(ගයාන් සූරියආරච්චි)

හෙලිකොප්ටරයක් මෙන් ගුවන් ගත කෙරෙන කුඩා අහස් නැවක් බඳු මිනිසුන් රහිත හයිබි‍්‍රඩ් යානයක් ඇමෙරිකාවේ වොෂින්ටනයේ ‘සීට්ල්’ සමාගම මුලික වූ ‘එගන් එයාර්ෂිෆ්’ සමාගම විසින් නිපදවා තිබේ.

මෙම යානය හඳුන්වනු ලබන්නේ ‘ප්ලිම්ප්’ නමිනි. මෙය නවතම වර්ගයේ මිනිිසුන් රහිත යානයක් වන අතර මෙය ඩ්‍රෝනයක් ලෙසද සැලකේ. මෙය ක‍්‍රියාකරනුයේ ගුවන් යානයක් ආකාරයටය. ගුවන්ගත කිරීම, ගුවනේ සැරිසැරීම සහ ගොඩබෑම හෙලිකොප්ටරයකට සමානව සිරස් අතට සිදුකෙරේ.

මෙය අඩි 28 ක් දිගින් යුක්තය. පැයට කිලෝමීටර 64 ක වේගයෙන් ගමන් කළ හැකිය. කෘෂිකර්මාන්ත, සමීක්‍ෂණ, විදුලි සම්පේ‍්‍රෂණ මාර්ග පරීක්‍ෂණය, දේශසීමා මුර සංචාර සහ චිත‍්‍රපට සහ වෙළෙඳ පටිගත කිරීම් සඳහා යොදාගත හැකිය. මෙය කිලෝ ග‍්‍රෑම් 25 ක් බරින් යුක්තය.