IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මහ හනුමා රැලත් අරන් යයි : නාවල පණිවුඩය හරියට වැඩ කරයි

වානරයන්ගේ අනතුරු ඇඟවීමේ සන්නිවේදන සංඥා ක‍්‍රම ඉලෙක්ට්‍රෝනික තරංග බවට පත්කර වඳුරන් එළැවීමේ නවතම උපකරණයක් හඳුන්වාදීමට කොළඹ නාවල විවෘත විශ්ව විද්‍යාලයේ මෙකාට්‍රොනික්ස් ඉංජිනේරු උපාධිධාරී රඛිත බි‍්‍රටෝ සමත්විය.

වඳුරන්ගෙන් මිනිසාට සිදුවන අසීමිත කරදරවලට විසඳුමක් වශයෙන් කාලයක සිට වානරයන්ගේ සන්නිවේදන සංඥා ක‍්‍රම රඛිත අධ්‍යයනය කරන්නට විය. වඳුරන්ට කැටපෝල විදීම, රතිඤ්ඤා පත්තු කිරීම, වෙඩි තැබීම වැනි හිංසාකාරී ක‍්‍රියා සිදුනොකර තමන්ගේ දේපොළ ආරක්‍ෂා කරගැනීමට මෙම උපකරණයෙන් හැකියාව ලැබේ.

දැනට පේරාදෙණිය විශ්ව  විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටින රඛිත අපට අදහස් දැක්වූ අයුරුයි මේ.

“මෙම නිර්මාණය කරන්න පෙළඹුනේ මගේ මිතුරකුගේ ඉල්ලීමකට අනුවයි. අපි දන්නවා වඳුරන්ගෙන් නොයෙකුත් කරදර සිදුවෙනවා. වඳුරු කරදර නිසා දේපළවලට අලාභ හානි මෙන්ම වගාවන්ද විනාශ කරනවා. මේ සියල්ලටම හිංසාකාරී නොවන විසඳුමක් ගේන්න  ඕනෑ කියා මා සිතුවා. ඒ අනුව හොඳම ක‍්‍රමය ලෙස වඳුරන්ගේ සන්නිවේදන සංඥා මා අධ්‍යයනය කළා. එහිදී ඔවුන් අනතුරු ඇඟවීමේ ක‍්‍රම සම්බන්ධ කරුණු රැුසක් සොයාගැනීමට හැකිවුණා. වඳුරන් බොහෝ විට අනතුරු ඇඟීවීමට වචන 8 පමණ භාවිත කරනවා. බූම්, බූම් බූම්, ක‍්‍රැක්, ක‍්‍රැක් ම්.., හූක්.. ඇතුළුව තවත් සංඥා ක‍්‍රම ඔවුන් භාවිත කරනවා. ඒවායේ තේරුම වන්නේ “ගස් අතු කඩාගෙන වැටෙනවා අයින් වෙන්න, මා ගාවට එන්න, ළඟ කොටියෙක් අයින් වෙන්න, ලොකු උකුස්සෙක් උඩ ඉන්නවා, ඉහළට යන්න, වඳුරන් කණ්ඩායමක් ඉන්නවා“ වැනි සන්නිවේදන ක‍්‍රමයි.

මෙවැනි ඉලෙක්ට්‍රෝනික තරංග යැවීමෙන් රැලෙහි නායකයා ඒ බව අනෙක් වඳුරන්ටද ඒත්තු ගන්වා රැඳී සිටීමට නුසුදුසු ස්ථානයක් බවට සංඥා කිරීමෙන් වඳුරු රැලම එම ස්ථානයෙන් පළවා හැරිය හැකි වෙනවා. ඒ අනුව මිනිසාට කිසිඳු කරදරයක් නොවන අයුරින් මා උපකරණයක් නිපදවූවා. එම උපකරණය 13 කිලෝ හර්ට්ස් 2 සහ 19 කිලෝ හර්ට්ස් 2  අතර දුර ප‍්‍රමාණයක් මෙම තරංග ජනනය කරනවා. එමගින් පහසුවෙන් වඳුරන් පළවා හරින්න පුළුවන්. මෙම උපකරණයට දිවා රාත‍්‍රී කාලය හඳුනාගැනීම හැකියාව තිබෙන බැවින් මෙය රාත‍්‍රී කාලයේදී ක‍්‍රියාත්මකවීමක් සිදුවන්නේ නෑ.

මෙය ඉතා සැහැල්ලූ උපකරණයක්. කුඩා බැටරි කැබැලි 4 කින් සහ වෝල්ට් 9 ක බැටරියකින් ක‍්‍රියාත්මක වන නිසා  ඕනෑම තැනක තබා භාවිත කරන්නත් පුළුවන්. වඳුරු කරදරයට මෙය ඉතා ප‍්‍රයෝජනවත් උපකරණයක් වනවාට නොඅනුමානයි.”

Brito Brito-Power Brito-Power-1 Rakitha-Brito



අදහස් (80)

මහ හනුමා රැලත් අරන් යයි : නාවල පණිවුඩය හරියට වැඩ කරයි

දිනේෂ් Monday, 20 June 2016 01:10 PM

ගොවිතැන් කරන අයට සෑහෙන වැදගත් වෙයි. (ර)

:       0       0

මනෝජ් Thursday, 23 June 2016 10:51 AM

මෙන්න වැඩ ජයෙන් ජය. රජය මෙවන් අයට උදව් කල යුතු වෙනවා. ලොකු වියදමක් නැතුව අලුත් වැඩක් කරලා අලි එලවන්න බැරි වෙන එකක් නෑ. (ර)

:       0       0

චමින්ද Monday, 20 June 2016 01:25 PM

ඉතාම වටිනා දෙයක්. පලතුරු, එළවලු ගොවීන්ට ඉතාම වටිනා හොයාගැනීමක් වේවි. තව තවත් වටිනා නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.! (ර)

:       0       0

මහේෂ් Tuesday, 21 June 2016 10:20 PM

අන්න හොද වැඩක්.(ෆහ්)

:       0       0

සංජය Tuesday, 21 June 2016 06:12 AM

මැස්සන් ගෙන් ගැලවෙන්න මේ වගේ පිලියමක් නැද්ද ? (ම)

:       0       0

නාලක Tuesday, 21 June 2016 06:12 AM

සහෝදරයා සුබපැතුම් . . . . ! (ම)

:       0       0

සුරනිමල Thursday, 23 June 2016 05:47 AM

විශිෂ්ටයි, අලින් එළවිමටත් ක්‍රමයක් සොයාගතහොත් අසරණ මිනිසුන්ට සේවයක් වනවා නිසැකය. ජයෙන් ජය පතමු (නි)

:       0       0

ලක්විදු Friday, 24 June 2016 08:33 PM

ඕක ඉට්කා වලටත් වැඩ කරන්න පුලුවන් විදිහට හදන්න පුලුවන් නම්.... (නි)

:       0       0

අසෝක Monday, 20 June 2016 02:09 PM

හොඳ වැඩක්.(හේ)

:       0       0

ලක්විදු Friday, 24 June 2016 08:42 PM

අරුණ, ඔයා එතකොට බත්, එළවලු කන්නේ නැද්ද? ඒ හැම එකටම කෘමිනාශක ගහනවා. එ්කෙන් එ්කදේශීය කෘමින්, මත්ස්‍යයින් ලක්ෂ ගානක් මැරෙනවා. ඇරත් වඳුරෝ ගම් වලට එන්නේ කැලේ අාහාර නැතුව නොවෙයි. (නි)

:       0       0

සංජීව Monday, 20 June 2016 02:09 PM

හොඳ වැඩක් සුබ පැතුම්.(හේ)

:       0       0

විජේ Friday, 24 June 2016 09:10 PM

කොහේ එළවන්නද මේ රට කන වඳුරෝ නම්. ඔවුන්ට අවශ්‍ය කෑම, බලය දෙන්නේ ඔයාලමනේ (නි)

:       0       0

ලකී පෙරේරා Friday, 24 June 2016 02:43 AM

විශිෂ්ට සොයාගැනීම වෙනුවෙන් සුබ පැතුම්! මදුරු ප්‍රශ්නයටත් මෙවැනි ක්‍රමයක් සොයාගැනීමට හැකිවේවායි පතමි. තෙරුවන් සරණයි! (නි)

:       0       0

ගජබා Friday, 24 June 2016 02:45 AM

අපේ ආයතනයේ තියෙනවා පරෙවි කරදරයක්. මේ සඳහා කවුරුහරි විසඳුමක් කියන්න පුලුවන්ද..? උපකරණයක් මිලදී ගැනීමක්, ගෙවීමක් කරන්න පුළුවන් (නි)

:       0       0

අාසිරි සුරන්ජන් සෙනෙවිරත්න Monday, 20 June 2016 02:27 PM

අද කාලේ විදිහට ගොඩක් වටිනවා අයියා ඔයාගේ මේ සොයාගැනීම හැමදාම මේ විදියට අලුත් වටින අදහස් පහළ වෙන්න ඔයාට ධෛර්යය ශක්තිය ලැබේවා (බ)

:       0       0

ආර්නෝල්ඩ් ගුණවර්ධන Tuesday, 21 June 2016 07:03 AM

කොහෙන්ද මේක ගන්න පුළුවන්, මිල කීයද ඒවත් කිව්වොත් නේද හොඳ. (ර)

:       0       0

චූලක Saturday, 25 June 2016 02:09 PM

මොහුගේ දුරකථන අංකයක් ලබාදෙන්න (නි)

:       0       0

අනුරශාන්ත Friday, 24 June 2016 03:21 AM

බොහෝම හොඳ නිර්මාණයක් වගෙයි. හැකි ඉක්මනින් මෙය ජනතාව අතරට ලැබෙන්න සළස්වන්න. ඔබගේ උසස් නිර්මාණයට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

සාලිය අරවින්ද Monday, 20 June 2016 02:52 PM

ඉතාමත් වටිනා වැඩක් මේ නිසා වඳුරන්ගෙන් වගාවන් ආරක්ෂා කරගන්න පුළුවන් (බ)

:       0       0

ලලිත් Monday, 20 June 2016 03:39 PM

බලමු මෙකෙන්වත් උද්ඝෝෂණ පෙළපාලි, පාගමන් අරව මෙව්වා නවත්තන්න පුලුවන්ද කියල? (බ)

:       0       0

ටිකිරි Friday, 24 June 2016 09:58 AM

ඕකට ඔච්චර මහන්සි වෙන්න ඕනෑද?? එක වඳුරෙක් අල්ලලා ඌව පුහුණු කළා නම් හරිනේ. ඌ ලවා මෙහෙම කියෙව්වා නම් හරි. (එන්න එපා කන්නයි වෙන්නේ වගේ වචන ) (නි)

:       0       0

මධුෂානි Monday, 20 June 2016 03:49 PM

සුබ පැතුම් අපිටත් ඕනේ එකක් (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Saturday, 25 June 2016 05:09 PM

වදුරන්ගෙන් පැවතෙන සමහර මිනිස්සු මේ උපකරණයට සංවේදීව මොන නාඩගමක් කරාවිද දන්නේ නැහැ (නි)

:       0       0

චින්තන Monday, 27 June 2016 07:24 AM

උණුසුම් සුබ පැතුම්, ඔබට මෙවැනි නව නිපයීම් වැඩි වැඩිය නිපදවීමට ශක්තිය ධෛර්යය ලැබේවා, අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී....!!! (බ)

:       0       0

සත්‍යයා Wednesday, 22 June 2016 01:15 PM

මේ නිපැයුමට ප්‍රථමයෙන් අපගේ ප්‍රණාමය. දෙවනුව අපගේ ඉල්ලීම දියවන්නා පැත්තේ සිට මුළු රටේම ජනතාවගේ දේවල් පැහැරගෙන යන උදුරා ගෙන කන වඳුරන් පලවා හරින විද්‍යුත් ක්‍රමයකුත් නිපදෙව්වා නම් ඔබත් දිනෙක රජෙකි පුතුනේ! (බ)

:       0       0

සොපී Monday, 11 July 2016 03:08 AM

මෙය රට පුරා පීඩාවට පත්ව සිටින ‍ගොවි ජනතාවට ඉතා හොඳ ආරංචියක් වේවි. ඉදිරියටම යන්න (නි)

:       0       0

රසිකා Monday, 20 June 2016 04:15 PM

අලින්ටත් ක්‍රමයක් හදන්න ,කරුණාකරලා (බ)

:       0       0

ලංකා Monday, 20 June 2016 04:40 PM

නොබෝ කලකින්ම වදුරන් 'බය වෙන්න එපා' ඔය එලෙක්ට්‍රොනික්' කියන්නත් පුරුදු වෙයිද දන්නේ නැහැ. (ර)

:       0       0

කපිල Sunday, 26 June 2016 01:44 AM

ඉතා වටිනා නිර්මාණයක්. සුබ පැතුම්! ඔබට පින්! නමුත් අවාසනාව අපි දරුවන් හොයාගන්නා නව නිර්මාණ කොතෙක් වටිනවා වුණත් රජයේ සැළකිල්ලක් නැතිවීම. ඕක ඉන්දියාවේ තිබ්බා නම් මෙලහකට ගෙනල්ලා. කොමිස් එක එනවනේ (නි)

:       0       0

මංජුලා Tuesday, 21 June 2016 08:13 AM

ඉතාම වටිනා නිර්මාණයක්. (ම)

:       0       0

ලක්ෂ්මන් Friday, 24 June 2016 05:40 AM

මේ රට කන හැලි වඳුරෝ කවදාවත්ම එලවන්න බැරිවේවී මොන උපකරණය තිබුනත්..(බ)

:       0       0

දුමින්ද Tuesday, 21 June 2016 08:37 AM

වානරයින් අත්දැකීමෙන් ඉගෙනගන්නා නිසා දිගුකාලීනව සාර්ථක වේවිද? (නි)

:       0       0

දුමින්ද Tuesday, 21 June 2016 08:37 AM

වානරයන් අත්දැකීමෙන් ඉගෙනගන්න නිසා දිගු කාලීනව සාර්ථක වෙයිද.? (ර)

:       0       0

වින්සන්ට් Monday, 20 June 2016 06:22 PM

සාර්ථක උත්සාහයක් නම් සම්මාන ලබාදිය යුතුය. ඉවසිය නොහැකි කරදරයක් වුණත් සතුන්ටත් ජීවත්වීමේ අයිතිය පිළිගැනීමට සිදුවේ. මෙම උපකරණය අත්හදා බැලීමට ඉක්මනින්ම ලබාගත හැකි මඟක් අප වෙත ලබාදෙන්න. මුවන් සහ වල් ඌරන් සඳහාද මෙවැනි ක්‍රමයක් ඇත්තේ නම් වටිනාකම කියා නිම කළ නොහැකිය. (නි)

:       0       0

අරුණළු දිසානායක Tuesday, 21 June 2016 08:52 AM

මෙම නව නිපැයුම අපිනම් බොහොම අගයකොට සලකනවා නමුත් අපේ රටේ එවැනි තාක්ෂණික නව නිර්මාණ සඳහා තිබෙන අනුග්‍රහය මදි කියලා මම හිතනවා. (ර)

:       0       0

රෝෂන් Wednesday, 22 June 2016 03:26 PM

ගොවිතැන් වලට හා ගෙවත්තේ බෝග වලට සතුන්ගෙන් හානි වීම අවිවාදයෙන් පිළිගනිමි නමුත් සතුන් පරිසරයේ ඇති දේ ආහාරයට නොගෙන මොනවා කන්නද අපි ඔවුන්ගේ ගූමිය විශාල ලෙස ආක්‍රමණය කර ඇත මෙම නිර්මාණය අගය කළ යුතුය නමුත් භාවිතා නොකළ යුතුයි. (බ)

:       0       0

රසිකා Monday, 20 June 2016 07:02 PM

වටිනා ප්‍රායෝගික නිර්මාණයක්. සුභ පැතුම්! (නි)

:       0       0

ලංකා Wednesday, 22 June 2016 05:35 AM

අශික මම හිතනවා ඔබ කිවූ දේ නිවැරදී කියල මොකද අපේ ලංකාවේ කිසිම දෙයක ප්‍රමිතියක්,,බලන්නේ නෑ නේ , ඕනෑම අසුචි ගොඩක් හොයන්නේ බලන්නේ නැතුව මිනිස්සුන්ට දෙනවා, එ්කනේ වකුගඩු වලටත් වුනේ (බ)

:       0       0

චානක Monday, 20 June 2016 09:02 PM

ඔබ වැනි දරුවන් රටටම ආඩම්බරයක් (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 21 June 2016 09:40 AM

ගොවිතැන් කරන අයට, වඳුරු කරදරෙන් ගැලවෙන්න හොඳ නිපැයුමක්. (ර)

:       0       0

ධම්මි Saturday, 25 June 2016 05:09 AM

සත්‍යයා, මසුරන් වටින කියමනක්. (ර)

:       0       0

ධම්මි Saturday, 25 June 2016 05:11 AM

ගන්නත් නැත්නම් හදනහැටි කියන්නෙත් නැත්නම් මේකෙන් ඇති වැඩේ මොකක්ද.? (ර)

:       0       0

සමන් Tuesday, 21 June 2016 12:50 AM

මේ ගැජට් එක කොහෙද ගන්න තියෙන්නේ? (නි)

:       0       0

යෝනක Tuesday, 21 June 2016 12:51 AM

අනේ මොනතරම් දක්ෂයෙක්ද? සුබ පැතුම්! (නි)

:       0       0

හර්ෂණ ජයකොඩි Tuesday, 28 June 2016 10:37 AM

වවුලන් සදහා බාවිතා කරන්න පුළුවන් ද.? (ර)

:       0       0

සරෝජා Tuesday, 21 June 2016 01:54 AM

වැඩේ තියෙන්නේ මොන දේ කළත් ටික කාලයක් යනකොට ඕක වඳුරෝ සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. හොයාගන්නවා බොරුවක් කියලා. හිතන තරම් රවටන්න බැහැ. ටික කාලෙකින් තව ක්‍රමයක් හොයාගන්න ඕනෑ. (නි)

:       0       0

මංගල Tuesday, 21 June 2016 02:13 AM

මම පොඩි කාලේ වඳුරෝ එළවන්න හරි කැමති. කොටියෙකුගේ වෙස් මුහුණක් දමාගෙන උඩ බල බලා කෑගහගෙන පස්සෙන් යනවා. දවසක් වඳුරු නායකයට තේරුණා මේක කරන්නේ ළමයෙක් බව. අනිත් අය පැනආ යද්දී එකපාරටම වඳුරු නායකයා ගහ දිගේ බැහැගෙන අැවිල්ලා මගේ පසුපස එළවාගෙන අාවා. පුදුම දිවිල්ලක් දුවලා තමා බේරුනේ. (නි)

:       0       0

රසික නන්දන Wednesday, 22 June 2016 07:15 AM

වටිනා ප්‍රායෝගික නිර්මාණයක්. සුභ පැතුම්! (ම)

:       0       0

සසික Tuesday, 21 June 2016 01:07 PM

මම හිතනවා මෙම නිර්මාණය අතිශයින් සාර්ථකවෙයි කියලා (නි)

:       0       0

කමල් Thursday, 01 December 2016 07:06 AM

නියමයි නියමයි. ජයවේවා!

:       0       0

පුබුදු ගුණවර්ධන Tuesday, 21 June 2016 03:17 AM

නියම වැඩක් (ම)

:       0       0

අරුණ Thursday, 23 June 2016 05:45 PM

මේ අදහස් සියල්ලම මෙම උපකරණය සැකසු කෙනාට ස්තුති කරලා දාපු ඒවා. නමුත් මේ බෞද්ධ රටේ වඳවීමේ තර්ජනයට ලක්වී සිටින ඒකදේශීය කළු වඳුරාට ආහාර නැතිකර එළවා වෙසක් පොසොන් දෙකටම දන්සල් දීම මහා විහිළුසහගත ක්‍රියාවක් නොවේද? මේ සතාට කඩේකට ගොස් ආහාර මිලට ගතහැකිද? (නි)

:       0       0

නන්දන Thursday, 23 June 2016 01:49 AM

ලබාගත හැකි ස්ථානයක් සහ මිල ගැන සඳහන් කරන්න. විද්‍යුත් තැපැල් ලිපිනය සහ දුරකතන අංකයද සඳහන් කරන්න (නි)

:       0       0

සාරම් Monday, 20 June 2016 11:37 AM

මේක අලින් සඳහා භාවිත කරන්න බැරිද.? (ර)

:       0       0

සේරම් Monday, 20 June 2016 11:37 AM

මේක අලින් සඳහා භාවිත කරන්න බැරිද ? (ම)

:       0       0

රුචක ගංහේවගේ Tuesday, 21 June 2016 02:51 PM

ඔයා මේක මෙච්චර ඉක්මනට ඉවර කරාවි කියලා අපි හිතුවේ නැහැ. මම එදා ඔයාලගේ ගෙදර ඇවිල්ලා මේ දේ කිව්වත් ඔයාට මේකට මෙච්චර ඉක්මණටම උදව්වක් දෙන්න පුළුවන් වේවි කියලා හිතුවේ නැහැ. හැබැයි කැම්පස් එකේ ඉන්නකම්ම ඔයා කළේ ඔය ජාතියේ වැඩ නිසා මට ෂුවර් එකක් තිබුන ඔයා ඒක කරාවිම කියලා. සියලු දෙනාම වෙනුවෙන් මම ඔයාට ස්තුති කරනවා. (නි)

:       0       0

ඉන්දු Thursday, 23 June 2016 02:44 AM

මට සැකයි ටික දවසකින් වඳුරු නායකයා රැලට මැසේජ් එකක් යවයිද කියලා "කලබල වෙන්න එපා, මේ අර සන්නිවේදන උපකරණයෙන් එන තරංගයක්" කියලා. උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

රොෂාන් රණසිංහ Tuesday, 21 June 2016 04:18 AM

අති විශිෂ්ඨයි සර්..තවත් අලුත් දේවල් කරන්න ලැබෙන්න සුභ පතනවා... (ම)

:       0       0

රන්ජිත් Tuesday, 21 June 2016 03:31 PM

රටට දැයට හිතැති මෙවැනි පුතුන් වාසනාවන්. (නි)

:       0       0

මධුෂාන් Tuesday, 21 June 2016 04:17 AM

කදිම නව නිපැයුමක්, තව තවත් මෙවැනි නව නිපැයුම් නිර්මාණය කිරීම සදහා ඔබට ශක්තිය ලැබේවා (ම)

:       0       0

සුනිල් Wednesday, 22 June 2016 08:35 AM

මෙය ඉතා හොඳ නිර්මාණයක් විය හැකි. නමුත් මෙයින් ඇත්තටම සිදුවන්නේ සතුන් රැවටීමක් නොවේද? මෙලොව ජීවත් විය යුත්තේ මිනිසා පමණක් නොවන බවත් සතුන්ද පරිසර පද්ධති වලම කොටසක් බවත් කියනු කැමැත්තෙමි. මෙය ධර්මයට හා සොබාදහමට පටහැනි ක්‍රියාවක් වශයෙන්ද දකිමි. (ම)

:       0       0

අසෝකා Wednesday, 22 June 2016 08:39 AM

මෙත් කරුණා ගුණය ගැන අදහන ඇත්තෝ ......සටන් වදිති පරපණ නසමින් සත්තෝ .... මේ වැනි ලක් පුතුන් ලෝකෙට බර නැත්තෝ...... (ම)

:       0       0

සසංක Tuesday, 21 June 2016 04:31 AM

ගොවීන්ගේ වගාවන් වදුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට කදිම ප්‍රයෝගික සහ කාලීන විසදුමක් .. මොකද දැන් මේ සත්තු අනික් ක්‍රම වලින් පලවා හැරීම ඉතා අපහසු කාර්යක් වෙලා තියෙනවා කියලා මං ප්‍රයෝගිකව දන්නවා ... මෙම නිර්මාණ කරුවාගේ දක්ෂතාවය මං පෞද්ගලිකව හොදින් දන්නා නිසා මෙම නිර්මාණය ඉතා සාර්ථක නිර්මාණයක් විය හැකි බව මා විශ්වාස කරනවා .... සුබ පැතුම් සර් .........(ම)

:       0       0

රුවන් Wednesday, 22 June 2016 08:47 AM

අලි ඇතුන්ගේ සන්නිවේදන ක්‍රම මගින් මෙවැනිම උපකරණයක් නිපදවීමට මම උත්සාහ කලා . නමුත් ඔවුන්ගේ සන්නිවේදන ක්‍රම ගැන ක්‍රමවත් පර්යේෂණ සිදුවී නොමැති නිසා,එය අත්හැර දැමීමට සිදුවුණා. (ම)

:       0       0

නුවන් Tuesday, 21 June 2016 04:30 AM

නියමයි මිලදී ගන්න හැකියාවක් තියනවාද අපිට (ම)

:       0       0

රොකී Monday, 04 July 2016 09:19 AM

ප්‍රාදේශීය සභාකාරයන්වත් එලවන්න හෝ භංග කරන්න මොකක් හරි ජිල්මාර්ට් එකක් හොයාගන්න මහත්තයෝ, උන්ගෙන් මේ රටට වෙන විනාශය ඔය සතුන්ගෙන් වෙන්න නැහැ! (බ)

:       0       0

ලියනගේ Tuesday, 21 June 2016 04:28 PM

අපිටත් මිලදී ගන්න පුළුවන්ද? (නි)

:       0       0

ලොකුගේ Tuesday, 21 June 2016 04:43 PM

මෙම නිර්මාණය ලංකාවේ ගොවි ජනතාවට බොහෝ වැදගත් වේවි (නි)

:       0       0

පුර්ණා රත්නවීර Tuesday, 21 June 2016 04:48 AM

වඳුරොත් බේරාගෙන වගාවත් බේරාගතහැකි මගක් !!! මෙවැනි නව නිපැයුම් නිර්මාණය කිරීම සදහා ඔබට ශක්තිය ලැබේවා (ම)

:       0       0

වරාගොඩ Thursday, 23 June 2016 03:49 AM

මෙය අගනා නිපැයුමක්, ඔබතුමා හමුවන්න ඕනේ ඉක්මනට දුරකථන අංකය විද්‍යුත් තැපැල් ලිපිනය දන්වන්න (ම)

:       0       0

අශිකා Tuesday, 21 June 2016 04:55 PM

මා ජීවත්වන දකුණු ඕස්ට්‍රේලියාවේ නම් කැන්ගරුවන් සඳහා මෙය සොයාගත්තේ දශකයකටත් පෙරයි. නමුත් එය දියුණු රටවල තහනම් කළේ මෙහි අධික තරංග තදින්ම මිනිස් මොළය හා හෘදය ස්පන්දනයට බලපෑ නිසයි. (නි)

:       0       0

ප්‍රසංග Tuesday, 21 June 2016 05:13 AM

මෙය වඩාත්ම වැදගත් වන්නේ, සතුන්ට හිරිහැරයකින් තොරව ඔවුන් වගා බිම් වලින් ඉවත් කිරීමට හැකි වීම. එය ඉතාමත් අගය කළ යුතුයි. (ම)

:       0       0

විමල් Tuesday, 21 June 2016 05:25 AM

මෙන්න දේශයට අවැසි සැබෑ දේශාභිමනි පුත්තු ...ජයමවේවා ! (ම)

:       0       0

චින්තන Monday, 20 June 2016 01:06 PM

සුබ පැතුම් (බ)

:       0       0

චින්තන Monday, 20 June 2016 01:05 PM

සුබ පැතුම් (බ)

:       0       0

නුවන් Tuesday, 28 June 2016 07:01 AM

අපි මේක පාර්ලිමේන්තුවේත් සවි කරමු. එතකොට ඒක ඇතුලේ රිලා නැටුම් නටන අය එළවන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

හිමානී Monday, 20 June 2016 01:06 PM

වදුරන්ගෙන් පිඩාවට පත්වන ජනතාවට වටිනා නිපැයුමකි . තවත් නිර්මාණ ඉදිරියට කරගෙන යාමට හැකියාව ලැබේවා.! (ර)

:       0       0

දිල්නුවන් Tuesday, 21 June 2016 07:22 PM

ලබාගත හැකි ස්ථානයක් සහ මිල ගැනත් සඳහන් කරන්න. (නි)

:       0       0

ජානී මුදන්නායක Thursday, 16 June 2022 08:40 AM

ඇනවුම් කරන්නේ කෙසේද?

:       0       0

shanaka Thursday, 28 March 2024 04:44 PM

මෙය මිලදී ගැනීමට තිබේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site