(ගයාන් සූරියආරච්චි)
බැටළු පැටවකුගේ කළල වර්ධනය සඳහා කෘත්‍රිම ගර්භාෂයක් සාර්ථකව අත්හදා බලමින් පවතින බව ඕස්ටේ්රලියානු පර්යේෂකයෝ පවසති.
මෙවැනි පර්යේෂණයක් සිදුකරනුයේ ලොව දෙවැනි වරට වන අතර මීට පෙර පෙනිසෙල්වේනියාවේ පිලඩෙල්පියා පර්යේෂකයෝ විසින් සිදුකළහ.
නොමේරූ ළදරු උපත් අනාගතයේදී ආරක්ෂාකර ගැනීම පර්යේෂකයෝ බලාපොරොත්තුවේ. තරල පිරවූ කෘත්‍රිම ගර්භාෂය සත්ත්වයාගේ ඉන්ද්‍රීයන් වර්ධනයට උපකාරී වන බව විද්‍යාඥයෝ විශ්වාස කරති.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සෑම වසරකම ඉතා අවදානම් තත්ත්වයේ පසුවන නොමේරූ දරුවන් 30,000 කට අධික සංඛ්‍යාවක් උපදිති.
බටහිර ඕස්ටේ්රලියානු විශ්වවිද්‍යාලය, ඕස්ටේ්රලියානු කාන්තා හා ළදරු පර්යේෂණ පදනම හා ජපානයේ ටොහොකු විශ්වවිද්‍යාල රෝහලේ පර්යේෂකයන් පවසනුයේ සතියක් තුළදී කෘත්‍රිම ගර්භාෂයේ බැටළු පැටවන් වර්ධනය වී තිබූ බවයි. මෙම නව ක්‍රමවේදය පර්යේෂකයන් හඳුන්වනුයේ ‘එක්ස්-විවෝ යුටේරින් එන්වරොන්මන්ට්’ ලෙසිනි.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කෘත්‍රිම කළලයකින් බැටළු පැටවෙක් හදයි
Asanka Tuesday, 22 August 2017 10:20 AM
මෙන්න විද්‍යා විද්‍යාවේ දියුණුව , ජය වේවා මෙවැනි පරීක්ෂණ කරන කණ්ඩායම් වලට ,, අපේ රටෙත් විස්කම් සැත්කම් සිදුවුණා පහුගිය කාලේ මෙවැනි පරියේෂණ මානව සංහතියේ පැවැත්මට රුකුලක්
prabash Friday, 25 August 2017 12:02 PM
මේ වගේ දේවල් නිසා අනාගතයේදී අම්මා කෙනෙකු නැතුව දරුවන් මේ ලොවට බිහි වෙනවා වගේ දේවල් වෙන්න පුළුවන්. බොහෝ භයානක දෙයක් පටන් ගැනීමක් විතරයි මේක... ලෝකයේ හොඳට වැඩ විනාශ වීමට මේක මුල් වේවි !!!