IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලොව පැරණිම ශිෂ්ටාචාරය ඕස්ට්‍රේලියාවෙන්

ජාත්‍යන්තර පර්යේෂකයන් පිරිසක් විසින් මෑතකදී සිදුකරන ලද ජාන පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ඇබොරිජින්වරු ලෝකයේ පැරණිතම ශිෂ්ටාචාරයට අයත් වූවන් බවයි.

ඕස්ට්‍රේලියා ඇබොරිජින්වරු 83 දෙනක් හා පැපුවා නිව්ගිනියාවේ කඳුකර පැපුවානුවන් 25දෙනක් එකතු කළ ජානමය දත්ත විශ්ලේෂණය කිරීමෙන් ඔවුන් මෙම නිගමනයට පැමිණි බව නේචර් සඟරාවේ දක්වා ඇත.

ඒ අනුව ඕස්ට්‍රේලියා ඇබොරිජින් ශිෂ්ටාචාරය අවුරුදු 75000ක් පමණ පැරණි බවත් ඔවුන් ඕස්ට්‍රේලියා අර්ධද්වීපයට පැමිණ ඇත්තේ මෙයින් වසර 31000 කට පමණ පෙරදී බවත් නේචර් සඟරාව පවසයි.

ආසියාවේ සිට ඕස්ට්‍රේලියාවට මෙම කණ්ඩායම් සංක්‍රමණය වී ඇති අතර පැපුවා නිව්ගිනියාව ඕස්ට්‍රේලියා අර්ධද්වීපයෙන් වෙන්වී ඇත්තේ මෙයින් වසර 10000කට පමණ පෙරදීය.

මෙම පර්යේෂණ වාර්තාව සකස් කිරීමට ඕස්ට්‍රේලියා ආදිවාසි කණ්ඩායම්වල නායකයන් නව දෙනෙක් ද සම කතෘවරුන් ලෙස සහභාගී වීම විශේෂත්වයක් බව පර්යේෂණයට එක්වූ ග්රිකෆීත් විශ්ව විද්‍යාලයේ පරිණාමය පිළිබඳ ජීව විද්‍යාඥ ඩේවිඩ් ලැම්බර්ට් පවසයි.

01-(7) simg_9876



අදහස් (0)

ලොව පැරණිම ශිෂ්ටාචාරය ඕස්ට්‍රේලියාවෙන්

තමිත් Tuesday, 04 October 2016 06:19 PM

හොඳ ප්‍රවෘත්තියක්

:       0       0

ප්‍රීති Thursday, 29 September 2016 06:09 AM

අබෝර්ජීන් වරු විනාශ උනේ අරක්කු වලට ඇබ්බැහි වීමෙන් කියල තමයි අපි අහල තියෙන්නේ. ඒකියන්නේ අපේ සිංහල බෞද්ධයෝන්ගෙන් තමයි ඔවුන් අරක්කු වලට ඇබ්බැහිවී,කුහක කම් කරමින් අනිත් අයට වල කපලා ඔවුන්වම විනාශ කරගෙන තියෙන්නේ. එහෙම බැලුවම ඒ සංක්‍රමණික ඉතිහාස කතාව ඇත්තයි. (ම)

:       0       0

පුෂ්ප Monday, 26 September 2016 02:21 AM

ඔන්න ගුණසිරි මහත්තයා දේශනාව පටන්ගත්තා

:       0       0

වසන්ත රත්නායක Sunday, 25 September 2016 04:35 AM

මිනිසා මැව්වේ දෙවියන් වහන්සේය. අහෝ දෙවියනි ඔබ වහන්සේගේ මැවීම භුක්තිවිඳිමින්ම ඔබ වහන්සේට අපහාස කරන ආකාරය.

:       0       0

එරන්ද Saturday, 24 September 2016 06:22 AM

සිල්වා මහතාගේ දැනුම පිළිබඳව කිසිම සැකයක් නැහැ. සිල්වා මහත්තයෝ, අපේ රටේ අවුරුදු 2500 ක් ගැන කියන්නේ බුදුදහමෙන් අපේ රට පෝෂණය වෙන්න පටන් ගත්තේ කොතන ඉඳලාද, අන්න ඒ කාල පරිච්ඡේදයයි. නැතුව මුලින්ම අපේ රටේ මානවයා ඉපදුන හෝ පැමිණි දවස නොවෙයි (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Thursday, 29 September 2016 06:45 AM

මානව විද්‍යාවේ ඔස්ට්රෝලොයිඩ් මානව වර්ගය ආදිවාසින් හා අපේ වැදී ජනතාවත් ඒ අයගෙන් පැවතෙන අදහසක් කපාල ධාරිතා මැනුම් අනුව එකල ප්‍රචාරය වුණා. එහෙත් අපගේ වැදී පරපුර බොහෝ දුරට සම්මිශ්‍රණය වීමෙන් දැන් එම ලක්ෂණ නොතිබෙන්නට පුළුවන්. (ම)

:       0       0

ජනහිත Wednesday, 28 September 2016 02:59 AM

නොදන්නාකමටයි අහන්නේ. මිනිසා මැවුවේ දෙවියන් වහන්සේ නම් දෙවියන් වහන්සේ මැවුවේ කොහොමද?

:       0       0

ලංකා Thursday, 29 September 2016 09:12 AM

මොක්කු කොහෙන් අාවත් මුස්‌ලිම අයනම් අපේ රටට අාවේ වෙළෙන්දෝ ලෙස අරාබිය පැත්තෙන් ,,,පකිස්තානෙත් බෞද්ධ පුරවරයක් ,,අැබෝර්ජින්ලා වාසනාවන්තයි (බ)

:       0       0

ගුණසිරි Wednesday, 28 September 2016 09:54 AM

මෙහි අදහස් දක්වන බොහෝ පින්වත් මිතුරන්ගේ දැනුම අවුල් සහගතයි,ආරාධනයක් ලදහොත් සියලු අදහස්හි අඩු තැන් පුරවා ඔබව දැනුමින් පොහොසත් කරමි . (අ)

:       0       0

සුසන්ත Saturday, 24 September 2016 11:21 AM

ආදීවාසීන් කොහේ ඉඳලාවත් මෙහෙ ආවේ නැහැ. මෙහෙ ඉඳලා තමයි ආදිවාසින් එහාට ගිහිල්ලා තියෙන්නේ මම හිතන විදිහට. (නි)

:       0       0

කුමාර Monday, 26 September 2016 05:22 AM

අපි කොහේ ඉඳලා ආවද , කොච්චර පැරණිද කියන එක නෙමෙයි වැදගත් වන්නේ, අපි මිනිසුන් විද්‍ියට සලකනවද නැත්නම් මගේ වාසිය විතරද බලන්නේ කියන එකයි.(හේ)

:       0       0

දමින්ද Monday, 26 September 2016 05:24 AM

හොඳ ලිපියක්.(හේ)

:       0       0

ගුණසිරි Saturday, 24 September 2016 12:14 PM

ඔයගොල්ලෝ මේකටත් ආගම ගාවාගත්තා කියලා කියන්න එපා. සිංහලයින් බහුතරයක් නාමිකව අදහන බුදුදහම නම්වූ ලොව උත්තරීතර සදාතනික ධර්මතාවයන් අපට කියාදුන් අපගේ සර්වඥ රාජෝත්තමයෝ, ත්‍රිපිටකයේ දීඝ නිකායේ බ්‍රග්මජාල සුත්‍රය නම් සුත්‍රයකින් ලෝකයේ මිනිසුන්ගේ ආරම්භය කියා දෙනවා (නි)

:       0       0

අරවින්ද Saturday, 24 September 2016 12:27 PM

අද ලංකාවේ අය කරන දේවල් දැක්කහම කුමාර්ගේ කතාව සහතික ඇත්ත. (නි)

:       0       0

රොෂාන් Monday, 26 September 2016 06:17 AM

ඒ කියන්නේ සිංහල බෞද්ධයෝ මීට වසර 31000 කට කලිනුත් ඕස්ට්‍රේලියාවට බෝට්ටු වලින් සංක්‍රමණය වෙලා තියනවා. අපේ මේ සියලු සම්පතින් ස්වයංපෝෂිත වූ රට හැර දාලා. (නි)

:       0       0

මොහොමඩ් පාසිල් Saturday, 24 September 2016 02:45 AM

අපේ රටේ ආදිවාසින් කොහෙන්ද පැමිණියේ කියලා මේ ක්‍රමය මඟින් හොයාගන්න පුලුවන් වේවි. (නි)

:       0       0

වික්ටර් Saturday, 24 September 2016 03:56 PM

බෞද්ද ධර්මය සහ බෞද සාහිත්‍යයේ තියන සත්‍ය මේ මගින් ඔප්පු වෙනවා. (අ)

:       0       0

අරවින්ද Saturday, 24 September 2016 03:39 AM

හොඳ ප්‍රවෘත්තියක් (නි)

:       0       0

ඩි. සිල්වා Friday, 23 September 2016 11:11 AM

අයියෝ, අපේ අවුරුදු 2500යේ ඉතිහාසයට මොකද වෙන්නේ එතකොට? (නි)

:       0       0

දමිත Thursday, 29 September 2016 03:28 AM

හොඳ ලිපියක් (ම)

:       0       0

ධම්මික Friday, 23 September 2016 12:00 PM

එයාලා අවුරුදු 31000 කලින් ආසියාවෙන් අාවා නම් ආසියාවේ ඊටත් වැඩිය පැරණි මානවයෝ ඉඳලා තියෙන්න ඕනෑනේ. (නි)

:       0       0

සුධීර Thursday, 29 September 2016 04:15 AM

ඕස්ට්‍රේලියා ඇබොරිජින් ශිෂ්ටාචාරය අවුරුදු 75,000ක් පමණ පැරණි බවත් ඔවුන් ඕස්ට්‍රේලියා අර්ධද්වීපයට පැමිණ ඇත්තේ මෙයින් වසර 31,000 කට පමණ පෙරදී බවත් නේචර් සඟරාව පවසයි. (බ)

:       0       0

දයා Thursday, 29 September 2016 03:18 PM

අපේ බලන්ගොඩ මානවයාට වසර 1,20,000 පරණ ඉතිහාසයක් තියෙනවා. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Friday, 23 September 2016 02:35 PM

ලංකාවේ මිනිසුන්ගෙන් 68% කට තිබෙන්නේ මේ අැබෝරිජනීස්ලාගේ තිබෙන ලේ ජාන බව කලකට පෙර කරනලද පරීක්ෂණ වලින් හොයාගෙන තිබෙනවා කියනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site