IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දියයට රොබෝවා පේරාදෙණිය ගැඹුරටම ගෙනයයි

ශ්‍රී ලංකා රොබෝ තාක්‍ෂණයේ නව පිටුවක් සනිටුහන් කරමින් දිය යට ක‍්‍රියාකරන සුවිශේෂී ස්වයංක‍්‍රීය රොබෝ යානයක් නිපදවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.

මෙම රොබෝ යානයේ ජෛව පද්ධතිය, පාලක පද්ධතිය මෙන්ම බාහිර ආකෘතිය ඇතුළු සියලූම තාක්‍ෂණික දෑ මෙම සිසුන් විසින්ම නිෂ්පාදනය කිරීම විශේෂත්වයකි.

විද්‍යුත් හා විදුලි ඉංජිනේරු අංශයේ උමේෂ් රණතුංග, සන්චිත හපුතන්ත‍්‍රී සහ කසුන් සිරිවර්ධන යන සිසුහු මෙය නිර්මාණය කළහ. මේ නිර්මාණය සඳහා විද්‍යුත් හා විදුලි ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පරාක‍්‍රම ඒකනායක, ආචාර්ය රොෂාන් ගොඩලියැද්ද, ආචාර්ය ලිලන්ත සමරනායක සහ සිවිල් ඉංජිනේරු අංශයේ මහාචාර්ය ජනක විජේතුංග යන මහත්වරු මඟ පෙන්වූහ.

‘රොබෝ තාක්‍ෂණය කියන්නේ පාසල් සිසුවාගේ සිට සුවිසල් පර්යේෂණ ආයතනවල අධි තාක්‍ෂණ නිර්මාණ දක්වා විහිදී යන පුළුල් ක්ෂේත‍්‍රයක්. එමෙන්ම එයට භාවිත වන තාක්‍ෂණය, රොබෝවා ක‍්‍රියාකරන්නේ ගොඩබිමක ද, ගුවනේ ද, ජලයේද යන්න අනුව බොහෝ සෙයින් තාක්‍ෂණය වෙනස් වෙනවා. රොබෝ යන්ත‍්‍රය හා සම්බන්ධති සංවේදක හා යාමන පද්ධති අනුවද තාක්‍ෂණය වෙනස් වෙනවා.

දියයට කිමිදෙන රොබෝවන් නිර්මාණය කිරීම තාක්‍ෂණික වශයෙන් අභියෝගාත්මක ක‍්‍රියාවලියක්. ඒ නිසා දිය යට කිමිදෙන බොහෝ රොබෝවන් නිර්මාණය වන්නේ රොකට්ටුවක් හෝ සබ්මැරීනයක් මෙන් දිගැටි හැඩයකින්. ඒවාට දිය යට අහස් යානයක් ලෙස ගමන් කළ හැකිවුවද හෙලිකොප්ටරයක් මෙන් එකවර කිමිදී අවශ්‍ය තැනක අවශ්‍ය තැන නැවතී සිය කාර්යය සිදුකිරීම දුෂ්කරයි. අප නිර්මාණය කළ රොබෝ යානයේ විශේෂත්වය වන්නේ දිය යට දී හෙලිකොප්ටරයක් මෙන්  ඕනෑම අතකට ගමන් කළ හැකිවීමත් සෘජුව දියේ ගිලීමට අවැසි ගැඹුරක නැවැතී සිටීමටත් හැකිවීමයි. මෙහි ඇති සුවිශේෂී තාක්‍ෂණික උපක‍්‍රම මගින් රොබෝවාගේ සුනම්‍ය චලිතයට සහ ක‍්‍රියාකාකාරීත්වයට පහසුව සලසයි.

එබැවින් මෙම රොබෝ යානය භාවිතයෙන් එක ඉලක්කයක් දෙස බලා නිරීක්‍ෂණ කටයුතු කිරීම හෝ නෞකාවල දිය යට සිදුකෙරෙන නඩත්තු කටයුතු කිරීමට භාවිත කළ හැකිය. තවද මෙහි භාවිත වන තාක්‍ෂණය ගැඹුරු දියේදී සිදුකෙරන ක‍්‍රියවලි සඳහාද යොග්‍ය වන අතර ඒ සඳහා කළ යුත එකම වෙනස වන්නේ අධි පීඩනයට ඔරොත්තු දෙන අමුද්‍රව්‍යවලින් රොබෝ යානය නිපදවීමයි.

‘මෙම රොබෝ යානය බොහෝ ප‍්‍රායෝගික කටුයතුවලට මෙන්ම විද්‍යාත්මක පර්යේෂණ සඳහාද භාවිත කළ හැකිය. උදාහරණ ලෙස ගවේෂණ කටයුතු, ස්වාභාවික විපත් හා අනතුරුවලදී ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා තොරතුරු රැස්කිරීමට සහ විශාල යන්ත‍්‍රවල නඩත්තු කටයුතු සඳහා සහාය සේවා සැපයීම වැනි ක‍්‍රියාවලි සඳහා යොදාගැනීමට හැකිවෙනවා’යැයි ආචාර්ය පරාක‍්‍රම ඒකනායක මහතා පැවැසීය.

image001 image002 image003Z

Dr_Ekanayaka



අදහස් (0)

දියයට රොබෝවා පේරාදෙණිය ගැඹුරටම ගෙනයයි

අසේල Friday, 23 September 2016 05:42 AM

ඔබ නිවැරදියි අබය. අපේ රටේ අනාගතය වැඩිය යහපත් කරන්න නව නිපැයුම් අවශ්‍යයි (නි)

:       0       0

තිවංක Friday, 23 September 2016 06:13 AM

නියමයි. මගේ සුබ පැතුම්! (නි)

:       0       0

නාලක Saturday, 24 September 2016 06:46 AM

නව මාවතේ ශ්‍රී ලංකා නාමය ලොවේ රැඳවීමට ඔබලාට තව තවත් ශක්තිය දැනුම ලැබේවා! (නි)

:       0       0

සරත් කරු තෙලිජ්ජවිල Saturday, 24 September 2016 08:29 AM

සුබ පැතුම්! ජයවේවා! (නි)

:       0       0

අබය Thursday, 22 September 2016 06:11 AM

එක්තරා යුගයක ජපානය සහ සිංගප්පුරුව ආර්ථික සහ වෙළඳාම අතින් ලංකාව විසින් අතික්‍රමණය කෙරේයැයි සැකයකින් පසුවූවා. එහෙත් ඒ සැකය පුස්සක් බවට පත්වුණේ පහුගිය ඉතිහාසය පුරාවට අධ්‍යාපනය සම්බන්ධයෙන් දේශපාලකයින් ගත් කුහක ප්‍රතිපත්ති නිසා වියහැක. එහෙත් සියල්ල අභිබවමින් අපේ දරුවෝ ලෝකය ජයගනිමින් සිටිනවා දැකීම අපිට ඉමහත් සතුටක්. (නි)

:       0       0

ඇලෝසියස් Friday, 23 September 2016 09:50 PM

ඔබේ ඉදිරි ගමනට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

ජයාත් Saturday, 24 September 2016 01:12 AM

සුබ පැතුම්! නමුත් දුක මේ රටේ ක්‍රමයත් එක්ක මේ අයට මෙතනින් එහාට යන්න ඉඩ නොලැබීම තමයි (නි)

:       0       0

අජිත් Monday, 26 September 2016 05:22 AM

ඔබේ ඉදිරි ගමනට මගේ සුබ පැතුම්! (හේ)

:       0       0

අරවින්ද Friday, 23 September 2016 09:33 AM

වසරකට අපේ රටේ විශ්ව විද්‍යාල වලින් නව නිර්මාණ 2000 ක් පමණ බිහිවෙනවා. එ්ත් අපේ රටේ ඒවා ආර්ථිකමය වශයෙන් යොදාගැනීමට සැළසුමක් නැහැ. මෝඩ දේශපාලකයන් සහ ඔවුන්ටම හරියන ජනතාවක් එක්ක රටක් හදන්න බැහැ මහත්තයෝ. (නි)

:       0       0

කසුන් Saturday, 24 September 2016 04:13 AM

වෛද්‍ය සහ කලා ශිෂ්‍යයෝ ආත්මාර්ථකාමී කුහකකමට පාරවල් ගානේ ඇවිද්දට ඉංජිනේරු ශිෂ්‍යයෝ රටට වගේම ලෝකෙටම ප්‍රයෝජනවත් දේවල් කරනවා. දරුවනි, ඔබ රටට සම්පතක්. (නි)

:       0       0

අබය Saturday, 24 September 2016 04:25 AM

අපි ජපානය ගැන ඊශ්‍රායලය ගැන කතා කරනවා. එ්ත් ඒ වගේම පුංචි රටක් වන ලංකාවත් ලෝකයේ ආර්ථික, සමාජයීය හා විද්‍යාත්මක අතින් ඉතා උසස් මට්ටමකට ආපසු මගේ දෑස පියාගන්නට හැකිනම් එය තමා මා ජීවිතයේ ලද උතුම්ම සතුට..... (නි)

:       0       0

කාරියවසම් Monday, 26 September 2016 09:04 AM

ඉංජිනේරු ශිෂ්‍යයෝ රටට වගේම ලෝකෙටම සම්පතක්! \nසුබ පැතුම්! (ම)

:       0       0

කුමාර මහර Thursday, 22 September 2016 04:33 PM

මොරටුවෙන් නව නිර්මාණ කොච්චර බිහි වුණත් ඒවායින් වැඩක් ගන්න ආණ්ඩු කරන උදවියගේ මොලේ මෝරලා නෑ කියලයි මට හිතෙන්නේ (ම)

:       0       0

කුමාර් (ගල්ෆ්) Friday, 23 September 2016 02:41 PM

අබය, ඔබ හරි. සිංගප්පුරුවේ "ලී කුඅන් යු" ලංකාවට මුලින්ම අා වෙලේ කිවුවේ අපේ රටේ සංවර්ධනය හා කොළඹ එදා ලස්සන බලලා, සිංගප්පුරුවත් කොළඹ වගේ කරනවා කියායි. අද අපි කොතනද? සිංගප්පුරුව කොතනද? ලංකාවේ දේශපාලුවෝ තමා මෙරට පස්සට ඇදගෙන යන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site