ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.
එය නම් කර ඇත්තේ kitty hawk නමිනි.
වඩාත් සාර්ථක අන්දමින් අත්හදා බලා ඇති මෙම පියාඹන මෝටර් රථය දැනට පර්යේෂණ ගමන් වාර 1500 ක් පමණ කර ඇත.
මෙම පියාඹන මෝටර් රථය ලිතියම් පොලිම්ර් බැටරියකින් පණ ගැන්වෙන අතර එය වරක් ආරෝපණය කළ පසු මිනිත්තු 20 ක කාලයක් පුරා රථය ධාවනය කළ හැකි බව එහි නිෂ්පාදකයෝ පවසති.
බර කිලෝග්‍රෑම් 100 ක් පමණ වන මෙම රථයට පැයට කිලෝමීටර් 40 ක හෙවත් පැයට සැතපුම් 25 ක වේගයකින් පියාසර කළ හැකිය.
මෙම පියාඹන මෝටර් රථය මෙහෙයවීම සඳහා ගුවන්යානා පැදවීමේ බලපත් අවශ්‍ය නොවන අතර පාරිභෝගිකයින්ට විනාඩියක කාලයක් ඇතුළත එය පදවන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි බවත් නිෂ්පාදන සමාගම සඳහන් කර සිටී.
ඇමරිකාව තුළ මෙම පියාඹන මෝටර් රථය ධාවනය කිරීම සඳහා මේ වන විට අවසර ලැබී ඇති නමුත් එහි මිල මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
ඩේලිමේල් ඇසුරෙනි
සැකසුම - නිසංකා සංදීපනි
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
KANDEPOLA Monday, 09 July 2018 09:37 AM
අපේ රටට නම් කියාපු වාහනේ. හරියට බිම යන්නවත් බෑ පණ බේරාගෙන. ඒ තරම් විනයගරුකයි... අපේ රටේ මිනිස්සු තව උඩයයි හරියට...