IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එන්ඩොලයිකන දිලීරයෙන් පිළිකාවට පිළියමක්

(ගයාන් සූරියආරච්චි)

එන්ඩොලයිකන දීලීරවල පිළිකා නාශක ගුණය පවතින බව කැල‚ය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අධ්‍යනාංශය පවසයි.

තෙත් කලාපීය වනාන්තරවල ශාකවල බහුලව එන්ඩොලයිකන දිලීර දැකිය හැකිය. ලයිකන යනු ශාක කඳන්, ගල් පර්වත ආදී ස්ථානවල හටගන්නා ජීවීන් කොට්ඨාසයකි. ඇල්ගියක් හා දිලීරයක් එකතු වී සාදන්නා වූ සහජීවනය තුළින් ලයිකනයක් සෑදෙන අතර එහි පටක තුළ නිදහසේ ජීවත්වන්නා වූ දිලීරය එන්ඩොලයිකන දිලීර ලෙස හඳුන්වයි. තවදුරටත් එම දිලීරවල ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිජීවක සහ ප්‍රතිදාහක ගුණයද නිරීඬණය කරමින් පවතින බව පර්යේෂකයෝ පවසති.

කැලණිය සරසවියේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම කාලීන පර්යේෂණය සිදුකෙරෙන අතර 2006 වසරේ ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලෙස්ලි ගුණතිලක මහතා සමඟ සිදුකළ පර්යේෂණයකින් එන්ඩොලයිකන දිලීර ඖෂධීය ගුණ සහිත ජෛව සක්‍රීය සංයෝග සාදන බව ලෝකයේ ප්‍රථමවරට සොයාගනු ලැබුවේද මහාචාර්යවරිය විසිනි. › ලංකාවේ මෙවැනි පර්යේෂණයක් සිදුකෙරන්නේ ප්‍රථම වතාවට වන අතර මේ සඳහා ජාතික පර්යේෂණ සභාව මූල්‍ය දායකත්වය සපයයි. මෙම පර්යේෂණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වමින් මහචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය අප සමඟ පැවැසූවේ මෙවන් අදහසකි.

‘ එන්ඩොලයිකන දිලීරවලින් ඖෂධීය සංයෝග වෙන්කර ගැනීම මෑත කාලයේ පටන්ගත් නව ප්‍රභවික සංයෝග සාදන ප්‍රභවයක් ලෙස හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් ලෙස අප භාවිත කරන බොහෝමයක් ඖෂධවල මූලාරම්භය ශාකයක්, දිලීරයක්, ඇල්ගියක් හෝ ජලජ ජීවියකු වනවා. පිළිකා නාශක ඖෂධයක් ලෙස භාවිත කරන ‘වින්ක්‍රිස්ටීන්‘ යනු මිනීමල් ශාකයෙන් වෙන්කරගත් සංයෝගයකි. දිලීරවලින් මෙවැනි ඖෂධීය ගුණ ඇති සංයෝග නිස්සාරණය කර ගත හැකි බව මුලින්ම සොයාගනු ලැබුවේද පෙනිසිලින් ඖෂධය සොයාගත් පර්යේෂයෙණි. ඒ නිසා විවිධ සංයෝග නිර්මාණය කිරීමේ හැකියාව දිලීර සතුව පවතිනවා. එබැවින් තෙත් කලාපීය ශාකවල ජිවත්වන ලයිකන ඇතුළතස්වාධීනව නිදහසේ ජීවත්වන එන්ඩොලයිකන දිලීරවලින් ජෛව සක්‍රීය සංයෝග නිපදවීමේ හැකියාව ඇතිබව දැනටමත් පර්යේෂණවලින් සොයාගැනීමට හැකිවී තිඛෙනවා. මේ වනතෙක් ලෝකයේ හඳුනාගැනීමට නොහැකි වූ සංයෝග එන්ඩොලයිකන දිලීරවල අඩංගු වන බව අප සිදුකළ පර්යේෂණවලින් තහවුරු කරගැනීමට හැකි වී තිඛෙනවා.‘

‘සිංහරාජ, හග්ගල, නකල්ස් වැනි ප්‍රදේශවල වනාන්තරවල ශාකවලින් ලයිකන එකතුකර ගෙන ඒවායින් එන්ඩොලයිකන දිලීර වෙන් වෙන් වශයෙන් අපේ පර්යේෂණාගරයේ වගා කිරීම ඇරැඹුවා. එහි අඩංගු වන සංයෝගවල ප්‍රතිජීවක, ප්‍රති ඔක්සිකාරක, ප්‍රතිදාහක, පිළිකා නාශක ගුණයයන් ඇත්දැයි අප සොයාබලනවා. එහිදී බොහෝ දුරට ඉතා සාර්ථකව භාවිත කළ හැකි සංයෝග සොයාගෙන ඒවා තවදුරටත් දියුණු කර වගා කිරීම හෝ සංස්ලේෂණ ක්‍රියාවලියක් තුළින් සංවර්ධනය කළ හැකි වෙතැයි අප විශ්වාස කරනවා.‘

‘මෙම පර්යේෂණයේ තවත් අදියරක් ලෙස කඩොලාන පරිසරයේ ඇති ලයිකන විශේෂවල තිඛෙන එන්ඩොලයිකන දිලීර වෙන්කර හඳුනාගැනීමට සහ ඒවා මගින් සාදනු ලබන විවිධ සංයෝග හඳුනාගැනීමට පර්යේෂණ ආරම්භ කළා. මෙහිදී අධික ලවණ සහිත පරිසරයක වැවෙන කඩොලාන ශාක ශුෂ්ක පරිසරයකට අනුවර්තනය වී ඇති අයුරින්ම එම ශාකවල වැවෙන ලයිකන මෙන්ම එන්ඩොලයිකන දිලීරයන්ද එවැනිම අනුවර්තනයකට ලක්ව ඇති බැවින් එවැනි විශේෂවල මෙතෙක් හඳුනා නොගත් ආකාරයේ සංයෝග ඇතැයි විශ්වාස කරනවා. මේවන විට කඩොලාන ආශි්‍රතව ලයිකන 30 ක් පමණ සහ එහි එන්ඩොලයිකන දිලීර වර්ග 200 කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා.‘

මෙම පර්යේෂණයේදී එක්රැස් කරගන්නා ලයිකන වර්ග උද්භිද විද්‍යාත්මකව හඳුනා ගැනීම සඳහා ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ ලයිකන විශේෂඥ ආචාර්ය ගෝතමී වීරකෝන් මහත්මිය සහාය දක්වන අතර එන්ඩොලයිකන දිලීර හඳුනාගැනීම සඳහා කැලණිය විශ්වවිදයාලයේ උද්භිද විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය රේණුකා අත්තනායක මෙනෙවිය සහාය දක්වනවා.‘ යැයි මහචාර්ය පරණගම මහත්මිය පැවැසුවාය.



අදහස් (3)

එන්ඩොලයිකන දිලීරයෙන් පිළිකාවට පිළියමක්

citizen Monday, 22 May 2017 06:53 AM

රෝගීන් ගැන නොතකා රජයේ වෛද්‍යවරුන් වීදි පුරා වර්ජනය කරන යුගයක,... රෝගීන් ජීවත් කරන්නට ඖෂධ සොයන ඔබතුමියට මගේ ප්‍රණාමය! ඔබට දේව ආශීර්වාදය පතමි...

:       2       51

lalith Tuesday, 23 May 2017 06:03 PM

දැන්මම දිලිර වලටයි එම රසයනිකයටයි පේටන්ට් බලපත්‍රයක් නොගත්තොත් කරන සේරම වතුරේ යනවා?

:       0       28

ajith Friday, 09 June 2017 04:15 AM

මගෙන් උණුසුම් සුභ පැතුම් !!!

:       0       1

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site