IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


එක් සියදිවි නසා ගැනීමක් තවත් 20කට අත වැනීමක්

එක් සියදිවි නසා ගැනිමකින් තවත් පුද්ගලයින් විසි දෙනෙක් සියදිවි නසා ගැනීමට පොළඹවන බව සමීක්ෂණයකින් අනාවරණය කරගෙන ඇති බව ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානයේ සභාපති කුමුදුනී ද සිල්වා මහත්මිය පවසන්නීය.
 
මේ මස 10 දා ට යෙදෙන ලෝක සියදිවි හානි වැළැක්වීමේ දිනය වෙනුවෙන් කොළඹ හෝටන් පෙදෙස ශ්‍රී ලංකා සුමිත්‍රයෝ මුලස්ථානයේ පැවති වැඩමුළුවකට එක්වෙමන් කුමුදුනී මහත්මිය මේබව ප්‍රකාශ කළාය.
 
‘ඔබේ දිවියේ වෙනසක් දකින්න - මිනිත්කුවක් වෙන් කරන්න‘ මෙවර ලෝක සියදිවි හානි වැළැක්වීමේ දිනයේ තේමාව වී ඇත.
 
සැම වසරකම සිය දිවි හානිකරගැනීම හේතුවෙන් ලෝකය තුළ ලක්ෂ 08 – 10 අතර පිරිසක් ජීවිතය අහිමිකරගන්නා අතර සැම තත්පර 40 ට වරක්ම ලෝකයේ කොතැනක හෝ එක් සිය දිවි හානිකරගැනීමක් සිදුවන බවද කුමුදුනී මහත්මිය ප්‍රකාශ කළාය.
 
1995 වන විට ශ්‍රීලංකාව සිය දිවි නසා ගැනීම  අතින් ලොව ප්‍රථම ස්ථානයේ සිටි අතර මේවනවිට ශ්‍රී ලංකාව 04 වැනි ස්ථානයට පත්ව ඇති බවත් එසේවුවද එය සතුටුවිය හැකි මට්ටමක් නොවන බවත්  සභාපතිවරිය කීවාය.
 
 044



අදහස් (6)

එක් සියදිවි නසා ගැනීමක් තවත් 20කට අත වැනීමක්

sathyayaa Thursday, 07 September 2017 01:06 AM

ඇත්තෙන්ම සිදුවන්නේ එල්ලෙන්න යන මිනිහ 20 දෙනෙකුට විතර අත වනල ඒ අයට එල්ලෙන හැටි කියා දීල එල්ලෙන එක පැත්තකට දාල අනික් අයට කඹය දීල යන එක. මෙහෙම පැනල ගිය අය තමයි රට "හදන" තැන වැඩි හරියක් ඉන්නේ.

:       0       17

kumar (galf) Thursday, 07 September 2017 07:18 AM

එදා 80 - 90 දශකවල වැඩිම සියදිවි නසාගැනීම් තිබුනේ මහවැලි C කලාපයේ, ඒ බොහෝදෙනා ගොවියෝ, ඔවුන්ට ගොවි ණය ගෙවාගැනීමට බැරිව ජීවිත අතහැරියා, ඒ සියල්ලට වගකිවයුත්තේ ව්‍යාපාර සැලසුම් කළවුන් හා ව්‍යාපාරවල රාජකාරිකල රජයේ නිලධාරීන්.

:       0       215

sunil perra Wednesday, 13 September 2017 07:58 PM

රටක අධ්‍යාත්මික ගුණ ධර්ම පිරිහීම , ආර්ථිකය කඩා වැටීම , මානසික ආතතිය , යුධ මානසිකත්වය , දේශපාලන උපක්‍රම සදහා ජිවිත භාවිතා කිරීමට පුහුණුකිරිම සහ ආර්ථික ශක්තියකින් තොරව විවිධ උපකරණ භාවිතයආදී වශයෙන් තවත් බොහෝ පැතිකඩ දැක්වීමට කරුණු ඇතත් , මේවා යම් කිසි ආකාරයකට අවම කර ගැනීමට කටයුතු සම්පාදනය කිරීම අප සැමගේ යුතුකමක් . කළා නිර්මාණ ගීත ආදියත් , ධර්ම දේශනා ආදියත්, මගින් මනුසතුන්ගේ වටිනා කම පෙන්වාදීම ආදී පුළුල් ක්‍රමවේදයන් විවිද ආකාරයෙන් සිදුවේනම් යහපත් ප්‍රතිපල ලැබෙනු ඇති. ඉහත දැක්වූ කරුණු සියල්ලටම වඩා ප්‍රබල වන්නේ පවුල් සංස්ථාව කඩා නොවැටී පවත්වා ගැනීමට එම රටේ කරුණු කාරණා කොපමණ දුරට ඉවහල් වී ඇතිදැයි යන්න මත බව වැඩිදුරටත් පෙන්වා දීමට කැමති.

:       0       14

සුන්දරලිංගම් Monday, 25 September 2017 10:01 AM

මේවා දැන ගන්න ඕනෑ සාමාන්‍ය ජනතාවට වඩා මාධ්‍ය ආයතනවල වැඩ කරන අයයි. පහුගිය දවස්වල අනුරාධපුරේ ළමයෙක් කෝච්චියට බෙල්ල තියලා දිවි නසා ගත්තු එකට දීපු ප්‍රචාරය නිසා ඊට පස්සේ තව දෙනෙක් ඒ විදියට දිවි නසා ගත්තද? මොනවා හරි ප්‍රවෘත්තියක් දෙනවට වඩා ඒ ප්‍රවෘත්තියෙන් ලැබෙන ප්‍රතිඵලය බලලා වාර්තාකරණයේ යෙදීම තමයි කරන්න ඕනෑ.

:       0       0

නන්දන හේමසිරි Monday, 01 January 2018 05:48 AM

අප මෙන්ම ලොව සියලුදෙනා ලෝකයට අයිති අය මිස තමතමන්ට අයිති අය නොවේ. කෙනෙකු ලොවට බිහිවීමට පිළිසිඳ ගැනීමේ සිට මිය යනතෙක් ලොවේ අනෙක් සියලුම දෙනාගේ ආධාර උපකාර කැපවීම් මත දිවි රැක ගනිති. සියල්ලන්ම ලෝකයේ අන් අය වෙනුවෙන්ම වැඩ කරන්නෝ වෙති. කොපමණ ධනවතකු, බලවතකු වුවත් අන් අයගේ සහ සතා සිව්පාවාගේ උදව් උපකාර නොමැතිව ජීවිතය ගෙනයාමට නොහැකිය. සරල උදාහරණයක් ගතහොත් මී මැස්සන් ඇතුලු පරාග පෝෂණය කරන සතුන් වඳවී ගියහොත් සියලු සත්ව ලෝකයාම වසර සිය ගණනක් ඇතුලත වඳවීයනු ඇත. ඔබත් මමත් වැඩ කරන්නේ අනුන් වෙනුවෙනි. ලෝකය වෙනුවෙනි. අපව ඇතිදඩි කරන්නට ලෝකයම වෙහෙසී ඇත. දහඩිය ශ්‍රමය වැයකොට ඇත. එසේ වූවිට අප අනිවාර්යයෙන්ම ලෝකයේ අන් අයගේ යහපත සඳහා වැඩ කලයුතුව ඇත. එසේ තිබියදී, අප ලොව වෙනුවෙන් කලයුතු යුතුකම් කරන්නට තිබියදී ඒවා අතහැර ලෝකයෙන් ඉවත් වන්නේ නම් එවැන්නකු ලෝකයට ණය කාරයකු අපරාධ කාරයකු මිස ගරුකල යුතු අයකු නොවේ. එවැන්නකු සිය පන නසා ගතහොත් එවැන්නෙකුට අවසන් ගෞරව දැක්වීමක් කල යුතුදැයි සිතා බලන්න. මා රටේ නායකයා නම්, සියදිවි නසාගන්නා ඕනෑම කෙනෙකු මිනී මැරූ අපරාධකාරයකු ලෙස හඳුන්වා මරණ දඬුවමට ලක්වූ අයෙකුට මෙන් පොළවේ වලලා දැමීමට නීති ක්‍රියාත්මක කළ යුතුය.

:       0       0

නන්දන හේමසිරි Monday, 01 January 2018 06:05 AM

එහෙත් සුවකල ⁣නොහැකි වේදනාකාරී බරපතල අසනීපයක්... අධික වයස් ගතවීම නිසා ලෝකයාට සේවයක් කිරීමට නොහැකි වීම වැනි සාධාරණ හේතුවකට දිවි තොරකර ගැනීමකදී පමණක් එවැනි අගරු කිරීමක් කලයුතු නැත. අලි ඇතුන් පවා වයස්ගත වී කිසිවක් කරකියාගත නොහැකි වූ විට කන්දකින් පහලට පැන දිවිනසාගන්නා බව ස්පිටල් ගේ පොතක සඳහන්ව තිබිණි. එල්ලා මැරූවෙකුට අවසන් බුහුමන් දැක්වීමක් සිදු නොවේ. ගුණකථන පිංපැමිණවීම් සිහිපත් කිරීම් ඔවුනට හිමි නොවේ. ඔවුනට සොහොනක් හිමි නොවේ. නිවසට ගෙනයාමක් නැත.. වැලලූ තැන පස් පොළව මට්ටමට තබනු මිස ගොඩගැසීමක් සිදු නොකෙරේ.. සියදවි නසාගන්නා අය මුළු ලොවටම කරන්නේ ද්‍රෝහී කමකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site