IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුවේ මතවාදී ආධිපත්‍යය

අලුත් ආණ්ඩුව වැඩ ආරම්භ ක​ළේ ගිය සතියේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගනු ලබන සමහර තීරණ පිළිබඳව සමාජයේ ඇත්තේ ප්‍රබෝධාත්මක අනුමැතියක් බව පෙනෙන්නට තිබෙන්නේ එතුමා විසින් මුල් වටයේ සිදු කළ ප්‍රතිසංස්කරණ කීපයකට සාපේක්ෂකවය. ජනතාව කැමති එවැනි තීරණ අතරින් ප්‍රමුඛස්ථානයට පැමිණෙන්නේ භාරකාර ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය 15 කට සීමා කිරීමය. එය ලෙහෙසි පහසු කාර්යයක් නොවෙන බව ඉතාමත් පැහැදිලියග සමහර මන්ත්‍රීවරුන් ඒ 15 වේ සීමාව දකින්නේ තමන්ව සීමා කළා වැනි ආකාරයකින්ය. මේ අවුල් සහගතභාවයට හේතුව වන්නේ සමහර මන්ත්‍රීවරුන්ගේ සිතේ තියෙන්නේ ඒ අය ඉපදිලා සිටින්නේම ඇමැතිකමක් දැරීම සඳහා වැනි අදහසක් නිසාය.

බොහෝ අයට මතක ඇති ආකාරයට එක් මන්ත්‍රීවරයකු තමන් නොවැම්බර් 18 වැනිදාට පසු ඇමැතිවරයකු බව කීවේ ජනාධිපතිවරණයට ද පෙර සිටන්මය.

ඒ සියල්ල කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට තෝරා ගත හැකි අවම කණ්ඩායම ලෙස 15 දෙනෙකු තෝරා ගැනීම ඉතාමත් වැදගත් දෙයක් බව මෙහිදී කිවයුතුය. ව්‍යවස්ථාවට අනුකූලව සිට ලබා දී ඇති රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් ගණන 30 වැනි නිශ්චිත ගණනක් නිසා මේ තත්ත්වය ඉදිරියේදීත් යම් ආකාරයකින් ආණ්ඩුව ඇතුළේ තිබෙන්නට බැරි නැත.

මා මේ සටහනින් සාකච්ඡා කරන්නේ ඇමැතිකම් පිළිබඳව  නොව එසේ ඇමැතිකම් ගණන 15ට අඩු කිරීම කෙරෙහි බලපැවැත් වූ ප්‍රධාන සාධකයක් වූ මතවාදී සාධකය පිළිබඳවය. ඒ කියන්නේ මේ ජනාධිපතිවරණයත් සමඟම රටේ මතුවී තිබෙන අලුත් ආකාරයක මතවාදී ආධිපත්‍යය :ෂාැදකදටසජ්ක ත්‍රදබඑ* පිළිබඳවය. මෙවර ජනාධිපතිවරණ​ෙයන් පෙන්නුම් කරන මේ මතවාදී සාධකය රටේ දේශපාලනයට සිදුකළ හැකි බලපෑම තේරුම් ගැනීම මේ ලිපියේ මූලික අපේක්ෂාවය.

මෙවර ජනාධිපතිවරණයට පෙර සිටම අපේ රටේ දේශපාලනයේ අලුත්  ප්‍රවණතා ගණනාවක් මතුවී තිබුණු බව සැබෑවක් වුවත් මේ ආකාරයේ අලුත් මතවාදී බලපෑම සැබවින්ම ආරම්භ වුණේ 2015 ජනාධිපතිවරණයෙන් පසු කාලයේ සිටම යැයි කීමේ වැරැද්දක් නැත. මේ රටේ දේශපාලනයේ මෙතෙක් තිබූ සමහර මිමි  සහ සමහර සීමා වෙනස් වන්නට පටන් ගත්තේ 2015 ජනාධිපතිවරණයේ පටන් බව මගේ අදහසය. 2015දී බලයට පැමිණි යහපාලනය යැයි කියාගන්නා රජය ආරම්භ කළ අලංකාරික  දේශපාලනය අර්බුද ජනක තත්ත්වයක් දේශපාලනයේ නිර්මාණය කිරීමට සාපේක්ෂව ගොඩ නැඟුණු අනෙක් වැදගත් කාරණය වන්නේ දේශපාලනයේ ආධිපත්‍යය පක්ෂයේ හෝ සාම්ප්‍රදායික සීමාවලින් එළියට පැමිණ ඇති බවයි.

තවත් පැත්තකින් බැලුවහොත් පෙනී යන කාරණය වන්නේ පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය යුතුද සහ රටේ ජනාධිපතිවරයා කවුරුන් විය යුතුද යන කාරණය සම්බන්ධව පක්ෂවලින් මතුවන මිමි වලට වඩා ජනතාව විසින් මතු කරන මතවාදී ආධිපත්‍යයේ මිම්ම බලසම්පන්න වීම මේ වන විට ඉතාමත් බරපතළ ආකාරයෙන් සිදුවෙමින් පවතින බවයි.

තාක්ෂණයේ නව තත්ත්වය සහ සමාජ මාධ්‍යයේ වර්ධනයත් සමඟ වඩාත් සංකීර්ණ වී ඇති මෙම තත්ත්වය නිසා දේශපාලනයේ මෙතෙක් කාලයක් තිබූ ආධිපත්‍යධාරිත්ව රාශියක් අර්බුදයට පත්වී ඇති බව ඉතාමත් පැහැදිලිය. මෙවර ජනාධිපතිවරණයේ දී පෙන්නුම් කළ එක් වැදගත් කාරණයක් වූයේ බලය තිබෙන ආණ්ඩුව සිදුකරන අවලාද හෝ වැරැදි තොරතුරු එක මෙහොතකින් නිමාවට පත් කරන්නට තරම් ශක්තියක් රටේ පවතින මතවාදී ආධිපත්‍යයට හැකියාවක් තිබෙන බවයි. 2015දී මෙන්ම බොරු අවලාද හා සාවද්‍ය තොරතුරු කොතරම් සමාජගත කිරීමට පැවැති රජයේ පාර්ශ්වයෙන් උත්සාහ දැරුවද ඒ සියල්ලෙන් කිසිවකු තවදුරටත් රැවටිය නොහැකි වූ බව මඟින් පෙන්නුම් කරන්නේද දේශපාලනයේ මිම්ම සමාජය තුළින් මතුවී ගොඩ නැඟෙන සංසිද්ධියක් බවට මේ වන විට අප රට තුළ පත්වී ඇති බවයි.

මීළඟට පැවැත්වෙන මහ මැතිවරණය සම්බන්ධයෙන්ද මේ කාරණය තවදුරටත් අදාළ වන බව මගේ අදහසයි. පක්ෂවල අය මොනවා සිතුවත් පක්ෂවලට අරක්ගත් කණ්ඩායම් මොනවා සිතුවත් රටේ පිළිගැනීමට ලක් වන අය ලැයිස්තුවට දමන්නේ නැතිව මහ මැතිවරණයේ දිස්ත්‍රික්ක ලැයිස්තු සෑදිය නොහැකි තත්ත්වයට දේශපාලනය පත්වී ඇති බව ඉතාමත් පැහැදිලිය. මතවාදී ආධිපත්‍යය නොසලකා හැරීමෙන් සහ මතවාදී ගැටුමට නිසි ආකාරයෙන් මුහුණ දීමට හැකි අය නොදැමීමෙන් ජයග්‍රහණය කළ නොහැකි සටන් භූමියක් බවට මැතිවරණ දේශපාලනය පත්වී ඇති බව මෙයින් පැහැදිලි වෙන ප්‍රධාන කාරණයයි.

රටේ දේශපාලනය තුළ සිදුවෙමින් පවතින මේ තත්ත්වය ධනාත්මක සංවර්ධනයක් බව විශේෂයෙන් කිව යුතු දෙයක් නොවන බව හැමෝම දන්නා කාරණයක්ය. මෙයින් පෙනී යන්නේ දේශපාලනයේදී වැදගත් වන ප්‍රධානම සාධකය යනු රට ගැන සහ සමාජය ගැන වඩාත් ශක්තිමත් තේරුම් කිරීම සහ විසඳුම් දීම සහිත මතවාදී ආධිපත්‍යයක් සහිත වීම බවට පත්වී ඇති බවයි. එසේම දේශපාලනයේදී වැදගත් වන ප්‍රධානම සාධකය කුමක් දැයි ඇසුවොත් වර්තමාන සමාජයේ පිළිතුර විය හැක්කේ රට ගැන සහ සමාජය ගැන නිශ්චිත විසඳුම් සහිතව හා මතවාදී ආධිපත්‍යයක් සහිතව  ඉතාමත් කේන්ද්‍රීය බවයි.

දේශපාලන පක්ෂයක බලය මාරුවීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධක කිහිපයක් තිබෙන බව සැබෑය.  ඒවා අතරින් මෙතෙක් කල් ලංකා දේශපාලනයෙහි ප්‍රමුඛත්වයක් ගෙන තිබුණේ යම් අයකු පක්ෂයේ වීම’ සහිපාක්ෂිකයන් වීම’ යන කාරණා පමණක්ය. ඒ නිසාම රටේ ජනතාව බොහෝ විට පෙනී සිටියේ කුමන හෝ ප්‍රධාන පක්ෂයක සාමාජිකයන් හෝ ආධාරකරුවන් ලෙසින්ය. පාවෙන ඡන්ද ප්‍රමාණය හෙවත් පක්‍ෂයකට නැති ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව පැවතුණේ 5‍% ට වඩා අඩු  ලංසුවකය. එහෙත් 2015 සිට මේ දක්වා දේශපාලනය තුළින් පෙන්නුම් කරන්නේ පක්ෂයකට අයිති නැති ඡන්ද දායකයන් ප්‍රමාණය 35‍% 40‍% පමණ විශාල ප්‍රමාණයක් බවට පත් වී ඇති බවයි. මේ කාණ්ඩයේ වර්ධනය ඡන්දදායක ප්‍රමාණයෙන් 50‍% දක්වා වැඩි වුවහොත් ඒ කියන්නේ පක්ෂයකට අයිති නැති වෙනස් වන සුළු ඡන්ද ප්‍රමාණය රටේ තීරණාත්මක ඡන්ද ප්‍රතිශතය බවට පත් වී ඇති බවයි. එවැනි තත්ත්වයකදී මන්ත්‍රීවරුන් පත්වීම කෙරෙහි බලපාන මූලික  සාධකයක් බවට ඒ ඒ දේශපාලන පක්ෂවල මතවාදී පිහිටීම අදාළ විය හැකිය.

වෙනත් ලෙසකින් පවසතහොත් මගේ අදහස වන්නේ ඉදිරි මහ මැතිවරණයකදී පාක්ෂික ප්‍රවණතා හා සමානම බරකින් පාක්ෂික නොවන මතවාදී කරුණු මත පදනම් වූ දේශපාලනයක්ද ඡන්ද දේශපාලනයේ තීරණාත්මක සාධකයක් බවට පත් විය හැකි බවයි. මීළඟ මහ මැතිවරණයේදී ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වන්නේ මේ  මතවාදීව පදනම් වන පක්ෂයකට අයිති නොවන ඡන්දදායක ප්‍රවණතාවය නිවැරැදිව ස්ථානගත කිරීමයි.

මේ තත්ත්වය තේරුම් ගැනීම සෑම දේශපාලන ව්‍යාපාරයකටම ඉතාමත් වැදගත් වන තත්ත්වයක් හෙයින් ඉදිරි මහමැතිවරණයේ දේශපාලන සිතියම අලුත් ආකෘතියකින් ගොඩ නැඟීමේ ඉඩක් පවතින බව පෙනී යන කාරණයකි. මේ අලුත් දේශපාලන සිතියම තුළ ඒ ඒ පක්ෂ ඒ ඒ ප්‍රශ්න සම්බන්ධයෙන්  තමන්ගේ දේශපාලන ස්ථාවරත්වයන් ගොඩ  නඟන ආකාරය ඉතාමත් වැදගත් වන බව පෙනී යන කාරණයකි. ඒ අර්ථයෙන් මීළඟ මහ මැතිවරණය කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙනස් වෙන පමණක් නොව දේශපාලනයේ මූලික මිමි හා සීමාවන් වෙනස් වෙන මැතිවරණයක් බවට පත්වීමේ විශාල ඉඩක් පවතින බව මගේ මතයයි.

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය

චරිත හේරත්



අදහස් (2)

ආණ්ඩුවේ මතවාදී ආධිපත්‍යය

bandara Thursday, 28 November 2019 06:21 PM

ඉතාම නිවැරදි කියවීමක්. අද වන විට ඉතා විශාල පිරිසක් පක්ෂ දේශපාලනය හැර ගොස් අවසානය. ඔවුන් ඇත්තේ තම මතය දිනවීම පමණි.

:       0       8

ලලිත් Wednesday, 04 December 2019 03:56 AM

ජනතාව සිටිය යුත්තේ පක්ෂ වලට පිටුපසින් නොව ඉදිරියෙනි. පක්ෂ වලට බැඳී ගැතිවී සිටිමින් අපි කැපුවත් අහවල් පාටයි කියාගන්නා පුද්ගලයින් අලුතෙන් එක්වන ඡන්ද හිමිකරුවන් අතරින් සීග්‍රයෙන් අඩු වෙමින් පවතී. මෙය දේශපාලනික සබුද්ධික භාවය වැඩි වීමේ ප්‍රතිඵලයක් සේම රටේ ඇතිවන යහපත් ප්‍රවනතාවයකි. දේශපාලකයන් වන්දනා නොකරන ඔවුන්ව ගනන් නොගන්නා ජන සමාජ ඇති දියුණු රටවල් එම දියුණුව ලබාගෙන ඇත්තේ එම රටවල්වල ජනතාව දේශපාලකයන් පසුපස නොයන බැවිනි. එම හේතුව නිසාම එම රටවල්වල රාජ්‍ය පරිපාලන යාන්ත්‍රනයන් ඉතා ශක්තිමත්ව සහ නිසිපරිදි ක්‍රියාත්මක වේ. අපේ රටේද ගොඩනැගිය යුත්තේ එවැනි තත්වයකි. තම පක්ෂයේ අය කියා ඕනෑම දූෂිතයෙකු ආරක්ෂා කරනවාට වඩා එම දූෂිතයින් හැකි පළමු අවස්ථාවේදීම හඳුනාගෙන ඔවුන්ට නිසි දඬුවම් ලබා දී ලබාදී රටට වුන පාඩුව එම අයගෙන් අයකරගන්නා ක්‍රමවේදයක් ගොඩනැගෙනතුරු ජනතාව විසින් පාලකයන් වෙත පීඩනය සහ බලපෑම එල්ල කල යුතුය. මෙම තත්වය උදාවනතුරු අපේ රට දියුනු කරනවා බොරුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 135 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 263 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 190 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 241 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 243 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 822 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site