(ගයාන් සූරියආරච්ච)

ලෝකයේ ජනප‍්‍රිය ටයර් සමාගමක් වන ‘හැංකොක් ටයර් ‘ සමාගම ඔවුන්ගේ නිර්මාණ එළිදැක්වීමේ ව්‍යාපෘති ඔස්සේ වඩාත් විශිෂ්ට නිර්මාණ කීපයක් මාධ්‍යවෙත හෙළිදරව් කළේය.

ජයග‍්‍රාහී නිර්මාණ පහක් තෝරාගත් අතර එහි වඩාත් කැපී පෙනෙන්නට වූයේ මිනිසකුට ගමන් කළ හැකි පුවරුවක් බඳු කාන්දම් බලයෙන් යුක්ත ‘හාවබෝඞ්‘ සහ ප‍්‍රසාරණය කළ හැකි ස්වයංක‍්‍රීය බසයයි.

එහි ප‍්‍රථම ස්ථානය ලෙස තේරීපත්වූයේ එක් මිනිසකුට ගමන් කළ හැකි විශාල රෝද දෙකකින් යුක්ත රථයයි. එය ‘අයිප්ලේ‘ ලෙස හඳුන්වයි. එම රථයෙහි ඇති විශේෂත්වය නම් ඉතා වේගයෙන් ගමන් කරන විටකදී වුවද වේගය අඩු නොකර රෝදවල දිසාව වෙනස් කරමින් මාර්ගයේ කොනකට රථය යොමුකිරීමේ හැකියාව තිබීමයි. හැන්කොක් ටයර් සමාගමේ නිර්මාණ ඉදිරිපත් කිරීමේ අන්තර් සංසඳයට සේවකයෝ 34 දෙනෙක් නිර්මාණ ඉදිරිපත් කළහ.