IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වඩු කාර්මිකයා කසල දහනය තිරිහන් කරයි

කසළ ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස කසළ පිළිස්සීමේ යන්ත‍්‍රයක් හඳුන්වාදුන් කොළොන්නාව, මීතොටමුල්ල ආර්.ඒ. සරත් තිලකසිරි විසින් ගෘහස්ථ වශයෙන් භාවිත කළ හැකි කසළ පිළිස්සීමේ නව යන්ත‍්‍රයක් නිර්මාණය කර තිබේ.

කිලෝ පනහක පමණ කසළ තොගයක් මෙම යන්ත‍්‍රයෙන් පිළිස්සිය හැකිවන අතර ඉන් පිටවෙන දුම ජල පෙරනයක් හරහා පිරිසුදු කර පරිසරයට හානි නොවන අයුරින් නිදහස් කෙරේ. පිළිස්සීමෙන් අනතුරුව ඉතිරිවන අළු ගොතටුව ‘ඔසු පරිසර පදනම’ හා එක්ව කාබනික පොහොර බවට පත්කෙරේ.

වසර 2 ක කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව මෙය නිර්මාණය කළ තිලකසිරි වෘත්තීයෙන් වඩු කාර්මිකයෙකි. මෙම යන්ත‍්‍රයේ සක්‍යතාව අනුව දිනකට කසළ ටොන් 10 ක් පමණ පිළිස්සීමට හැකියාවැති යන්ත‍්‍රයක සැලසුමක්ද මීට පෙර ඔහු විසින් ඉදිරිපත් කළේය.

‘‘පසුගිය කාලයේ කසළ නිසා විවිධාකර ප‍්‍රශ්නවලට මුහුණදීමට ජනතාවට සිදුවුණා. විවිධ රෝග, නිවාස ගැටලූ ඇතුළු ප‍්‍රශ්න රාශියකට ජනතාව මුහුණ දුන්නා. මේ කසළ ගැටලූව මගේ ඔලූවට තදින්ම කාවැදුණා. මම හිතුවා කසළ පුළුස්සන්න පුළුවන් නම් අපට ප‍්‍රශ්නය ජයගන්න පුළුවන් කියලා. ඒ අනුව මම මුලින්ම කිලෝ පහක් පමණක් දමන්නට හැකිවන කුඩා යන්ත‍්‍රයක් නිපදවූවා. එය ඉතා සාර්ථක වුණා. ඒ අනුව මම ගොතටුව ‘ඔසු පරිසර පදනමේ’ අධ්‍යක්‍ෂ ඔලිවර් සරත් කුලරත්න මහත්මයත් එක්ක මේ නිර්මාණය ගැන සාකච්ඡා කරලා ඉන් බැහරව යන අළුවලින් කාබනික පොහොර නිපදවීමට සැලසුම් සකස්කළා‘

‘ගොම පොහොර, කුකුළු පොහොර, එළු පොහොරවලට මෙම යන්ත‍්‍රයෙන් පිිළිස්සී බැහැර කෙරෙන අළු නියමිත පරිදි සම්මිශ‍්‍රණය කරලා කාබනික පොහොර නිපදවීමට ‘ඔසු පරිසර පදනම’ මා සමඟ එකඟ වුණා. ඒ අනුව මෙම යන්ත‍්‍රය ගෘහස්ථ වශයෙන් භාවිත කරන පුද්ගලයන්ගේ පිළිස්සී ඉතිරිවන අළු ඔවුන්ගෙන් අපි මිලදී ගන්නවා. එම අළුවලින් නිපදවන කාබනික පොහොර වගාවලට යෙදවීමෙන් පරිසර හිතකාමී වස විසවලින් තොර ඵලදාවක් ලබාගන්න පුළුවන්. එම එළවළු, පලතුරු ආහාරයට ගැනීමෙන් බොහෝ රෝගාබාධ වළක්වා ගන්නත් හැකි වෙනවා‘

‘හෝටල් ආශි‍්‍රව බැහැර කෙරෙන රයිස්, කොත්තු, ආප්ප, සහ බැදුම් වර්ග පිළිස්සීම සඳහාද විශේෂිත යන්ත‍්‍රයක් මේවන විට මා නිර්මාණය කරගෙන යනවා. එම යන්ත‍්‍රයේ ඇති උදුනෙන් ඉවුම් පිහුම් කටයුතු සිදුකිරීමට හැකිවන අතර අනෙක් පැත්තෙන් කසළ පිළිස්සීමද සිදුකෙරෙනවා. අප විසින් බැහැර කෙරෙන කසළ අප විසින්ම ප‍්‍රයෝජනවත් පරිදි පුළුස්සා පොහොර බවට පත්කිරීමෙන් විශාල ජනතා ගැටලූවක් වන කසළ මෙරටින් තුරන් කිරීමට අපට හැකිවෙනවා. මේ වෙනුවෙන් සහයෝගය ලබාදිය හැකි අයෙක් වෙතොත් 0722 272 93 91 දුරකතන අංකය ඔස්සේ කතා කරන්න පුළුවන්’ යැයි සරත් තිලකසිරි පැවැසීය.

IMG_234 IMG_235 IMG_237 IMG_238 IMG_239

 



අදහස් (0)

වඩු කාර්මිකයා කසල දහනය තිරිහන් කරයි

එඩ්වඩ් Friday, 16 December 2016 03:51 AM

හොඳ උත්සාහයක් (නි)

:       0       0

රවී Friday, 18 November 2016 03:47 AM

මෙන්න ලංකාවේ තවත් සුපිරි වැඩක්. මෙයාගේ මේ උපකරණය වැඩිදියුණු කරලා ගත්තා නම් මීතොටමුල්ලේ කුණුකන්ද පිටරටකට පවරලා රටට වැඩදායි ලෙසින් භාවිතා කරන්න පුළුවන්. හැබැයි ලංකාවේ ඉන්න දේශපාලුවෝ ටික මීතොටමුල්ලේ කුණුකන්දත් විකුණගෙන කන්න හදන්නේ. (නි)

:       0       0

කේ.තිස්ස Monday, 28 November 2016 02:02 AM

මේවා කාලෝචිත නිෂ්පාදන. මෙවැනි දේ නිර්මාණය කිරීමට හැකියාව පිහිටන දක්ෂ තරුණ පරම්පරාවට සෑම ආශීර්වාදයක්ම පිරිනැමීම සුදුසුයි. (නි)

:       0       0

නුවන් Tuesday, 22 November 2016 04:24 AM

දැන් මෙතන දහනය කරන්නේ මොනවාද? පොලිතීන් ආදී දිරාපත් නොවන දේවල්ද ? එතකොට පොලිතීන් දහනයෙන් ඉතිරි වන අළු, කාබනික පොහොර වලට මිශ්‍ර කළ හැකිද? මෙයින් පිටවන තාපය කොප්පරා වියලීම ( නිවසක නම් තෙත දර වියළා ගැනීමට) වැනි අවශ්‍යතාවයකට යොදා ගන්නවා නම් තවත් හොඳයි. ඔබගේ ප්‍රයත්නය අති අනර්ඝයි. (බ)

:       15       0

දේශ් Tuesday, 29 November 2016 03:42 AM

හොඳ වැඩක් (ම)

:       0       0

ධම්ම Monday, 21 November 2016 04:30 AM

සත්‍යපාල, ලිපිය නැවත වරක් කියෙව්වොත් හොඳයි. ගොම, කුකුළු, එළු පොහොර දහනය කිරීමක් ගැන එතැන කියැවෙන්නේ නැහැ. (නි)

:       0       1

රාජන් Tuesday, 22 November 2016 04:50 AM

බොහෝ රටවල කුනි කසල දහනය කරනවා පමණක් නොව එමගින් විදුලිය ජනනය කරනවා. මෙම යන්ත්‍රයද එවැනි තත්වයට දියුණු කළ හැකි යැයි කිසි සැකයක් නැහැ. මම සේවය කළ සමාගම එවැනි යන්ත්‍ර නිපදවනවා. කුණු කසල දහනයේදී අපට ඇති වූ විශාලම අභියෝගය වුනේ වාතයට එක්වන විෂ වායු වැළැක්වීම හෝ ඉතාම අවම කිරීමයි. (බ)

:       0       1

තුසිත Saturday, 03 December 2016 07:29 AM

සත්‍යපාල සහ බන්දුල දෙන්නම මුලින්ම ලිපිය සම්පුර්ණයෙන් කියවලා අවබෝධ කරගෙන අදහස් දැම්මා නම් නේද හොඳ. හැමදේටම බුරන්නේ නැතුව (නි)

:       0       2

සමීර Monday, 21 November 2016 05:41 AM

ගොම පොහොර, කුකුළු පොහොර, එළු පොහොර වලට මෙම යන්ත‍්‍රයෙන් පිිළිස්සී බැහැර කෙරෙන අළු නියමිත පරිදි සම්මිශ‍්‍රණය කරලා කාබනික පොහොර නිපදවීමට ‘ඔසු පරිසර පදනම’ මා සමඟ එකඟ වුණා. මේක කියවලා තේරුම් ගන්න බැරි අයත් ඉන්නවා. ඒ අතින් මේ වඩු මහත්මයා නියමයි (නි)

:       0       2

තුසිත Tuesday, 22 November 2016 06:39 AM

සත්‍යපාල වගේ මේ රටේ මොකක්හරි හැදුවොත් එ්ක වැඩක් නැහැ කියන අයත් ඉන්නවා. ඕක පිටරටකින් අාවා නම් නියමයි කියලා බදාගනියි. මෙහෙමත් කුහකයෝ (නි)

:       5       1

ගොඩගේ Monday, 05 December 2016 08:55 AM

මහතාණෙනි, ඔබේ සුපිරි වැඩේට මගේ හිස නමා ආචාර කරමි. (ර)

:       0       1

නෙල්සන් Sunday, 20 November 2016 12:28 PM

හොඳ නිර්මාණයක්.(හේ)

:       0       0

නිශාන්ත Friday, 25 November 2016 04:27 AM

හොඳ වැඩක් අගනෙයි (ම)

:       0       0

ගුණසිරි Thursday, 17 November 2016 06:34 PM

සුපිරි වැඩක්! (නි)

:       0       0

ධම්මි Saturday, 26 November 2016 08:14 AM

මේ හොඳ වැඩක්.(හේ)

:       0       0

මංජුල Wednesday, 07 December 2016 05:17 AM

සත්‍යපාල හරි. දහනය මඟින් පරිසර උෂ්ණත්වය ඉහළ යනවා. හරිතාගාර වායු පිටවෙනවා. ප්‍රතිචක්‍රීකරණය කිරීම තමා හරි අනික ගොම කුකුළු, එළු පොහොර, කාබනික පොහොර කිරීම අපරාදයක් කෙලින්ම පැල වලට යොදන්න පුළුවන් (ර)

:       4       0

කේ.තිස්ස Wednesday, 30 November 2016 02:37 AM

මේ වැදගත් නිෂ්පාදනයේ නිර්මාතෘ තරුණ මහතාට ධෛර්ය දීමක් වශයෙන් ඔහුට වාණිජ අයිතිවාසිකම රැකෙන පේටන් සහතිකයක් ලබාදීමට ඉදිරිපත් වෙන්න ඇමති කෙනෙක් තවමත් ලංකාවේ ඉපදී නැද්ද? (නි)

:       0       0

සත්‍යපාල Sunday, 20 November 2016 01:33 AM

කුණු දහනය කිසිසේත් පරිසර හිතකාමී නොවේ. ගොම කුකුළු, එළු පොහොර, කාබනික පොහොර කිරීමට දහනය කරනවා කියලා අහන්න ලැබීමත් කණගාටුවක්. මේවා කොම්පෝස්ට් බවට පත්කිරීමට දහනය කිරීමෙන් කළ නොහැක. ජලපෝෂක නොවන වියලි සෝදා පාළුව නිසා නිසරු ඉඩම්වලට මේවා අතුරා එම ඉඩම් සරු ඉඩම් බවට පත්කළ හැකි ක්‍රමයක් සොයාගැනීම හිතකර බව විශ්වාස කරමි. (නි)

:       4       0

බන්දුල Sunday, 20 November 2016 03:04 AM

සත්‍යපාල හරි. දහනය මඟින් පරිසර උෂ්ණත්වය ඉහළ යනවා. හරිතාගාර වායු පිටවෙනවා. ප්‍රතිචක්‍රීකරණය කිරීම තමා හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2154 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6059 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site