IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වකුගඩු රෝගයේ සුලමුල සොයයි

වකුගඩු රෝගයේ සුලමුල සොයාගැනීම සඳහා ජාන සහ ප‍්‍රවේණි උපයෝගී කරගත් නව පර්යේෂණයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය සහ සත්ව විද්‍යා අධ්‍යනාංශයෙන් සිදු කරයි.

තවමත් වකුගඩු රෝගය ඇතිවීමට නිසි හේතුකාරකයක් සොයාගෙන නොමැති අතර මෙම පර්යේෂණයේ අරමුණ වනුයේ එහි යම් හෝඩුවාවක් සොයාගැනීමයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සෞම්‍යා වික‍්‍රමසිංහ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදු කරයි. මේ සඳහා මුල්‍ය දායකත්වය සපයනු ලබනුයේ ජාතික පර්යේෂණ සභාව මගිනි.

‘‘දැනට ලංකාවේ විවිධ ප‍්‍රදේශවල විශාල වකුගඩු රෝගීන් ප‍්‍රමාණයක් සිටිනවා. එහෙත් මෙම රෝගයට හේතුව තවම හොයාගෙන නැහැ. පාරිසරික හේතු මත බොහෝ පර්යේෂණ කෙරුණත් වකුගඩු රෝගයට බලපාන ජාන සහ ප‍්‍රවේණි විද්‍යාත්මක අංශය ගැන පර්යේෂණ සිදුවෙලා තියෙන්නේ අඩුවෙන්. මා සිතන පරිදි මෙම රෝගයට පරිසරය සහ ජාන අතර අන්තර් සබඳතාවක් තියෙනවා. අපි මෙම පර්යේෂණය තුළින් වකුගඩු රෝගයට බලපාන මෙම අන්තර් සම්බන්ධතාවය ගැන පර්යේෂණ සිදු කරනවා. එහිදී අපට ආවේණික හේතුකාරකයක් සොයාගැනීමට හැකිවෙනු ඇතැයි විශ්වාස කරනවා.

වකුගඩු රෝගීන් සම්බන්ධව පර්යේෂණ සිදුකරන අපේ විශේෂිත පර්යේෂණ කණ්ඩායමක් ඉන්නවා. ඒ අනුව ගිරාඳුරුකෝට්ටේ ගින්නෝරුව ප‍්‍රදේශයෙන් එම සාම්පල් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම පර්යේෂණය හරහා රෝගීන්ගේ සක‍්‍රීයව ප‍්‍රකාශනය වන ජාන මෙන්ම පරිසරයේ ජල ප‍්‍රභවවල සිටින ක්ෂුද්‍ර ජීවීන්ගේ ඩී.එන්.ඒ පිටපත්වල තොරතුරු විශ්ලේෂණය කිරීමටත් සැලසුම් සකස්කර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය නවීන තාක්‍ෂණය ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ඩේවිස් සහ නවසීලන්තයේ මැසී යන විශ්ව විද්‍යාලවල සහාය ලබාගැනීමටත් බලාපොරොත්තු වෙනවා.

මෙම පර්යේෂණය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත්, මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිශාන්ත නානායක්කාර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ප‍්‍රදීපා ගුණතිලක සහ වෛද්‍ය සම්පත් ලොකු ගලප්පත්ති යන මහත්ම මහත්මීන් මෙයට සහයෝගය ලබාදෙනවා.’’ යැයි සෞම්‍යා වික‍්‍රමසිංහ මහත්මිය පැවැසුවාය.

webUntitled-1

 

Surface-water Wells



අදහස් (0)

වකුගඩු රෝගයේ සුලමුල සොයයි

ජයන් Saturday, 30 July 2016 01:08 AM

.දර්ශන මොනව කියවනවද මන්ද මොනවා උනත් මේ උත්සාහයට මම සුබපතනවා වගේම නාථ දෙවියන්ගේ පිහිටත් ලැබේවා කියල පතනවා !(රේ).

:       0       0

සුමුදු Tuesday, 02 August 2016 05:35 AM

ඕක තවම හෙව්වේ නැද්ද ? (හේ)

:       0       0

ජයතු Saturday, 06 August 2016 08:20 PM

අනේ වාසනා, නුවරඑළිය තියෙන්නේ කඳුකරයේ. එම පළාත්වල කඳු සහිත පොළව සහ හොඳින් වැස්ස නිසා උල්පත් ජලයට කෘෂිරසායන මිශ්‍රවීම ඉතා අඩුයි. රජරට ගොවිමහතුන් වගා ළිං වලට අධික ප්‍රමාණයක් කෘෂිරසායන එකතුකර එම වතුර වගාබිම් වලට පොම්ප කරනවා. තැනිතලා බිම් නිසාත්, වැස්ස ඉතා අඩු නිසාත් පොළවේ තියෙන වතුර ඉතා අපිරිසිදුයි. රජරට විශ්ව විද්‍යාලය සහ කැලණිය විශ්ව විද්‍යාලය කළ පර්යේෂණ වල දේශන සහ ලිපි අන්තර්ජාලයේ තියෙනවා. බුද්ධිමත්ව කියවා බලන්න. (නි)

:       0       0

වාසනා Friday, 05 August 2016 06:23 PM

සුරන්,ජයතු, හේතුව කෘෂිරසායන නම් මේ ලෙඩේ වැඩිපුරම තියෙන්න ඕනෑ නුවරඑළියේ මිනිසුන්ට (නි)

:       0       0

දර්ශන Friday, 29 July 2016 10:50 AM

මමනම් හිතන්නේ වකුගඩු අමාරුවට හේතුව මේ මාන කියන වල්පලැටිය වෙන්න ඕනේ. (ර)

:       0       0

කමනී Friday, 05 August 2016 05:22 AM

දේශපාලකයෝ විතරක් නෙමෙයි පොදු ජනතව ගොනාට අන්දවන්නේ. (ම)

:       0       0

දිසා Thursday, 04 August 2016 04:18 PM

අනේ දවසක කියාවි පොහොර රසායන මේ ලෙඩේට හේතු නෙවේ අපේ ජාන තමයි ගැටලුව කියල. ගෙදෙර එළවලු ගෙදෙර වවන්න. (රේ)

:       0       0

ආනෝල් ගුණවර්ධන Sunday, 07 August 2016 05:49 AM

මගේ හිතවතෙක් වකුගඩු රෝගය හැදිලා ලේ පිරිසිදු කරගන්න ජාතික රෝහලට විටින් විට අරන් අවා. මම ඇහැව්වා කොළොඹ කට්ටියට මේක හැදුනේ කොහොමද කියල. ඒ අය දුන්න උත්තරය ඇහුවම මට පුදුම හිතුන එත් මම මේක මාධ්‍යට කියන්නේ මේවත් හිතේ තියාගෙන පරීක්ෂණය කරන්න කියල, ඒ වකුගඩු රෝගියාගේ නෑදෑයෙක් කිව්වේ මේකට හේතුව අයඩින් දාන ලුණු කන නිසා කියල. මේ එයාලගේ හැංගීම කෝකටත් මේවත් අවධානයට ගන්න.(රේ)

:       0       0

ජයාත් Monday, 08 August 2016 01:25 AM

සුරන්, ඔයාට පෙන්නන්න පුලුවන්ද ලෝක සෞඛ්‍ය සංවිධානය මේක ඒ විදියට පිළිගෙන තියෙන්නේ කියලා? මේක තවමත් හරියට හේතුවක් සොයානොගත් ප්‍රශ්නයක්. ගොඩක් අය තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර ඉස්සරහට දමා විවිධ දේවල් කියනවා තමයි. නමුත් ඇත්ත තවම හොයාගෙන නැහැ. (නි)

:       0       0

ජයතු Wednesday, 03 August 2016 08:57 PM

සුරන්, ඔබ හරි. (නි)

:       0       0

සෙනරත් Tuesday, 02 August 2016 03:29 AM

ඉතාම හොද අදහසක්. රජයෙන් නිසි ක්‍රම වේදයක් යටතේ යමක් නොකෙරෙන එකේ, මෙවැනි පර්යේෂණයක් කර මිනිසුන් දැනුවත් කිරීමෙන් දහස් ගණනක් ජිවිත බේරා දීමටත්, ඒ හේතුවෙන් දරු පරපුර අනාථ විමෙන් අපරාධකරුවන් බිහිවීම අවම කිරීමටත්, තවත් බොහෝ ප්‍රතිපල ලබාගන්න පුළුවන්. ඔබලාට ගොඩක් පින් මෙවැනි උතුම් කාර්යක් කිරීම ගැන. (බ)

:       0       0

සුරන් Wednesday, 03 August 2016 03:39 AM

වකුගඩු ලෙඩේට බලපාන්නේ කෘෂි රසායන කියල හොයාගෙන ඉවරයි. එකට නොයෙක් ක්‍රියාමාර්ගත් අරගෙන ඉවරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් තහවුරු කරනවා මේකට හේතුව කෘෂි රසායන කියල. මේ කට්ටිය කියනව තවම හේතුවක් හොයාගෙන නෑ.... (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site