IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලොව සතුටින්ම සිටින රටවල් අතර ලංකාවට 120 වැනි තැන

(හර්ෂණ තුෂාර සිල්වා)

ලොව සතුටින්ම සිටින රටවල් අතර 120 වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්ෂිකව මෙම වාර්තාව ප්‍රකාශයට පත් කරන අතර මෙවර වාර්තාව සැකසීමේදී රටවල් 155ක් සැලකිල්ලට ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන විසඳුම් ජාලය විසින් වාර්ෂිකව මෙම වාර්තාව සකසනු ලබයි. මෙවර වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පස්වැනි වරටය. ශ්‍රී ලංකාව ලකුණු 4.440 ලබාගැනීමට සමත්ව තිබේ. 

ලකුණු 5.269ක් ලබාගෙන පාකිස්තානය ලොව සතුටින්ම සිටින රටවල් 80 වැනි ස්ථානයට පත්ව ඇත. ලකුණු 4.608ක් ලබාගෙන සිටින බංග්ලාදේශය ලොව සතුටින්ම සිටින රටවල් අතර 110වැනි ස්ථානයට පත්ව තිබෙන අතර අසල්වැසි ඉන්දියාව ලකුණු 4.315ක්  මෙම ලැයිස්තුවේ 122 වැනි ස්ථානයට පත්ව සිටියි. 

ලකුණු 7.537ක් ලබාගනිමින් ලොව සතුටින්ම සිටින රටවල් අතර මුල් තැන ගැනීමට නෝර්වේ රාජ්‍යය සමත්ව තිබෙන අතර ඩෙන්මාර්කය දෙවැනි තැනටත් අයිස්ලන්තය තෙවැනි තැනටත් පත්ව ඇත. මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන දහය අතරට පත්වීමට ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, නෙදර්ලන්තය, කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ ස්වීඩනය හිමිකම් කියයි.

මෙම ලැයිස්තුවේ 14 වැනි ස්ථානයට පත්ව සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ සතුට කෙමෙන් කෙමෙන් අඩුවන බව ද ‘ලොව සතුටින්ම සිටින රටවල් 2017’ වාර්තාව පෙන්වා දෙයි.

ලකුණු 0 සිට 10 දක්වා ලකුණු දීමක් සිදු කෙරෙන අතර දළ දේශීය නිෂ්පාදිතයට එක්පුද්ගල ආදායම, සමාජ සහයෝගය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, ජීවිතයේ තෝරාගැනීම් කිරීම සඳහා ඇති නිදහස, නිර්ලෝභීබව සහ දූෂණය අවම බව යන සාධක හා නිර්දේශ මත පිහිටා ලකුණු ලබාදීම සිදුකරයි. 

 

 

 

 

 



අදහස් (8)

ලොව සතුටින්ම සිටින රටවල් අතර ලංකාවට 120 වැනි තැන

Chandrasiri Samaratunga Wednesday, 22 March 2017 05:11 PM

පුහූ වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරන උදාහරනයක්.

:       170       5

lusena Thursday, 23 March 2017 02:45 AM

2016 ලංකාවට තිබුණේ 117 තැන.

:       0       9

lalith Thursday, 23 March 2017 07:20 PM

එක, දෙක තුන, යනාදී වශයෙන් එකසිය දහනමයක්ම අපට ඉස්සරහින් ඉන්නවා නේද?

:       0       6

nihal Friday, 24 March 2017 07:25 AM

මේක බොරුවක්. ලංකාව ඉන්නේ පලවෙනි තැන යහපාලනය ආවට පසුව.. අපි සතුටින්නේද මිනිසුනේ..

:       5       134

husen mohamad Wednesday, 29 March 2017 08:19 AM

කුහක, දෙබිඩි සහ ජාතිවාදී දේශපාලුවන් ඉන්නා තාක්කල්, රටේ සමස්ත ජනයාට සතුටින් ඉන්න වෙන්නේ නැහැ.

:       0       7

jagath.milano Sunday, 02 April 2017 08:26 AM

පළවෙනි තැනට ආපු රටක් තමයි... ඒත් දැන් ... ඉතින් තව මොනවද?

:       0       4

channa Sunday, 09 April 2017 11:53 AM

අවරුදු 69ක් තිස්සේ රටේ ජනතාවගෙන් සතුටින් ඉන්නේ දේශපාලකයොයි... ඒ අයට උදවු දෙන අයයි විතරයි. ඉතින් ඕක අහන්නත් දෙයක්ද? අනිත් මිලියන ගාණ අසතුටින් ඉන්නකොට ලංකාව හෙට අනිද්දා අන්තිමය වෙනවා.

:       0       22

da silva berlin Friday, 14 April 2017 10:42 PM

ලෝකයේ සාමාන්‍ය පුරවැසියන් සමග සසදන විට ධනවත්ම සහ වරප්‍රසාද වැඩියෙන්ම භුක්ති විදින දේශපාලකයන් සිටින රටවල් වලින් පළමු 10 ඇතුලත ලංකාව සිටිනබව අවිවාදයෙන්ම පිළිගත යුතුය , ලෝකයේ ධනවත් රටක් ලෙස ගැනෙන ජර්මනියේත් මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා නොදෙන අතර , පරිවාරක රථ ජිවිතරක්ෂකයන් , අතවැසියන් සදහා ගෙවීම නොකරන අතර , පාර්ලිමේන්තුව තුල නොමිලයේ රජ භෝජන ලබාදීමක් නොකෙරෙන අතර කැමති කෙනෙකුට මුදල් ගෙවා කැන්ටිමෙන් ආහාර ලබාගත හැක , බොහෝ දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණීමට පොදු ප්‍රවහන සේවා සහ පාපැදි භාවිත කරන අතර සමහරු තමන්ගේ පුද්ගලික මෝටර් රථ භාවිත කරති

:       0       2

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1425 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site