IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


කොහොඹ වලින් පිළිකා නසන බෙහෙතක් - කොළඹ සරසවියේ පර්යේෂක කණ්ඩායමක් සොයාගනී

(ගයාන් සූරියආරච්චි)

කොහොඹ ශාකයේ පවතින ‘ජෙඩුනීන්’ නැමැති රසායනික සංයෝගය පිළිකා පියවි සෛල (Cancer Stem Cells) විනාශ කරන බව ලොව ප්‍රථම වතාවට සොයාගත් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණික ආයතනය කියයි.

ඖෂධ ගබඩාව ලෙස ජන වහරේ හඳුන්වන කොහොඹ ශාකය අපරිමිත ඖෂධීය ගුණයෙන් යුක්ත වන අතර එහි අඩංගු පිළිකා නාශක හැකියාව ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි දියුණු විද්‍යාත්මක පර්යේෂණක් තුළින් සනාථ කිරීමට හැකිවූ බව විද්‍යාඥයෝ පවසති.

කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණික ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි තෙන්නකෝන් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන්  පර්යේක්ෂණ සිදු කැරිණි.ආචාර්ය මෙරාන් එදිරිවීර, ආචාර්ය පූර්ණා පියතිලක, කාතිකා මායන්, ඩැනියෙල් නොක්වූ, රනා මෝහන්, ලක්ශ්මිගා තර්මරාජා, උමා රාජගෝපාලන්, කනිෂ්ක සේනාතිල සහ මහාචාර්ය අයිරා තාබෘ යන මහත්ම මහත්මීහු මෙම පර්යේෂණය සඳහා දායකවූහ.

මහාචාර්ය නේද්‍රා කරුණාරත්න සහ ආචාර්ය නුවන්ති කටුවාවෙල නැනෝ තාක්ෂණික උපක‍්‍රම මෙහෙයමින් ඔවුනට සහාය දැක්වූහ. මෙම පර්යේක්ෂණයේ මුලික අදියර සඳහා ජෛව රසායනික අණුක ජීවවේදී සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාපති උපාධි පාඨමාලාව යටතේ ද, 2017 වසරේ දී  ජාතික විද්‍යා පදනමෙන් මූල්‍ය දායකත්වය ද හිමි විය.

පර්යේෂණය පිළිබඳව ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා මෙසේ පැවැසීය.

‘‘දැනට පිළිකා ප‍්‍රතිකාර සඳහා භාවිත කරන රසායනික සංයෝගවලින් පිළිකා පියවි විනාශ කිරීමට හැකියාවක් නෑ. මෙහිදී අප සොයා බැලූවේ පිළිකා පියවි සෛලවල සක‍්‍රීය ක‍්‍රියාකාරීත්වයට සෘජුව දායකවන විශේෂිත ප්‍රෝටීනයක් අවහිර කිරීමේ හැකියාවක් ඇති නව සංයෝග තිබේ දැයි කියලයි. එවැනි සංයෝග හමු වුවහොත් පිළිකාව තවදුරටත් සක‍්‍රීයවීම වළක්වා පිළිකාව සදහටම විනාශ කළ හැකියි.’’

‘‘ 2013 වර්ෂයේදී මුලින්ම මෙම පර්යේෂණය අප ආරම්භ කළා. ආසියාතික රටවල ශාකවලින් ලබාගත් රසායනික සංයෝග 35 ක් පමණ එකින් එක ගෙන දියුණු පරිගණක මෘදුකාංග යොදගෙන පිළිකා පියවි සෛලවල අති විශේෂිත ප්‍රෝටීනයක් හා බැඳී ඒවායේ සක‍්‍රීය ක‍්‍රියකාරීත්වය අවහිර කරන්නේ දැයි සොයා බැලූවා. මෙහිදී අප සිදුකළේ හුදෙක් පුරෝකථනයක් පමණයි. ඒ සඳහා භාවිත කළ ශිල්ප ක‍්‍රමය මොලිකුලර් ඩොකින් ලෙස හැඳින්වෙනවා. එහිදී අධි තාක්‍ෂණික පරිගණක තාක්ෂණ ක‍්‍රම උපයෝගී කරගෙන DNA, RNA, ප්‍රෝටීන අප සිරුරේ සහ ශාකවල රසායනික සංයෝග තවත් ප්‍රෝටීනයක් හෝ රසායනික සංයෝගයක් සමඟ බැඳි සෛලවල ක‍්‍රියකාරීත්වය වෙනස් කරන ආකාරය පිළිබඳව විශ්ලේෂණය කළා.

‘‘මෙය හරියට අගුලූ යතුරු යාන්ත‍්‍රණයකට සමානයි. එක් අගුලකට එක යතුරක් ගැලපෙන්නා සේ කොහොඹ ශාකයේ ඇති ‘ජෙඩුනීන්’ රසායනික සංයෝගය පිළිකා පියවි සෛලවල විශේෂිත ප්‍රෝටීනය හා බැදි එය අවහිර කර පිළිකා පියවි සෙලවල ක‍්‍රියාකාරීත්වය අඩපණ කර පිළිකාව විනාශ කිරීමේ හැකියාව තිබෙන බව අපට පුරෝකථනය කිරීමට හැකිවුණා.’’

‘‘පසුව එම පුරෝකථනය සත්‍ය දැයි සොයා බැලීම සඳහා පිළිකා අවස්ථාවේ තිබෙන මානව කළලයකින් ලබා ගත් පිළිකා පියවි සෛල පර්යේෂණයට යොදාගත්තා. සායනිකව භාවිත කරන රසායනික සංයෝගවලටත් වඩා වැඩියෙන් ‘ජෙඩුනින්’ රසායනිකය පිළිකා පියවි සෛලවලට වැඩි ක‍්‍රියාකාරීත්වයක් දක්වන බවත් එමගින් අප සිරුරේ රුධිර සෛලවලට කිසිඳු හානියක් නොකරන බවත් සනාථ වුණා.’’

‘‘ඉහත පර්යේෂණයට සමාන්තරව ‘ජෙඩුනීන්’ සංයෝගයේ ගුණාත්මක බව නැනෝ තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු කළ හැකිදැයි අප සොයා බැලූවා.  විශේෂයෙන් සැකසු නැනෝ අංශු තුළ ‘ජෙඩුනීන්’ රඳවා පියයුරු පිළිකා පියවි සෛල සහ පෙනහළු පිළිකා සෛලවලට හඳුන්වා දුන්නාම ‘ජෙඩුනීන්’ සතු පිළිකා කාරක ගුණය පෙනහළු පිළිකා සෛල සඳහා සංශුද්ධ ‘ජෙඩුනීන්’ වලට වඩා දස ගුණයකින් වැඩිවන බව පෙනී ගියා.

‘‘ එසේම පියයුරු පිළිකා පියවි සෛල සෘජුවම ඉලක්ක කරගත හැකි ‘ජෙඩුනීන්’ රසායනය යොදාගෙන සැකසූ නව නැනෝ තාක්ෂණික මුසුවක් අප දැනටමත් සකසා තිබෙනවා. ඒ සඳහා පේටන්ට් බලපත‍්‍රයක් අයැදුම් කිරීමටත් බලාපොරොත්තුවෙන් සිටිනවා. අප පර්යේෂක කණ්ඩායම මෙම සොයාගැනීම දැනට ජාත්‍යන්තරව පිළිගත් විද්‍යාත්මක සඟරා 3 ක පළකර තියෙනවා. වගකිවයුතු නිලධාරීන් තවමත් මෙවැනි දියුණු ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ ශ්‍රී ලංකාවේ සිදුවන බව නොදන්නවා විය හැකියි. මෙවැනි පර්යේෂණ සඳහා විශාල මුදලක් වැය වෙනවා. අප මේ සියල්ල සිදුකරනුයේ අනාගත පරපුර වෙනුවෙන්. තවත් වසර 10 ක් ඇතුළත අපේ සොයාගැනීමක් ජාත්‍යන්තර සායනික භාවිතය සඳහා යෙදවීමට පිඹුරු පත් සකස් කර තිබෙනවා.’’ යැයි සමරකෝන් මහතා පැවැසීය.

 



අදහස් (25)

කොහොඹ වලින් පිළිකා නසන බෙහෙතක් - කොළඹ සරසවියේ පර්යේෂක කණ්ඩායමක් සොයාගනී

උදය Thursday, 25 May 2017 02:36 PM

මේ වගේ හොද ආරංචි වලට කමෙන්ට්ස් නැත්තේ මොකෝ ?

:       125       154

කෙශාන් Thursday, 25 May 2017 09:34 PM

මෙන්න රටට වැඩදායි දේ කරන රටට ආදරය කරන සැබෑ මිනිස්සු. මේ හොයාගත්ත බෙහෙත් වල පේටන්ට් ලන්කාවට ගත යුතුමයි. එතකොට විකිනෙන හැම පෙත්තකින්ම, හැම ඉන්ජෙක්ශන් එකකින්ම රුපියල් සත, ඩොලර් අපේ රටට ගලාවි. අලුත් වාහන සිහිනෙ ඉන්න පාලකයොන්ගෙ ඇස් ඇරේවා!!

:       1       138

දොන්Tuesday, 06 June 2017 12:33 PM

කේෂාන්- මේකෙන් ලංකාවට නෙමෙයි ලෝකෙටමයි සෙතක් වෙන්නේ. පේටන්ට් එක මොන රටකට ලැබුනත් කමක් නැහැ ඉක්මනට හොඳ බේතක් කොහේ හරි රටක හැදෙනවා නම් තමයි හොඳ. මේඩ් ඉන් ශ්‍රීලංකා මොනවද හොඳ තත්වෙන් හදන්න පුළුවන්. ඕක ලංකාවේ දොස්තරලා හොයාගත්තට ලංකාවේ ඔය බේත් හදන්න ගියොත් ඔය බේත කවදාවත් පිට කරන්න ලැබෙන්නේ නැහැ. ඕක හදන්න දාන ලැබ් එකේ අයත් ටික දවසක් යද්දී පඩි මදි කියල උද්ගෝෂණය කරයි ෆැක්ටරිය වහල.. එහෙම රටක් ශ්‍රීලංකාව .. දොන්

:       1       6

arunalu Friday, 26 May 2017 07:32 AM

බෙහෙත් ටික ලංකාවේ හැදුවම... බෙහෙත් ආනයනය කරන කොට හම්බවෙන කමිසන් එක හම්බ වෙන්නේ නැහැ නේද?

:       5       123

Ariyapala Hewage Friday, 26 May 2017 05:44 PM

උතුම් වැඩක්.... රටට ඔබලා ගැන ආඩම්බරයි...

:       4       26

sinhalahami Friday, 26 May 2017 06:00 PM

රාජිත මහත්තයා මොනවා කියයිද දන්නෑ..

:       13       15

විකුම් රංගන Saturday, 27 May 2017 12:08 PM

කොහොඹ වල විතරක් නෙමෙයි.., තණකොලවලත් ඔය රසායනික ගුණය තියනවා කියලත් මම අහලා තිබෙනවා.

:       10       4

buddika Sunday, 28 May 2017 03:31 AM

ඔබ සියලුදෙනා ගැන ආඩම්බරයි. බෙහෙත් නැතිව මිය යන එක රෝගියෙකුට හරි නැවත ජීවය දෙන්න පුළුවන් නම් එක ලොකුම පින් කමක්.... මෙම ඖෂධය සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

:       1       115

dingirala Sunday, 28 May 2017 10:35 PM

ඔබලාගේ නව සොයාගැනීමට අපේ සුභපැතුම්. ඔබලා වැනි පර්යේෂකයන් රටට ආඩම්බරයක් !! ඉදිරි පර්යේෂණාත් සාර්ථක වේවා.

:       0       46

Asoka Monday, 29 May 2017 02:12 AM

විශිෂ්ට සොයා ගැනීමක් සුභ පතනවා.

:       3       37

D S JAYASURIYA Tuesday, 30 May 2017 08:58 AM

සුභපැතුම් !

:       0       26

Jayasekara Bandara Wednesday, 31 May 2017 03:58 PM

මේකේ නම තියෙන ආචාර්ය මෙරාන් එදිරිවීර මහතා කියන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ බිහිවෙච්ච්ච කෙනෙක්... ඔහුට හොඳ දැක්මක් තියනවා. හොඳ බුද්ධිමතෙක්....දකුණේ කොල්ලෙක්.... ජය වේවා !!!

:       45       48

ප්‍රීති Thursday, 01 June 2017 05:56 AM

ඉතාමත් හොඳයි.. හැබැයි ඔය බෙහෙතෙන් ලෙඩ්ඩුන්ගේ පිළිකා සුව කරන්න කලින් දොස්තරලගේ පිළිකා සුව කළා නම් එය සමාජයට ගොඩාක් හිතකරයි. හැබැයි ඉතින් කොහොඹ, ගස් පිටින් ගිල්ලුවත් දොස්තරලගේ පිළිකා නම් සුව කරන්න ලෙහෙසි වෙන එකක් නැහැ.

:       2       26

jantha anuraTuesday, 13 June 2017 11:54 AM

කිසිවෙකුටත් මේ රෝගය උපමා කලයුතු නොවේ මෙහි අවසානය ඉතා කටුකය ඕනෑම කෙනෙකුට මෙය සිදුවිය හැක ශරීරය පුරාම දිවගොස් ඇට කටු වල වර්ධනය වී මොලය දක්වා ගොස් ජීවිතය කෙළවරවේ. ජීවිතය නැති වූ වහාම මේ සෛලද විනාශ වේ. රෝගියා ඉතාමත් දුක් වෙනවා සිතින් ගතින් සමීප තම අයත් මැරී මැරී ඉපදෙනවා. මෙය කර්මය නිසා සිදු නොවේ. මිනිස් ක්‍රියාකාරකම් විය හැක. දෙවන ලෝක යුද්දයෙන් පසු මිනිස් සිරුරු වල වර්ධනය සිදුවී ඇත. අවසානයේ ඇතිවන වේදනාව රෝගියාට දරා ගැනීමට බැරි නිසා මොපින් නමැති අධි වෙන නාශක ලබා දෙන බව අසා ඇත උපමාවෙන් වලකින්න රෝගය මැඩ පවත් වන්නට කරුණු සොයන අය දිරිමත් කරන්න ලංකාව තුල සීග්‍ර වර්ධනය දැකිය හැක මගේ මව්, සොයුරියක් එකම කාමරයේ සිටි මිතුරා අසල වැසියන් බොහොමයක් මෙයට ගොදුරු වී ඇත ඔබට තෙරුවන් සරණ පතමි

:       0       0

nandana kumara Thursday, 01 June 2017 01:16 PM

මේ අය තමයි නියම දෙවිවරු

:       8       27

minipe Friday, 02 June 2017 12:03 AM

මේකත් අර මුහුදු වතුරෙන් කාර් දුවන්න හැදුව වගේ එකක්ද?

:       58       12

NIRESH Sunday, 04 June 2017 09:09 AM

මෙන්න නියම දෙවිවරු.... අපි ඉස්සරනම් කිවුවේ දොස්තර මහත්තයා තමා අපේ දෙයියා කියලා. දැන් ඉන්නේ දොස්තරලා නෙමේ..... මේ වගේ රටට වැඩදායක දෙයක් කරන මිනිස්සු දිහා බලලවත් හැදෙන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්.... මේ මිනිස්සු කිසිදෙයක් ඉල්ලන්නේ නැතුවම තමන්ගේ වැඩේ රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් කරනවා. ඔබතුමන්ලාට සියලු දෙවියන්ගේම පිහිටයි....

:       0       29

sisira Paris Wednesday, 07 June 2017 08:05 AM

අපේ රටේ තියෙන ස්වභාවික ශාක වලින් හරි විදියට ප්‍රයෝජන ගන්නවා නම් අපේ රට ඉතා දියුණු ආර්ථික මට්ටමකට ගෙන්න පුළුවන් වෙන දෙයක් ඕනෙ නෑ. බලධාරීන් මේ ගැන උනන්දු විය යුතුයි.

:       0       4

janatha anura UAE Wednesday, 07 June 2017 01:12 PM

අපි මේ ගැන සර්ව අසුබවාදී නොවී මේ අය උනන්දු කරලා ලෙඩුන් සුව කරන්න බලමු. මගේ අම්ම නැති වුණේ මේ අසනීපයෙන්.. පිළිකා සඳහා කරන ප්‍රතිකාර බොහෝමයක් සාර්ථක නැහැ. ඒ නිසා සැවොම එක්වෙන්න. ඔවුන් දිරිමත් කරන්න. ජය අතළඟයි...

:       0       6

බද්රානි Wednesday, 07 June 2017 03:49 PM

මේ ගොල්ලෝ මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙමේ බව අපි දන්නවා. ඔය පරීක්ෂණයේ ප්‍රතිඵල වලින් රෝගීන්ට කරන සත්කාරය හෝ ප්‍රතිකාරය කෙසේ වෙතත්, මොකක් හෝ පදනමකින් අතට ගාණක් කඩා ගන්න මගඩියක් වෙන්න ඇති ඔය... අපි නොදන්නවයි කට්ටියගේ කෙරුවාව... ඒ කාලේ නම් දෙවිගොල්ලෝ වගේ දොස්තරලා හිටිය අද ඉන්නේ දොස්තර කළුකඩ මුදලාලිලා.

:       53       0

singhe Friday, 09 June 2017 03:33 AM

අනේ බද්රානි තම රට වෙනුවෙන් තමන් මොනවද කරලා තියෙන්නේ. කෙනෙක් රට වෙනුවෙන් අනාගත පරපුරපුර වෙනුවෙන් දෙයක් කරන්න හැදුවම අපේ අය හැමදාම කරපු විවේචනය අද බද්රාණි කරනවා.

:       0       1

ajith Friday, 09 June 2017 04:10 AM

විශිෂ්ට සොයා ගැනීමක් සුභ පතනවා.

:       0       2

Sarath Sunday, 11 June 2017 07:21 PM

ඔයාලට ගොඩාක් සුබ පතනවා. අතිසාර්ථක වෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලලා සිටිනවා. සියලු සක්තිය ලැබේවා !!!

:       0       3

ajith Monday, 12 June 2017 07:42 AM

නිකන් ජාත්‍යන්තර විහිළු කරන්නැතුව ඉන්න අනේ...

:       5       0

janatha anura Tuesday, 13 June 2017 11:42 AM

රංගන මිනිපේ බද්රානි ඔබලාගේ අදහස් පාරම්පරික ආර්ය සිංහලයන්ගේ පාරම්පරික උරුමයට ගැලපේ සර්ව අසුබවාදී කකුලෙන් අදින ගතිය එයම වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2272 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2149 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6056 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7109 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3520 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4210 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 148 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1425 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1352 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site