IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නැනෝ දියරය දූවිල්ලට වැට බඳියි

සූර්ය පැනලවල දුවිලි අංශු බැඳීම සහ ඇඳුම් අපවිත‍්‍රවීමට විසඳුමක් ලෙස නැනෝ තාක්‍ෂණික දියරයක් නිපදවීමට ඉංජිනේරු උපාධිධාරී රඛිත බි‍්‍රටෝ සමත්වී තිබේ.

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල රථවාහන සහ කර්මාන්ත ශාලාවලින් පිටවන දුමාරය හේතුවෙන් ඉතා කෙටිකලකදී සූර්ය පැනලවල දූවිලි අංශු බැඳීම සිදුවේ. මේ නිසා සූර්ය පැනලවලින් ලබාගත හැකි කාර්යක්‍ෂමතාව අඩුවේ. ඊට විසඳුමක් ලෙස රඛිත විසින් නිපදවා ඇති නැනෝ තාක්‍ෂණික දියරයෙන් සූර්ය පැනලයක් වසර 15 ක් පමණ දූවිලි අංශුවලින් ආරක්‍ෂාකර ගැනීමට හැකියාව ලැබේ.

“කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල විශාල දූවිලි ප‍්‍රමාණයක් තිබීම සහ දුමාරය හේතුවෙන් සූර්ය පැනලවල මතුපිට පෘෂ්ඨිය දූවිලි අංශු සහ අනෙකුත් අපද්‍රව්‍යවලින් ඉතා ඉක්මනින් වැසී යනවා. මෙම අපද්‍රව්‍ය වර්ෂා කාලවලදී සේදී යාහැකි යැයි අප සිතුවද වැසි ජලයෙහිද පිරිසුදුතාවක් නොමැති නිසා එය වැළකෙනවා. මෙය සූර්ය පැනල සවිකරන බොහෝ ආයතනවලට විශාල ගැටලූවක්.දැනට සිදුකරන්නේ වහලයට මොබ් එකක් රැගෙන ගොස් එමගින් සූර්ය පැනලය පිරිසුදු කිරීමයි. එයත් මාස 3 කට වරක් හෝ සිදුකරන අතර මෙමගින් සූර්ය පැනලයේ ක්ෂුද්‍ර සීරීම් සිදුවිය හැකිය. ඒ වගේම මතුපිටින් පවා සීරීම් සිදුවෙන්න පුළුවන්. මේ හේතු කාරණා සැලකිල්ලට ගෙන දූවිලි අංශුවලට ප‍්‍රතිරෝධීව ක‍්‍රියාකරන නැනෝ තාක්‍ෂණික විසඳුමක් ගෙන ඒමට මට හැකිවුණා. මෙහිදී සිදුවන්නේ හයිඩ්‍රෝපිලික් පෘෂ්ඨයක් සූර්ය පැනලය මත සකස් කෙරෙනවා. එම නිසා එහි ජල බිංදු රැඳීමක් සිදුවෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ජල බිංදු රැඳුන හොත් එහි කුඩා දූවිලි ලප ඇතිවීම සිදුවෙනවා.  මෙම නැනෝ දියරය මගින් 85% ක් පමණ දූවිලි අංශු රැඳීම වළකාගන්න පුළුවන්. මෙහි ඇති පරාවර්ථන ප‍්‍රතිරෝධී ක‍්‍රියාවලිය නිසා ආලෝකය පරාවර්ථනය වීමක් සිදුවන්නේ නෑ.“යැයි ඔහු පැවසී්‍ය

“එමෙන්ම මෙය අපගේ ඇඳුම් පැළැදුම්වලටද යොදාගැනීමට හැකිවෙනවා. දරුවන්ගේ දහඩිය,තීන්ත පැල්ලම් සහ දූවිලි නිසා පාසල් නිල ඇඳුම් නිතර අපිරිසිදු වෙනවා. සමහර දරුවන්ට නිලඇඳුම් එකක් හෝ දෙකක් තියෙන්න පුළුවන්. මෙම නැනෝ දියරයෙන් වසරක් පමණ ඇඳුම් ආරක්‍ෂා කරගන්න පුළුවන්. මේ සඳහා මම භාවිත කළේ ‘සුපර් හයිඩ්‍රෝපිලික්‘ තත්ත්වයයි. මෙමගින් සබන්,සෝදන කුඩු සහ ජලය භාවිතය අඩුකර ගැනීමටත් හැකිවෙනවා. ඒවගේම මෙම නිල ඇඳුම් සඳහා  ‘සෙවුම් පද්ධතියක්’ සකස් කර තිබෙනවා. එමගින් දරුවා ආගිය තැන් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. නැනෝ තාක්‍ෂණය සහ ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය උපයෝගී කරගෙන නිර්මාණය කළ මෙම ඇඳුම් ලංකාව තුළ ගොඩක් ජනප‍්‍රිය වේ යැයි මා සිතනවා.“ යැයි රඛිත අප සමඟ පැවැසීය.

1 3 4 Rakitha-Brito



අදහස් (0)

නැනෝ දියරය දූවිල්ලට වැට බඳියි

රොෂාන් මෙන්ඩිස් Monday, 19 December 2016 04:11 AM

හොඳ සොයාගැනීමක්. (බ)

:       0       0

රත්න Tuesday, 06 December 2016 07:59 AM

ඔබගේ වටිනා නිර්මාණ මම අගය කරමි. මම ඔබතුමා හමුවන්න ගොඩක් උත්සාහ කළා.තවම බැරිවුණා. මට පොල් ගස් 50 පමණ තියෙනවා. නමුත් තවම පොල් කන්නේ කඩෙන්. පොල් ඇට්ටේ ඉඳලා සේරම වදුරෝ රිලව් කනවා. මට අර මැෂින් එකක් ගන්න ක්‍රමය කියලා දෙනවද. (නි)

:       0       0

බමුණු. Thursday, 08 December 2016 12:59 AM

රත්න, කොහෙද යන්නේ මල්ලේ පොල් කියන්නේ මේවට තමයි.

:       0       0

තුසිත ගලහිටියාව Thursday, 08 December 2016 01:01 AM

ඔබට ස්තුතියි..(ම)

:       0       0

තුසිත ගලහිටියාව Thursday, 08 December 2016 01:02 AM

ඔබට ස්තුතියි..(ම)

:       0       0

නිර්මලා Monday, 16 January 2017 09:27 AM

හොඳ සොයාගැනීමක්. සුබ පතනවා ඔබට. (ර)

:       0       0

උපේක Tuesday, 06 December 2016 08:40 AM

මෙවන් දරුවන් දැයට වාසනාවන්! (නි)

:       0       0

මහින්ද Tuesday, 06 December 2016 08:44 AM

ඉදිරියටම යන්න වාසනා! (නි)

:       0       0

ගමගේ Monday, 05 December 2016 04:11 PM

මේකෙන් ශරීරයට හානියක් නැද්ද (බ)

:       0       0

නිලන් Thursday, 05 January 2017 06:28 AM

කරුණාකර මෙම නිපැයුම්කරුව සම්බන්ධ කරගැනීමට උදවු කරන්න. මෙම නිපැයුමට ආයෝජනය කිරිමට කැමති කෙනෙකු සිටි.(ම)

:       0       0

ගුණසිරි Monday, 05 December 2016 06:37 PM

දිරිය සිංහල තරුණයෙකුගේ දස්කම් අපි අගය නොකර කවුරු අගය කරන්නද (ර)

:       0       0

ආරි Friday, 23 December 2016 12:30 PM

දිරිය තරුණයෙකුගේ දස්කම්. ඉතාමත් අගයකොට සළකමි. ඔබට සුබ පැතුම්. (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 05 December 2016 08:37 PM

ස්කොච් ගාර්ඩ් නමින් යුරෝපීය රටවල තියෙන්නෙත් මෙවන් දියරයක්ම තමයි. නමුත් වෘත්තීය මට්ටමෙන් මිසක් ගෘහස්ත පරිභෝජන මට්ටමෙන් මෙය භාවිතා කළනොහැක. යම් යම් රසායනික සංයෝග අඩංගු නිපැයුම් ගෘහස්ත පරිභෝජනයට යාමට පෙර බොහෝ සංසිද්ධීන් සපුරාලිය යුතු වේ (නි)

:       0       0

ද සිල්වා Thursday, 22 December 2016 09:34 PM

රත්න, වායු රයිෆලයක් මිලදී ගන්න. වඳුරෝ එකෙකුට දෙන්නෙකුට තියන්න. උන් මැරෙන්නේ නැහැ. නමුත් හොඳට රිදෙනවා. ඊටපස්සේ උන් පළාතක වත් එන්නේ නැහැ. මිල රුපියල් 30000ක් පමණ වෙනවා. එක පොල්මුරයෙන් වැයවූ මුදල සොයාගත හැක (නි)

:       0       0

දිනේෂ් Monday, 05 December 2016 11:39 PM

ඔය තාක්ෂණය වාහන වලට යොදන්න බැරිද? (නි)

:       0       0

සුමනේ Friday, 27 January 2017 11:04 AM

ගිය ආණ්ඩුවයි මහින්ද මහත්තයයි හිටිය නම් මේ දරුවට හොද කලක් යන්න තිබ්බා. (හේ)

:       0       0

උමේෂ් Wednesday, 07 December 2016 02:06 AM

ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා (ර)

:       0       0

පහන් Wednesday, 07 December 2016 02:06 AM

නැනෝ තාක්ෂනය මදුරුවන් බෝවීම වැළැක්වීම සදහා යොදාගතහැකි වනු ඇත (ර)

:       0       0

ලියනගේ Thursday, 08 December 2016 05:27 AM

ඔබතුමා ඉක්මනට පේටන්ට් බලපත්‍රය ගෙන මැද පෙරදිග රටවල වෙළද පොළට යොමු කරන්න. ඔය වගේ නිෂ්පාදන වලට හොඳ ඉල්ලුමක් තියනවා එවැනි රටවල (නි)

:       0       0

සේනාධීර Monday, 30 January 2017 04:27 AM

බොහොම හොඳ දෙයක් (ම)

:       0       0

මදුෂාන් Tuesday, 06 December 2016 03:50 AM

හොඳ වැඩක් !, තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ඔබට ශක්තිය වාසනාව ලැබේවා! , මෙවැනි නිර්මාණ තුලින් රටට විදේශ විනිමය ලබාගන්න ඔහුට උදවු කරන්න නිසි බලදාරින් ඉදිරිපත් වෙනවා නම් හුගක් වටිනවා. (ර)

:       0       0

ගජනායක Friday, 27 January 2017 02:38 AM

ඔබට සුබ පතනවා. ඉක්මනින් වෙළඳ පොළට හඳුන්වා දෙන්න. (නි)

:       0       0

සසංක Tuesday, 06 December 2016 04:04 AM

මෙය ඉතා උසස් නිර්මාණයක් බවට මුලින්ම සදහන් කරන්න පුළුවන්. විශේෂත්වය වන්නේ මෙය අප රටේ තරුණයෙකු විසින් නිර්මාණය කිරීමයි. මොහුගේ මෙවැනිම පෙර නිර්මාණ කිහිපයක් මා භාවිත කළ අතර එමඟින්ද ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබුණි. මෙයද ඉතා සාර්ථක නිෂ්පාදනයක් විය හැකි බව මාගේ අදහසයි. සුබ පැතුම්! (නි)

:       0       0

ශාන්ත Monday, 12 December 2016 08:31 AM

සුබ පතනවා ඔබට (හේ)

:       0       0

ආසිරි Tuesday, 06 December 2016 04:31 AM

ඉතාම හොද වටිනා නිෂ්පාදනයක් ඔබතුමා විසින් නිපදවල තියෙන්නේ. රෙදි අපිරිසිදු වීම වළක්වගන්න මේ නිෂ්පාදනය විශාල උදව්වක් වනබව සහතිකයි. මේ නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ වෙළදපොලට ඉක්මනින්ම ඔබේ නමින් එවියි බලාපොරොත්තු වෙනවා. ඔබට ජය වේවා..(බ)

:       0       0

සොපි Monday, 19 December 2016 02:19 PM

ෂා.........රඛිත සුපිරි වැඩකරුවෙක්නේ. අපේ සුබ පැතුම් ....! (නි)

:       0       0

ජයා දෝහා Friday, 23 December 2016 04:35 AM

ලංකාව තුළ මෙවැනි නිර්මාණයක් කිරීම හොඳයි. හැබැයි මේක අලුත් දෙයක් නෙවෙයි. නැනෝ තාක්ෂණය භාවිතා කරන රටවල මෙම ක්‍රමය දැනටමත් ඉතා හොඳින් කරනවා (නි)

:       0       0

අජිත් Tuesday, 06 December 2016 04:44 AM

තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ඔබට ශක්තිය වාසනාව ලැබේවා! (බ)

:       0       0

ලාල් Wednesday, 07 December 2016 05:02 AM

ලබන වසරේ සිට මේ තාක්ෂනය නොවරදවා යොදවා ගන්නා බව ඒ සොයාගත් තරුණයාට පොරොන්දු වෙමි.... (ර)

:       0       0

රත්න Thursday, 08 December 2016 08:32 AM

බමුණු, වඳුරන් සදහා බ්‍රිටෝ මහත්මයා මෙවැනිම උපකරණයක් නිපදවා ඉදිරිපත් කළා. මට එතුමාගෙන් උපකරණයක් ලබාගන්න ඕනෑ. එ්කට උදව් කරන්න (නි)

:       0       0

ශිරන්ත Monday, 16 January 2017 07:03 AM

ලබාගතහැකි තැන් ඇතිනම් දන්වන්න (බ)

:       0       0

හිමානි Tuesday, 06 December 2016 05:44 AM

හොද නිර්මාණයක්. ඔබට ජය! (නි)

:       0       0

දිනේෂ් Monday, 05 December 2016 12:27 PM

මේක නම් නියම වැඩක්. කවුරු මොනවා කීවත් පොඩි ළමයින්ගේ ඇදුම් වල කුණු ගැවෙනවා.ළමයින්ගේ ඇදුම් ලස්සනට පිරිසිදුවට තියාගන්න මේක ගොඩක් වැදගත් වෙයි.ඔබට ජය. (බ)

:       0       0

පියදාස මාරඹගේ Tuesday, 06 December 2016 06:01 AM

මෙවැනි නිර්මාණ අප රටට කීර්තියක් (නි)

:       0       0

චින්තක Monday, 05 December 2016 12:32 PM

ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්.නියමම .මේ වගේ ගොඩක් දේවල් කරලා රටට කීර්තියක් ගෙන්න පුළුවන් වෙන්න කියල හදවතින්ම සුබ ප්‍රර්ථනා කරනවා .ජයවේවා.බුදු සරණයි (බ)

:       0       0

රොෂාන් රණසිංහ Wednesday, 07 December 2016 06:16 AM

ඉතා හොඳ නිෂ්පාදනයක්. (ර)

:       0       0

ජනක Thursday, 08 December 2016 09:33 AM

මිතුර, ඔබගේ සොයාගැනීම ඉතාමත්ම විශිශ්ටයි. මේ සදහා හැකි විගස පේටන්ට් බලපත්‍රයක් ලබාගන්න. එය ජාත්‍යන්තරයට බලපාන ආකාරයෙන් ලබාගන්න. ඔබත් ඔබගේ නිපැයුමත් ලෝකයේ සන්නිවේදන, තොරතුරු තාක්ෂණ, ගගන සහ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ රන් අකුරින් ලියවේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site