමට හැකි වූයේ ජේ.ආර්. ජයවර්ධනට ය. ඒ වෙනස56 ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික පාලන ආකෘතියට සහ වෙනසට එරෙහිව වූ තීරණාත්මක විකෘතියකි. ස්වදේශිකවාදී නොවූ ප්‍රතිගාමී බහුජන බලවේගයක් විසින් 77 දී ජයවර්ධන ඔසවා තබන ලද්දේ බල්ලෝ මරාලා හරි සල්ලි සොයාලා, ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා’’ යන එජාප උරුමය රටක කරුමයක් බවට පරිවර්තනය කරමිනි. කෙසේ වෙතත් ඒ බහුජනයා සහ ජයවර්ධන පැවති ක්‍රමය මුළුමනින්ම වෙනස් කළහ. ඉන් පසු මතු වූ බහුජන නායකයන් කිසිවෙකුටත් ‘ජයවර්ධන වෙනස’ වෙනස් කිරීමේ වුවමනාවක් හෝ හැකියාවක් තිබුණේ නැත. ඔවුන් කළේ ඒ බහුජනයා සමගින්ම ජයවර්ධන හැළියේම තැම්බී පදම් වීමය.

කලක් ගත විය. පාලකයන් බඩ ගැන සිතද්දී බහුජනයා ඔළුව ගැන සිතන්නට විය. දේවල්වලට වඩා අදහස්, ප්‍රතිමාන-වටිනාකම්, ලාංඡන, විනය, සොබාදහම සහ පිළිවෙළ ගැන සිතන පතන ජනයා වැඩිවන්නට විය. 2015 ලත් තැනම ලොප් වූ ඒ ජනයාගේ බලාපොරොත්තු යළි ලියලා ආවේ ගෝඨාභය මැදිකරගෙන ය. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වන්නේ 77 රට නොමඟ යැවූ තැනින් හරිමඟට ගැනීමට ඉන් පසු ආ කාටත් බැරිවුණ මුත් ගෝඨාභයට එය කළ හැකිවෙනු ඇත යන්නය. ඇත්ත නම්, ඔහුට එය කළ හැකිය. එහෙත් ඔහු අද,  පුරුදු, පුහුණු, දැනුමැති ගවයන් නැති දක්ෂ සී සාන්නෙකු සේ වෙල මැද තනිවී සිටින්නේය යන මතයක් රට පුරා පැතිර යන්නේ නිකමට ම ද? හරයාත්මකව ගතහොත් ඔහු තනිවී සිටින්නේ ඔහුගේ දැක්ම, රසය සහ හදබස නොතේරෙන සහ නොදැනෙන එනම් එය ධාරණය නොවන නිසාම, ඒ සමඟ හදවතින් නොබැඳුණ, ඔහුට සමීප යැයි පෙන්වන දනන් මැද ය.

එහෙත් ඒ දැක්ම, රසය සහ හදබස තේරෙන සහ දැනෙන, එය ධාරණය වී ඇති බහුජනයා මැද ඔහු තවමත් තනිවී නැත. ඒ මහා ජනයාගේ විශ්වාසය වන්නේ 56 වෙනස වෙනස්කොට මහා ජාතික විකෘතියක් කළ 77 වෙනස වෙනස් කිරීම ගෝඨාභය ලවා කරවා ගත හැකිය යන්නය.

ඒ නිසාම ඒ රට වෙනස් කිරීමේ මහා සාධකය තනිකරන බලවේග ගැන අපගේ අවධානය යොමුවිය යුතුමය. සජීවී සිදුවීම් දෙකක් ඊට උදව් කර ගනිමු. මීගමුවේ කඩොලාන පරිසර පද්ධතියක් විනාශ කිරීමට නීත්‍යනුකුලව එරෙහිවන ගම්පහ වන අඩවි නිලධාරිනිය (දේවානි ජයතිලක) ජාතික ගෞරවයට භාජන වන්නේ ඇයගේත් දැනුම් තේරුම් ඇති බහුජනයාගේත්, ජනාධිපති ගෝඨාභයගේත් දැක්ම සහ හදබස එකක්ම වන බැවිනි. නීතිය නැමුවා යැයි ගර්හාවට ලක්වූ පූජිත ජයසුන්දර විවේචනය කළ පාලකයන්ම, පරිසර නීති ටිකක් නවන ලෙස නිලධාරිනියට බලපෑම් කරන්නේ ඔවුන්ට ගෝඨාවාදය දැනෙන්නේ නැති නිසාය. තේරුණත් ඔවුන් එයට අකැමැති නිසාය, ගෞරව නොකරන නිසාය. එහෙම නීතිය නවන්න කියන පාලකයන් ළඟ සිටින්නේ ඔක්සිජන් මොකටද කියන සහචරයන් නම් එවැනි අයගෙන් ගෝඨාභය ව්‍යාපෘතියට ලැබෙන ගුණාත්මක සහායක් ඇත්තේම නැත. ඔවුන් වනාහි කල දුටු කල වළ ඉහ ගන්නවුන් පමණක් ම ය.

ජනාධිපතිතුමනි, ඔබගේ දැක්ම සහ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයන අර නිලධාරිනිය වැනි නිලධාරීන් ඔබගේ පෙරටු බල ඇණිය කරගන්න, ඔවුන් ආරක්ෂා කරන්න. ඇය වැනි අය, පක්ෂ යැයි කියාගන්නා කල්ලිවල අතකොළු නොව ඔබගේ ව්‍යාපෘතියේ සජීවී මෙහෙයුම්කරුවෝය.

හෙළිකළ යුතු තවත් වැදගත් තොරතුරක් වේ. ඒ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් පිළිබඳවය. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වන්නේ දිස්ත්‍රික්කයේ දේශපාලකයකුගේ සභාපතිත්වයෙනි. සමහර දිස්ත්‍රික්කවල සභාපති වුණේ පරාජිත දේශපාලකයකු හෝ හිටපු මන්ත්‍රීවරයකුය. ඊට අනෙකුත් ප්‍රාදේශීය, පළාත් සහ පාර්ලිමේන්තු නියෝජිතයෝ සහභාගී වෙති. ඔවුන් සිටින්නේ ප්‍රධාන මේසයේ හෝ වේදිකාවේය. දිස්ත්‍රික් ලේකම් ද ඒ අතර වෙයි. සෙසු නිලධාරීන් සිටින්නේ වේදිකාවට මුහුණ ලා ගෙනය. ඔවුන් සිටින්නේ උසාවියක විත්තිකරුවන් සේ බියෙන්ය. මන්ද අර වේදිකාවේ සිටින දේශපාලකයන් නිලධාරීන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම මිස කිසිම සම්බන්ධීකරණ සාකච්ඡාවක් එතැන සිදුවන්නේ නැති නිසාය. එතැන දී නිලධාරීන් අන්ත අසරණය. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වල ස්වභාවය ද ඊට වෙනස් නැත. අර වන අඩවි නිලධාරිනිය වටින්නේ මේ බියෙන් තැති ගත් සියලු‍ නිලධාරීන්ට නොබියව රට වෙනුවෙන් නැඟී සිටීමට ගෝඨාවාදයෙන් ශක්තිමත් වෙමු යන්න ඇය කියා දෙන නිසා ය. එසේම ඒ නිලධාරීන් මතට වැටුණු අනිත් පොද වැස්ස වන්නේ, දේශපාලකයන් සහ ඔවුන්ගේ සහචරයන්ගේ අනිසි බලපෑම්වලින් රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීමට ජනාධිපති ගෝඨාභය විසින් ගත් තීරණයය.

ඊළඟ සිද්ධියට යමු. පරිසර ඇමැතිගේ සහාය ඇතිව ප්‍රාදේශීය සහචරයන් තඹුත්තේගම ඔරුගලයාය රාජ්‍ය රක්ෂිතය විනාශ කරන බවට පරිසර සංවිධාන නඟන චෝදනාව පළමු සිද්ධියට දෙවැනි නැත. එය සිද්ධ වෙන්නේ පරිසර ඇමැතිගේ අනුග්‍රහයෙන් නොවේ යැයි අපි සිතමු. එසේ නම් ඇමැති කළයුතු වන්නේ ඒ විනාශය නතර කිරීමට වහාම කටයුතු කිරීමය. එය එසේ නොවන්නේ නම් ඔහු ජනාධිපති ගෝඨාභයගේ ඇමැති මණ්ඩලයේ නොසිටිය යුත්තෙකි. මන්ද ගෝඨාභයගේ දැක්ම සහ හදබස පරිසර විනාශය නොවන බැවිනි.

ඡන්දයක දී පාලකයන්ට උදවු කරන සමීපතමයන්ට සහ තැරව්කරුවන්ට තනතුරු ලබා දීම නොව කළ යුත්තේ තම ජාතික ව්‍යාපෘතියට සහාය දිය හැකි අයට වගකීම් බාර දීම නොවේ දැයි, මා මිත්‍ර හිටපු පළාත් සහා ඇමැතිවරයකුට ළඟක දී පැවසුවෙමි. එවිට ඔහුගේ ප්‍රතිචාරය අපූරු එකකි. ‘‘විපක්ෂයේ ඉන්නකොට තමයි හැබෑවටම ළඟ ඉන්නේ කවුද කියලා අඳුරගන්න පුළුවන්, ඉතින් බලය ගත්තට පස්සේ ඒ අය අමතක කරන්න බෑනේ, මොනවා හරි තනතුරක් දෙන එක සාධාරණයි’’ යන්න ඔහුගේ ඒ අපුරු ප්‍රතිචාරයය. එහෙත් මා මීට පෙර ලිපියකත් සඳහන් කළ පරිදි රටක් යනු දඩබිමක් නොවේ, බලය යනු දඩයමක් ද නොවේ. එසේ දේවල් බෙදාගන්නෝ දඩයම් සම්ප්‍රදාය අනුගමනය කරන්නන් මිස ජාතික අරමුණකින් රට හදන්නෝ නොවෙති. එවැන්නන් වනාහි ගෝඨාවාදයේ සහ ඒ මත පදනම් වන ජාතික ව්‍යාපෘතියේ බාධකයෝ වෙති.

මහා ඡන්දයේ දී පත්කර ගත යුත්තේ අරයගෙ මෙයාගේ නියෝජිතයන් නොව ජනාධිපති ගෝඨාභයගේ වැඩපිළිවෙළට සහාය දෙන අයයි යනුවෙන් මහාචාර්ය නලින් ද සිල්වා කරන ප්‍රකාශය වැදගත් සහ කාලෝචිත වන්නේ මෙවැනි පසුබිමකය. එහෙත් එහෙම සහාය දෙනවා කියන්නේ ගෝඨාභයගේ පහනින් එළිය ගෙන කොහොම හරි පාර්ලිමේන්තුවට රිංගා ගැනීම නොවේ ය. රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ තම වාසියට ගෝඨාභය යොදා ගැනීම සඳහා තේරෙන අය නොව ඔහු සහ ඔහුගේ දැක්මත් හදබසත් දැනෙන සහ ඊට අව්‍යාජව ගෞරව කරන අය ය. එනම් ගෝඨාවාදය ධාරණය වී ගෝඨාභය ගේ ජාතික ව්‍යාපෘතියට හදවතින්ම, හැඟීමෙන්ම සහ භාවමය වශයෙන්ම සහාය දෙන අය ය. බොහෝ තේරෙන අය උත්සාහ කරන්නේ තම බලය සහ ධනය වැඩිකර ගැනීමේ මෙවලමක් ලෙස උපායිකව ගෝඨාභය සන්නාමය පාවිච්චි කිරීමට ය. එහෙත් ගෝඨාභය දැනෙන අය කරන්නේ රට ගොඩ නැඟීමේ උත්තේජකයක් ලෙස ගෝඨාවාදය පිළිපැදීමට ය. දේවානි ජයතිලක වන අඩවි නිලධාරිනිය වැනි අය වනාහි ගෝඨාවාදයෙන් උත්තේජනය වූ අයය.

“වන ජීවී එකට ගම්පහ තියෙන්නේ අක්කර දහඅටයි. ඒවත් දැන් බෙදනවා. මිනිස්සුන්ට හුස්ම ගන්න ඔක්සිජන් කෝ? ඔක්සිජන් මොකටද අහන ගමේ ගොඩේ මිනිස්සුන්ට ඕනි විධියට තීරණ ගන්න නම් මෙච්චර ඉගෙනගෙන අපි මේ වගේ තනතුරුවලට එන්න ඕනි නෑ. විද්‍යාත්මකව බලලා තීරණයක් ගන්න. ඒකයි ඇමතිතුමා මගේ ස්ථාවරය”. එසේ කියන දේවානි ජයතිලක වියත්මඟ හෝ එළිය සාමාජිකාවක් නොවේ. හැබැයි ඇය ගෝඨා ව්‍යාපෘතියට නැතිවම බැරි ක්‍රියාකාරිනියකි. මේ, ඒ හඬ හැම හඬකටම ඉහළින් රටපුරා රැව් පිළිරැව් දෙන මොහොතයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ,

ධම්ම දිසානායක



අදහස් (13)

ගෝඨාවාදයේ අනාගත ඔක්සිජන්

අයිවන් උපාලි Friday, 14 February 2020 02:24 PM

ඔබතුමාගේ අදහස් සමග ලියා ඇති, වියයුතුදේ පිළිබඳව, අදහස්වලට හිසනමා ගෞරව කරමි. බුද්ධිමත් නායකත්වය තුළ ස්ථිර ගමනක් තිබේ. නමුත් එය ඉදිරියට ගෙනයෑමට ඔබතුමන් වගේ සැවොම සිතිය යුතුයි. ඔබතුමාට ස්තුතියි...

:       234       191

ලක්ෂිත Friday, 14 February 2020 03:36 PM

ගෝඨාභය යනු විනයක් ඇති නීතිගරුක වූද ජාති මාමක වූද රටට ආදරය කරන නායකයෙකි. රණවිරු උසස් නිලයක් දැරූ එමෙන්ම 33 වසරක කුරීරු යුද්ධය නිමාකළ එතුමා දූෂිත දේශපාලකයින්ට කිසිසේත්ම සමාන කළනොහැකිය. රාජ්‍ය සේවයේ මෙම නිලධාරිනියට නිර්භීතව මෙවැනි ප්‍රකාශයක් කිරීමට ශක්තියක් තිබීම අගයකළ යුත්තකි. එසේම ඇගේ ශක්තිය වූයේ අන්කිසිවක් නොව මෙරට අද ස්ථාපිතව තිබෙන නීතියේ ආධිපත්‍යයයි. ජනාධිපතිතුමනි, ඔබ වටා සිටින කුඩා පක්ෂවලට කළහැකි දෙයක් නැත. ඔබ ඉදිරිපත් කරන ඕනෑම කෙනෙක් පාර්ලිමේන්තු ඡන්දයෙන් දිනන බව ලියා තබන්නෙමි. මන්ද ඔබ ඉදිරිපත් කරන නියෝජිතයින්, තක්කඩියන් නොවන බව රටම දනී...

:       1505       1409

DayaSaturday, 15 February 2020 05:02 AM

කුඩා පක්ෂ තනි තනිව ඡන්දයට ඉදිරිපත්ව ආසන දිනාගෙන රජයට එක්විය යුතුය.

:       4       0

Warnakulasuriya Sunday, 16 February 2020 08:09 AM

ශ්‍රීලංකාවට විශාල ගව සම්පතක් සිටියත් තවමත් කිරිපිටි ආනයනය කිරීම තේරැම් ගත නොහැකියි. අවු 72ක් වන්දනාවේ යෙදෙන මැතිමතුන් ප්‍රමාණය ඉහළ ගියත් අපි තවමත් පිහිටක් නැති ලෝකයේ හිඟන්නන් වී සිටින්නෙමු. වලව්වලට වහල්කම්කර ඔවුන්ට සියළුම යස ඉසුරු ලබාදී වේලකන්න නැතුව දුක්විදින නරැමයන් අප හැර ලෝකයේ තවත් සිටිය නොහැකියි. ළිං පතුලේ සිටින ගෙම්බන්ව ගොඩගැනීමද පහසු නැත. හිතන්න අපි සැමගෙන් කාරැණීකව ඉල්ලා සිටිමු. අවු.72ක් රැවටීම සහ බොරුව කළ ඒ වංචනිකයන් ගැන අපි තවදුරටත් විශ්වාස කරමුද?

:       3       118

Kalinga Magha Friday, 14 February 2020 11:50 PM

හමුදාවේ පුහුණු මනසක් තියෙන ගෝඨාභය ඉතා ඉක්මනින් ඒකාධිපති බලය අතට ගන්නවා. මහා මැතිවරණය දිනනකන් මාන බලන්නේ එයා.

:       434       520

Rohan Saturday, 15 February 2020 12:00 AM

කාලයක ඉඳලා මම හිතන දෙයක් තමයි මේ දේශපාලුවෝ අපට කියන රට හදන්න 30 ක කණ්ඩායමක් ඇති සියලු හොරු දැන් අවසන් විය යුතුයි. එම නිසා අලුත් දක්ෂ මිනිසුන් ඡන්දට ඉදිරිපත් කල යුතුයි.

:       0       92

විනිවිද Saturday, 15 February 2020 06:42 PM

එසේම ඇගේ ශක්තිය වූයේ අන්කිසිවක් නොව මෙරට අද ස්ථාපිතව තිබෙන නීතියේ ආධිපත්‍යයයි. මෙරට අද තිබෙන නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරනු ලැබුවේ පසුගිය රජය මගින්ය. නීතියේ ආධිපත්‍යය, එය සිදුවුයේ 19 වන සංසෝධනය නිසාය. ජනාධිපතිවරයාගේ බලතල වැඩිකර ගැනීම පිණිස 19 සංශෝදනය අහෝසි කිරීමට ඔබ පවා එකග නොවනු ඇත. පසුගිය රජය මගින් ක්‍රියාත්මක කරනලද බොහෝ දේවල වටිනාකම අද බොහෝ දෙනා දැන හෝ නොදැන බුක්ති විදි ඒගැන අපි සතුටු වෙමු..

:       0       168

නිශාන් මෙන්ඩිස් Sunday, 16 February 2020 07:45 AM

නූගත් දේශපාලකයන් හා ඔවුන්ගේ සහචරයන් සමග ගෝඨාභය ජනපතිතුමාට සාර්ථක ගමනක් යා නොහැකිය. එබැවින් දේශපාලන අත්දැකීම් නොතිබුණද උගත්, බුද්ධිමත් වියතුන්ගෙන් සැදුම්ලත් දේශපානඥයන් කණ්ඩායමක් ගෝඨාභය මහතා සමඟ සිටිය යුතුය. ඒ සඳහා ඉදිරි මහ මැතිවරණයේදී ඉටුකිරීමට මහජනතාවට විශාල වගකීමක් පැවරී තිබේ. ගෝඨාභය මහතාගේ ප්‍රතිපත්ති නිසියාකාරව ක්‍රියාත්මක වීමට නම් ඔහු අපේක්ෂා කරන වියතුන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගත යුතුව ඇත. නැතහොත් සාම්ප්‍රදායකවූ මෝඩ රැලක් පාර්ලිමේන්තුවට තෝරා පත්කළහොත් ගෝඨාභය මහතාත් සමඟ ශ්‍රී ලංකා වාසී සියළු දෙනාම විනාශ වී යාම වැළකිය නොහැකිය. ඡන්ද දායකයන් වශයෙන් අප බුද්ධිමත් ව තීන්දු තීරණ ගතයුතු කාලය එළැඹ ඇත. එබැවින් ගෝඨාභය මහතා බලාපොරොත්තු වන පරිදි ඔහුගේ දෑත් ශක්තිමත් කරමු.

:       267       230

නිශාන් මෙන්ඩිස් Sunday, 16 February 2020 08:00 AM

දේවානි ජයතිලක ගේ අදහස් ඇති දේශපානඥයන් පිරිසක් රටට අවශයව ඇත. ගෝඨාභය ජනපතිතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි වන්නේ එහෙම වුණොත් පමණි. ඒ නිසා රට, ජාතිය, ගැන නොසිතන මෝඩ තකතීරුවන් පාර්ලිමේන්තු ඇරීමෙන් වැළකිය යුතුය. උදාවන මහ මැතිවරණය ඊට ප්‍රයෝජන ගැනීම අප කාගෙත් වගකීමය. ඒ නිසා උගත්, බුද්ධිමත්, වියතුන් පාර්ලිමෙන්තුවට තෝරා පත්කර ගෝඨාභය ජනපතිතුමාගේ දෑත් ශක්තිමත් කරමු.

:       231       205

Saman Monday, 17 February 2020 01:48 AM

ගෝඨාභයට දෙහි කැපීම.

:       3       7

ලක්ෂිත Monday, 17 February 2020 05:03 PM

අන්න සිරිසේන මහින්දත් එක්ක සන්ධාන ගතවෙලා පොහොට්ටුවෙන් එනවා. දැන් නම් අපට ගෝඨාත් පොහොට්ටුවත් දෙකම එපා.

:       100       1005

සමන්ත Thursday, 20 February 2020 12:37 AM

සමන්ත, මෙයා කියන විදිහට රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්වාධීන චින්තනය, සැබෑ උගතුන් ගේ අදහස් නෙමේ වැදගත්, නූගත් තනි පුද්ගලයෙක්. එතකොට රාජ්‍ය නිළධාරීන් නීතියට වැඩ කරන්නේ, කතා කරන්නේ දේශපාලකයන්ගේ චින්තනය හින්දා. මාර කතාවක් නේ මේක. හොඳට මතක තියාගන්න. ඔය අවුරුදු පහේදී මේ අය තවත් රට විනාසම කරලා මාරු වෙනවා. මේකට කියන්නේ වංචාව කියලද, කපටිකමද, නැත්නම් දීන වහල්භාවයද?

:       10       69

සෑම් Monday, 24 February 2020 11:24 AM

ඉහත ලිපිය අද රටේ උගත් යයි කියාගන්නා අයගේ පෙනීම නොහොත් දැක්ම පිළිබඳ බංකොලොත් භාවය කදිමට පෙන්නුම් කරන්නෙකි. ගෝඨාභය යනු ජනාධිපති වරණයට පෙර හෝ පසුව හෝ කිසිඳු සාධනීය දර්ශනයක්, නිවැරදි දැක්මක් කිසිඳු ආකාරයකින් ඉදිරිපත් කළ අයෙකු නොවන වග ලෝකයේ අන් දියුණු සමාජ පද්ධතීන් ගැන යම් තරමක හෝ දැනුමක් ඇති පුද්ගලයෙකුට වැටහෙනු ඇත. අන් අය ලවා ලියවාගත් කතා කටපාඩමෙන් කියනවිට වියතකු මෙන් පෙනුණද එසේ නොමැති කළ සාමාන්‍ය ජනහමු, සාකච්ඡා සහ පූජ්‍ය පක්ෂය සමග කරන සංවාද වලදී මොහුගේ අභ්‍යන්තරය හිස් පුස්සක්ම බව සාමාන්‍ය කල්පනාවකින් ඔහු දෙස බලා සිටින්නෙකුට වැටහෙනවා ඇත. ඇත්තම කිවහොත් මොහුට රටේ නීතියේ ආධිපත්‍ය පිළිබඳ කිසිඳු මනාපයක් හෝ අවශ්‍යතාවක් නොමැති වග ස්ථාන කිහිපයකදී මොනවට පෙන්වාදී ඇත. අන්තර් ජාලයට ගොස් පරීක්ෂා කිරීමෙන් මෙය තහවුරු කරගත හැක. වසර 5ක් අවසානයේ රටේ ජනතාවට ඉතිරිවනු ඇත්තේ අප තවත් පුද්ගලයෙකුට රැවටුණු වග පමණකි...

:       45       74

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 17 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 32 0

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 309 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 18 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 442 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 259 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1509 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site