IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මියන්මාරයෙන් ඩයිනෝසර් වලිගයක් හමුවේ

 

ඇම්බර් කුට්ටියක් තුළ සංරක්ෂිතව තිබූ පිහාටු සහිත ඩයිනෝසර් වර්ගයේ සතකුගේ වලිගයක් මියන්මාරයෙන්  හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩයිනෝසර් සතකුට අයත් කොටසක් ඇම්බර් තුළ තිබී හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව කැනඩා රාජකීය කෞතුකාගාරයේ විද්‍යාඥ රයන් මැකෙලර් පවසයි.


මියන්මාරයේ මිට්කිනා නගරයේ ඇම්බර් වෙළඳපොලක තිබී මෙම ෆොසිලය සහිත ඇම්බර් කුට්ටිය සොයාගෙන ඇත්තේ චිනයේ බීජිං විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ ලිඩා සිං විසිනි. ආභරණ නිපදවීම සඳහා ඇම්බර් කුට්ටිය ඔපදමා තිබුණු අතර එහි හිමිකරුවා පවසා ඇත්තේ ඇම්බර් කුට්ටිය තුළ දක්නට ලැබුන දෙය ගසක අතු කැබැල්ලක් යැයි සිතා සිටි බවයි. කෙසේ වුවද සියුම්ව පරීක්ෂා කිරීමේදී එය සතකුට අයත් කොටසක් බව සොයා ගන්නා ලදී. ලිඩා සිං පවසන්නේ මෙම සතා ප්‍රමාණයෙන් දෙමලිච්චකු තරම් විය යුතු බවයි.
මෙම ෆොසිලයේ අස්ථිය, මාංශමය කොටස්, පිහාටු සහ හම යන සියල්ලම සුරක්ෂිතව තිබීම පුදුම සහගත කරුණත් බවත් මෙයින් වසර දශලක්ෂ 120කට පමණ ඉහත ජීවත් වූ ඩයිෙෝසරයන් ගැන තවදුරටත් කරුණු හැදෑරීමට ද සත්ත්ව පරිණාමය සම්බන්ධව හැදෑරීමට ද මහගු උපකාරයක වනු ඇති බවත් විද්‍යාඥයින් පවසයි. 



අදහස් (1)

මියන්මාරයෙන් ඩයිනෝසර් වලිගයක් හමුවේ

mahee Monday, 06 March 2017 06:42 AM

අනේ අපටත් චාන්ස් එකක් දෙන්නකෝ මේකෙන් තලන්න කීප දෙනෙකුට.

:       0       1

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2154 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6059 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4212 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1666 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1525 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site