IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නාසා අභ්‍යවකාශ යානය බ්‍රහස්පතිට ළංවෙයි

නාසා ආයතනය බ්‍රහස්පති ග්‍රහයා වෙත යැවූ ජූනෝ අභ්‍යවකාශ යානය මේ වන විට බ්‍රහස්පතිගේ කක්ෂයට ළඟාවී ඇතැයි නාසා විද්‍යාඥයෝ කියති.

බ්‍රහස්පති ග්‍රහයාගේ ගුරුත්වාකර්ෂණය සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට මෙය අභ්‍යාවකාශගත කැරිණි.

සැතපුම් බිලියන 1.7ක් දුරින්වූ බ්‍රහස්පති වෙත වසර පහකට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හිදී අභ්‍යවකාශගත කළ යානය සාර්ථකව බ්‍රහස්පතිගේ කක්ෂයට ළඟාවීම පිළිබඳව නාසා ආයතනය සිය සතුට පළ කරයි.

කැලිෆෝනියාවේ පාසාදිනාහී නාසා ගුවන් පාලක මැදිරියේ ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ සිට පාලනය වන අතරම දීර්ඝවූ රාත්‍රීන් මතින් ඔවුහු මෙම යානය පරීක්ෂණ ධාරාවන් යෝධ ගෑස් වස්තුව දෙසට ශබ්ද වේග 200 වාරයක් ඔස්සේ ළඟා කරයි. ජූනෝ යානය ඇමරිකා වේලාවෙන් පස්වරු 11.53ට බ්‍රහස්පතිගේ කක්ෂයට පිවිසියේය.

ජූනෝ නම රෝම ජන කතා ඇසුරින් යොදා ඇති අතර රෝම ජනකතා අනුව ජූනෝ යනු බ්‍රහස්පතිගේ බිරිඳයි. එය බ්‍රහස්පතිගේ කක්ෂය වටා 32 වාරයක් ගමන් කරනු ඇති බවත් බ්‍රහස්පතිගේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය අතර ගමන් කිරීමට වසරක් පමණ ගතවනු ඇතැයිද කියති.  මෙම යානයේ උපකාරයෙන් අපගේ සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳවත් නව තොරතුරු සොයා ගැනීමට හැකිවන බව නාසා විද්‍යාඥයෝ කියති.

ජූනෝ යානය බ්‍රහස්පති මත හරියටම ස්ථානගත වීමෙන් පසු අධික උණුසුමක් හෝ දැල්ලක් හටගන්නා බවත් නියමිත වේලාවට අනුව එහි එන්ජිම විනාඩි 35කදී ගිනි ගන්නා බවද එසේ වීමට හේතුව බ්‍රහස්පතිගේ ගුරුත්ව ශක්තිය බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති.



අදහස් (0)

නාසා අභ්‍යවකාශ යානය බ්‍රහස්පතිට ළංවෙයි

පුෂ්පා Wednesday, 06 July 2016 10:49 PM

අනේ ගුණේ, මම මේ අාදරේටමයි කියන්නේ. ඔයා නිහඬව ඉඳලා ඔයත් බුද්ධිමතෙක් කියලා ඔප්පු කරන්න. කට ඇරියොත් ලෝකෙට එළිවෙයි සැබෑ තතු. (නි)

:       0       0

ජන්තු Thursday, 07 July 2016 11:01 PM

ගු‍ණේ හරි. ඕකත් සුදුවක් තමයි. මුලින් මේ ලෝකේ ගැන සොයාගන්න ඕනෑ. මිනිසුන්ගේ හිතේ හැසිරීම සොයාගන්න ඕනෑ. හිත කොහෙද තියෙන්නේ කියලා සොයාගන්න, සියලු ප්‍රශ්න ඉවරයි (නි)

:       0       0

ඉන්දික Sunday, 10 July 2016 04:31 AM

ගුනේ ඔබ හරි. ලංකාවේ හතර කොන තිය ගෙදර වත්තේ මායිම දන්නේ නැති අය. ඇමරිකාවෙන් කියන හැම දේම ලොකුයි. (ර)

:       0       0

රාජුන් Thursday, 07 July 2016 03:56 AM

මේ අභ්‍යවකාශ යානයේ ගමන් යන එක හරි ලාබයි නේ? (බ)

:       0       0

එරංග Sunday, 10 July 2016 07:43 AM

අශික , ලෙඩ රෝගවලට බොහෝ බෙහෙත් හේත් නුතන විද්‍යාව කියන එකෙන් හොයාගෙන තියෙනවා තමයි, නමුත් ලෙඩ රෝග දුකට හේතුව නුතන විද්‍යාවෙන් සොයාගෙන නැහැ, ඒ නිසාම ඉදිරීයේදී මීට වඩා බොහෝ සංකීර්ණ බෙහෙත් හේත් සොයා ගනිවී, මොකද නුතන විද්‍යාවෙන් බෙහෙත් හේත් සොයා ගන්නවා කියන්නේ මිනිසුන්ගේ තියෙන සිල්වත් බවේ අඩුවීමක්, මිනිසුන්ගේ තියෙන තම තමන්ගේ හික්මීමේ අඩුවීමක්, ගුනේ හරියටම හරි, (බ)

:       0       0

ගුණසිරි Tuesday, 05 July 2016 11:33 AM

බණ්ඩාර මම හරි කැමතියි මාව විවේචනය කරනවට , නාසා අභ්‍යවකාශ යානය බ්‍රහස්පතිට ළංවෙයි යන මෙයින් ඔබ ජිවත් වී මැරෙන කාලය අතරතුර ඔබට සෘජු වම ලැබෙන එක ප්‍රයෝජනයක් මට කියන්න. (බ)

:       0       0

ගුණරත්න Tuesday, 05 July 2016 11:52 AM

ක්‍රිස්, ලෝකයේ කරන පරීක්ෂණ දෙකොටසකට බෙදනවා ඒ ආර්යය පරීක්ෂණ සහ අනාර්යය පරීක්ෂණ කියලා ඔබ කැමති අනාර්යය පරීක්ෂණයන්ට කරයි කියලා මනුෂය වර්ගයාට සෘජුව කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ , ගුනේ කැමති ආර්යය පරීක්ෂණයට මනුෂය වර්ගයාට සෘජුවම දේවල් ලැබෙන ,මග සොයන්න එකට (බ)

:       0       0

අශිකා Tuesday, 05 July 2016 11:49 AM

යානය බ්‍රස්පති ගියාට වැඩි ප්‍රසිද්දියක් මේ ගුනේ ට ලැබිලානේ? ඔයා ඔය පොත පත කියෙව්වට අද අපි ගුවනින් යන්නෙත් ලෙඩ රෝග වලට බේත් ගන්නෙත් ගොඩක්ම නවීන විද්‍යාවේ දියුනුව නිසයි. ඒවාට හිස නමා ආචාර කිරීමට පුරුදුවන්න (බ)

:       0       0

රාජුන් Thursday, 07 July 2016 04:31 AM

අභ්‍යවකාශ ගවේෂණය නිසා බිහිවූ අලුත් නිමැයුම් සහ ඒවා අපේ ජීවිතයට කොපමණ බලපානවද කියල නාසා එකේ ස්පින් ඔෆ් වෙබ් අඩවියට ගොස් බලාගත හැකි. (බ)

:       0       0

ගුණේ Saturday, 16 July 2016 02:24 PM

සඳා, මේ සමස්ත ක්‍රියාවලිය දෙස අසුභවාදීව හිතන්න එපා. මේ බුදු දහමේ අතිසියුම් ගැඹුරු කාරනා මහා පණ්ඬිතයිනට බැරිවුණාට සෝපාක වැනි අය අවබෝධ කළා. ඒ ඇයි? මෙතන තියෙන්නේ පුද්ගලයින්ගේ ප්‍රශ්නයට වඩා, අපිට ඇසෙන දකින උගන්වන ක්‍රමවේදය වැරදියි. (නි)

:       0       0

සඳා Friday, 15 July 2016 10:22 AM

ගුනේ කියපු හැම දෙයක්ම හරි. මිනිස්සු මේ බඹයක් වගේ ශරීරය ගැන සොයන්න වෙහෙසෙන්නේ නැතුව විශ්වය ගැන සෙවීම නිෂ්ඵල ක්‍රියාවක්. එත් ගුනෙට නොතේරුන එකම දේ තමයි ගැඹුරු දේ පිළිබඳව හැමෝම සමග තර්ක කිරීම සහ පහදා දීමට උත්සහ කිරීම අනුවන ක්‍රියාවක් බව. ගොඩක් අය නොදන්නා දෙයක් තමයි බටහිර විද්‍යාඥයන් භාවනාවෙන් හිත දියුණු කරන අය කියන එක. (ර)

:       0       0

ගුණේ Tuesday, 05 July 2016 06:13 AM

මනුෂ්‍යයිනි, සතුටු වෙයල්ලා! ඔක්කොම හරි දැන්. ඉපදීම් මැරීම අවසන් වුණා. ලෙඩදුක් හැදීම අවසන් වුණා. බඩගින්න අවසන් වුණා. (නි)

:       0       0

රනුක Friday, 08 July 2016 03:24 AM

ගු‍ණේ වගේ අය ගොඩක් මේ රටේ ඉන්න හින්දා තමා ලංකාව තවමත් තුන්වන පන්තියේ රටක් විදියට තියෙන්නේ (නි)

:       0       0

රාමනායක Monday, 11 July 2016 04:19 AM

ලංකාව තවමත් තුන්වන පන්තියේ රටක් නිසා තමයි මෙහෙම බේරිලා ඉන්නේ. පළවෙනි පන්තියේ ඉන්න රටවල් වලට අද මොකද වෙලා තියෙන්නේ. අපිට බුද්ධ දර්ශනයෙන් ලැබිලා තියෙන වටිනාකම අගයන්න පුරුදු වෙන්න. සමහර අය සුද්දට කඩේ යනවා. උදාර, ගුණේ, ඔබ හරි. (නි)

:       0       0

තුෂාරී Tuesday, 05 July 2016 01:36 PM

ගුනසිරි ළඟ හොඳ අදහස් තියෙනවා. අවුසගත්තොත් තමයි අහගන්නට ලැබෙන්නේ. (ර)

:       0       0

ගුණේ Thursday, 07 July 2016 07:37 AM

පුෂ්පා ඔබ ආදරයටම කිවුවත් කියන්නේ වැරදි දෙයක් නම් එය පිළිගැනීමට සුදුසුද? පුෂ්පා දන්නවද මේ නාසා ආයතනය තමන් පයගහලා ඉන්න මහා පොළොවේ සැබෑ ස්වභාවයවත් හරියට දන්නේ නැහැ. ඒගොල්ලො යනවා බ්‍රස්පති ගවේෂණය කරන්න. (නි)

:       0       0

විනූ Thursday, 07 July 2016 07:50 AM

නාසා ආයතනයටත් වඩා ගුණේ දන්නවා වාගෙයි හැම දෙයක් ගැනම.මොකද නාසා ආයතනය ගැන ගුණේට තියෙන ඔය තරම් ගුණමකුකම...?මම හිතන විදිහට ගෙදර කරන්න දෙයක් නැතුව ඇති. (බ)

:       0       0

ගුණේ Friday, 08 July 2016 10:48 AM

පුෂ්පා, ඔබතුමිය මේ තර්ක විතර්ක කරන්නේ මහා උගතෙක් සමඟ නෙමෙයිනේ. තර්ක කියන වචනය ගෙනහැර දක්වපු නිසා පෙන්වා දෙනවා. ඔබ මට කට අරින්න එපා කට වහගෙන ඉන්න කියලා ලිව්වාට, මම ඇත්තටම කට ඇරලා ශබ්දය පිට කරලා යමක් කිවුවේ නැහැනේ. මම කළේ මනසට එන සිතුවිලි වලට අනුව යතුරු පුවරුව හැසුරු එක පමණයි (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 05 July 2016 07:28 AM

ගුණේගේ මොළේ වයර් මාරුවෙලාද? (නි)

:       0       0

ගුණේ Friday, 08 July 2016 11:13 AM

මේ අැමෙරිකානු ජාතික අභ්‍යවකාශ සහ ගගන පරිපාලන ඒජන්සියෙන් පිටත්කර යවන ලද තවම මඟ සිටිනවා කියන යානයක් ගැන සැබෑලෙසම උද්දාමයට පත් වී සිටින සියලු දෙනාගෙන්ම එක ප්‍රශ්නයක් අසන්න කැමතියි. ඔබේ රට ජාතිය ආගම කුමක්ද? (නි)

:       0       0

පුෂ්පා Thursday, 07 July 2016 08:45 AM

අනේ ගුණේ මම කිව්වනේ කට අරින්න එපා කියල. පස්සේ මට දොස් කියන්න එපා කිව්වේ නෑ කියල. (බ)

:       0       0

ෆාරා Tuesday, 05 July 2016 03:15 PM

කොටි ගණන් නාසා වියදම් කරලා ඒ ලෝකෙත් මේලොකෙත් අතර මිතුදමක් ඇති වුනොත් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා, මොකද මත්පැන් එහෙත් ඇති නමුත් කුඩු, උන් කුඩු ගහල උන්ගේ ලෝකේ ඇත හැරලා ගියොත් (බ)

:       0       0

ක්‍රිස් Tuesday, 05 July 2016 07:42 AM

ගුණේ කැමති නැහැ අලුත් සොයාගැනීම් වලට. එකකම එල්ලිලා ඉන්නයි කැමති. (නි)

:       0       0

නිශා Tuesday, 05 July 2016 08:27 AM

මුළු ලොවම ඇමරිකාවට ස්තුතිවන්ත වෙන්න ඕන තමන්ගේ දානයෙන් මුළු ලෝකයටම වැදගත් වන විද්‍යාත්මක දේවල්වලට කැපවීම (හේ)

:       0       0

පියුමි ලක්මාලි Thursday, 07 July 2016 09:30 AM

ඔන්න ඔහේ ගුණේට ගුණසිරි බුල්ටෝ ටිකක් අරන් දෙමු අනේ.එතකොට කට වහගෙන ඉඳීවී. (බ)

:       0       0

තුසිත Friday, 08 July 2016 12:42 PM

ගුණේ හරි. අභිධර්ම පිටකය නොකියවා ඇති මිනිසුන්ට නාසා එකෙන් කියන දේවල් ලොකු දේවල් වුණාට කියවා ඇති අයට මේවා ඒතරම් වැදගත් නැහැ. (නි)

:       0       0

ගුණේ Tuesday, 05 July 2016 07:37 PM

අශිකා, මම පොත් ගුල්ලෙක් නෙමෙයි. එහෙත් ඔබතුමිය දන්නවද ඈත අතීතයේ මිනිස්සු ජීවත්වෙලා තියෙනවා අවුරුදු ලක්ෂයක්. ඒගොල්ලන්ට ලෙඩ දෙකයි තිබුනේ, බඩගින්න සහ මළපහ කිරිම. තැනකින් තැනකට ගියේ ඍධි බලයෙන්. ඔබේ නවීන විද්‍යාවට පුළුවන් ඔබ අගය කරන දේ අනිත් පැත්තට කරකවන්න. ගුවන්යානා කඩාවැටී මිනිස්සු මැරෙනවා. සමහර බෙහෙත් කාලයක් බිවුවම එතෙක් නොතිබූ ලෙඩ එනවා. හරි පුදුමයි! (නි)

:       0       0

ගුණරත්න Saturday, 09 July 2016 01:05 PM

රනුක , රටක් තුන්වෙනි පන්තියෙන් පලමුවෙනි පන්තියට අවරෝහණ ක්‍රමයට ආවත් පිළිවෙලට එන්න ඕනේ , (හේ)

:       0       0

පුෂ්පා Thursday, 07 July 2016 09:29 PM

යන්නේ කොහෙද මල්ලේ පොල් තර්ක තමයි මේවා. (නි)

:       0       0

ගුණේ Monday, 11 July 2016 10:15 PM

පින්වත් හිතවතුනි, හිතවතියනි, මේ නිවැරදි මත සමාජගත කරන්න දරන ප්‍රයත්නයක්. මේ විශ්වය පිළිබඳව, අපේ ආගම, සිංහලයින්ගේ ආගම කිසිවක් නොසඟවා එළිපිට ඉදිරිපත් කළ තොරතුරු විස්මිතයි. (නි)

:       0       0

සරා Tuesday, 05 July 2016 10:19 PM

අතීතයේ සොයාගැනීම් වර්තමානයට, අද සොයාගැනීම් අනාගතයට (නි)

:       0       0

ගුණසිරි Thursday, 07 July 2016 11:59 AM

නෝනාවරුනි, ගැහැණුන්ගේ මොලය හැදිමිටේ දිගලු ,මම නෙමෙයි කියන්නේ මාර දිව්‍ය පුත්‍රයා . (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site