IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නෝට් 7 දුරකතනයට නඩුවක්

දැඩි විවාදයටත් විවේචනයටත් ලක් වූ සැම්සුන් නෝට් 7 දුරකථනයෙ බැටරි දෝෂය සමබන්ධ පළමු නීතිමය ක්‍රියාමාර්ගය ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවෙන් වාර්තා වෙයි.

ජොනතන් ස්ටේබල් නම් තරුණයකු මෙලෙස නඩු ගොනු කර තිබේ. තම දුරකථනය තම කලිසම් සාක්කුවේදී පුපුරා ගිය බවත් එයින් වේදනාකාරී පිළිස්සුම් තුවාල ලැබූ බවත් ඉන් තමා දැඩි කම්පනයට පත් වූ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. සිදුවීම සම්බන්ධයෙන් තමන් දැනුම්වත් වී ඇති නමුත් සිදුවෙමින් පවතින නඩු කටයුත්තක් පිළිබඳ අදහස් දැක්විය නොහැකි බවට එම ආයතනයේ නිලධාරියෙකු මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

සැම්සුන් නොට් 7 දුරකතනය නිෂ්පාදනයේදී සිදුවූ දෝෂයක් නිසා එය භාවිතයට අනාරක්ෂිත මෙන්ම නුසුදුසු තත්වයක ඇති බව එම ආයතනය මිට පෙර ප්‍රකාශ කළේය. එමෙන්ම නෝට් 7 දුරකථනය පාවිච්චි කිරීමෙන් වැළකි සිටින ලෙස දැනුම් දී තිබේ. මේ වන විට ඇමෙරිකාව තුල එම දුරකතනය සම්බන්ධයෙන් පැමිණිලි 90ක් වාර්තා වී ඇති අතර ඉන් 26ක් පිළිස්සුම් තුවාල සම්බන්ධයෙන් වන අතර 56ක් දේපල හානි සම්බන්ධයෙන් වන බවට සදහන් වේ. ඇමෙරිකාව තුල පමණක් එම වර්ගයේ දුරකථන මිලියනයක් පමණ විකිණී ඇතැයි බලධාරීහු පවසති.එම දුරකථනය සැම්සුන් ආයතනය වෙත භාරදී මුදල් ආපසු ගැනීමට හෝ දෝෂ රහිත නෝට් 7 දුරකතනයක් හෝ වෙනත් දුරකතනයක් ගැනීමට හැකියාව ඇති බව සදහන් වේ.



අදහස් (0)

නෝට් 7 දුරකතනයට නඩුවක්

ජයා Saturday, 01 October 2016 05:06 AM

ඒ ඇමෙරිකාවේනේ. ලංකාවේ වගේ මාළු ලෑලිවලත් තියාගෙන ඇමෙරිකාවේ සෙලියුලර් දුරකථන අළෙවි කරනේ නැහැ. දුරකථන සේවා නියෝජිතයගෙන්ම දුරකතනයක් සහ සිම් කාඩ් එක ගතයුතුයි. ලංකාවේ නම් පේමන්ට් එකෙන් ගත්ත එකකට ලදු පතක් දෙන්නේ නැහැ. ඉතින් කොහොමද පැමිණිලි කරන්නේ. (නි)

:       0       0

නිලූ Wednesday, 28 September 2016 04:14 AM

‍ජේ7 තියනවා එ්ක තම පුපුරලා නෑ ආරියරත්න (බ)

:       0       0

රම්ස් ආරියරත්න. Friday, 23 September 2016 01:03 AM

සැම්සුන් ජේ 7 කියලා එකකුත් තිබෙනවා නේද?

:       0       0

තුසිත Monday, 19 September 2016 05:05 PM

කොහොම හරි හොද්ද බොර උනේ ඇපල් සමාගමේ. කියලවත් කරගන්න බැරි චාන්ස් එකක්. (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site