IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හන්තාන විද්‍යාඥයෝ ලිතියම් අයන බැටරි හදති

(ගයාන් සූරියආරච්චි)

ලෝකයේ නව තාක්‍ෂණික මෙවලම් රැසක භාවිත වන ලිතියම් අයන බැටරියේ කෘත‍්‍රිම මිනිරන් වෙනුවට ස්වාභාවික මිනිරන් උපයෝගී කරගැනීමට හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයෝ පිරිසක් සමත්වී සිටිති.

ජංගම දුරකථන, ලැප්ටොප්, කැමරා, ඉලෙක්ටි‍්‍ර‍්‍රක් කාර්, ඔර්ලෝසු ඇතුළු බොහෝ උපකරණ සඳහා නැවත ආරෝපණය කළ හැකි ලිතියම් අයන බැටරි භාවිත කෙරේ. ඒ සඳහා යොදා ගනුයේ මිලෙන් අධික කෘත‍්‍රිම මිනිරන් ය. මේවන විට ලිතියම් අයන බැටරියට යෝග්‍ය වන පරිදි දේශීය ස්වාභාවික මිනිරන් පර්යේෂණ මගින් වැඩි දියුණු කර සාර්ථකත්වය තහවුරු කර තිබේ. මෙම පර්යේෂණය සඳහා ජාතික පර්යේෂණ සභාව මූල්‍ය දායකත්වය ලබාදෙයි.

මහනුවර හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ප‍්‍රධාන විද්‍යාඥ ආචාර්ය අතුල විජයසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරන අතර පේරාදෙණිය භූ ඝර්භ විද්‍යා අංශයේ ආචාර්ය නන්ද බාලසූරිය, මහාචාර්ය පිටවල, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයානි අමරවීර, පශ්චාත් උපාධි අපේක්‍ෂක තිලානි සෙනෙවිරත්න සහ නිරූබා කනගරත්නම් යන මහත්ම මහත්මීහු මේ සඳහා සහයෝගය ලබාදෙති.

පර්යේෂණය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය අතුල විජේසිංහ මහතා මෙසේ පැවැසීය.

‘‘වර්තමානය වන විට නැවත ආරෝපණය කළ හැකි ලිතියම් අයන බැටරිවලට විශාල ඉල්ලූමක් පවතිනවා. ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථ සඳහා භාවිත වෙන ලිතියම් අයන බැටරිවල මිල ඉතා අධිකයි. ඊට හේතුව වන්නේ ලිතියම් අයන බැටරිවල අන්තර්ගත ඉලෙට්‍රෝඩ මිල අධික බැවිනි. ඊට විසඳුමක් ලෙස  ස්වාභාවික මිනිරන් උපයෝගී කර ගැනීමට වසර ගණනක සිට අප පර්යේෂණ පවත්වමින් උත්සාහයක නිරත වුණා.’’

‘‘කැතෝඩය, ඇනෝඩය සහ විද්‍යුත්විච්ජේදකය ලෙස බැටරියක් ප‍්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. ඇනෝඩය සහ කැතෝඩය බැටරියක් තුළ විශාලත්වය අනුව වැඩි වශයෙන් අන්තර්ගත වන අතර ඒවා ක‍්‍රියාකාරීත්වයෙන්ද වැඩියි. ලිතියම් බැටරියේ ධන අග‍්‍රය මිලෙන් අධික ලිතියම් මූලද්‍රව්‍යයෙන් නිර්මාණය වී තිබෙනවා. සෘණ අග‍්‍රය බැටරියක තිබෙන විශේෂිත සහ වැදගත්ම කොටසක් ලෙස හැඳින්විය හැකියි. මුලින්ම බැටරියේ සෘන අග‍්‍රයට භාවිත කළේ මිල අධික මූලද්‍රව්‍යයි. මේවන විට කෘත‍්‍රිමව සාදාගත් මිනිරන් භාවිත කරනවා. පෙට්‍රෝලියම් නිෂ්පාදනයේදී අතුරුඵලයක් ලෙස කෘත‍්‍රිම මිනිරන් බිහිවෙනවා. එහි ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 20,000 ක් පමණ වෙනවා. එම නිසා දැනට පවතින බැටරිවල මිල අධිකවීමට එය විශාල ලෙස බලපා තිබෙනවා.’’

‘‘ වසර කීපයක් තිස්සේ අප සිදුකළ පර්යේෂණ මගින් ලිතියම් අයන බැටරිවලට දේශීය මිනිරන් යොදාගැනීමේ සඵලතාව තහවුරුවී තිබෙනවා. ලංකාවේ ස්වාභාවික මිනිරන් ලෝකයේ හොඳම මිනිරන් වුවත් ඒවා භාවිතයේදී අපට ඇතිවූ මූලික ගැටලූව නම් එහි අපද්‍රව්‍ය අඩංගුවීමයි. ඒ සඳහා අපද්‍රව්‍ය ඉවත්කිරීමේ කටයුතුවලට බොහෝ දෙනා යොමු නොවූයේ එය ඉතා සංකීර්ණ කාර්යයක් බැවිනි. එහෙත් වසර කීපයක් තිස්සේ  සිදුකළ පර්යේෂණවලින් සියයට 99.99 දක්වා ස්වාභාවික මිනිරන්වල අපද්‍රව්‍ය ඉවත් කර පිරිසුදු මිනිරන් ලබාගැනීමට අපට හැකිවුණා. එහෙත් ලංකාවේ මිනිරන්වල මතුපිට විද්‍යුතයට සම්බන්ධ රසායනික ප‍්‍රතික‍්‍රියා සඳහා අක‍්‍රීයයි. ඊට විසඳුමක් ලෙස අප වෙනම රසායන ප‍්‍රතික‍්‍රියාවකට ලක්කර පිරිපහදු කර සක‍්‍රීය මට්ටමින් දේශීය මිනිරන් ලිතියම් අයන බැටරි සඳහා සාර්ථකව උපයෝගී කරගත්තා.’’

‘‘මේවන විට ලංකාවේ මිනිරන් කිලෝවක් ඩොලර් 1 ක් හෝ 1.5 ත් අතර මිලකට අලෙවි වෙනවා. මෙලෙස මිනිරන් වැඩිදියුණ කළ පසුව ඩොලර් 20 කට පමණ විදේශ වෙළෙඳපොළේ අලෙවි කළ හැකි වනවා. ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයක් නිපදවූ පසු එහි ආයුකාලය තුළදී මිනිරන් කිලෝ 70 ක් පමණ බැටරියේ ප‍්‍රයෝජනයට ගන්නවා. විදේශ රටවලින් කෘත‍්‍රිම මිනිරන් අඩංගු බැටරි මිලදී ගැනීමට වැයවන විශාල මුදලක් අපට ඉතිරිකර ගැනීමට මෙමගින් හැකිවෙනවා. එමෙන්ම නුදුරු අනාගතයේදී ජනතාවට දරගත හැකි මට්ටමකට බැටරි මිල පහත හෙළීමටත් මෙම පර්යේෂණය ඉවහල් වෙනවා.

ලෝකයේ මිලෙන් අධික ග‍්‍රැෆින් නිපදවීමටත්, මිලෙන් අඩු සෝඩියම් සහ මැග්නීසියම් බැටරි සඳහා දේශීය මිනිරන් යොදාගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට සිල්වර් ග‍්‍රැෆින් සංයුක්ත ද්‍රව්‍යයක් අප නිපදවා තිබෙනවා. ඒවායින් බැක්ටීරියා විනාශ කිරීමට හැකියාව තියෙනවා. එමෙන්ම දේශීය මිනිරන් පිරිපහදු ක‍්‍රියාවලියේදී මතුපිට පෘෂ්ටිය වැඩිදියුණු කළ, පිරිපහදු කළ, ව්‍යුහගත වෙනස්කම් කළ මිනිරන් මේවන විටත් නැනෝ තාක්‍ෂණික සහ අධි තාක්‍ෂණික නිෂ්පාදන සඳහා භාවිත කෙරෙන මිලෙන් අධික අතරමැදි නිෂ්පාදන ලෙස හඳුනාගෙන තියෙනවා. එමගින් ලංකාවට විශාල විදේශ විනිමයක් උපයාගැනීමටත් නුදුරේදීම හැකියාව ලැබේවි ’’ යැයි විජයසිංහ මහතා පැවැසීය.



අදහස් (15)

හන්තාන විද්‍යාඥයෝ ලිතියම් අයන බැටරි හදති

මිඝාර. Thursday, 08 June 2017 12:48 PM

අපේ රට ගොඩ යන්න නම් මේ වගේ තාක්ෂණික උපකරණ නිපදවලා නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ...

:       8       349

kumar (galf) Thursday, 08 June 2017 01:05 PM

මගෙන් උණුසුම් සුභ පැතුම් !!!

:       2       109

සෙනෙවි Thursday, 08 June 2017 02:47 PM

නැකැත් බලලා, රාහු කාලය බලලා සුභමොහොතින් වැඩ අරඹන්න...

:       413       14

ajith Friday, 09 June 2017 04:11 AM

මගෙන් උණුසුම් සුභ පැතුම් !!!

:       0       22

PRABATH Friday, 09 June 2017 05:30 AM

මිලෙහි වෙනසක් නැත. ක්‍රම 2න්ම ටොන් 1ක් සඳහා USD 20,000/-ක් වේ.

:       25       2

sachith Friday, 09 June 2017 07:40 AM

අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී කියලා කුමාරතුංග මුනිදාසයන් කිවේ නිකන් නෙවෙයි. අපේ රටේ ම පරික්ෂණාගාරයක මේවා කරලා පෙන්නපු එකෙන් පේනවා අපිට අවශ්‍ය දැනුම හා පහසුකම් තියනවා කියා. දේශපාලුවන්ට තියෙන්නේ මේවගේ අධි තාක්ෂණික දේවල් වලට සම්බන්ධ කර්මාන්ත රටට ගේන එක. හැබැයි මතක තියාගන්න, මේ ව්‍යාපාරිකයෝ කැසිනෝ රජාලා වගේ පගාව දෙන එකක් නෑ.

:       3       58

parakkrama Saturday, 10 June 2017 03:40 PM

අපේ මෑත ඉතිහාසය දිහා විපරමින් බැලුවොත් කකුලෙන් ඇදීම් හා පොඩිවෙන්න ගැසීම් ගැනත් පෙනෙන්න තිබෙනවා නේද? ගොඩයන්න තියෙන තැනින් ගොඩ යන්න ඉඩ නොසලස්වා මඩටම නොඇද්දොත් මේක ශ්‍රී ලංකාව නොවෙයි. දැයේ දිරිය දරුවනි , එනිසා බලාගෙනයි ! විද්‍යාඥයනි, ඔබ සැමගේ උත්සාහයත්, නිපැයුමත් ගැන හද පිරි සතුට මෙන්ම ස්තුතිය. පෙරටම යමු ලංකා......

:       2       25

සජිත් Sunday, 11 June 2017 07:04 AM

ඔබ සැම රටට අභිමානයක්! පෙරටම යමු ලංකා!

:       0       28

Janaka Sunday, 11 June 2017 11:24 AM

අපේ ඇතැම් පාලකයොත් මේවා රට පටවන්නත් පටන් ගනියි. ලංකාවේ බැටරි හදනවා වෙනුවට ....

:       0       8

lalith Monday, 12 June 2017 03:56 PM

නියමයි. හදපු හැටියි තාක්ෂණයයි සේරම පත්තරේ දැම්මම අල්ලපු රටේ එවුනුයු චින්නුයි හෙට ඉඳන් වැඩේ පටන් ගනියි.

:       10       106

saman Wednesday, 14 June 2017 03:13 AM

සතුටුයි.

:       0       2

vipula Wednesday, 14 June 2017 04:09 AM

අපේ රටේ සල්ලි විදේශ රටවලට යන තැන පියවරින් පියවර අඩුකරන්නට මේ වගේ නිෂ්පාදන හොඳ හැටි උදව් වෙනවා. නමුත් මේවට රාජ්‍ය හා දේශපාලන අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. එය අපේ අභාග්‍යය වේ.

:       0       7

PA-RA Wednesday, 14 June 2017 12:46 PM

කොපමණ දක්ෂයින් ලංකාවේ සිටියත් තැනක් දෙන්නේ නැත, ඇත්තේද නැත, උදව්ද නැත, සහයෝගයක්ද නැත. ඒ ලංකාවයි... කෝ අර වතුරවලින් හයිඩ්‍රජන් හදපු කොල්ලා... එයා හිටියා නම් අද ලංකාවේ වාහන ඔක්කොම වතුරෙන් දුවන්න කාලේ...

:       0       108

isurandi Thursday, 15 June 2017 09:31 AM

රටේ සම්පත් රටට පලදායි ලෙස යොදා නොගන්න එකයි දුක.

:       0       3

Lahiru Newman Monday, 06 March 2023 07:02 PM

මගේ උණුසුම් සුබපැතුම්... ඔබ සියලුම දෙනාට... ඉතා හොඳ ව්‍යාපෘතියක්. ලෝක වෙළෙඳ වෙළෙඳපොළ ජය ගැනීමට හොඳ නිෂ්පාදනයක්. ලංකාවේ විදුලි බිල්පත් පවා ඉතා අධික මොහොතක නව සොයා ගැනීමක්. ඔබලාට අවශ්‍ය උදවුවක් කිරීමට මමත් කැමැතියි රට වෙනුවෙන්. අප සියලුම දෙනා එකතු වී ලෝකය ජයගමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2154 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6059 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site