IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ගාර්නියර් ගැන යුරෝපා දූතයන්ගේ හිත් උණුවෙයි


මාසයක පමණ කාලයක් තිස්සේ දිගහැරෙමින් තිබෙන ස්විස් නාටකය හමුවේ ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව ඉදිරියට හෝ පිටුපසට යා නොහැකිව සිරව සිටින සෙයකි.
    
කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සහකාර සංක්‍රමණික නිලධාරිනිය ලෙස සේවය කරන ග්‍රානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය සම්බන්ධයෙන් වන කාරණා සියල්ල පසුගිය 16 වැනිදා වන විට අවසන් විය යුතු බවට ස්විට්සර්ලන්ත රජය නියෝගයක් හා සම නිවේදනයක් නිකුත් කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවිය. එම නිවේදනය නිකුත් කර ඇත්තේ එදින ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීමට සමගාමීවය. වෙනත් වචනවලින් කියතොත්, ආන්දෝලනය මෙතැනින් නිමා කරගැනීම ස්විට්සර්ලන්ත රජයේ අපේක්ෂාව විය. නමුත් එය එසේ සිදුනොවිණ.

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය ලබන 30 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.

ඇය එම නියෝගය නිකුත් කළේ, අදාළ නිලධාරිනිය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබූ පසුබිමකය. ඇය ගොතන ලද ප්‍රකාශයන් සිදුකර ඇතැයි චෝදනා නැගී තිබීම නීතිපතිවරයා එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් නිකුත් කිරීමට හේතුව විය.

සිය ආයතන ප්‍රධානියා වන ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෑන්ස් පීටර් මොක් මහතා හමුවේ ඇය සිදුකරන්නට යෙදුණු පළමු ප්‍රකාශයේ සටහනක් ඔහු විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාට ලබා දුන්නේය. විමර්ශන කටයුතු ආරම්භ වූ පසුව ඔහුගේ දෙවැනියා, නියෝජ්‍ය තානාපති රාඕවුල් ඉම්බාච්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන්නේය.

ඇයගේ නම අනාවරණය කිරීමකින් තොරව ඉම්බාච් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයේ දී, සිදුව ඇතැයි කියන පැහැරගැනීම නොවැම්බර් මස 25 වැනිදා පස්වරු 5.00 ත් පස්වරු 6.00 ත් අතර කාලයක, කොළඹ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමට ඉදිරිපිට දී සිදුව ඇති බව පැවසුවේය. පැහැර ගැනීම සිදුකර තිබෙන්නේ සුදු පැහැ ටොයෝටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථයකින් බවද, ඔහු කීවේය.

ඇය එසේ පැහැරගැනීමට ලක්ව තිබෙන බව සදහන් වූයේ පාසලේ පැවැති ගුරු - දෙගුරු රැස්වීමකට සහභාගීව නැවත පැමිණෙමින් සිටින විටය.

නමුත් ග්‍රානියර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙන ප්‍රකාශය මීට හාස්පසින්ම වෙනස්ය. එම ප්‍රකාශයේ ඇය සදහන් කර තිබෙන්නේ තමා පැහැරගැනීමට ලක්වූයේ කොල්ලුපිටිය පැල්මයිරා මාවතේ පිහිටා තිබෙන මහල් නිවාසයක දී බවය.

ඇය එහි ගොස් ඇති බව කියන්නේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ඉගැන්වීම් කටයුතුවල යෙදෙන ගුරුවරියකට ස්විට්සර්ලන්ත වීසා බලපත් ලබාගැනීමට උපකාර කිරීමටය. මෙම කාරණය සත්‍යයක් නම්, එය ශ්‍රී ලංකාවේ ඕනෑම තානාපති කාර්යාලයක සේවය කරන අයකුට නොගැලපෙන, නොමනා දෙයකි. එසේවුවත් එවන් කාරණයක් ස්විස් තානාපති කාර්යාලයේ අභ්‍යන්තර කටයුත්තක් වන බැවින් එය විසදාගැනීම ඔවුන්ටම භාරය.

සංක්‍රමණික කටයුතු භාරව ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ස්විස් ජාතික නිලධාරිනියක් යටතේ සහකාර සංක්‍රමණික නිලධාරිනිය ලෙස අනුයුක්ත කර සිටි ග්‍රානියර්, ස්විට්සර්ලන්ත වීසා බලපත් සහ එරට රැකවරණය පතා කළ ඉල්ලීම්වලට අදාළ කාරණා සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටියාය. රැකියාවේ ස්වභාවය නිසාවෙන්ම එම කාරණාවලට අදාළ සංවේදී තොරතුරු ඇයට විවෘත විය. මෙම තොරතුරු අතරට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා පිළිබද තොරතුරුද, අයත්ය. ඔහු මේ වන විට ස්විට්සර්ලන්තයේ රැකවරණය ලබාගැනීමට සමත්ව ඇත.

ගුරුවරියගේ මහල් නිවාසයේ දී නාදුනන පුද්ගලයින් පිරිසක් තමාව ලිංගිකව අපයෝජනය කර පහරදුන් බව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයේ සදහන් කර ඇත.

පොලිසිය හමුවට ගියහොත් පවුලේ සාමාජිකයන් මරා දමන බවට එම පුද්ගලයින් තර්ජනය කළ බැවින් මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකළ බව ද, ඇය එහි වැඩිදුරටත් සදහන් කර තිබේ. මෙම පුද්ගලයින් අතර සිටි අයෙක්, තමාට තුවක්කුවක් පෙන්වූ බව ද, ඇය කියා ඇත. මෙම කාරණය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ පරස්පරය.

සිය ආයතන ප්‍රධානීන්ට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් පළමු ප්‍රකාශයේ හෝ තුවක්කුවක් පෙන්වීමක්, එය තම කටට ඔබා තර්ජනය කිරීමක් ගැන ග්‍රානියර් කිසිවක් කියා නැත. එම චෝදනාව කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාය.

ඇය සිය තානාපතිවරයාට ලබාදුන් සහ පසුව ඔහුගේ දෙවැනියා සහතික කළ පළමු ප්‍රකාශය ඇයම පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ප්‍රකාශය සමග කිසිසේත්ම නොගැලපේ. ශාන්ත    බ්‍රිජට් කන්‍යාරාමයේ සේවය කරන ගුරුවරියක් හමුවීමට නොවැම්බර් මස 25 වැනිදා පස්වරු 3.00 ට ඇය වාසය කරන මහල් නිවාසය වෙත ගිය බව ග්‍රානියර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබෙන ප්‍රකාශයේ සදහන් වේ.

කෙසේවුවත් ඇය වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ සිදුවීම සිදුවූයේ පස්වරු 5.00 න් පසුව බවය. එම ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවල සටහන්ව තිබෙන දර්ශනවලට අනුව තානාපති කාර්යාල නිලධාරිනිය එම වේලාවටම, එනම් පස්වරු 5.00 ට, එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

ඌබර් කුලී රථ සේවයට අයත් රථයකින් පිටව ගිය බව කීව ද, එසේ කුලී රථයක් ලබාගත් බවට වාර්තාවක් ඌබර් සේවයේ නොමැත. ග්‍රානියර් ඇය වාසය කරන මාලිගාකන්ද ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ අසල්වැසියන්ට තමන් හා පවුලේ සාමාජිකයන් නිවස අත්හැර විදෙස් ගතවන බව පවසා තිබෙන බවට සාක්කි ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබේ. මේ හා සමාන තවත් ප්‍රකාශයන් හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව ද, යොමුවූයේ තානාපති කාර්යාල නිලධාරිනිය මෙම සිදුවීම වුවමනාවෙන්ම ගොතා තිබෙන බවට නිගමනය කිරීමටය.

තත්ත්වය තවත් බරපතල කළේ ඇය හොද ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව අනාවරණය වීම යැයි එම දෙපාර්තමේන්තුවල ආරංචි මාර්ග පවසා සිටියේය. කෙසේවුවත් ඇතැම් අවස්ථාවල ඇය වියවුලට පත්ව සිටි ස්වරූපයක් පෙන්නුම් කළ බව එක් ආරංචි මාර්ගයක් කීවේය.

සදුදා සිට ඇය රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ වයි වාට්ටුවේය. මත්කුඩු සම්බන්ධ සිදුවීම්වලට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු විභාග වෙමින් තිබෙන කාන්තාවන් රඳවා සිටින්නේද, මෙහිය.

ඇය සන්තකයේ සිම් කාඞ්පතක් හා ජංගම දුරකතනයක් තිබුණි යැයි වාර්තා පළවූ අතර, ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ ය. තානාපති කාර්යාල නිලධාරිනියට ආහාර ගෙන එනු ලබන්නේ පිටතිනි.

අල්ලස් ලබා දී තමන් අතට ජංගම දුරකතන ලබාගැනීම රිමාන්ඞ් බන්ධනාගාර මෙන්ම රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ එදා සිටම පැවත එමින් තිබෙන සාමාන්‍ය පිළිවෙතකි. රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයක් සදහන් කළ ආකාරයට, පසුගිය සිකුරාදා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ යුරෝපා දූත කණ්ඩායමක් ගානියර්ගේ සිරකුටියට වඩා හොද පහසුකම් සපයා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා තිබේ. එවැනි කාරණයක් අරබයා අනුගමනය කෙරෙන සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව ඇයගේ නීතිඥවරයා නිල වශයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කළහොත් එම පහසුකම් සපයා දිය හැකි බව අමාත්‍යවරයා ඔවුන් හමුවේ පවසා ඇත.

යුරෝපා දූතයින් හා විදේශ කටයුතු අමාත්‍යවරයා අතර රැස්වීමට දින නියම කර තිබුණේ ස්විස් නාටකය දිගහැරීමට පෙරය.

එසේ නියම කරගෙන තිබූ පරිදි අමාත්‍යවරයා හමුවූ යුරෝපා රටවල දූත පිරිස ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධ කාරනය ද, ඇතුලුව වෙනත් කාරණා සම්බන්ධයෙන් ද, විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා කළහ. ස්විස් රජය හා සමාන ස්ථාවරයක් දැරූ ඔවුන් අවධාරණය කර සිටියේ නිසි ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුව තිබෙන බවය. ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට නිසි ලෙස ආරක්ෂාව සපයා ඇය ආරක්ෂා කළ යුතුව තිබෙන බව ද, ඔවුහු කීහ. චෝදනාවක් කළ ඔවුන්, මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඒකපාර්ශවීය වාර්තා කිරීමක නියැලෙන බව පැවසුවේය.

නිදහස් මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටින බව කියන යුරෝපා රටවල්, ශ්‍රී ලංකාවේ මාධ්‍ය කටයුතු සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටීම අපූරුය. මෙයට පිළිතුරු දුන් අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස් බවත්, ඔවුන්ගේ කටයුතුවල කිසිදු භූමිකාවක් රජයට නොමැති බවත් පැවසූ බව ඉහත සදහන් කළ ආරංචි මාර්ගයම කීවේ ය.

තමන් නිකුත් කළ නියෝගය ශ්‍රී ලංකාව නොපිළිපැද ඇති බව දැනගැනීම හමුවේ බර්න් නුවර අතිශයින් කලබලයට පත්විය. ස්විස් නාටකට සම්බන්ධයෙන් දැනුම්වත් කොළඹ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතැමෙක් සදහන් කළ ආකාරයට, මෙම පැහැර ගැනීම කිසිවෙකුගේ වුවමනාව මත රඟදැක්වුනු දෙයක්දැයි බරපතල සැකයක් ස්විට්සර්ලන්ත රජයට තිබී ඇත. මෙම සිදුවීමට කිසිදු ආකාරයකින් හවුල්ව නැතැයි නැවත නැවතත් ප්‍රතික්ෂේප කැරෙන තෙක්ම ඔවුන්ගේ සැකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද, යොමුව තිබී ඇත.

මෙම නිගමනයට පදනම වී ඇත්තේ සිදුව ඇතැයි කියන පැහැරගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා වටා ගෙතී තිබෙන නිසාවෙන්ය. මෙවන් චෝදනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බැහැර කළේය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය අපහසුතාවට පත්කිරීම අරමුණු කරගත් පිටස්තර පාර්ශවයක් මෙම සිදුවීම අධ්‍යක්ෂණය කළේදැයි යන්න තවත් සැකයකි. විමර්ෂණ කටයුතු ඉදිරියට යමින් තිබෙන අතරවාරයේ, මෙම කාරණයට වැඩි පදනමක් මේ වන විට හිමිව තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග සබදතා පවත්වාගෙන ගිය බව කියන පිටස්තර පාර්ශවයක් ඔහුගේ පවුලේ සාමාජිකයන් ද, සමග රට අතහැර ගොස් තිබෙන බව දැන් අනාවරණයව තිබේ.

නිශාන්ත ද සිල්වාගෙන් පසුව, තානාපති කාර්යාල නිලධාරිනියගේ පැහැර ගැනීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණවලට සම්බන්ධ තවත් පුද්ගලයෙක් මෙසේ රටින් බැහැරව ගොස් තිබීම රජයේ නායකයින් කෝපයට පත්කර ඇත.

මෙතැන තිබෙන්නේ බරපතල ගැටලුවකි.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය  : කෝවිද ගුණසේකර

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (9)

ගාර්නියර් ගැන යුරෝපා දූතයන්ගේ හිත් උණුවෙයි

nimal Thursday, 26 December 2019 08:57 AM

ඕක.. ඉතින් අහන්න දෙයක් නෙමෙයිනේ..! අත්වැල් බැඳගෙන මුලුලෝකයටම කෙලින, එක තමයි මේ " සංගමයේ " පරමාර්ථය.. ඇයි දැන් එයාලා බලන්න එන්නේ නැත්තේ? අපේ රටේ ක්‍රියාත්මක වෙන නීතියක්.. තියනවද කියලා? අැයි දැන් අපිට ප්‍රශංසා කරන්නේ නැත්තේ නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා?

:       148       535

Deepthi Mendis Thursday, 26 December 2019 10:07 AM

ස්විසර්ලන්ඩ් යුරෝපා හවුලේ නැහැ. එයාලා තනි නිදහස් රටක් ලෙස ඉන්නේ.

:       381       28

nimal Thursday, 26 December 2019 12:37 PM

දීප්ති මෙන්ඩිස්ට පිළිතුරක් :- ස්විට්සර්ලන්තය කියන්නේ... ලෝකයේ හැම හොරුන්ගේම සල්ලි.. පරිස්සම් කරන රටක්.. ඉතුරුහරිය ඉතින් ලියන්න අවශ්‍ය නැහැ නේද?

:       57       586

නොකවුට් Thursday, 26 December 2019 03:44 PM

බලන් යන කොට අපේ රටවල් මොන තරම් හොඳයි ද? බලපල්ලකො මානව හිමිකම් ගැන කතා කරන මේ අයගේ කෙරුවාව

:       50       259

එරා Friday, 27 December 2019 10:10 AM

අපේ රටේ මිනිස්සුන්ට දැන් අමුකැවිලා. හොඳ නරක තේරෙන්නේ නෑ. මෙම කාන්තාව පළමුව පැමිණිල්ලක් කරලත් නෑ. ස්වාධීන පරීක්ෂණයක් වෙයි කියලා අපට විශ්වාස කරන්ටත් බෑ.

:       395       122

JaySunday, 29 December 2019 10:05 AM

අමු කන්න වේවි... ඇත්ත එළිවෙනකොට... හොඳටම ඔප්පු වෙලා ඉවරයි.., බොරු රඟපෑමක් කියලා. දැන් නාට්‍ය හදපු පිටරටවල් සහ සහයෝගය දුන්නු ලංකාවේ කට්ටිය බයවෙලා...

:       18       168

Deepthi Friday, 27 December 2019 11:46 PM

නිමල් මහතාණෙනි, මම ස්විට්සර්ලන්තය හොදයි කියලා නොවේ කිව්වේ.... යුරෝපා සංගමයේ නැති බව පමණි. එහි බැංකුවල ශ්‍රී ලංකාවේ හොරුන්ගේත් කළු සල්ලි ඇති බව තොරතුරු කියවා සහ අසා දැන සිටියෙමි.

:       0       105

Meththa Saturday, 28 December 2019 04:19 AM

තම රටට ගරහන අයට බටහිර කැමතියි. අපේ බොහොමයක් අයත් සරණාගත වීසා එකක් හරි ගන්න රට අපකීර්තියට පත්වෙන දේවල් කරනවා. මේක තමයි ඇත්ත. රටේ බලධාරීන් මේවා ගැන විමසිලිමත් විය යුතුයි.

:       0       248

Pushpasiri Alwis Monday, 30 December 2019 07:58 PM

අපේ රටට ගරහන, රණවිරුවෝ හට අපහස කරන චිත්‍රපටි හදලා අපේ සමහර අය ලොකු පොරවල් උනේ සුද්දන්ගෙන් සම්මාන අරන් සුද්දෝ කැමතියි අපේම අය අතින් අපේ රට විනාශ කරනවට. ඒක තමයි ඇත්ත. මේ යටින් තියෙන්නේ සැලසුම් සහගත ක්‍රියා පිළිවෙලක්. එත් අන්තිමේ උසාවියෙන් මෙයාට ඇප ලැබෙනවා. එතකොට කරපු වරදවල් හොයන කොට මෙයා රට පැනල ඉවරයි. හරියට අර මහේන්ද්‍රන්ට කළා වගේ ...? මේවා ගැන ජනතාව අවදියෙන් ඉන්නේ .....!!!

:       0       57

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 209 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 187 0

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2138 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


අලුත් අවුරුද්ද සංස්කෘතිය අනාගතය
2024 අප්‍රේල් මස 11 205 0

සංස්කෘතික උත්සව යනු, ඕනෑම සංස්කෘතියක ඉතාම වැදගත් අංගයක් වේ. ඒ අනුව, අලු‍ත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනයාගේ සංස්කෘතික ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි.


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 150 0

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


දේශපාලනය අතීතයෙන් වර්තමානයට
2024 අප්‍රේල් මස 10 770 1

පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම නව එක්සත් ජාතික පාක්ෂිකයන් ද මේ දිනවල දැඩි දෙගිඩියාවකට මුහුණ දී සිටින බව පෙනේ. ඒ, තමන් ප්‍රිය කරන එක්සත් ජාතික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 144 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1350 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site