(විනීතා එම් ගමගේ)

අලි මිනිස් ගැටුම අවම කිරීමට තරංගමාලා සහිත නව ක‍්‍රමයක් යොදා ගැනීමට තිරසර  සංවර්ධන හා වන ජීවී අමාත්‍යංශය තීරණය කොට ඇත.

අලියාගේ පියවර හඬට කිලෝ මීටර් 10 ක් ද කුංචනාදයට කිලෝමීටර් 20ක් ද දුරට සංවේදී වන තරංග මාලා සහිත මෙම ක‍්‍රමය සකස් කර ඇත්තේ විදේශ ගතව ජීවත් වූ ශ‍්‍රි ලාංකිකයෙක් වන පෘතුවිරාජ් ප‍්‍රනාන්දු විසිනි.

අතිශයින් අසාර්ථක වු අලි වැට තවදුටත් ඉදි නොකරන බවත් එයින් බලාපොරොත්තු වූ ප‍්‍රතිපල නොලැබෙන බවත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (6) පැවැති මාධ්‍ය හමුවක දී තිරසාර හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම මහතා ප‍්‍රකාශ කළේය.