IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඉරවල් දෙකක් වටා කැරගෙන ග්‍රහයෙක් සොයා ගනී

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත විශාලතම ග්‍රහයා සොයාගැනීමට හැකි වූ බවත් එය සූර්යයන් දෙදෙනෙකු වටා ගමන් කරන බවත් තාරකා විද්‍යාඥයෝ පිරිසක් පවසති.

මෙම අලුත් ලෝකය බ්රහස්පති ග්‍රහයාට සමාන විශාලත්වයකින් යුත් බව සදහන් වේ. එමෙන්ම පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3,700 ක දුරින් පිහිට ඇත. නාසා ආයතනය සහ සැන් ඩියාගෝ හි රාජ්ය විශ්ව විද්‍යාලය එක්ව කරන ලද පරීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ.

 "ප්ලැනට් හන්ටින්ග්" කෙප්ලර් දුරේක්ෂය භාවිතා කරගනිමින් එම සොයාගැනීම සිදු කර තිබෙන බව ඔවුහු පවසති. සැන් ඩියාගෝහි ඇමරිකා  තාරකා විද්යා සංගමයේ මාධ්‍ය හමුවකදී මෙම නව සොයා ගැනීම ප්රකාශයට පත් කරන ලදී.

එම ග්‍රහ ලෝකය පිහිටා තිබෙන්නේ වාසයට සුදුසු කලාපයක් තුළ වුවද එය ඉතා විශාල ග්‍රහ ලෝකයක් හේතුවෙන් ජ්වින් අපේක්ෂා කළ නොහැකි බව ඔවුහු පවසති. සූර්යයන් යුගලයක් වටේ ගමන් කරන ග්‍රහ ලෝක "ස්ටාර් වෝස් " චිත්‍රපටයෙන් පසු 'ටැටුයින්' යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලැබීය.

විද්යාඥයන් පළමු ටැටුයින් ග්‍රහයා සොයා ගනු ලබන්නේ 2011 වසරේදීය. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 200ක් දුරින් සෙනසුරු ග්‍රහයාගේ විශාලත්වයට සමාන ග්‍රහයෙක් එලෙස සොයා ගැනිණි. ප්‍රධාන වශයෙන් සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පෘථිවියට සමාන ග්‍රහ ලෝක සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක ගවේශනය කිරීම 2009 දී කෙප්ලර් දුරේක්ෂ භාවිතයෙන් ආරම්භ කරන ලදී.



අදහස් (0)

ඉරවල් දෙකක් වටා කැරගෙන ග්‍රහයෙක් සොයා ගනී

හේවාවිතාරණ Tuesday, 14 June 2016 03:25 PM

ලලිත් අවුරුදු තිහක් ඇමරිකාවේ ඉන්න මට එවන් ග්‍රහයෝ හමුවෙලා නැහැ ඔබ මොනවහරි පාවිච්චි කරලා වෙන්නැති ඒ වෙලාවට ග්‍රහයෝ පේනවා (බ)

:       0       0

සුමුදු Friday, 24 June 2016 06:26 PM

පුදුමයි එ්කත් රාජපක්ෂ පවුලේ වැඩක් බව ප්‍රකාශ නොකරන එක.

:       0       0

සුදීර Thursday, 16 June 2016 07:41 AM

ඇමරිකාවේ ඉන්න අය ගැන තියෙන ඊර්සියාව දමා ඇති අදහස් වලින් මොනවට පිළිබිමු වේ. (ර)

:       0       0

පිටබැද්දර ජයා Friday, 17 June 2016 09:13 PM

මාතෘකාව නව සොයාගැනීම්, ග්‍රහ ලෝක. නමුත් සමහරු කතාකරන්නේ අැමරිකාවේ ඉන්න මනුස්සයෙක් ගැන. මේක තමයි අපේ මිනිසුන්ගේ හැටි. ඉතින් කොහොමද ජාතියක් හැටියට අපි ඉදිරියට යන්නේ? හරිනම් අපි සතුටු වෙන්න ඕනෑ අපේ තවත් එකෙක් ඇමරිකා ඉන්නවා එහෙනම් කියලා. (නි)

:       0       0

සුමුදු Friday, 24 June 2016 06:48 PM

බුදුබණ සත්‍ය බව නාසා එකෙන්ද තහවුරු කරන බව හැමවිටම අප දැනගත යුතුය. (නි)

:       0       0

වසන්ත රත්නායක Wednesday, 15 June 2016 07:51 AM

මේ ඉර, සඳ, තාරකා මැව්වේ දෙවියන් වහන්සේය. (නි)

:       0       0

සුදර්මන් Thursday, 16 June 2016 07:53 AM

දැන් ග්‍රහයෝ ගැන නොවෙයි මාතෘකාව. ඇමරිකාවේ අවරුදු තිහක් ඉන්න එක ප්‍රශ්නයක් වෙලා කට්ටියකට. හේවා මහත්තයෝ ඔව්වා ගණන් ගන්න එපා. අර කව්දෝ කීවාලු නේ මිදී තිත්තයි කියා. (ර)

:       0       0

උපාලි Wednesday, 15 June 2016 08:14 AM

නන්දලාල්, මාත් ලලිත්ට ස්තුති කරනවා. ඒ අනුව මේ ප්‍රවෘත්තිය විශ්ව හඳුන්වාදීම් දෙකකින් යුක්තයි නේද? අර ග්‍රහලෝකෙත් එයා තරු දෙකක් අස්සෙ ඉන්න බව කියාගන්න විදිහක් නැතුව මෙච්චරකල් හරි දුකෙන් ඉන්න ඇති නේද, පවු. (නි)

:       0       0

රොකී Friday, 17 June 2016 03:57 AM

වසන්ත රත්නායක උන්නැහේ, දෙවියන්ට ඔය වගේ දේවල් මවන්න බලයක් ලැබුනේ කාගෙන්ද? අනිත් එක ඔය වගේ දේවල් මැවුවේ මොනවටද? මොන ජොලියකටද? දැන් කාලේ දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? (බ)

:       0       0

රාජුන් Wednesday, 15 June 2016 11:23 PM

දැන් ඉතින් කවුරුහරි උඩ පැනලා කියයි ඕකත් මීට අවුරුදු දහස් ගණනකට පෙර කියලා තියෙනවා කියලා. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 14 June 2016 08:21 PM

ලලිත්, ඔයාගේ අදහස නිසා, හේවාවිතාරණ මහත්තයා අවුරුදු 30ක් ඇමරිකාවේ පරිභ්‍රමණය වෙන බව මුළු විශ්වයටම හඳුන්වා දීම ගැන ඔයාට අපි කොහොම ස්තුති කරන්නද මන්දා (නි)

:       0       0

උපුල් Tuesday, 14 June 2016 08:57 PM

ලෝකය තාක්ෂණ දියුණුව අතින් දිනෙන් දින ඉදිරියට යනවා (නි)

:       0       0

ටෙනිසන් Thursday, 16 June 2016 01:16 AM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

බන්දුල Friday, 17 June 2016 05:07 AM

ෂා මරුනේ.(හේ)

:       0       0

අබය Tuesday, 14 June 2016 11:53 PM

හේවා, ඔයා ලංකාවට ඇවිල්ලා බලන්න ග්‍රහයෝ කැරකෙන හැටි කොහොමද කියලා (නි)

:       0       0

සාගර Saturday, 18 June 2016 05:44 PM

මේ ඉර, සඳ, තාරකා මැව්වේ දෙවියන්! (නි)

:       0       0

විජේ Saturday, 18 June 2016 06:00 AM

ඔය විදියට මේ ලෝකය ගැන දැනගන්න බැහැ. බුදු දහම අනුව, තමාගේ ශරීරය තුලින්ම තමා දැනගන්න පුළුවන්. නැත්තම්, තව ටික දවසක් යනකොට තව ඉරවල් හම්බ වේවි. ඉවරවෙන එකක් නැතිවේවි. බුද්ධ දර්ශනය ඉගෙනගන්න, ද්‍රව්‍යවාදය පැත්තකින් තියලා (නි)

:       0       0

සුමේධ Saturday, 18 June 2016 06:06 AM

බුදුරජාණන් වහන්සේ මේ දේවල් දැක්කේ දුරේක්ෂවලින් නෙමෙයි. ශීලයෙන්, සමාධියෙන්, ප්‍රග්ඥාවෙන් සිත දියුණු කරලා. දිවැස් නුවණින්. අංගුත්තර නිකායේ 'සහස්ස ලෝකදාතු සුත්‍රය' කියවන්න. එක පාරක් නෙමෙයි දහපාරක් උඩපැනලා ඒ බව ප්‍රකාශ කරන්න සතුටුයි. බුදුරජාණන් වහන්සේ මේ ලෝකය මනාකොට අවබෝධ කළා. ස්වභාවික හේතුන්ගෙන් හටගන්නා දෙයක්, හටගත් දේ වැනසී යනවා. ලෝකයේ තිබෙන මෙම ස්භාවය කිසිකෙනෙකුට තමාට රිසි සේ පවත්වන්න බැහැ. (නි)

:       0       0

ගුණේ Saturday, 18 June 2016 06:52 AM

අන්න හරි සුමේධ. (නි)

:       0       0

සිසිල් Sunday, 19 June 2016 08:23 PM

අලුත් සොයා ගැනීමක්. හරි වටිනවා (නි)

:       0       0

රාමනායක Thursday, 16 June 2016 04:29 AM

අවුරුදු දහස් ගණනකට පෙර හරි සත්‍ය කියලා තියෙනවා නම් එය පිළිගැනිමයි කාරණය වන්නේ. රාජුන්ලා වගේ අය නොදන්නා බොහෝ දේවල් ඇත. (නි)

:       0       0

කන්නන්ගර Wednesday, 15 June 2016 10:38 AM

හේවාවිතාරණ ගැන කෙනෙකුට පැහැදිලි ඊර්ෂ්‍යාවක් ඇතිවෙලා කියලා පේනවා (නි)

:       0       0

අබය Saturday, 18 June 2016 08:07 AM

බුදු දහමේ කියා ඇති පන්සිල් පද පහ නොරකින අපි නිකායවල් සහ සූත්‍ර පස්සෙයි දුවනවා. ධර්මය කටපාඩමින් කිවහැකි අය හිටියාට පිළිපදින්නේ නැති නිසා අනෙකුත් උදවියට විශ්වාසය නැතුව යනවා. ධර්මය දන්නා උදවිය ආදර්ශමත් වුණොත් අවවාදයට වඩා උතුම් වේවි. මිනිස්සු ද්‍රව්‍යවාදය පස්සේ දුවන්නේ ඒ නිසයි. (නි)

:       0       0

ක්‍රිෂානි පරණගම Wednesday, 15 June 2016 12:06 PM

අලුත් දේවල් සොයා ගන්නවා අපේ රටේ මිනිස්සු අවුරුදු 68 කුණු ගඳ ගහන පක්ෂ දෙක බලයට ගේන්න හදනවා (බ)

:       0       0

ටිකිරි Thursday, 16 June 2016 06:20 AM

අවුරුදු 30ක් ඇමරිකා වල ඉන්න මේ අප්පුහාමිට දැන් පුත්තලම් බුරුවෝ 10 ක වයස ඇති නේද? මේ වගේ මෝඩ කතා කියන්නේ. (බ)

:       0       0

ලලිත් Tuesday, 14 June 2016 12:54 PM

ඉස්කෝල ඇරෙන වෙලාවට බස් නැවතුම්පොලකට ගියානම් ඉරවල් දෙකක් නෙවේ හත අටක්ම වටේට කැරකෙන ග්‍රහයෝ කප්පරක් හොයාගන්න පුළුවන්. (බ)

:       0       0

සත්‍යපාල Wednesday, 15 June 2016 12:44 PM

හේවාවිතාරණ අවුරුදු 30 ඇමරිකාවේ ඉන්න එක කියාගන්න මේක අවස්ථාවක් කරගෙන. අපි නොදන්නා ඇමෙරිකාව කියුවලු. ගොඩක්කල් ඔහේ හිටියාම මොනවා හරි අලුත් අවයව එනවද ? මම මේ ඇහුවේ අං වගේ දේවල් ? (අ)

:       0       0

රුවන් Thursday, 16 June 2016 07:30 PM

මේවට සල්ලි වියදම් කරන වෙලාවේ වැදගත් දෙයක් කළා නම් නරකද? මෙච්චර දුර තියන ග්‍රහලෝක වලට යන්න තියා හිතන්නවත් බැහැනේ (නි)

:       0       0

ගුණේ Friday, 17 June 2016 06:07 PM

සමහරු හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ හරි බුද්ධිමත් කියලා. මේ ලියවිලා තියෙන අදහස් කියෙවුවහම අනේ අපේ ජාතියට අබ සරණයි! (නි)

:       0       0

මනෝජ් Friday, 17 June 2016 06:09 PM

හොඳ සොයාගැනීමක්. සුබ පැතුම්! (නි)

:       0       0

ගුණේ Saturday, 18 June 2016 11:51 AM

අබයගේ ප්‍රතිචාරයේ යම් යම් දේ වැරදියි. පන්සිල් පද රකින අයත් සිටින නිසා අපි කියන වචනය භාවිතා කරන්න බැහැ. නිකායවල් කෙසේ වෙතත් සුත්‍ර පස්සේ නොදිවූවොත් ශුද්ධ වූ බුද්ධ වචනය දැනගන්නේ කෙසේද? බුදු දහම අනුන් කරන දේ බලලා අනුකරණයෙන් අවබෝධ කරන එකක් නෙමෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site