ඉදිරි දශක කිහිපයේදී ලෝකයේ සිටින දෘෂ්‍ය ආබාධිතයන්ගේ සංඛ්‍යාව තෙගුණ වනු ඇතැයි අධ්‍යයනයකින් හෙළිවී ඇත.
මෙම අධ්‍යයනය සිදු කළ ගවේෂණ කණ්ඩායම පවසන්නේ ප්‍රතිකාර දැනට පවතින තත්ත්වයෙන්ම පැවතුණහොත් 2050 වනවිට ලෝකයේ දෘෂ්‍ය ආබාධිතයින් මිලියන 115ක් පමණ සිටිනු ඇති බවයි.
පෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයින් වැඩි ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ දකුණු ආසියාවෙන් සහ අප්‍රිකානු රටවල්වලිනි.
ඔවුන් පවසන්නේ වැඩිහිටි ජනගහනය වැඩිවීම ද මෙයට හේතුවක් බවයි. ලෝකයේ රටවල් 118ක දත්ත යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර ඇති අතර ලැන්සට් ග්ලෝබල් හෙල්ත් සඟරාවේ එම පර්යේෂණ වාර්තාව පළ කර ඇත.
මීට පිළියමක් ලෙස ප්‍රතිකාර සහ සැත්කම් සඳහා ආයෝජනය කරන මුදල් ප්‍රමාණය වැඩි කළ යුතු බවත් අක්ෂි සම්බන්ධ වෛද්‍යවරුන් හෙදියන් සංඛ්‍යාව ද බෙහෙවින් වැඩි කළ යුතු බවත් මෙම අධ්‍යයනය සිදු කළ මහාචාර්යවරු පවසති.
(බීබීසි පුවත් ඇසුරිණි - 085)
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
2050 වන විට දෘෂ්‍ය ආබාධිතයින් ගණන තෙගුණ වෙයි
prabash Saturday, 05 August 2017 06:17 AM
ඕනෑම නරක දෙයකට කප් එක ගහන්නේ ආසියාවෙන්.