IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


'වනේ අක්මා මිතුරා රකිමු'

හීන්බෝවිටියා ශාකය ශ‍්‍රීලංකාවේ පමණක් ඇති ඒක දේශික ශාකයකි.  හීන් බෝවිටියා ශාකයේ දීප්තිමත් දම් පැහැති අලංකාරවත් මල  දකුණු පලාත් පුෂ්පය වශයෙන් නම් කර ඇත.   බෝවිටියා  වර්ග  ගණනාවක්    ලංකාවේදී මෙන්ම   ලෝකයේ ඉන්දියාව ඇතුලු රටවලදී ද දැකගත හැකිවුවද හීන්බෝවිටියා ශාකය ලංකාවේම පමණක් දකින්නට ඇති ඖෂධීය වටිනාකම් සහිත ශාකයකි.

හීන් බෝවිටියා ශාතයේ ගුණාත්මකභාවය පිලිබඳව ඌව පළාත් සෞඛ්‍ය  හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සහය මහාචාර්ය කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා මෙසේ විස්තර කලේය.

ඖෂධීය ගුණාත්මක භාවයෙන් යුතු හීන්බෝවිටියා ශාකයේ කොළ හෙවත් පත‍්‍ර විශේෂයෙන් අක්මාවේ ආබාධ සුවකිරීමේ හැකියාවෙන් අනූනවූවකි. අක්මාව ආශි‍්‍රත පීඩාකාරී සෙංගමාල උණ රෝගයේදී ප‍්‍රත්‍යක්‍ෂ හා ප‍්‍රධානම ඖෂධය වශයෙන් දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් භාවිතා කරන ඔසුවකි.   

අක්මාව ආශ‍්‍රි’ත අසාදන හා රෝගීතත්වයන් සමනය කර නිසි ක‍්‍රියාකාරිත්වයෙන් ප‍්‍රකෘති තත්වයට පත්කිරීමේ සුවිශේෂ හැකියාවක් හීන්බෝවිටියා ශාකයේ කොළවල සාරයෙහි ඇත. ඖෂධයක් වශයෙන් හා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ප‍්‍රතිකාරවලදී භාවිත වෙයි. හීන්බෝවිටියා ශාකයේ කොළවල සාරයෙහි අක්මාව නීරෝගී සුවයෙන් ආරක්‍ෂා කිරීමේ ප‍්‍රබල හැකියාවක්  ඇතිබව පාරම්පරික වෛද්‍යවරුන් පවසයි. එසේම  පරයේෂණ මගින්ද ඒබව සනාථව ඇත.  .

වර්තමානයේදී ශ‍්‍රී ලංකාවේ කෘෂි රසායනික වර්ග භාවිතයෙන් වගාකළ ආහාර වර්ග පරිහරණයදී මෙන්ම වෙනත් පරිසර  දුෂණ තත්වයන්, ජල අපවිත‍්‍රවීම් වැනි ගැටලු හමුවේ මිනිස් සිරුරේ විශාලතම අභ්‍යන්තර ඉන්ද්‍රිය වන අක්මාව ආශ‍්‍රිතව ඇතිවන අසාදන, අහිතකර රෝගීතත්වයන් සමනය කර අක්මාව නිරෝගී ක‍්‍රියාකාරිත්වය ආරක්‍ෂා කර ගැන්මට මේ ශාකයේ කොළ සාරය භාවිතය වඩාත් සුදුසුවේ.

 හීන්බෝවිටියා පත‍්‍ර කොළකැඳ වශයෙන් හා දළු කොටස් ඉතා නැවුම් ප‍්‍රණිත රසයකින් සම්බෝල වශයෙන් සකසා ආහාරයට එක්කර ගත හැකියි. මෙසේ විවිධාකරයෙන් හීන්බෝවිටියා කොළ හෙවත් පත‍්‍ර සහ ලපටි පත‍්‍ර හෙවත් දළු ආහාරයට ගැනීමේ  ප‍්‍රවණතාව මෑතකාලීනව වර්ධනයව ඇත.

හීන් බෝවිටියා ශාකයේ සිහින් කොලය සහ මලෙහි නෙත් කළුවු වර්ණ සංකලනය වන දීප්තිමත් දම් පැහැයත්  මලේ රේණුවල කහපැහයත් සහිතව එක යායට දක්නට ලැබෙන විට එය ඉතා චමත්කාර ජනක දසුනකි. එයද ගත සිත ප‍්‍රබෝධමත් කරවයි.

ඔසු ගුණයත් ඊට අමතරව ඉතා සශ‍්‍රීකව මල් පිපෙන හීන් බෝවිටියා ශාකයේ විසිතුරු වර්ණවත් මලේ පැහැයත්  නිසා ගෘහ අලංකරණ පැලෑටියක් වශයෙන්ද මෙම ශාක වගාව සිදුකළ හැක.

ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයන්හි සහ අතර මැදි දේශගුණික කලාපයන්හිද දකින්නට ලැබෙන  එකම තැනක බහුලව  ව්‍යාප්තවූ   ශාක විශේෂයකි.   හීන් බෝවිටියා ශාකය කුඩා කඳු ගැටිතිවලත්, බෑවුම් වැටි, පාංශු ස්ථිර සහිත ප‍්‍රදේශ සහ වන ලැහැබ වලද බහුලව ව්‍යාප්තව ඇත. රත්නපුර ශ‍්‍රීපාදය ආසන්න ගම් ප‍්‍රදේශවල මාර්ගය දෙපස බහුලව ඇති මෙම ශාකයේ ඉතාමත් සරුවට වැඩුණු මල් පිපුණ සුන්දර දසුන ඒ මාර්ගයේ ස්වභාවික අලංකාරය වර්ධනය කරවන්නකි.

නමුත් මෑත කාලීනව සංවර්ධනය සඳහා සහ වෙනත් වගාවන් සඳහා කැලෑ එළි කිරීමේදී සහ වෙනත් මිනිස් ක‍්‍රියාකාරකම් නිසා සීග‍්‍රයෙන් මෙම හීන්බෝවිටියා ශාක විශාල වශයෙන් හානියට පත්ව විනාශව ඇත.

මෙම හීන්බෝවිටියා ශාකය  අඩි දෙකක් හෝ දෙකහමාරක් තරම් උස පැළෑටි වශයෙන් දැකිය හැකියි. එහි පත‍්‍ර තරමක් රළු ස්වභාවයකින් යුතුය. මාබෝවිටියා නැතිනම් මහ බෝවිටියා වශයෙන් හඳුන්වන ශාකයේ කොළ හෙවත් පත‍්‍ර විවිධ ප‍්‍රමාණවලින් ලොකු, කුඩා වශයෙන් පිහිටියත්   හීන් බෝවිටියා ශාකයේ පත‍්‍රවල  සිහින් ඒකකාරී ස්වරූපයක් දැකිය හැකියි. එකිනෙකට සමාන්තරව සිහින්ව පිහිටි හීන්බෝවිටියා පැළෑටියේ පත‍්‍ර තරමක් තද ඝන කොළ පැහැයක් ගනියි. එහි දළු එම පත‍්‍රවල දැකිය හැකි කොල පැහැයට සාපේක්‍ෂව තරමක් ලාපහැති කොළ පැහැයෙන් යුතුවේ.

හීන් බෝවිටියා ශාකයේ මල මහ බෝවිටියා ශාකයේ මලට වඩා කුඩා ස්වරූපයක් ගනියි. මෙම ශාක දෙකේම මලෙහි වර්ණය එක හා සමාන ස්වරූපයක් දරයි. නමුත් එම ශාක දෙකෙහිම පිපෙන මල් දෙස වඩා නිරීක්‍ෂණයෙන් බලනවිට හීන්බෝවිටියා සහ මා බෝවිටියා ශාකයන්හි මල් එකිනෙකින් වෙනස් ස්වභාවයකින් යුතුවන අතරම එම ශාකවල මල්  පෙති සහ රේණුවල වෙනස්කම් ඇතිබව දැකගත හැකියි.

හීන්බෝවිටියා ශාකසාර ගුණයෙන් ඉහල ගුණාත්මක අගයකින් යුතුවේ.  හීන්බෝවියා ශාකයේ ඉතා කලාතුරකින් ඇතිවිය හැකි දක්නට ලැබෙන සුදුමල සහිත හීන්බෝවිටියා ශාකය  ඖෂධීය ගුණාත්මක භාවයෙන් ප‍්‍රබල ශ‍්‍රීලංකාවේම පමණක් ඇති ඉතාම දුර්ලභ හීන්බෝවිටියා ශාකයකි. මෙය එලබෝවිටියා වශයෙන් හඳුන්වයි.

මෑතකාලිනව  සොයාගත් මෙම එල බෝවිටියා ශාකය, හීන්බෝවිටියා ශාකයේ ඇලි තත්වයක් බව ඒ පිලිබඳව පර්යේෂණ සිදුකරන ඌව පලාත්  සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සහය මහාචාර්ය කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා පවසයි.  ඉහල ඖෂධීය ගුණාත්මක බවින් පිරිපුන් එල බෝවිටියා ශාකය කොතැනක හෝ දුටුවහොත් එය සංරක්‍ෂණය කිරීම ලාංකීය අපට පමණක් නොව ලෝකයටම කරන සත් කාර්යයක් බවද ඒ මහතා ප‍්‍රකාශ කලේය. 

මෙහි එම එල බෝවිටියා ශාකයේ සුදු පැහැති මලෙහි ඡායාරූපය ඇතුලත් කර ඇත. එම එල බෝවිටියා මලෙහි ඡායාරූපයද අපවෙත ලබාදුන්නේ මහාචාර්ය කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා විසිනි. පාඨක ඔබ වෙනුවෙන් එම දුර්ලභ ඡායාරූපය ලබාදීම සහ මෙම ලිපිය සැකසීමේදී අපට සුවිශේෂි තොරතුරු ලබාදෙමින් දැනුවත් කිරීම සම්බන්ධව අපගේ ගෞරව ප‍්‍රණාම ස්තුතිය ඒ මහතා වෙත  පුදකර සිටිමු.

අක්මාව ආශ‍්‍රිත රෝගවලදී හීන් බෝවිටියා ශාකයේ මෙහි කොළවල සාරය ඉතා ගුණැති ප‍්‍රත්‍යක්‍ෂ ඖෂධයක් වන අතරම  මෑත කාලීනව මිනිස් ශරීරයේ  රුධිරගත රෝගී තත්වයන් පාලනය කරන ඖෂධයක් වශයෙන්ද ප‍්‍රතිකාර සඳහා  මේ ශාකයේ කොලවල සාරය භාවිතා කරන බව දේශීය වෛද්‍යවරු පවසති.DSCF4065[1]ELA_BOVITIIYA[1]0000[1]DSC09358[1]

   

 

 



අදහස් (27)

'වනේ අක්මා මිතුරා රකිමු'

දෙව්මිත් Friday, 09 September 2016 03:06 PM

මේ වගේ ලිපි පලකරනවට ලංකාදීප පුවත්පතට බෝම පින් (බ)

:       0       3

බණ්ඩාර -කැකිරාව Friday, 16 September 2016 04:41 PM

මම හීන් බෝවිටියා මල දැකලා තිබුනත් අද තමයි මේ ශාකයේ උද්භිද විද්‍යාත්මක තොරතුරු නිවැරදිව දැනගත්තේ. මහාචාර්යතුමාට මෙන්ම මෙම ලිපිය ඉදිරිපත් කළ අප්සරා මහත්මියටත් බොහොම ස්තුතියි. (නි)

:       0       2

සොපි Wednesday, 07 September 2016 02:15 PM

අගනා ලිපියක් . (අ)

:       0       0

මනෝරි Thursday, 15 September 2016 06:35 AM

මෙවැනි දේශීය ඖෂධ ශාක පිලිබඳව පාඨකයා දැනුවත් කරනවනම් ඒක ලොකු පිනක්. වර්තමාන පරපුර මෙවැනි දේශීය ‍ඖෂධීය ශාක ගැන දන්නෙම නැති තරම්. මෙවැනි ලිපි හැකිනම් දිනපතා පල කරන්න කියල කර්තෘ තුමාගෙන් ඉල්ලා සිටිනවා (හේ)

:       0       1

අසෝකා Friday, 09 September 2016 08:35 PM

මම නම් හරිම කැමතියි මේ වගේ දේශීය දේවල් වලින් අපේ තරුණ පරපුර දැනුවත් කරන එක ගැන. අපි දන්නා බෙහෙත් ජාතිවලින් 1/100 ක්වත් දැන් ළමයි දන්නේ නැහැ. ඉබේ වැවෙන මොණරකුඩුම්බිය, වැල්පෙනෙල, පොල්පලා, තිකිරිඳිය, ගෙඳ, ලුණුවිල දැන් ළමයි අඳුරනවද කියලත් හිතෙනවා. මේ වගේ අද සමාජය දැනුවත් කිරීම ගැන අනේක වාරයක් ස්තුති කරමි. (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 07 September 2016 02:48 PM

අපේ රටේ ඉබේ වැවෙන හැම ශාකයක්ම වගේම බෙහෙත් සඳහා භාවිතා කළහැකි වීම ගැන අප සතුටු වියයුතුයි. කණගාටුවට කරුණ මේවා ගැන අපේ අයට නිසි අවබෝධයක් නැතිවීම (නි)

:       0       0

කුමාර Thursday, 08 September 2016 05:16 AM

ඉස්සර විශාල ඉඩම් තිබුනා. මේවා ඊනියා ඉඩම් සංවර්ධන කියලා ඡන්ද ගන්න බලාපොරොත්තුවෙන් රජයට පවරාගෙන කට්ටි කරලා දුන්නා. ශාක ගහණය ටිකක් අඩුවුණා. ඊටපස්සේ, පවරාගන්නවට බයෙන් ලොකු ඉඩම් තිබුණු මිනිස්සුත් ඉඩම් වෙන්දේසිකාරයන්ට ඉඩම් විකිණුවා. එතකොට බූල්ඩොසර් දමා ඉඩමම ශුද්ධකරලා රතු පස් පෙන්නලා සංවර්ධනය කරලා විකිණුවා. අනේ, මේවගේ කොපමණ ඖෂධ ශාක තිබිලා වඳ වෙලා ගියාද? අද ගමක මිනිසුන්ට බෙහෙතකට පැලයක් හොයාගන්න නැහැ. (නි)

:       0       0

එන්.ජී. ලලිත් Thursday, 15 September 2016 07:25 AM

මෙම බෙහෙත් පැළෑටිය මාගේ දියණියගේ රෝගී තත්වයක් සඳහා ආයුර්වේද වෛද්‍ය නියමය පරිදි පාවිච්චිකර සාර්ථක ප්‍රතිඵල ලබාගත් පුද්ගලයෙක්මි. මෙවන් බෙහෙත් පැළෑටි අප විසින් රැකගත යුතුය. (නි)

:       0       1

මනෝජ් Wednesday, 07 September 2016 02:57 PM

අපි පුංචි කාලයේ මේවායේ මල් කටේ දාගෙන හපනවා. (නි)

:       1       0

සරත් Wednesday, 07 September 2016 04:21 PM

මේක මම අත්දුටු බෙහෙතක්. කවුරුවත් පේටන්ට් එහෙම ගන්න උත්සාහ කරනවා නෙවෙයි. හැබැයි පෙත්තක් හදලා දෙන්න පුළුවන් නම් අක්මා රෝගීන්ට සෙතක් (නි)

:       0       0

සුනිල් විජේසේන Saturday, 10 September 2016 03:05 PM

ඇත්තටම මේ හීන් බෝවිටිය ගහ හොඳ බෙහෙතක් (නි)

:       0       0

ධම්ම Wednesday, 07 September 2016 04:29 PM

කොතල හිඹුටු වලට වුණා වගේ මේ පැලෑටියෙත් පේටන්ට් බලපත්‍ර පිටරැටියන් ගන්නාතුරු බලා ඉඳිමුද? (නි)

:       0       0

විද්‍යා Wednesday, 07 September 2016 04:58 PM

1963 වර්ෂයේ මගේ බාල නංගිට කහ උණ හැදුනා. යටිපතුල්වල සිට ඇස්දෙක දක්වා කහ පාට වෙලා. කුරුණෑගල ඉස්පිරිතාලයේ වෙදකම් කරලා අන්තිමට ගෙදර එව්වා මින් එහාට වෙදකමක් නැහැ කියලා. අපි අඬ අඬා නංගිව ගෙදර ගෙනාවා. අපිට ආරංචියක් ලැබුනා හේරලියාවල, මල්කඩුවාව කිට්ටුව හාමුදුරුකෙනෙක් වෙදකම් කරනවා කියලා. අපි එතනට ගියාට පස්සේ උන් වහන්සේ හීන් බෝවිටියා මල්, කොළ සහ මුල් තම්බලා කිතුල් හකුරු එක්ක දෙන්න කිවුවා. සුමාන දෙකක් දෙනකොට හොඳ පැත්තට හැරී, සම්පුර්ණ සුවය ලැබුනා. මෙම ප්‍රතිකර්මය නැවතත් මගේ මිත්‍රයෙකුට කළා 1970 දශකයේදී . කරුණාකර මෙම අත්දුටු ප්‍රතිකර්මය මුළු ලංකාවටම හඳුන්වා දෙන්න (නි)

:       0       3

ආර්නෝල්ඩ් Thursday, 08 September 2016 10:31 AM

ස්තුතියි වෙදැදුරාණනි, සෙංගමාලයට හීන්බෝවිටිය කැඳ දුන් ගමන් රෝගය නිට්ටාවටම හොඳයි. අත්දැකීමෙන් කියන්නේ. බටහිර ක්‍රමයට බෙහෙත් කරමින් දිනපතා ටෙස්ට් කරමින් ඇදි ඇදී ඉන්නකොට අපේ ගමේ වෙදමහත්තයා දුන්නේ හීන් බෝවිටියා කැඳ. විශ්වාස කරන්න දින දෙකෙන් මගේ දරුවා සනීපුවණා. එික නිසා මේ ඖෂධය ගෙදර වවාගන්න. නිතර එහි කොළ සම්බෝල වශයෙන්වත් ආහාරයට ගන්න. අක්මාව නිරෝගීව තිබේවි. (නි)

:       0       1

රොඩ්නි Saturday, 10 September 2016 02:59 AM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

ගීකියනගේ සුනිල් Wednesday, 07 September 2016 10:32 PM

මහ බෝවිටියා ගෙඩි හරිම රසයි. හීං බෝවිටියා නම් ටිකක් ඇඹුල් රසයි (නි)

:       0       0

අබය Wednesday, 07 September 2016 11:32 PM

අපි චූටි කාලේ හීන් බෝවිටියා කොළ කනවා, ඇඹුල් රසය නිසා. (නි)

:       0       1

උපුල් Friday, 09 September 2016 12:30 PM

ස්තූතියි මේ ලිපියට! (නි)

:       0       1

නිශාන් Friday, 09 September 2016 03:24 AM

ඉතා හොද පුවතක්. ගොඩක් ස්තුතියි (ම)

:       0       1

උපුල් Friday, 09 September 2016 12:57 PM

ඉතා හොඳ පුවතක්. වෙදැදුරාණනි, ගොඩක් ස්තුතියි (නි)

:       0       0

ජයාත් Thursday, 08 September 2016 01:30 AM

බෝවිටියා දං පලු වාරේ දැන් දකින්නවත් නැති එක ගැන නම් දුකයි (නි)

:       0       0

අමිල Friday, 09 September 2016 01:39 PM

අභය, මනෝජ්, ඔයාල කියන දේ හරි මමත් මගේ පොඩි කාලේ මේ මල් කටේ දල කාල තියෙනවා. අපේ ගෙවල් ළඟ ඉස්සර තිබුණ විශාල බෝවිටිය පැදුරු . දැන් නම් මම දැක්කේ මේ ගස් තියෙනවා . මම හිතුව බෝවිටිය පැදුරක් මගේ මිදුලේ වවන්න. (අ)

:       0       0

කමනි Tuesday, 13 September 2016 09:49 AM

උසස් පෙළ උත්භිද විද්‍යාව ඉගෙන ගන්න ළමයෙක් වත් මේ ශාක ගැන දන්නේ නැහැ. මේවා අධ්‍යාපන ක්‍රමයට එකතු නොකර කොහොමද අලුත් පරපුර මේ ව ගැන දැන ගන්නේ. (ර)

:       0       0

Dulyana Wanigasooriya Thursday, 29 April 2021 12:12 PM

ලිපියට ස්තුතියි... ඒක ගොඩක් වැදගත්...

:       0       0

ශශිත් අශාන් උඩුවක Saturday, 26 August 2023 11:08 AM

සිරෝසීස් තත්වයට පත්වෙලා, හීන් බෝවිටියා ඇතුලු අනෙකුත් සිංහල බෙහෙත් කරලා, සුවතාවයක් ලබාගත්තු කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්න. එහෙම සිරෝසිස් රෝගීන් සුවකරන තැනක් තියනවද? තියනවා නම් කියන්න මට

:       0       0

පසිඳු ලක්ශාන්Friday, 07 July 2017 05:37 PM

මගෙ අම්මට අක්මාවෙ ලෙඩක් හැදිලා.. ඒකට බෙහෙතක් වශයෙන් හීන් බෝවිටියා ආහාරයට ගන්නලු. නමුත් අනුරාධපුරයේ මේ ශාකය හැදෙන්නෙ නෑ.. මට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න..

:       0       3

RHMCT RATNAYAKESunday, 12 April 2020 03:03 PM

ඔබ ඒ පැළය සොයා ගත්තද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1490 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site