IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පේරාදෙණියෙන් විදුලි පෙරැළියක්

 

 

විද්‍යුත් උත්පාදක, විදුලිබල පද්ධතිය හා සම්බන්ධ කිරීමේන් පසු ඇතිවන වෝල්ටීයතා අඩු වැඩිවීම වළක්වා ගැනීම සඳහා “සුහුරු පරිණාමක“ පද්ධතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ ලංකා ට‍්‍රාන්ස්ෆෝමර් ආයතනය එක්ව නිර්මාණය කර තිබේ.

‘සුහුරු පරිණාමක‘ මගින් කෙරෙනුයේ සූර්ය පැනල, විද්‍යුත් ජාලකරන සහ විද්‍යුත් උත්පාදක අපගේ විදුලිබල පද්ධතිය හා සම්බන්ධ කිරීමේදී වෝල්ටීයතාව ප‍්‍රමිතියට අනුව 216 ත් 244 ත් අතර අගයක පවත්වා ගැනීමයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජනක ඒකනායක මහතාගේ මඟ පෙන්වීම යටතේ ලෝචනා විජේරත්න සිසුවිය විසින් මෙම ‘සුහුරු‘ පද්ධතිය නිර්මාණය කෙරිණි.

සූර්ය බල පද්ධති මගින් නිපදවන ජවය කාලත් සමඟ වෙනස් වෙනවා. ඒ නිසා බෙදා හැරීමේ ජාලයේ වෝල්ටීයතාව අඩු වැඩි වෙනවා. විශේෂයෙන් සූර්ය බල පද්ධති රාශියක් ඇතිවට දවල් කාලයේදී වෝල්ටීයතාව වැඩි වෙන්න පුළුවන්. වෝල්ටීයතාව 244 ට වඩා වැඩිවුව හොත් ඒ හා සම්බන්ධවන උපකරණවලට හානිදායක වෙනවා. ඒ වගේම වෝල්ටීයතාව අඩුවුව හොත් උපකරණ ක‍්‍රියාකරන්නේ නැතිවෙනවා. මේ හේතු කාරණා සැලකිල්ලට ගෙන ප‍්‍රමිතියට අනුව ඒකීය අගයක පවත්වා ගත යුතුයි යන අදහස මට ආවා. ඒ අනුව මෙම ‘සුහුරු‘ පද්ධතිය නිර්මාණය කරන්න හැකිවුණා.

මෙය පසුගියදා බත්තරමුල්ලේ පැවැති විදුලි හා විද්‍යුත් පර්යේෂණ ව්‍යාපෘති සම්මේලනයේ කැපී පෙනෙන නිර්මාණයක් වුණා. මෙය අනාගතයේදී විද්‍යුත් පද්ධති ‘සුහුරු පද්ධති‘ බවට පත්කිරීමට අත්‍යවශ්‍ය අංගයක් වේවි යැයි මා සිතනවා.

මෙම සුහුරු පරිණාමකය ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරතාව රැකගැනීමටත් ඉවහල් වෙනවා වගේම විදුලිබල පද්ධතියේ සංඛ්‍යාතය හර්ට්ස් 50 ක් රඳවා ගැනීමට හැමවිටම උත්සාහ කරනවා. එහෙත් සූර්ය බල හා අනෙකුත් පුනර්ජනනීය පද්ධති අධික ලෙස ඇති විට ඒවායේ ජවය විචල්‍ය වන විට විදුලිබල පද්ධතියේ සංඛ්‍යාත වෙනස් වෙනවා. එබැවින් විදුලිබල පද්ධතියේ උත්පාදනය කරන විදුලි ප‍්‍රමාණය හා පරිභෝජනය කරන විදුලි ප‍්‍රමාණය අතර පවතින සමතුලිතතාව පවත්වා ගැනීමට අපහසු වෙනවා. එවැනි අවස්ථාවලදී සමතුලිතතාව පවත්වාගැනීමටත් උචිත අයුරින් පරිභෝජනය කරන විදුලි ප‍්‍රමාණ වෙනස් කිරීමටත් මෙම සුහුරු පරිණාමකයට හැකිවෙනවා යැයි ලෝචනා පැවැසුවාය.

DSC_1746 IMG_0957 Lochana-Wijayaratne-1 Prof-Janaka-Ekanayake



අදහස් (0)

පේරාදෙණියෙන් විදුලි පෙරැළියක්

සුදර්ශන Monday, 12 September 2016 06:27 PM

විශිෂ්ටයි ලෝචනා. සුභ අනාගතයක්! (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 16 September 2016 01:14 PM

දැනටමත් අපි භාවිතා කරන වෝල්ටේජ් ස්ටබිලිසේර් කියන්නේ මේවටමද? (නි)

:       0       0

ගුණතිලක විජේවීර Wednesday, 14 September 2016 04:40 AM

නැගණිය, ඔබ අපට ආඩම්බරයක්. තව තවත් උනන්දුවී විශ්මිත නිර්මාණ කිරීමට දිරිය යෝධ ශක්තිය ඔබට ලැබේවා..(බ)

:       0       0

නන්දික සිරිනුවන් Saturday, 17 September 2016 12:28 PM

ලංකාවේ පාලකයන්ට හෝ බොහොමයක් ජනතාවට මෙවැනි දේවල් වලින් හෝ ඔබ වැනි යමක් කළහැකි බුද්ධිමතුන්ගෙන් පලක් නැත. හැකි ඉක්මනින් විදේශ රටකට ගොස් තවත් පර්යේෂණ සහ නව සොයාගැනීම් කර ඔබගේ අනාගතය සාර්ථක කරගැනීමට උත්සාහ කරන්න. (නි)

:       0       0

සුමුදු Monday, 19 September 2016 12:47 AM

ඕකේ වටිනාකමක් ලංකාවේ ඉන්න මිනිසුන්ට තේරෙනවද? ඔය දේවල් එන්නේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන්. නිදහස් අධ්‍යාපනය නැතිකරන්න හදනකොට එ්ක හොඳයි කියන මිනිසුන් සිටින රටකට ඔය දේවල් වලින් පලක් නැහැ. කරුණාකරලා පිටරටකට ගොස් ඔබගේ දැනුම මානව සංහතිය වෙනුවෙන් යොදවන්න (නි)

:       0       0

දෙවන්මිනි බණ්ඩාර Sunday, 11 September 2016 12:56 PM

සුබ පැතුම් ලෝචනා අක්කේ! ඔබ අපට ආඩම්බරයක්... (ර)

:       0       0

සුමුදු Monday, 19 September 2016 12:57 AM

රෝහණ, පාරවල් ගානේ ගිහින් රැකගත් නිදහස් අධ්‍යාපනයෙන් තමයි ඕවා එන්නේ. ගහේ මුල කැපුවහම ගහත් ඉවරයි. ගහේ මුල නැතුව ඵල දෙන්න කියලද ඔබ ඉල්ලන්නේ. සමාවෙන්න. මම දන්නවා ලංකාවේ මිනිසුන්ට එක පෙළට සිද්ධි පෙළගස්වා සිතන්න බැරි බව (නි)

:       0       0

නාලක දේවේන්ද්‍රන් Monday, 12 September 2016 07:33 AM

ශ්‍රී ලංකාව කියන්නේ නිරන්තරයෙන්ම නව නිර්මාණකරුවන්ගේ තෝතැන්නක්. මේ දැවැන්ත සොයාගැනීම කළ මහාචාර්යතුමාටත්, සිසුවියටත් මගේ අවංක ගෞරවය සහ ස්තුතිය! (නි)

:       0       0

සේනානායක Friday, 16 September 2016 02:54 PM

මගේ අවංක සුබ පැතුම් පිළිගන්න. (නි)

:       0       0

රක්ෂිත ඩී සිල්වා Sunday, 11 September 2016 01:48 PM

සුභ පැතුම්..! (ර)

:       0       0

විශ්ව Sunday, 11 September 2016 02:50 PM

සුබ පැතුම් ලෝචනා! මේ වගේ නිර්මාණ රාශියක් වර්ෂයකට පේරාදෙණිය ඉංජිනේරු පීඨයෙන් බිහිවෙනවා. ලංකාදීපයට ස්තුතියි මේක දැම්මට.. (නි)

:       0       0

චතුර Tuesday, 13 September 2016 01:05 AM

නියමයි සහෝදරිය! දැන් ඉන්න ගැහැණු අය දන්නේ මේකප් දාන්න විතරයි. ඒ අතින් ඔයා රටට සම්පතක් (නි)

:       0       0

දේව් Sunday, 11 September 2016 03:30 PM

රටේ දියුණුවට මඟ මෙවැනි නව සොයාගැනීම් හරහා වැටි ඇත. දියණියට සුබ පැතුම්!!! (නි)

:       0       0

විශ්ව Friday, 16 September 2016 04:39 AM

අපගේ සුබ පැතුම්.(හේ)

:       0       0

චන්දන ප්‍රනාන්දු Tuesday, 13 September 2016 02:14 AM

දුව, ඔබ අපට ආඩම්බරයක්. තව තවත් උනන්දුවී විශ්මිත නිර්මාණ කිරීමට දිරිය යෝධ ශක්තිය ඔබට ලැබේවා....!!! (නි)

:       0       0

රෝහණ Friday, 16 September 2016 04:36 AM

පාරවල් ගානේ ගිහින් අර මට නම මතක නැහැ මොකක්ද එකේ කැඳවුම් කරු වගේ නොකර මේ ළමය වගේ රටට යමක් කරනවා නම් දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙනවා නේද?(හේ)

:       0       0

රෙහාන් ඩීන් Tuesday, 13 September 2016 02:30 PM

බොහොම හොඳයි (අ)

:       0       0

අබේරත්න Wednesday, 14 September 2016 07:08 AM

අපි ගරු කරන්නේ මේ වගේ ප්‍රායෝගික, නිර්මාණශීලී වචනයේ පරිසමාප්තයෙන්ම විද්වතුන්ට විනා.... ටයි කෝට් සංස්කෘතියට නෙවෙයි...(බ)

:       0       0

ගුණසිරි Sunday, 11 September 2016 04:46 PM

සාමාන්‍ය ජීවිතයේදී භාවිතයට ඉතා වැදගත් සොයාගැනීමක්. කොතරම් අපේ විදුලි උපකරණ විදුලිය අඩු වැඩි වීම නිසා පිළිස්සෙනවද? ශ්‍රී ලාංකීය දිරිය දුවගේ ඥානයට මාගේ ගෞරව ප්‍රණාමය! (නි)

:       0       0

සමන්මලී ජයසේකර Wednesday, 14 September 2016 07:10 AM

අපි ඔබට සුබ පතමු. තවත් මෙවැනිම නිර්මාණ සඳහා ඔබට ශක්තිය ලැබේවා .අපේ පුංචි කෙල්ලට සුභ පැතුම්. (බ)

:       0       0

තෙලිජ්ජවිල සරත් කරු Sunday, 11 September 2016 05:02 PM

ලෝචනා දුවේ, අපේ සුබ පැතුම්! (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 11 September 2016 05:05 PM

රටේ විදුලි ප්‍රශ්නයට සම්බන්ධ දෙයක් නිසා මේ ගැන රජයත් මැදිහත් වෙන්න ඕනෑ. කොහොම වුණත් ඇයට අපේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

ලක්ෂ්මන් උදයකුමාර Monday, 12 September 2016 10:08 AM

ඔබට තව තවත් මෙවන් නිර්මාණ කිරීමට ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි සොයුරිය (බ)

:       0       0

ගිහාන් වික්‍රමරත්න Sunday, 11 September 2016 05:33 PM

උණුසුම් සුබපැතුම්! අපිට ආඩම්බරයක් (නි)

:       0       0

ඉන්දික Sunday, 11 September 2016 05:57 PM

මෙවන් පුරවැසියන් රටට වාසනාවක්! (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 18 September 2016 04:39 AM

නියමයි ඒවීආර් එක ඒ විදියමයි (බ)

:       0       0

යසන්ක Sunday, 11 September 2016 05:51 PM

ලෝචන, ඔබට ඊ/08 අපගේ සුභාශිංසන! (නි)

:       0       0

නයනා Tuesday, 13 September 2016 03:54 AM

මේ වගේ නිර්මාණශිලි දක්ෂයන් අප සමග සිටිනවා ඔවුන්ගේ නිර්මාණ රටේ ආර්ථික ශක්තිය දියුණු කිරීම සදහා යොදාගත යුතුයි එය අපට ආඩම්බරයි ඔබ දෙපලගේ දක්ෂතාවයන් තවතවත් දියුණු කරගැනීමට අපගේ උණුසුම් සුභපැතුම් (බ)

:       0       0

අබය Sunday, 11 September 2016 10:06 PM

ආඩම්බරයි ඔබ ගැන. ඒ වගේම ඒකනායක මහත්තයාගේ මඟපෙන්වීම අගය කළයුතුයි. (නි)

:       0       0

ජයතු Wednesday, 14 September 2016 07:54 PM

ඔබට සුබ පැතුම්! පේටන්ට් අයිතිය ලබාගෙන ඉදිරියටම යන්න. (නි)

:       0       0

ගයන් ඩී සිල්වා Wednesday, 14 September 2016 09:11 AM

මෙය උපකරණයක් ලෙස එලිදක් වන්නේ කවදාද ? පේටන්ට් අයිතිය ලබාගන්න ඉක්මනින්. විදුලි බල මණ්ඩලය සහ රජයේ වගකිවයුතු පාර්ශව දැනුවත් කරන්න. ඔබට සුබ පතමි.! (ර)

:       0       0

අරුණ Monday, 12 September 2016 12:20 PM

ජනක සර් ට ගෞරව කරමි (බ)

:       0       0

සුනිල් Tuesday, 13 September 2016 06:46 PM

ජනතාවට ඔබ කරන මේ සේවයට අපේ ප්‍රණාමය සහ සුබ පැතුම්. මේවා හැකි ඉක්මනින් මහජනතාවට මිලදී ගන්න අවස්ථාවක් උදා කර දෙන්න. (රේ)

:       0       0

ශාන්ත. Tuesday, 13 September 2016 07:15 PM

ඔන්න තවටික දවසකින් රට අතැර ගියා....... මම කලකිරිමේ කියන තැනට එනකම් බලාගෙන ඉන්න එපා. මේ ඔලුවලින් වඩ ගතයුතුයි. පේරාදෙණිය සරසවිය යනු භයානක තැනකි. මොළේ ඇති හැම එකාම මහවැලියට දියවෙනවා.හන්තාන මුදුනට නගින්නේ එහෙය්යෝ. ඒ නිසා කල්පනාවෙන්. (අ)

:       0       0

හෙට්ටිගේ Monday, 12 September 2016 03:09 AM

කොච්චර නව නිර්මාණ බිහිවුණත් අපි මේවා අපේ රට වෙනුවෙන් උපයෝගී කරගන්නවද? එ්ත් වෙන රටවල? (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 13 September 2016 06:41 AM

සුබ පැතුම්! (නි)

:       0       0

චින්තක Monday, 12 September 2016 03:46 PM

නියමයි.(හේ)

:       0       0

මහිලාල් Tuesday, 13 September 2016 08:46 AM

නියම වැඩක් සුබපතනවා, ඉදිරියටත් මේවා කරගන යන්න (බ)

:       0       0

අත්තනායක Monday, 12 September 2016 03:56 PM

මෙවන් නිර්මාන කරන්න ශක්තිය ලැබේවා.(හේ)

:       0       0

තිස්ස Monday, 12 September 2016 03:49 PM

ඔබගේ නිර්මාණයට උණුසුම් සුබ පැතුම් (හේ)

:       0       0

රංග Monday, 12 September 2016 05:54 AM

ලංකාවේ කොතරම් දේවල් නිපදවා ගතහැකිද? කොමිස් වලට සියල්ල ආනයනය කරනවා. මෙවැනි බුද්ධිමතුන් සහ නිර්මාණකරුවන් විදෙස්ගත වෙනවා. (නි)

:       0       0

නාමල් Monday, 12 September 2016 06:01 AM

ඔබට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

සරත්චන්ද්‍ර Monday, 12 September 2016 04:52 PM

ඔබගේ නිර්මාණයට උණුසුම් සුබ පැතුම්! (හේ)

:       0       0

ශ්‍රීලාල් Monday, 12 September 2016 06:18 AM

මා සමඟ ආචාර්ය උපාධිය කරන චීන ජාතික ශිෂ්‍යයෙක් කිව්වා චීනයේ (වගේම තවත් ගොඩක් රටවල) සූර්ය පැනල එතරම් සාර්ථකව ප්‍රයෝජනයට නොගන්නේ මෙම වොල්ටීයතවයේ සිදුවන වෙනස්කම් නිසා විදුලි උපකරණ වලට සිදුවන හානිය නිසා කියලා. එවන් තත්වයක් පවතින අවස්ථාවක, මෙවන් උත්සාහයක් දැරීම ඉතාම අගය කළයුතුයි. මගේ සුභ පැතුම්! (නි)

:       0       0

නදීර Monday, 12 September 2016 05:15 PM

අපගේ සුබ පැතුම්.හොද අනාගතයක්.(හේ)

:       0       0

සචිත් Monday, 12 September 2016 05:08 PM

බක් බූස්ට් කන්වටර් එකකින් කරන්නෙත් මේක නේද? වෙනස මොකද්ද? (හේ)

:       0       0

ජගත් Monday, 12 September 2016 05:34 PM

මෙය ඇමෙරිකාවට විකුණලා හොඳ ගානක් හොයාගන්න. මෙහේ අයට කොහෙද ඕවායේ අගයක්? සුභ පතමි! (නි)

:       0       0

ධම්මික Monday, 12 September 2016 06:10 PM

මෙන්න මේවනෙ කරන්න ඕනෑ, බෝර්ඩ් අල්ලාගෙන පාරවල් වල දඟලන්නේ නැතුව. (නි)

:       0       0

අජිත් Thursday, 15 September 2016 04:13 AM

ඔබගේ නිර්මාණයට උණුසුම් සුබ පැතුම්! තවත් නිර්මාණ කිරීමට දිරිය යෝධ ශක්තිය ඔබට ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site