IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බිලියන හතරකට තවම ඩිජිටල් පහසුකම් නෑ

ලොව සමස්ත ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට තවමත් ජංගම දුරකතන සංඥාවලට ළඟා වීමට නොහැකිය. ඒ අනුව බලන විට ලෝක ජනගහනයෙන් බිලියන හතරකට තවමත් ඩිජිටල් සන්නිවේදන තාක්ෂණයට ප්‍රවේශවීමට  නොහැකි වී තිබේ. කෙසේ නමුත් පිරිවැය අඩු කුඩා චන්ද්‍රිකාවලින් ජංගම දුරකතන සේවා සැපයීමේ අවස්ථාව දැන් උදා වී තිබේ.
 
පිරිවැය අඩු, අභ්‍යාවකාශය පදනම් කරගත් ජංගම දුරකතන සේවා සැපයීම ඉතා ඉක්මනින් යථාර්ථයක් බවට පත් කරගැනීමට ‘ස්කයි ඇන්ඞ් ස්පේස් ග්ලෝබල්’ සමාගමේ ‘නැනෝ චන්ද්‍රිකා’ ක්‍රමවේදය ඔස්සේ හැකියාව ලැබෙනු ඇතැයි බොහෝ පිරිස් විශ්වාසය පළ කරති. 
 
‘ස්කයි ඇන්ඞ් ස්පේස් ග්ලෝබල්’ සමාගම මේ වනවිටත් ‘නැනෝ චන්ද්‍රිකා’ සමූහයක් අභ්‍යාවකාශයට යවා තිබේ. ඔබ ගන්නා දුරකතන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් සහිත සංඥා එක් නැනෝ චන්ද්‍රිකාවකට යන අතර එය ඊළඟ නැනෝ චන්ද්‍රිකාවට යවයි. එයින් පසු අදාළ පුද්ගලයාට ඔබ ගන්නා දුරකතන ඇමතුම හෝ කෙටි පණිවිඩය ලැබෙයි. 
“පෘථවියේ ඡායාරූප ගැනීම සඳහා ‘නැනෝ චන්ද්‍රිකා’ භාවිත කිරීම ගැන අපි හිත හිතා හිටියා. එහෙත් දුරකතන හා කෙටි පණිවිඩ සන්නිවේදනය සඳහා ‘නැනෝ චන්ද්‍රිකා’ යොදා ගැනීමට හැකි වේවි යැයි අපි කවුරුවත් හිතුවේ නැහැ. එහෙත් අපට එය කිරීමට හැකියාව ලැබුණා. එය කළ පළමු කණ්ඩායම අපි” යැයි ‘ස්කයි ඇන්ඞ් ස්පේස් ග්ලෝබල්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මයර් මෝලම් පැවසීය. 
 
වසර 2020 දී මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ වීමට නියමිත අතර නිරක්ෂ ආසන්න කලාප ඉලක්ක කරගනිමින් කෙටි පණිවිඩ, හඬ සහ දත්ත හුවමාරු කිරීමේ සේවා ලබාදීමට නියමිතය. මුල් අදියරේදී ලතින් ඇමෙරිකානු සහ අප්‍රිකානු රටවල් ආවරණය වන අතර බිලියන තුනක පමණ ජනගහනයකට සේවා සැපයීමට නියමිතය. 
 
“දැරිය හැකි ජංගම දුරකතන සේවා ලබාදීම සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සහ සමාජ සංවර්ධනයට ඉතා වැදගත්” යැයි මෝලම් කීය. “අපේ ව්‍යාපෘතියට එක්සත් ජනපද ඩොලර් මිලියන 150කට ආසන්න මුදලක් යනවා. එය එක් සම්මත සන්නිවේදන චන්ද්‍රිකාවක් සඳහා වැයවන මුදලට වඩා ඉතා අඩු මුදලක්. පිරිවැය අඩුයි වගේම තාක්ෂණය ඉහළයි. මේ ක්‍රමවේදය ඔස්සේ අවම බාධා යටතේ අපට සන්නිවේදන කටයුතුවල යෙදෙන්න පුළුවන්” මෝලම් තවදුරටත් කීවේය. 
 
බී.බී.සී ඇසුරිනි
055



අදහස් (1)

බිලියන හතරකට තවම ඩිජිටල් පහසුකම් නෑ

දිලාන් Sunday, 25 February 2018 06:15 AM

අපිට නම් මොනවා නැතත් ඩිජිටල් ඇමති කෙනෙක් ඉන්නවා.

:       11       59

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site