ඉදිරි දශක කිහිපයේදී  ලෝකයේ සිටින දෘෂ්‍ය ආබාධිතයන්ගේ සංඛ්‍යාව තෙගුණ වනු ඇතැයි අධ්‍යයනයකින් හෙළිවී ඇත.

මෙම අධ්‍යයනය සිදු කළ ගවේෂණ කණ්ඩායම පවසන්නේ ප්‍රතිකාර දැනට පවතින තත්ත්වයෙන්ම පැවතුණහොත් 2050 වනවිට ලෝකයේ    දෘෂ්‍ය ආබාධිතයින් මිලියන 115ක් පමණ සිටිනු ඇති බවයි.
පෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයින් වැඩි  ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ දකුණු ආසියාවෙන් සහ අප්‍රිකානු රටවල්වලිනි.

ඔවුන් පවසන්නේ වැඩිහිටි ජනගහනය වැඩිවීම ද මෙයට හේතුවක් බවයි. ලෝකයේ රටවල් 118ක දත්ත යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර ඇති අතර ලැන්සට් ග්ලෝබල් හෙල්ත් සඟරාවේ එම පර්යේෂණ වාර්තාව පළ  කර ඇත.

මීට පිළියමක් ලෙස ප්‍රතිකාර සහ සැත්කම් සඳහා  ආයෝජනය කරන මුදල් ප්‍රමාණය වැඩි කළ යුතු බවත් අක්ෂි සම්බන්ධ වෛද්‍යවරුන් හෙදියන් සංඛ්‍යාව ද බෙහෙවින් වැඩි කළ යුතු බවත් මෙම අධ්‍යයනය සිදු කළ මහාචාර්යවරු පවසති.
(බීබීසි පුවත් ඇසුරිණි - 085)