IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශාඛ ආහාර ගත්විට කාන්තාවන් ලස්සන වෙනවාලු

ශාක ආහර ගත්විට කාන්තාවන්ගේ ලස්සන වැඩිවන බවත්, විරුද්ධ පාර්ශවයට ආකර්ෂණය වීම ප්‍රමාණය වැඩි වන බවත් මෑතකදී කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

එළවළු හා පළතුරු ආහාරයට ගන්නා කාන්තාවන්ගේ සෞඛ්‍යය තත්ත්වය හා ආකර්ෂණීය ස්වභාවය එළවළු හා පළතුරු ආහාරයට නොගන්නා කාන්තාවන්ට වඩා වැඩි බව විද්‍යාඥයෝ පෙන්වාදෙති.

 කැරට්, බතල, තද කොළ පැහැති කොළ ජාති හා තක්කාලිවල ඇති වර්ණක හා සංඝටක පිළිකාවලින් ආරක්ෂා වීමට උපකාරි වන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. එමෙන්ම එම වර්ණකවලට සමේ පැහැය හා පෙනුම ද වර්ධනය කිරීමේ හැකියාවක් ද ඇතැයි පර්යේෂකයෝ පවසති.

ස්කොට්ලන්ත හා ඕස්ට්‍රේලියා    පර්යේෂකයෝ පිරිසක් එක්ව මෙම පර්යේෂණ සිදු කළහ.

කොළ පැහැති ආහාර හා, එළවළු පළත-ුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීම කාන්තාවනගේ සමේ පැහැය වර්ධනය වීමටත්, විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය වැඩිවීමටත් හේතුවන බව ඔවුහු පෙන්වාදෙති. සමේ පැහැය විශේෂයෙන්ම කහ පැහැය වර්ධනය වීමත් එළවළු හා පළතුරු අතර දැඩි සම්බන්ධතාවක් පවතින බව මෙම පර්යේෂණවලදී අනාවරණය වී ඇත. මෙම පර්යේෂණවලින් තවදුරටත් අනාවරණය වී ඇත්තේ සම කහ පැහැ නම් ඔවුන් සෞඛ්‍ය සම්පන්න හා විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමේ වැඩි අවස්ථාවක් ඇති බවයි.

 එහෙත් කළු හෝ දුඹුරු හෝ පැහැයෙන් යුත-ු පුද්ගලයන් එසේ නොවනවා යැයි ඉන් අදහස් නොවන බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති. එම නිසා අනාගත පර්යේෂණවලදී මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවද කාන්තාවන් එළවළු හා පළතුරු ආහාරයට ගන්නා ප්‍රමාණය වැඩි කළ යුතු යැයි ද පර්යේෂකයෝ පෙන්වාදෙති.

කැරොටෙනොයිඞ්ස් අඩංගු ආහාර වැඩි වශයෙන් ආහාර ගැනීම සෞඛ්‍යයට හිතකර බවත්, ඉන් නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම සැලැකිය යුතු ප්‍රමාණයකින් අඩු වන බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති. කැරට් වැනි ආහාරවල කැරොටෙනොයිඞ්ස් සංඝටක අඩු බව ඔවුහු පෙන්වාදෙති.

(ඩේලිමේල් ඇසුරෙනි)



අදහස් (0)

ශාඛ ආහාර ගත්විට කාන්තාවන් ලස්සන වෙනවාලු

පිටිගල මිලානෝ Monday, 04 April 2016 03:30 PM

ගොන්නු ලස්සන වල් කන නිසා කියලා කවුද හිතුවේ? (බ)

:       0       0

චාමර Monday, 04 April 2016 12:41 PM

ශාන්, එලිච්චිගේ ලස්සන පෙනෙන්නේ එළුවටනේ. ඔයාට සමනලය නම් ලස්සනට පේනවා ඇති නේද?(අ)

:       0       0

ඉන්දික Monday, 04 April 2016 12:50 PM

මාංශ ජීර්ණය කරන්න වැඩි ප්‍රාණ ශක්තියක් වුවමනායි. වයසට යනකොට මාංශ අහාර ජීර්ණය කරන්න අමාරු වෙනවා ප්‍රාණ ශක්තිය අඩු නිසා. (බ)

:       0       0

චානක Wednesday, 06 April 2016 09:11 AM

ඒක තමයි හරක් ලස්සන වෙලා තියෙන්නේ (බ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 04 April 2016 12:53 PM

ශාඛ කාලා ලස්සන වීම යනු නිරෝගිකමද නැත්නම් ප්‍රිය මනාපව පෙනීමද? මගේ මෑණියන්ටත් වඩා ලස්සන කෙනෙක් මට සිටියා. ඇය තමා මගේ මිත්තනිය. කපු කුල්ලක් මෙන් ඇති සුදු කොණ්ඩය, රැළි වැටුණු මුහුණේ ලස්සන හිනාව කුදු දේහය කෙලින් කරගෙන උස මගේ හිස පිරිමදින ලස්සන තවමත් අමතක නොවේ. මේ ලස්සනද ශාඛ කාලා ගන්න පුළුවන්නේ? (බ)

:       0       0

ශාන් සෞදි Monday, 04 April 2016 06:16 AM

මොන බොරුද එහෙනම් එලිච්චි කොච්චර ලස්සන වෙන්න ඕනෙද ? (බ)

:       0       0

ධම්ම Tuesday, 05 April 2016 08:14 AM

පිටිගල මිලානෝගේ පළමුවන කතාවට දෙවන කතාව ගැළපෙන්නේ නැහැ වගේ. (ර)

:       0       0

ඩයස් Monday, 04 April 2016 06:22 AM

හොඳට තණකොළ කාපුවාම කිරිත් වැඩියෙන් එරෙනවා ! (බ)

:       0       0

අබරන් Monday, 04 April 2016 07:06 AM

සත්තු ලස්සන වෙලා තියෙන්නේ ඕව කාලා තමයි (ම)

:       0       0

ආරච්චිගේ Tuesday, 12 April 2016 04:19 PM

මෙවන් ලිපි ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Sunday, 03 April 2016 08:43 PM

මේ ගැන විවාදයක් නැහැ. ශරීරයේ ශෛල වලට පෝෂ්‍ය පදාර්ථ ආහාර ලැබිය යුතුයි. නමුත් රූපලාවන්‍ය කර්මාන්තකරුවන් මෙය විකෘති කරමින් ශරීරයේ පිටතට එක එක තලප ආලේප කරන්න කියා උපදෙස් දී මඩිය තර කර ගන්නවා. ලැබී තිබෙන බුද්ධියෙන් ප්‍රයෝජනය අරගන්න සියලු කාන්තාවන්ට ශක්තිය ලැබේවා. (නි)

:       0       0

ලලිත් Friday, 08 April 2016 10:03 AM

අපේ වත්තෙත් හොඳට තණකොළ වැවිල තියෙනවා කන නෝනලා එන්න. පැය විසි හතරෙන් ලස්සන වෙනවා. (බ)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 07 April 2016 06:19 AM

වෙන්න ඇති ඒකයි මගේ වයිෆ් මේ ඡායාරූපයේ ඉන්න තැනැත්තියටත් වඩා රූමත්ව ඉන්නේ. මොකදමගේ වයිෆ් ආහාර මේ වගේ තෝරලා බේරලා තමයි අර ගන්නේ (රේ)

:       0       0

ඉන්දු Sunday, 03 April 2016 11:39 PM

ඔන්න මම කැරට් කිලෝ දෙකක්ම ගෙනාවා. (නි)

:       0       0

චාමර ෆොන්සේකා Sunday, 10 April 2016 08:30 AM

ඇයි මේක කාන්තාවන්ට විතරක්. පිරිමින්ට මොකුත් බලපෑමක් නැද්ද?(හේ)

:       0       0

අමල් Tuesday, 05 April 2016 11:31 AM

ශාක ආහාර අපි කාටත් හොදයි. (ර)

:       0       0

සුදේශ් Tuesday, 12 April 2016 05:49 AM

බතල එහෙත් තියෙනවද? දන්නේ නැති නිසා අහන්නේ (නි)

:       0       0

චින්තන Sunday, 10 April 2016 09:41 AM

මම ඉන්නේ මලයාසියාවේ .එ්ක තමා මට චීන ඇන්ටිලා සෙට් වෙන්නේ. (බ)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 11 April 2016 12:52 PM

ශාක ආහාර ගත් විට කාන්තාවන්ගේ නිතඹ ලස්සනට පිරිපුන්ව ව‍ැඩේ. වෙනදාට වඩා ලිංගික සංසර්ගය පිළිබඳව උනන්දුවද වැඩි වේ.(අ)

:       0       0

ඥානරත්න Sunday, 10 April 2016 10:21 AM

සුජි, ඔයාගේ වයිෆ් ගේ අහාර වට්ටෝරුව අපිටත් එවන්නකො, අපේ නෝනලටත් උත්සහ කරලා බලන්න.(බ)

:       0       0

ලෙස්ලි Friday, 15 April 2016 11:47 AM

මෙවන් ලිපි වලින් අපි ඉගෙනගන්නා දේ බොහෝය (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 06 April 2016 07:18 AM

ධම්ම, දෙවන කතාව ලිව්වේ පළමු දෙය ලියු මම නොවෙයි.(බ)

:       0       0

ධම්ම Monday, 04 April 2016 11:17 AM

එළවලු, පලා ආදිය නොකා මාංශ ආහාර පමණක් ගන්නැයි සයිප්‍රස් ජාතික මගේ මිතුරෙක් මට උපදෙස් දුන්නා. හේතුව එළවලු පලා ආදියට අසීමිතව රසායනික බෙහෙත් දැමීමත්, මාංශ ගැන අප හොඳින් දන්නා බවත්ලු. (ර)

:       0       0

සමාරා Monday, 04 April 2016 05:35 PM

ඒ කියලා තියෙන්නේ සුද්දන්ට නේ, අපි වගේ කළු දුබුරු ජාතියකයන්ට නෙවෙයි. (ර)

:       0       0

උදිත සංජීව Monday, 04 April 2016 04:39 AM

එකනම් ඇත්ත තමා. වඳුරු කුලය බලන්න උන් කොච්චර ලස්සනද ? (බ)

:       0       0

විමලරත්න Wednesday, 06 April 2016 02:21 AM

ඉතාමත්ම හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1456 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site