IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කාන්තාර ප්‍රදේශවලදී පානීය ජලය නිපදවීමට නව උපකරණයක්

ජලය හිඟ වියළි කාන්තාර ප්‍රදේශවලදී  පානීය ජලය ලබාගත හැකි ජීවිතාරක්ෂක උපකරණයක් නිර්මාණය කිරීමට මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ පර්යේෂකයින් පිරිසක් සමත් වී ඇත.
 
මෙම උපකරණය භාවිතයෙන් ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ වියළි කාන්තාර ප්‍රදේශයකදී ජලය ලබා ගැනීමට පර්යේෂකයින් කටයුතු කර තිබේ. ලොව ඕනෑම කාන්තාර ප්‍රදේශයක දී මෙම උපකරණය භාවිතයෙන් ජලය ලබාගත හැකි බව ඔවුහු පවසති.
 
සූර්යාලෝකය මඟින් මෙම උපකරණය බලගැන්වෙන අතර වාතයේ ඇති තෙතමනය ජලය බවට පරිවර්තනය කිරීම මෙමඟින් සිදුවේ. 
 
ලෝහ-කාබනික සැකැස්මේ කිලෝ ග්‍රෑමයකට ජලය ලීටර් 1 ත් 4 ත් අතර බැගින් නිපදවීමට මෙම උපකරණයට හැකි බව  පර්යේෂකයෝ සඳහන් කරති.
 
පෘථිවියේ වඩාත් ශුෂ්ක කාලගුණික තත්ත්වවලදී මිනිසුන්ට උපකාර කිරීම සඳහා මෙම නව පර්යේෂණයේ ප්‍රතිඵල යොදාගත හැකි බව මැසචුසෙට්ස් පර්යේෂකයෝ පවසති.

209



අදහස් (14)

කාන්තාර ප්‍රදේශවලදී පානීය ජලය නිපදවීමට නව උපකරණයක්

sachith Friday, 30 March 2018 08:01 AM

මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනය එක්ක බලනකොට අපේ විශ්වවිද්‍යාල ඉන්නේ අහසට පොලව වගේ.

:       328       52

dnh Saturday, 31 March 2018 11:53 PM

අපේ අයට දිය යටින් ගින්දර ගෙනියන්න පුළුවන් ඒගොල්ලන්ට පුලුවන්ද ඒවා

:       1       23

abaran Sunday, 01 April 2018 01:01 AM

එච්චර දුරට හිතන්න එපා. විශ්ව විද්‍යාලයක උපකාරයෙන් එක ඇනයක් හෝ මුරිච්චියක් නිපදවලා තියෙනවද?

:       225       25

chandana Sunday, 01 April 2018 06:50 PM

රටක් ලෙස අප කල යුත්තේ දේශපාලනිකව බෙදීගෙන කුලල් කාගෙන ඉන්නවට වඩා දේශීයත්වයට ගැලපෙන නව සොයා ගැනීම් කිරීමයි. රට වටේම මුහුද ඒත් මාලු රටින් ගෙනෙනවා. අපේ පලතුරු අසුරලා අපනයනය කරන්න පුළුවන්. බුරුමය කුරුම්බා වතුර පොලොස් වෙනි දේවලුත් අපනයනය කරනවා. සියලුදේටම පාලකයන්ගෙන් ස්වායත්ත ජාතික ප්‍රතිපතියක් අවශ්‍යයි.

:       1       11

අමාලි Monday, 02 April 2018 02:24 AM

මේ වගේ එකක් දැනටම හදලා තියෙන්නේ. ඒකට කියන්නේ Atmospheric water generator කියලයි.

:       0       196

sachithTuesday, 17 April 2018 10:53 AM

Atmospheric water generator කියන්නේ ප්‍රමාණයෙන් විශාල උපකරණයක්. මේක ඉතාම කුඩාවට නිපදවලා තියෙන්නේ.

:       0       2

Lapaya Monday, 02 April 2018 09:35 AM

අපේ විශ්ව විද්‍යාලවල ළමයින්ට ඔය වගේ වැඩ කරන්න වෙලාවක් නැහැ. උද්ඝෝෂණ කරන්න විතරක් කාලය මදි. තියන ඉතුරු කාලයත් මහා පොළ ගාන අරගෙන මල් කඩන්න ගියාම වැඩේ හරි...

:       247       235

ජයන්ත Thursday, 05 April 2018 05:48 AM

මේක මහ ලොකු දෙයක්ද. සෝලා එකෙන් කරන්ට් එක ගන්නවා. Thermoelectric Peltier Thermo Electric Cooling කියල අර්ධ සන්නායක උපාංගයක් තියනවා. මේක ඊබේ එකේ ගන්නත් තියෙනවා. ඒ ප්ලේට් එකට කරන්ට් දුන්නාම එක පැත්තක් අධික කූල්, අනිත් පැත්ත හීට් වෙනවා. අර කූල් පැත්තේ ජල වාෂ්ප තැන්පත් වෙලා අයිස් හෝ වතුර බිංදු එකතු වෙනවා.

:       19       104

Ganesh Thursday, 05 April 2018 08:18 AM

අපරාදේ ජයන්ත මහත්තයට කලින් හදන්න තිබුනණේ...

:       128       16

ජයන්ත Thursday, 05 April 2018 11:05 AM

Atmospheric water generator කියල සොයලා බලන්න. ලෝකේ මෙහෙම යන්ත්‍ර හදලා තියෙන්නේ.

:       0       16

සෙනෙවි Saturday, 07 April 2018 04:14 PM

අපේ රටේ විශ්ව විද්‍යාල වලට ගරහන අයට පේරාදෙණිය කටුබැද්ද ඉංජිනේරු පීඨවල ශිෂ්‍යයන්ගෙ නව නිපැයුම් පේන්නේ නැත්තෙ කුහක කම නිසාද ?

:       160       1168

shan saudi Tuesday, 10 April 2018 05:48 AM

සෙනවි අපේ රටේ කරන නව නිපයුම උපන් ගෙයිම වැලලෙන්නේ කාගේ වරදින්ද? ලෝකයේ වැඩි ගොවි ජනතාවක් භාවිතා කරන අත් ට්‍රැක්ටරය හැදුවේ කවුද? ඒ උනාට ලංකාවට එකේ මඩ වීල් එකක් හදන්නවත් අද බලපත්‍ර තියනවද? නැහැ එකේ අයිතියත් ජපානෙට දෙන්න කටයුතු කලේ කවුද? අපේ නුගතුන්ගෙන් පිරුන දේශපලකයන් ඉන්න පාර්ලිමේන්තුව හා කුහක කමින් අන් අය දිහා බලන විද්වතුන් කියා ගන්න අයවළුයි සාමාන්‍ය ජනතාව මේ කිසිවකට වගකිවයුතු නැත කුහක හා මන්ද මානසික අයවලුන් ඇත්තේ ඉහල තානාන්තර වලය නැතිව මේ රටේ සාමාන්‍ය ජනතාව අතර නොවේ මේ බව හොදින් දන ගන්න තිබුන අත් ට්‍රැක්ටරය නිර්මාණ කරුවා අද ඉන්නවනම් ඔහුට මොකද උනේ කියලා

:       110       229

jayath Thursday, 12 April 2018 02:20 AM

අර අපේ විශ්ව විද්‍යාල හෙළා දකින්නේ තනිකර කුහකකමට. අපේ විශ්ව විද්‍යාල වල දේවල් කෙරෙනවා තියෙන සම්පත් වල හැටියට. මොරටුව, ජ'පුර, පේරාදෙණිය උදාහරණ

:       147       167

Sunil Thursday, 12 April 2018 07:19 PM

මීට කලින් ඊශ්‍රායලය මෙවැන්නක් නිෂ්පාදනය කළා. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මෑතකදී ඊශ්‍රායලයට ගිය අවස්ථාවේදී එතුමා සහ ඊශ්‍රායෙල් අගමැති තුමා මෙවැනි ජලය නිපදවන වාහනයක නැගී එරට සංචාරය කරනවා දක්නට ලැබුනා.

:       0       3

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site