IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


නැනෝ තාක්‍ෂණය ත‍්‍රීවිලයටත්

වර්ෂාව ඇදහැලෙන අවස්ථාවක ත‍්‍රීරෝද රථ ඇතුළු මෝටර් රථවල ඉදිරි වීදුරුවේ (වින්ඩ්ස්ක‍්‍රීනය) ජලය රැඳීම වළක්වන නැනෝ තාක්‍ෂණික විසඳුමක් ඉංජිනේරු උපාධිධාරී රඛිත බි‍්‍රටෝ විසින් හඳුන්වාදී තිබේ.

වර්ෂා කාලවලදී රිය අනතුරු බහුල වීමට එක් හේතුවක් වන්නේ රථයේ ඉදිරි වීදුරුවේ ජලය රැඳීම නිසා රියැදුරාට පැහැදිලි ලෙස ඉදිරිය නොපෙනීමයි. ජලය පිසදැමීමේ ස්වයංක‍්‍රීය උපකරණ තිබුණද බොහෝ විට ජලය වීදුරුව මත රඳා පැවැතීම නිසා රියැදුරෝ අපහසතාවට පත්වෙති.

‘‘නැනෝ තාක්‍ෂණයේ බොහෝ උදාහරණ සාමාන්‍ය ජීවිතයේදී අපට දැකගත හැකිවෙනවා. හොඳම උදාහරණය තමයි නෙලූම් කොළේ මත ජලය නොරැඳීම. ඊට හේතුව නෙලූම් කොළය මත කඩතොලූ තිබෙන ප‍්‍රමාණය ඉතා අඩු බවයි. සාමාන්‍යයෙන් මොටර් රථවල වින්ඩ්ස්ක‍්‍රීනයේ කඩතොලූ විශාල ප‍්‍රමාණයක් තියෙනවා. එම කඩතොලූ මත දූවිලි අංශු විශාල ප‍්‍රමාණයකට රැඳී සිටින්න පුළුවන්. එමෙන්ම වහින වෙලාවට පතිත වෙන ජල බින්දු සහ වාහනවල වින්ඩ්ස්ක‍්‍රීනය අතර ඇතිවන ඝර්ෂණය නිසා වීදුරුව මත වතුර රැඳෙනවා. මෙයට හොඳම විසඳුම නෙලූම් කොළය මත ජලය නොරැදීමේ සිද්ධාන්තය උපයෝගී කරගැනීමයි.

ඒ අනුව නැනෝ තාක්‍ෂණය යටතේ සිලිකන් ඩයොක්සයිඩ් මූලික අමුද්‍රව්‍ය ලෙස භාවිත කර එහි රසායනික හා භෞතික ගුණ වෙනස් කිරිම මගින් වීදුරුවේ ආලේපනය කරන දියරයක් නිපදවීමට මට හැකිවුණා. අධික වර්ෂාවකදී ජලය පිස දමන ස්වයංක‍්‍රීය උපකරණ නොමැතිව වුවද අපහසුවකින් තොරව ගමන් කිරීමට මෙමගින් හැකිවෙනවා. මෙය ඉතා අඩු මුදලකින් නිපදවා ගැනීමට හැකිවීම විශේෂත්වයක්. මෙහි තිබෙන අනෙක් වාසිය වන්නේ වින්ඩ්ස්ක‍්‍රීනය පිරිසිදු කිරීම සඳහා සබන් අවශ්‍ය නොවීමයි.

ජල වීදුරුවක් පමණක් මේ සඳහා ප‍්‍රමාණවත් වෙනවා. එමෙන්ම මම ත‍්‍රිරෝද රථවල ‘ටෙන්ට් එක’ සඳහා භාවිත කිරීමටත් මෙම දියරය අලේපනය තුළින් ත‍්‍රිරෝද රියෙහි ‘ටෙන්ට්’ එකෙහි ආයු කාලය වැඩි කරගැනීමටත් අවපැහැ ගැන්වීම අවම කරගැනීමටත් හැකිවෙනවා. මෙම නිර්මාණ දෙකම ත‍්‍රිරෝද හිමියන්ට මහත් රුකුලක් වේයැයි මා සිතනවා. ඉදිරියේදී මෙය ප‍්‍රවර්ධනය කර ජනතාවට වැඩ දායක යමක් කිරීම තමයි මගේ බලාපොරොත්තුව’’ යැයි රඛිත පැවැසුවේය.

Rakitha-1 Rakitha-2 Rakitha-Brito

ඉංජිනේරු උපාධිධාරී රඛිත 

rakitha-brito-logo



අදහස් (40)

නැනෝ තාක්‍ෂණය ත‍්‍රීවිලයටත්

ගුණසිරි Monday, 19 September 2016 10:53 AM

පුංචි අපි ගැන හිතලා, ලොකු වැඩ කරන ,මෙවැනි දරුවෝ දැයට මහත් වාසනාවක් , විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තව දස්කම් දක්වන්න ලැබේවා ! (බ)

:       0       1

මාෂි Wednesday, 21 September 2016 12:38 PM

මෙය අලුත් දෙයක් නොව .. ගොඩක් කාලයක සිට වෙනත් රටවල භාවිත කරන දෙයකි... එහි ගොඩක් වැඩි දියුණු කළ දේවල් තිබේ (බ)

:       0       1

රූපසිංහ Monday, 19 September 2016 12:17 PM

අපේ කොල්ලගේ මේ සොයාගැනීමට සාපේක්ෂව හෙට වනවිට ජපානයේ, යුරෝපයේ හරි අැමෙරික‍ෙවේ හරි පේන්ට් බලපත්‍රය හදාළ තියේවි. ඉක්මනට මේකට එම බලපත්‍රය හදා ගත්තොත් තමා හොදයි.(හේ)

:       2       6

ජයසේකර Monday, 19 September 2016 12:39 PM

පළපුරුදු රියදුරුන් වැස්ස එන වෙලාවට වාහනේ ඉදිරිපස වීදුරුවට ෂැම්පු පැකට් එකක් කඩලා දාන්නෙත් මේ නිසා තමයි. එහෙම නැත්තම් වාහන වල ඉදිරිපස වීදුරුව සේදීමට අවශ්‍ය ජලය ගබඩා කරන ටැංකියට දාන්න පුළුවන් විවිද සේදුම් දියර වර්ග තියෙනවා. ඒවායින් එකක් රුපියල් 150 ක් විතර වෙන්නේ. එකක් දැම්මා නම් සැහෙන කාලයක් භාවිතා කරන්න පුළුවන්. මේ දේම තමයි වෙන්නේ.(හේ)

:       0       0

යසපාල Wednesday, 21 September 2016 07:58 AM

මෙය සියළුම වාහන වලට යොදන්න (නි)

:       0       1

රෝහණ Tuesday, 20 September 2016 09:47 AM

මේ හොයා ගත්ත දේ හොදයි.(හේ)

:       0       1

සම්පත් Wednesday, 21 September 2016 08:01 AM

ඉතාම හොඳයි. ඔබට ජය! (නි)

:       0       1

උපේක Wednesday, 21 September 2016 08:00 AM

මේකට ඉක්මණින් පේටන්ට් බලපත්‍රය ගන්න වෙයි (නි)

:       0       1

තුසිත - Tuesday, 27 September 2016 03:52 AM

අපි මේ වගේ දේවල් දැකලා සතුටුවෙනවා. ප්‍රශ්නය තියෙන්නේ ගොඩක් උදවිය කකුලෙන් අදින එක (නි)

:       0       0

බුද්ධික Monday, 19 September 2016 01:07 PM

ඇයි ත‍්‍රීරෝද රථවලට විතරක් අනික් රථ වලට බැරිද නැතිනම් වෙන හේතුවක්ද? (හේ)

:       0       0

රොහාන් Wednesday, 21 September 2016 02:24 AM

නියමයි. බලනකොට අපේ රටේ මොනතරම් සුපිරි වැඩකාරයෝ ඉන්නවද? (නි)

:       0       0

අන්වර් Wednesday, 21 September 2016 02:25 AM

ඔබට අපෙන් සුබ පැතුම් සහෝදරයා! (නි)

:       0       0

දිනේෂ් Wednesday, 21 September 2016 05:45 PM

ඇත්තටම මේක හොද ශ්‍රී ලාංකික නිෂ්පාදනයක්. ලංකාවේ දේවල් අපි අගය කරන්න ඕනේ.ඔබට ජය ! (අ)

:       0       0

කලන Monday, 19 September 2016 01:21 PM

ෂැම්පු ගාන්නේ ඇතුල් පැත්තේ ජලවාෂ්ප බැදෙනවට වීදුරුවේ ඇතුල් පැත්තේ එළියෙන් ගෑවොත් වෛපර් දැම්මම පෙන ගහනවා, සේදුම් දියර දන්නේ දුවිලි වගේ දේවල් යවලා පිරිසිදු කරගන්න, මේකෙන් කෙරෙන්නේ ඒ දේ නොවේ ජලය රැදෙන්නේ නැතුව ගලා යන්න ක්‍රමයක්, ජයසේකර මහත්තයෝ පටලවගන්න එපා, මේක හොද නිර්මාණයක් මේ වගේ දේවල් දිරිමත් ක‍රන්න අනුග්‍රහයක් ලබාදෙන එක තම වැදගත් (හේ)

:       0       0

නිරේෂ් Monday, 19 September 2016 01:32 PM

ඉතාම සතුටු දායක ආරංචියක්. අපේ කොල්ලෝ බොහොම දක්ෂයි.(හේ)

:       0       0

අජිත් Tuesday, 20 September 2016 04:44 AM

ඔබට ජයම වේවා ! (ම)

:       0       0

අමල් Tuesday, 27 September 2016 10:14 AM

වෙළඳ පොලේ ඇති බ්ලීච් දියර පාවිච්චි කර බලන්න . ක්ලොරෝච්ක්ස් යන වෙළඳ නාමයෙන් විකිණීමට ඇත (බ)

:       0       0

ජයත් Monday, 19 September 2016 01:48 PM

ජයසේක ඔයා කියනදෙයින් මේක වෙන්නේ නැහැ (හේ)

:       0       0

අසේල Wednesday, 21 September 2016 09:49 AM

මේක ඉතාම හොඳ ප්‍රවණතාවක්... එ්ත් මේක ලංකාවට අලුත් වුනාට වෙන රටවල් වල අවුරුදු ගානක් කලින් හොයාගත්ත සොයා ගැනීමක්. තව දෙයක් මේක හරිම පරෙස්සමින් කරන්න ඕන දෙයක් ....මොකද නැත්නම් ඔයාගේ වින්ඩ්ස්ක්‍රීන් එක නාස්ති වෙනවා....ඒවගේම එක එක කාලගුණ වලට චෙක් කරන්නත් ඕන...(බ)

:       0       0

ජයතු - අරාබිය Tuesday, 20 September 2016 05:31 AM

ජයසේකර මහත්තයා පටලවාගෙන. නැනෝ තාක්ෂණයෙන් ඇතිවන ප්‍රතිපලය වෙනස්. රඛිත බි‍්‍රටෝ ඔබට සුබ පැතුම්. (ම)

:       0       0

උපාලි Monday, 19 September 2016 03:02 PM

පුතේ , ඔබට ජයම වේවා. (හේ)

:       0       0

ශාන් සෞදි Wednesday, 21 September 2016 10:59 AM

අතීතයේ මේ තාක්ෂණය නොතිබුනත් අපේ පරණ රියදුරු මහත්තුරු වාහනේ වයිපරය හොදින් වැඩ නොකරන අවස්ථාවලදී බුලත් විට කන්න ගන්න දුම්කොළ නැට්ටක් ගෙන මේ විදිහටම වීදුරුවේ අැතුල්ලුවම මේ වගේ කිසිම ජල බින්දුවක් එහි නොබැදී පහතට වැටෙනවා වීදුරුව මේ වගේම පැහැදිලී හොදයි ඔබට ජය (බ)

:       0       0

හිමානි Wednesday, 21 September 2016 10:59 AM

හොද නිර්මාණයක් ඔබට ජය...(බ)

:       0       0

ශංෂක Wednesday, 21 September 2016 11:00 AM

වෙළඳපොලේ පවතින ගොඩක් මෙවැනි නිෂ්පාදන මම ගොඩක් අත්හදා බැලුවා. නමුත් ඒ සියලු දේට වඩා මෙය 100% සාර්ථක බව මම කියන්න කැමතියි (බ)

:       0       0

මධුෂාන් Wednesday, 21 September 2016 11:07 AM

ලෝකේ තවත් මෙවැනි නිෂ්පාදන තියෙනවා එ්ක හරි නමුත් වැදගත් වෙන්නේ අපේ කොල්ලෙක් ඒවගේ නිෂ්පාදනයක් කරපු එක. මේ වගේ නිෂ්පාදකයන්ට තව තවත් උදවු උපකාර රජය මැදිහත් වීමෙන් කරනවා විනා එකට අවතක්සේරු කර ඒ පුද්ගලයාව අධෛර්යමත් කරන එක නම් හොද මදි. රකිත ඔබට ජය! (බ)

:       0       0

මහින්ද Tuesday, 20 September 2016 06:13 AM

රකිතට ජය. මෙවන් නිර්මාණ තත්ත්ව පරික්ෂාවට, තහවුරු කිරීමට හා ඇගයීමට රජය වෙනම ආයතනයක් පිහිටුවන්න ඕන. එවිට සාමාන්‍ය ජනතාවට හරි දේ දෙන ගන්නත් මිලදී ගන්නත් පුළුවන්. (ම)

:       0       0

රත්න Tuesday, 20 September 2016 01:12 PM

රකිත මහත්මය ඔබට කතාකරල රිලව් එලවන යන්ත්‍රයක් ගන්න පුදුම ට්‍රය් එකක් දුන්න තම බැරි වුණා. කරුණාකර එක දෙන්න ඔබට ජයෙන් ජයම වේවා. මේවා තව තව කරන්න සක්තියව ධෛය ලැබේවා. (අ)

:       0       0

තාරක Sunday, 25 September 2016 03:54 PM

මේකෙ හැමදාම ළිඳේ ඉන්න ගෙම්බො වගේ අදහස් දාන අය ඉන්නවා. කවුරුත් කොපි නොකර ලාංකීය දේවල් හදන දවසක අපි රටක් හැටියට සතුටු වෙමු. (නි)

:       0       0

ජයතු - අරාබිය Tuesday, 20 September 2016 07:20 AM

මහින්ද, හෝමාගම පිහිටුවා තිබෙන ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතයෙන් මෙවැනි සොයාගැනීම් ඉදිරිපත් කරලා තියෙනවා. මේ වීඩියෝ එක බලන්න (අ)

:       0       0

චන්න බුවනක. Tuesday, 20 September 2016 02:03 PM

මම දන්නවා සමහර පරණ වාහන වල රියදුරන් ඉදිරිපස වීදුරුවේ දුම්කල උලනවා. එයින් සිද්ධ වෙන්නෙත් ඔය දේමයි. මේ නව සොයා ගැනීම අව තක්සේරු කරන්න එහෙම නෙමෙයි මම මේ ගැන කිව්වේ. (අ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 19 September 2016 04:32 PM

හොදයි ඔබට සුබපැතුම්, අපිනන් ඉස්සර උඩරට පැත්තේ යනකොට අල පෙත්තක් කපලා වීදුරුව පිසදමනවා එහාකොට මිදුම ජලය බැඳෙන්නේ නෑ. (අ)

:       0       0

සෑම් Tuesday, 20 September 2016 07:38 AM

ඔය ෂැම්පු කියනා ජාතිය හෝ නැනෝ තාක්ෂනය එන්න කලින් ලංකාවේ රියදුරන්ට (විශේෂයෙන් ලංගම රියදුරන්ට ) මේ සඳහා අධි තාක්ෂණික ස්වාභාවික විසඳුමක් තිබුනා . වහින කොට පාර අයිනේ වැටකින් එඬරු නැටි කිහිපයක් කඩලා වින්ඩ්ස්ක්‍රින් එකේ ගාපුවාම වතුර අල්ලන්නේ නැහැ. නමුත් දැන් එඬරු තියා වැටවල් වත් නැති රටේ නැනෝ තාක්ෂනය මේ සඳහා යොදාගත් තරුණයාට සුභ පැතුම් .! (ර)

:       0       0

රංග තේනුවර Monday, 19 September 2016 04:48 PM

වාහනේ වයිපර්ස් වැඩ කරන්නේ නැති උනාමත් ඇතැම් රියදුරන් ෂැම්පු ඉසිනවා වීදුරුවට. එවිට ජලය රැදෙන්නේ නෑ. මේ වගේ දෙයක්ම තමයි වෙන්නේ.(රේ)

:       0       0

වසන්ත රත්නායක Tuesday, 20 September 2016 07:44 AM

කෝ ඔබතුමාගේ වදුරන් එලවන යන්තරය ? මා කීප වාරයක් මිලදී ගෙනිමට විමසුවා. (ර)

:       0       0

නිරේෂි Tuesday, 20 September 2016 02:57 PM

මේක අලුත් එකක් නෙවෙයි. සුපිරි වෙළදසැල් වල ගන්න තියනවා. සමහර සර්විස් ෂෙඩ් වලත් ගන්න තියනවා. නැනෝ කියන්නේ අලුත්දෙයක් වුණාට මේක මෙයා හොයා ගත්තු එකක් නෙවෙයි.(අ)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 25 September 2016 08:26 PM

මගේ නාන කාමරයේ තිබෙන ෂවර් කැබින් එකේ තිබෙන වීදුරුවත් නිපදවා ඇත්තේ මෙම තාක්ෂණයට අනුවයි

:       0       0

සේනා Tuesday, 20 September 2016 03:58 PM

නිරේෂි හරි ,මේක විකුනන්න තියෙනවා (අ)

:       0       0

විද්‍යා Saturday, 24 September 2016 09:41 PM

අපේ ගම වලට අලි ඇවිත් කරන විනාශය දකිනකොට පපුව දනවා. අනේ කරුණ කරලා හිංසාවකින් තොරව අලි එළවීමට දෙයක් සොයල දෙන්නකෝ (අ)

:       0       0

අනුර Monday, 19 September 2016 09:55 AM

ජයම වේවා...අපේ ළමයි ගැන සමහර වෙලාවට හරි සතුටක් දැනෙනවා.....(හේ)

:       0       0

සංඛ Thursday, 22 September 2016 03:56 AM

මාෂි, පිටරටවල ඇති නමුත් මේක කළේ ලංකාවෙ කොල්ලෙක්. මේක ඉතා සාර්ථකයි. එමනිසා ඔබට මෙය අගය කිරීමට නොහැකි නම් මෙවැනි ආත්මාර්ථකාමී අදහස් පළනොකරන්න. අප ජාතියක් වශයෙන් සැමදාම විදෙස් රටවල් මත යැපීමක් සිදු නොකළයුතු අතර රකිත වැනි සොයුරන් අපි රැකගත යුතුවෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site