IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මියන්මාරයෙන් ඩයිනෝසර් වලිගයක් හමුවේ

ඇම්බර් කුට්ටියක් තුළ සංරක්ෂිතව තිබූ පිහාටු සහිත ඩයිනෝසර් වර්ගයේ සතකුගේ වලිගයක් මියන්මාරයෙන්  හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩයිනෝසර් සතකුට අයත් කොටසක් ඇම්බර් තුළ තිබී හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව කැනඩා රාජකීය කෞතුකාගාරයේ විද්‍යාඥ රයන් මැකෙලර් පවසයි.

මියන්මාරයේ මිට්කිනා නගරයේ ඇම්බර් වෙළඳපොලක තිබී මෙම ෆොසිලය සහිත ඇම්බර් කුට්ටිය සොයාගෙන ඇත්තේ චිනයේ බීජිං විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ ලිඩා සිං විසිනි. ආභරණ නිපදවීම සඳහා ඇම්බර් කුට්ටිය ඔපදමා තිබුණු අතර එහි හිමිකරුවා පවසා ඇත්තේ ඇම්බර් කුට්ටිය තුළ දක්නට ලැබුන දෙය ගසක අතු කැබැල්ලක් යැයි සිතා සිටි බවයි. කෙසේ වුවද සියුම්ව පරීක්ෂා කිරීමේදී එය සතකුට අයත් කොටසක් බව සොයා ගන්නා ලදී. ලිඩා සිං පවසන්නේ මෙම සතා ප්‍රමාණයෙන් දෙමලිච්චකු තරම් විය යුතු බවයි.

මෙම ෆොසිලයේ අස්ථිය, මාංශමය කොටස්, පිහාටු සහ හම යන සියල්ලම සුරක්ෂිතව තිබීම පුදුම සහගත කරුණත් බවත් මෙයින් වසර දශලක්ෂ 120කට පමණ ඉහත ජීවත් වූ ඩයිෙෝසරයන් ගැන තවදුරටත් කරුණු හැදෑරීමට ද සත්ත්ව පරිණාමය සම්බන්ධව හැදෑරීමට ද මහගු උපකාරයක වනු ඇති බවත් විද්‍යාඥයින් පවසයි. 

_92893710_xing-mckellar_maniraptora_amberbycheungchung-tat_jpg _92893708_tailbreachingsurfacewithant2blackbackground _92888803_microscopicbarbulesontailfeathers4



අදහස් (0)

මියන්මාරයෙන් ඩයිනෝසර් වලිගයක් හමුවේ

අකිල Friday, 16 December 2016 04:18 AM

විජිත්, ඔයා නේද ජල බෝම්බ සහ න්‍යෂ්ටික අවි ගැන මීට මාස කීපයකට කලින් අදහස් ලියලා තිබුනේ. මම ගොඩක් ඒ ගැන පැහැදුනා. (නි)

:       0       0

මොහොමඩ් පාසිල් Friday, 16 December 2016 06:33 AM

සුනිල් නියම කථාව , හිනාවෙලා පණ යනවා... ඇම්බර් වලට සින්හලෙන් කියන්නෙ ලාටු කියලා නෙ..(බ)

:       0       0

අසෝක Wednesday, 11 January 2017 05:59 PM

ලේ උරාබොන අය විතරක් නෙමෙයි රීරි මංශයම කන අය අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 24 December 2016 12:20 PM

හොඳ සොයාගැනීමක්

:       0       0

රයන් Wednesday, 18 January 2017 09:52 AM

විජිත්, ඔබගේ කතාව හරි. මම ඔය ෆිල්ම් එක බැලුවේ අවුරුදු 13කට කලින්. නමුත් ඇයි මේ සමහර කුහකයෝ ඔබගේ කතාවට හින්ට් ගහන්නේ. මොළෙත් හේදිලා මේ මිනිසුන්ගේ. (නි)

:       0       0

අබය Thursday, 22 December 2016 09:48 AM

හින්දි භාෂාවෙන් නම් ඇම්බර් කියන්නේ අහසට. එ්ත් ඉංග්‍රීසියෙන් නම් ගම් වර්ගයකට. කොහොම වුණත් විජිත්ගේ කතාව ගොඩක් දුරට හරි..... (නි)

:       0       0

රාධිකා Friday, 23 December 2016 04:47 PM

මේක ඉතාම වටිනා සොයාගැනීමක් (නි)

:       0       0

විද්‍යා Friday, 16 December 2016 10:45 AM

විජිත්, ඒ ගැන අපිව දැනුවත් කළාට ඔයාට බොහොම ස්තුතියි. (නි)

:       0       0

අලුගොල්ල Friday, 23 December 2016 10:37 PM

ඩයිනෝර්සර්ලා හැදෙන්නේ කටුස්සන්ගෙන්. අපේ රටේ එවැනි කුඩා සතුන් දේශපාලනය නමැති සුර ලෝකයට ගිහින් මාස කීපයකින් ඩයනෝසර්ලා වෙලා එළියට එනවා. පුදුමයි නේද? (නි)

:       0       103

විද්‍යා Thursday, 02 February 2017 04:02 AM

පරිණාමවාදය තහවුරු කිරීමට ඉතාම වැදගත් සොයාගැනීමක් (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 15 December 2016 07:00 PM

විජිත්, ඔයා පරණ චිත්‍රපටියක් ළඟදි බලලා ඔහේ ලියනවා. ඕක ගොඩදෙනෙක් බලලා තියෙනවා. (නි)

:       0       0

විජිත් Wednesday, 14 December 2016 12:35 PM

මට මතක් වෙනවා ‘ජුරාසික් පාර්ක්1‘ චිත්‍රපටය. කතාවේ හැටියට ඒ විද්‍යාඥයා " ඩයිනොසොර් " ලාව නැවත මේ ලෝකයට හඳුන්වා දෙන්නේ ඇම්බර් කුට්ටියක් තුල පොසිලයක්වී සිරවී තිබු මදුරුවෙකුගේ රුධිරයෙන්. කතාවේ හැටියට ඒ මදුරුවා ඩයිනොසොරස් ලාගේ රුධිරය උරාබිලා තියෙනවා.ඇම්බර් පොසිලයේ තිබුන මදුරුවාගේ රුධිරයේ තිබුන ඩයිනොසොර් ඩී එන් ඒ වලින් නැවත ප්‍රති උත්පාදනය කරගන්නා ඩයිනොසොර් ලා ..(බ)

:       0       0

දිනෙත් Thursday, 22 December 2016 02:54 AM

ශාමිණි ඩයස් ඇත්තටම ෆිල්ම් එක බලලා නැහැ වගෙයි..

:       0       0

යසස් වඩුගොඩ Thursday, 29 December 2016 10:54 AM

පණපිටින් ඩයිනොසරයෙක් බලන්න වැඩි කල් යන එකක් නැ වගේ! (බ)

:       0       0

පහන් Friday, 16 December 2016 03:11 PM

මේ වර්ගයේ සතෙකු ළගදි දවසක මම දැක්කා. බිත්තියේ හිටියා. (නි)

:       0       0

ශාමිණි ඩයස් Friday, 16 December 2016 03:48 PM

මමත් මේ චිත්‍රපටය බලලා තියෙනවා මම පුංචි කාලේ. මම හිතන්නේ විජිතුත් මේ චිත්‍රපටය බලන්නට ඇත්තේ එයා කුඩා කාලේදී. මම දන්නා හැටියට විජිත් අවුරුදු 30 කටත් වඩා එංගලන්තයේ ජීවත්වන්නේ. චිත්‍රපටිය බැලුවාට ඔය කියන මදුරුවාගේ කතාව ගැන මම දැනගෙන හිටියේ නැහැ. විජිත් ඔයාට බොහොම ස්තුතියි ඒ පිළිබඳ නොදන්නා අපව දැනුවත් කළාට. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 13 February 2017 08:47 PM

විජිත් හාස්‍යයට ලක්කරමින් අදහස් ලිවිම කුහකකමක් ලෙස මම දකිමි (නි)

:       0       0

චාන්දනී සේනාරත්න Wednesday, 01 February 2017 02:42 PM

පිටිගල මිලානෝ, ඔබගේ කමෙන්ට්ස් මම හැමතැනකම දැකලා තියෙනවා.මට හිතෙන්නේ ඔබ මහා කුහක ඒවගේම යමක් දන්නා අයට ගරහන මන්ද මානසිකත්වයකින් පෙලෙන පුද්ගලයකු බවයි.වාසනාවකට ඔබ වගේ මෝඩ කමෙන්ට්ස් දමන මෝඩයන් මේ පිටුවල බොහොම අඩුයි. (බ)

:       0       0

සුනිල් Thursday, 15 December 2016 08:58 AM

විජිත් ඔයා දන්නා දේවල් පුදුම හිතෙනවා. ඇඟ පුරාම මොලේ (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1423 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site