IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පෘථිවියට සමාන තවත් ග්‍රහලොවක්

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

අලෝක වර්ෂ 4.2ක් හෙවත් සැතපුම් ට්‍රිලියන 25ක් දුරින් පිහිටි එම ග්‍රහලෝකය අධික උණුසුමකින් හෝ අධික සීතලකින් තොර ජීවීන්ට හිතකර එකක් බව නාසා ආයතනය පවසයි.

නවීන තාක්ෂණයෙන් යුත් යානයක් එම ග්‍රහලෝකය වෙත යැවීමට වසර 100ක් පමණ ගතවනු ඇතැයි විද්‍යාඥයෝ කියති.



අදහස් (0)

පෘථිවියට සමාන තවත් ග්‍රහලොවක්

උදය Thursday, 25 August 2016 08:31 PM

ඒ ග්‍රහලෝකයට අපි යන එක නම් ඉතින් සිහිනයක් පමණයි (නි)

:       0       0

දුලිප් Thursday, 25 August 2016 08:33 PM

එච්චර කාලයක් ගතවෙනවා නම් ඉතින් මේක සොයාගත්තේ කොහොමද? (නි)

:       0       0

මහාදේව Thursday, 25 August 2016 06:32 AM

එච්චර දුර නම් මෙම ග්‍රහලොව ඇත්තේ වෙනත් මන්දාකිණියක. කොහොම වුණත් ජීවීන් ඉන්න ග්‍රහලෝක කෙතරම් විශ්වයේ ඇද්ද? (නි)

:       0       0

පුෂ්ප Saturday, 27 August 2016 12:48 AM

මොකද මන්දා සමහරු දැන් සද්ද බද්ද නැත්තේ. මට මතකයි නාසා එකෙන් යවපු චන්ද්‍රිකාවක් ගැන ඔවුන් ඇතිවෙන්න උඩපැන්නා (නි)

:       0       0

ඩීමන් Thursday, 25 August 2016 01:19 PM

විශ්වයේ මෙවන් රහස් තව කොපමණ ඇද්ද? (නි)

:       0       0

බටුගෙදර Tuesday, 30 August 2016 07:03 AM

මේ ගොල්ලන් කියන හැම එකම විශ්වාස කරන්න බැහැ. (ර)

:       0       0

ඉසුරන්දි Thursday, 25 August 2016 06:50 AM

පුලුවන්නම් මේ පෘථිවියේ වනසන ත්‍රස්තයන්ව ඔවැනි ග්‍රහලෝක වලට පන්නා දැමිය යුතුයි. (නි)

:       0       0

සජීව Monday, 19 September 2016 11:49 AM

මෙච්චර දුර ග්‍රහලෝක වලට මිනිස්සුන් එක්ක ජෙට් යවන්නේ නැ හලෝ.ඒවාට යවන්නේ මගීන් රහිත යානා. ඒවා කොච්චර කාලයක් ගියත් ප්‍රශ්නයක් නැ.(අ)

:       0       0

අරුණ Tuesday, 30 August 2016 09:20 PM

අර අපි ඇරපු රොකට් එක කවදාහරි මේකට යයි (නි)

:       0       0

අමරකෝන් Sunday, 28 August 2016 02:58 AM

වසර 100 කියන්නේ මිනිස් පරපුරවල් 2ක්. දෙවැනි පරපුරට තම ගවේෂණ කටයුතු කරගත හැකියි (නි)

:       0       0

මහාදේව Thursday, 25 August 2016 01:49 PM

මංජුල, ආලෝක වර්ෂයක් හැදෙන්නේ මෙහෙමයි, ආලෝකය තප්පරයකට ගමන් කරන දුර (299,792 kilometers per second) 3,600න් (60*60) ගුනකොට, එම පිළිතුර 24න් ගුනකොට අවසාන පිළිතුර 365න් ගුනකල යුතුයි, එතකොට ආලෝක වර්ෂ 4.2ක් කියන්නේ ලඟද? ඒකයි නසා ආයතනය කියන්නේ ඒකට යානයක් යවන්න වසර 100ක් වත් යයි කියල. එක නිසා මෙය ක්ෂීර පථයට ඇතින් පිහිටපු එකක්. (හේ)

:       0       0

අතුල Thursday, 25 August 2016 02:10 PM

නව සොයා ගැනීමක්.(හේ)

:       0       0

මංගල Friday, 26 August 2016 07:58 AM

එහෙත් යහපාලනයද තියෙන්නේ (බ)

:       0       0

නුවනි Saturday, 27 August 2016 03:25 AM

දෙවියන්ට ස්තුති කරන්න ඕනෑ අපිට තවත් ලෝකයක් මවාදීපු එකට (නි)

:       0       0

මංජුල Tuesday, 30 August 2016 08:55 AM

ප්‍රොක්සිමා සෙන්චුරි කියන අපට ලගින්ම තියෙන අපේම මන්දාකිනියේ තියෙන තරකා මණ්ඩලයට තමා ඔය ග්‍රහය අයිති වෙන්නේ. අපි අපේ ග්‍රහ මණ්ඩලයෙන් පිටතට යනවනම් යන්න ලගම තියෙන ග්‍රහයා ඕක වෙන්න ඕනේ. හැබැයි දැනට තියෙන තාක්ෂණයෙන් අපිට එතනට යන්න බැහැ අවරුදු 100 කින් නම් . මන් හිතන්නේ තව අවරුදු 100 කින් ඇතිවෙන තාක්ෂණයක් යටතේ යන්න පුළුවන් වෙයි . ඒ වගේම කියන්න ඕනේ විෂවයේ ගමන් කරන්න යන කාලය දුර සහ වේගය අනුව විතරක් හොයන්න බැහැ . සරල රේකිය මාර්ග වල යන්න බැරි නිසයි එහෙම කියන්නේ . ඒ වගේම විද්‍යාව පරීක්ෂණ කරනවා වෙන ක්‍රම හරියට කළු කුහර හරහා යන ඒවා වගේ . අපි කතා වල දකින්නේ මිනිසා දකින ඒ සිහින. (ර)

:       0       0

බණ්ඩාර - කැකිරාව Thursday, 25 August 2016 02:44 PM

දියවන්නාවේ ඉන්න මැඩියෝ සේරම ඒ ග්‍රහලෝකෙට යැව්වනම් අපේ රටේ සියලුම ජාතීන් සමගියෙන් ජීවත් වේවි (බ)

:       0       0

චානිකා Friday, 26 August 2016 01:10 AM

එහෙනම්, මේ යානය ගුවන්ගත කරනකොට අලුත ඉපදුන බබාලා ටිකක්, පාසල් ළමයි ටිකක්, දොස්තරලා, ගුරුවරු ඔක්කොම යවන්න වෙයි. අඩුමගානේ ගුවනේදී ඉපදෙන අයවත් අලුත් ග්‍රහලෝකෙට යයිනේ. (නි)

:       0       0

වසන්ත Tuesday, 30 August 2016 01:00 AM

මේ දවස් වල රෑ 8 ට අහස බලන්න. උතුරේ සිට දකුණට පැතිරුණු අපේ මන්දාකිණියේ බිලියන ගණනක් වූ තාරුකා බලාගන්න පුළුවන්. මේ සියලුම තාරකා අපේ ඉර වගේ ඉරවල්. (නි)

:       0       0

ලලිත් Saturday, 27 August 2016 05:40 AM

අනේ අපිට නම් ඔය නොදන්නා ලෝක වලට වැඩිය මේ අපේ රට හොඳයි (නි)

:       0       0

ගුණසිරි Friday, 26 August 2016 10:46 AM

ලෝකෝත්තර භෞතික විද්‍යාවෙහි ගිලි බලද්දී , තමන් පයගහපු මහපොළොවත් ඇසට නොපෙනෙන කල දුර ඇති ග්‍රහ වස්තුවකට පය ගහන්න සිහින දකින නොදරුවනේ ,ඔබ සැම එහි යන්න ඇද පලද ගනිද්දිම ඔබේ මුනුපුරන්ගේද ආයුෂ සංස්කාරයන් ගෙවෙනවා . (ම)

:       0       0

අනූෂා Friday, 26 August 2016 03:06 AM

අපිට නම් කවදාවත් යන්න බැරිවෙයි (නි)

:       0       0

විමලරත්න Sunday, 28 August 2016 06:29 PM

මම විශ්මයට පත්වුණා මේ ගැන අහලා (නි)

:       0       0

ස්ටීව් Friday, 02 September 2016 03:26 PM

අපරාදේ රොකට් පුතාවත් හිටියා නම් (නි)

:       0       0

හේමන්ත Friday, 26 August 2016 11:30 AM

තනුජ, ශ්‍රීලාල්, මහාදේව, ඔබලාට ස්තුතියි නොදන්නා දෙයක් කියලා දුන්නාට. (නි)

:       0       0

අතුල Thursday, 25 August 2016 10:36 AM

ඔය ලෝකෙත් මැව්වේ දෙවියොද?(හේ)

:       0       0

සිසිර Friday, 26 August 2016 12:28 PM

පර්චස් එකක් කීයක් විතර වෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

සිසිර Friday, 26 August 2016 12:30 PM

මෙහෙ ඉඩම් ගිලපු අය දැන්ම තියා මේකට ඉව අල්ලනවා ඇති (නි)

:       0       0

සාගර Friday, 26 August 2016 04:28 AM

දෙවියන්ගේ තවත් නිර්මාණයක්.(ම)

:       0       0

මංජුල Thursday, 25 August 2016 11:13 AM

මහාදේව ඔයාට වැරදිලා වගේ පෙන්නේ. තාරකා විද්‍යාවේ හැටියට ආලෝක වර්ෂ 4.2 කියන්නේ හුගක්ම ලගයි.වෙනත් මන්දකිනියකට තව හුගක් දුරයි. අපිට ලගම තාරකාවත් තියෙන්නේ ආලෝක වර්ෂ 2-3 දුරින් .(හේ)

:       0       0

පහන් Tuesday, 30 August 2016 12:53 PM

ඉන්දියාවෙන් පෘතුවියට සමාන ග්‍රහලොව වෙත යානයක් ඒ ග්‍රහලෝකයේ මුහුදක් සහ ඩොල්පින් මසුන් ගැන තොරතුරු පෘතුවියට .-පුවතක් - ඉන්දියාවෙන් ග්‍රහලොව වෙත යැවූ යානය මුහුදට කඩා වැටේ.--ඊට දින දෙකකට පසු පුවතක් -(බ)

:       0       0

රූපවතී Thursday, 25 August 2016 05:25 PM

සියලුම මිනිස් වර්ගයා තව වසර 100 කින් වඳවෙලා යනවා කිවුවා නාසා ආයතනය. කොහොමද එ්කට අදටත් වඩා නවීන තාක්ෂණයෙන් යුතු යානයක් බිහිකරන්නේ? මට නම් මේ මොකුත් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 25 August 2016 06:07 PM

මහාදේව, අපි ඉන්න මන්දාකිණිය හෙවත් ක්ෂිරපථය ආලෝක වර්ෂ 100,000 පළලයි. මෙම ග්‍රහලෝකය අයත්වන, අලෝක වර්ෂ 4.2 ඇතින් ඇල්ෆා සෙන්ටුරි තරුව අයත්වන්නේත් ක්ෂිරපථයටම තමයි. (නි)

:       0       0

රජින්ද Saturday, 27 August 2016 10:14 AM

ඒ කියන්නේ පැ.කි. 45,662,100ක වේගයකින් යන්න පුළුවන් යානයක් හැදුවොත් අවුරුදු 100කින් ඊට ළඟා විය හැකියි. ඒ නිසා අවුරුදු 100ක් නෙවෙයි අවුරුදු 500කින්වත් ඊට ළඟා වෙන්නයි කියලා දැන්මම පැ.කි.9,132,420ක වේගයෙන් යන්න පුළුවන් යානයක් හදමු. (බ)

:       0       0

මහාදේව Friday, 26 August 2016 02:10 PM

අපේ පෘථිවිය පිහිටන්නේ ක්ෂිරපථයේ කෙළවරේ නම් මෙය ඉන් පිටතද කියා සාපේක්ෂතාවාදී පොඩි ගැටළුවක් මට මතුවුණා

:       0       0

ලංකා Friday, 02 September 2016 06:51 AM

අපි වගේ අයත් ඉන්නවද දන්නේ නෑ.(හේ)

:       0       0

ඇන්ටන් Friday, 26 August 2016 04:56 PM

කවුරුහරි මේක පැහැදිලි කරලා දෙනවද? ආලෝක වර්ෂ 4.2 ක් යන දුර යානයකින් අවුරුදු 100 කින් යනවා කියන්නේ, යානයකට අතිවිශාල වේගයක්. මෙච්චර වේගයකින් යානයකට යන්න පුලුවන්ද?

:       0       0

අබය Sunday, 04 September 2016 08:10 AM

කවුරු කොහොම අදහස් දැක්වුවත් මම නම් ආසයි තවත් මනුෂ්‍යයා වගේම සත්ව කොට්ඨාශයක් ඉන්න ලෝකයක් දකින්න, අඩුගානේ මැරෙන්න කලින්...... (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 25 August 2016 05:39 AM

ලෝකය දිනෙන් දිනම තාක්ෂණය පැත්තෙන් දියුණු වෙනවා

:       0       0

වික්ටර් Thursday, 25 August 2016 11:28 AM

එම ලෝකයේ අපේ වගේ රටකුත් තියනවද? අපේ වගේ දේශපලකයොත් ඉන්නවද කියලා දැනගන්න තියනවා නම් හොඳයි .(හේ)

:       0       0

දේශාන් Friday, 26 August 2016 06:27 AM

මේකට කියන්නේ ප්‍රොක්සිමාබ් කියල. එ්ක ප්‍රොක්සිමා සෙන්චරි කියන සුර්යා වටේ පරිභ්‍රමණය වෙන ප්ලැනට් එකක්.(බ)

:       0       0

තනුජ් Thursday, 25 August 2016 07:08 PM

ළඟම මන්දාකිණිය ආලෝක වර්ෂ මිලියන 2.5 ක් දුරින් තියෙන්නේ. මංජුල කියන ආලෝක වර්ෂ 4.2 ගොඩක් ළඟ එකක් තමා තාරකා විද්‍යාවේ හැටියට. අපි සිටින ක්ෂිර පථයේ පළල ආලෝක වර්ෂ 100,000 - 180,000 විතර. මේක අනිවාර්යෙන්ම ක්ෂිර පථය ඇතුළේමයි තියෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site