IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ජ‘පුර ‘අට්ටයා‘ගේ ගුණාත්මකබව වැඩි කරයි

ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ලබාදෙන ‘අට්ටයා‘ නොහොත් මුහුදු කූඩැල්ලන්ගේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නංවන්නේ කෙසේද යන්න පිළිබඳව පර්යේෂණයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යනාංශයෙන් සිදුකෙරෙමින් පවතී.

තම්බා වියළාගත් මුහුදු කූඩැල්ලන් දීර්ඝ කාලය සිට අපනයනය කරන අතර කූඩැල්ලන් විශේෂ 16 ක් පමණ දැනට අපනයනය කෙරේ. 2015 වර්ෂයේදී වියළා ගත් මුහුදු කූඩැල්ලන් මෙටි‍්‍රක් ටොන් 260 ක් පමණ අපනයනය කර ඇමෙරිකානු ඩොලර් මිලියන10.4 ක පමණ විදේශ විනිමයක් උපයාගැනීමට හැකිවී තිබේ.

සත්ව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චාමරී දිසානායක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරෙන අතර වයඹ විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය මේ සඳහා සහාය ලබාදෙයි. ජාතික පර්යේෂණ සභාව මේ වෙනුවෙන් මූල්‍ය දායකත්වය සපයයි.

 ‘තම්බා වියළා ගත් මුහුදු කූඩැල්ලන්ගේ විශාලත්වය සහ ගුණාත්මකභාවය මත විදේශ වෙළෙඳපොළ ඉල්ලූම රඳා පවතිනවා. මුහුදු කූඩැල්ලන්ගේ ගුණාත්මකභාවය රඳා පවතින්නේ ඔවුන් පිළියෙළ කර ගැනීමට අප විසින් භාවිත කරනු ලබන ක‍්‍රමවේදය අනුවයි. දැනට අප විසින් භාවිත කරනු ලබන්නේ මීට ශත වර්ෂ ගණනකට පෙර චීනය විසින් අප රටට හඳුන්වාදුන් සාම්ප‍්‍රදායක ක‍්‍රමවේදයි. මේ නිසා අපේ නිෂ්පාදන සඳහා අපනයන වෙළෙඳපොළෙහි ලැබෙන ලංසුව සාපේක්‍ෂව අඩු මට්ටමක පවතිනවා. පසු අස්වනු හානිය මෙන්ම පෝෂණ පදාර්ථ හානිවීමට මෙම සාම්ප‍්‍රදායක ක‍්‍රම හේතු වන බවට අපට අනාවරණය වුණා. මෙම දුර්වලතා මඟ හැර ගැනීම සඳහා අපි මෙම පර්යේෂණය ඇරැඹුවා‘

‘මෙම පර්යේෂණ ව්‍යාපෘතියෙන් අපට නිරීක්‍ෂණය වූයේ අපනයන වෙළෙඳපොළෙහි අධික ඉල්ලූමක් ඇති මෙම මුහුදු කූඩැල්ලන් නීතිමය නොවන මාර්ගවලින් ලංකාවට ගෙන්වීම සහ බැහැර කිරීම ඉතා සුලභ සංසිද්ධියක් ලෙස අපි හඳුනාගත්තා. තම්බා වියළා ගත් මුහුදු කූඩැල්ලන් වර්ග වෙන් වෙන්ව හඳුනාගැනීම ඉතා අපහසු බැවින් මේ ආශ‍්‍රිතව රාජකාරියේ යෙදෙන නිලධාරීන් මෙවැනි අවස්ථාවලදී ඉතා අපහසුතාවට පත්වෙනවා. ඒ වගේම තක්සේරු වටිනාකම නිර්ණය කිරීමේ ගැටලූද පැන නඟින අවස්ථාද අපි දැක තියෙනවා‘

‘එමෙන්ම මෙම සතුන්ගේ සංරක්‍ෂණයෙහි නීති ක‍්‍රියාත්මක කිරීමෙහි අපහසුතාද ඉස්මතු වෙනවා. මෙම ගැටලූ යම්තාක් දුරට මඟහරවා ගැනීමට ඉදිරියේදී මුහුදු කූඩැල්ලන් වර්ග නිවැරැුදිව හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳව ක්ෂේත‍්‍රයේ නිලධාරීන් උදෙසා ප‍්‍රායෝගික වැඩමුළුවක්ද ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා’යැයි දිසානායක මහත්මිය පැවැසුවාය.

Chamari

Boiled-and-dried-sea-cucumbers  Processed-sea-cucumbers Processed-sea-cucumbers-3 Processing-of-sea-cucumbers Sea-cucumber-catches-1 Sea-cucumber-catches-2

 

 

 

 

 

 

 



අදහස් (0)

ජ‘පුර ‘අට්ටයා‘ගේ ගුණාත්මකබව වැඩි කරයි

අජිත් කුමාර Thursday, 01 December 2016 08:38 AM

මුහුදු කූඩැල්ලා ඉහල ආර්ථික වටිනාකමක් තියෙන මුහුදු ජීවියෙක්. අපි කැමට නොගන්න අතර චීනය සිංගප්පුරුව හොන්කොන්ග් වැනි රට වලට කිලෝව රුපියල 35000 වැනි ඉහල මිල ගණන් යටතේ අපනයනය කරනවා. ඔවුන් ඉහල ප්‍රෝටීන් අඩු මේදය සහිත සුඛෝපභෝගී ආහාරයක් ලෙස ජනප්‍රියයි. ආතරයිටිස් , රුමටික් උන, සන්ධි ප්‍රධාහ වලට ගුණදායක පාරම්පරික ඖශධයක් ලෙස ආසියාතිකයන් අතර ප්‍රචලිතයි. (ර)

:       0       0

සුගත් බණ්ඩාර Wednesday, 26 October 2016 08:41 AM

මේ කූඩැල්ලන් මිල අදික වටිනා වාජීකරණ බෙහෙතක් අමතක කරන්ඩ එපා (ම)

:       0       0

ප්‍රියදර්ශන Tuesday, 01 November 2016 08:35 AM

ඔය විදිහේ පටු අදහස් තියාගෙන ඉන්න නිසා තමයි මේ රටට මේ වින්නැහිය වෙලා තියෙන්නේ. ලෝකෙත් එක්ක සමාන්තරව යන්න ඕනෑ නම් අපි මීටවඩා අදහස් වලින් පොහොසත් වියයුතුයි. (නි)

:       0       0

ධම්මි Tuesday, 25 October 2016 09:47 AM

නිරු පව්කාරයින්ට බණ කියල වැඩක් නෑ බුදුරජානන්වහන්සෙත් ජේතවනාරාමය පිටිපස්සෙ ඌරො මැරූ එකාට බණ කියන්න ගියේ නෑ (බ)

:       0       0

අචිර Monday, 07 November 2016 04:19 PM

මුහුදු කුඩැල්ල ගොලුබෙලි ජාතියක් උන් කොහමත් මැරිලා වගේ තමයි ඉන්නේ ඒවා කෑවට අඩු පවක් සිදු වෙයි නමුත් හරකා කිරිබී වැඩන සතෙක් හරක් මැරුවොත් මිනීමැරුමකට සමානය් (බ)

:       0       0

කුමාර මෙන්ඩිස් Friday, 04 November 2016 07:52 PM

ඔව් හරකා ගැන විතරයි කතා කරන්නේ.අනික් මස් කුකුල් මස් මාළු ගහල අරිනවා.මේ ලෝකේ ආණ්ඩුවකින් මිස කිසි කලෙක මස් කන එක නතර කරන්න බැ කරන්නෙත් නැ මිනිස්සු.ධීවර ගොවි පොළවල් කියන්නේ මනුස්සයන්ගේ රැකියා (අ)

:       0       0

ලක්විදු Monday, 24 October 2016 08:34 AM

තිරු ඔව් ඉතින් මොකක්ද ප්‍රශ්නේ මේක කරවල හදනවා වගේ වැඩක් (බ)

:       0       0

විරාජ් Tuesday, 01 November 2016 02:53 AM

බෞද්ධ වීම යනු මස්,මාළු අනුභවයෙන් වැළකී සිටීම කියායි සමහරු හිතාගෙන ඉන්නේ (නි)

:       0       0

සුරංග පෙරේරා Tuesday, 25 October 2016 04:53 AM

මේකේ කොමෙන්ට්ස් දාන ගොඩක් කට්ටිය වෙජිටේරියන් ලා ද? (බ)

:       0       0

දම්මි Tuesday, 25 October 2016 05:34 AM

නිරු, අහන්නෙ නැති අයට බණ කියලා වැඩක් නැහැ.

:       0       0

දිනේෂ් Monday, 24 October 2016 11:06 AM

අපේ රටේ ගොඩක් අයට බණ කියන්න නම් හොඳට පුළුවන්. ජීවිතේට මස්, මාළු, කරවල මොකුත් කාලා නැහැ වගේ කතාව.... (නි)

:       0       0

මලීන් Tuesday, 08 November 2016 09:54 AM

මම ක්‍රිස්තියනි. මම අදහන හැටියට නම් හරකා හෝ කූඩැල්ලා කියන්නෙ දෙකම ජිවිත. අපි මරාගෙන කනවා නම් එ් පව දෙකටම එකයි.

:       0       0

චමල් Thursday, 27 October 2016 05:52 AM

ලෝකේ හැමෝම පින්වන්තයෝ නෙමෙයි. පවු කාරයෝ සත්තු මරයි. මිනිස්සු කාල බිල ඉන්න එපැයි මොනා කරන්නත්. (බ)

:       0       0

ලක්ෂි Monday, 24 October 2016 11:47 AM

ලක්විදු, කරවල කන අයට එ්ව හදන්නෙ මාලුන්ගෙන් කියලා කනකොට මතක්වෙන්නෙ නැහැ. (නි)

:       0       0

ලක්විදු Saturday, 29 October 2016 12:22 AM

මෙතන සමහරු පමණට වැඩියෙන් බෞද්ධ වෙන්න යනවා (නි)

:       0       0

නිරු Monday, 24 October 2016 04:56 AM

මේක බෞද්ධ රටක්ද? (ම)

:       0       0

මනෝජ් Monday, 07 November 2016 12:35 PM

කිලෝ එකක් රුපියල් 6000 විතර වෙනවද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1485 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1397 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site