IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආලෝකයෙන් පේරාදෙණිය 5 ජී තාක්‍ෂණයට

ශ්‍රී ලංකා සන්නිවේදන ක්ෂේත‍්‍රයට දැවැන්ත අඩිතාලමක් දමමින් අලෝක කදම්භ හරහා අධිවේගී දත්ත සන්නිවේදන පද්ධතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කර තිබේ.

නුදුරු අනාගතයේදී හඳුන්වාදීමට නියමිත 5 ජී තාක්‍ෂණය සඳහා දත්ත හුවමාරු කරගැනීමට අනගි සන්නිවේදන පද්ධතියක් ලෙස මෙය හැදින්විය හැකිය. රේඩියෝ තරංග මගින් දත්ත සම්පේ‍්‍රෂණයේදී සීමිත සංඛ්‍යාත පරාසය නිසා අධිකව දත්ත සන්නිවේදන ධාරිතාව ඉහළ දැමීමට සිදුවී තිබේ. එම ගැටලූව සඳහා ලෝකයේ බොහෝ රටවල් දෘෂ්‍ය ආලෝක කදම්භ උපයෝගී කරගෙන 5 ජී තාක්‍ෂණය සඳහා අත්හදා බැලීම් සිදුකරමින් පවතී.

විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අවසර වසර ඉගෙනුම ලබන කපිල පාලිතරත්න, ධම්මික සමරසිංහ සහ ලක්‍ෂිත විජයරත්න යන සිසුහු මෙය නිර්මාණය කළහ. ආචාර්ය හිමාල් සුරවීර, ආචාර්ය රොෂාන් ගොඩලියැද්ද යන මහත්වරු ඒ වෙනුවෙන් ඔවුනට මඟ පෙන්වූහ.

‘මෙම ආලෝක කිරණ හරහා දත්ත සම්පේ‍්‍රෂණය කිරීම ලංකාවේ සන්නිවේදන ක්ෂේත‍්‍රයේ නව පෙරැළියක් කියන්න පුළුවන්. මෙහිදී සිදුවෙන්නේ ආලෝක විමෝචක දියෝඩ අධි සංඛ්‍යාතයෙන් දැල්වීම හා නිවීම නිසා දත්ත සම්පේ‍්‍රෂණයවීමයි. ඡායා දියෝඩ මගින් ආලෝක සංඥා ලබාගෙන විශේෂිත පරිපථයක් ආධාරයෙන් දත්ත වෙන්කර ගැනීම සිදුකරනවා. අප නිර්මාණය කළ මෙම පද්ධතිය බහු ආදන බහු ප‍්‍රතිදාන (එම්අයිඑම්ඕ) තාක්‍ෂණයෙන් යුක්ත වෙනවා.  ඒ සඳහා විශේෂිත දෘෂ්‍ය කාචයක් භාවිත කළා. එය ස්වයංක‍්‍රීයව සීරුමාරු වෙනවා. ඒ තුළින් වඩාත් ඉහළ කාර්යක්‍ෂමතාවකින් දත්ත සම්පේ‍්‍රෂණය සිදුවෙනවා.

ආලෝක මූලධර්ම සහ සන්නිවේදන මූලධර්ම භාවිත කරමින් හඳුන්වාදුන් මෙම තාක්‍ෂණයේදී ස්වයංක‍්‍රීය සීරුමාරු කාචය මගින් ආලෝක ධාරා වෙන් කිරීමෙන් එකම කාමරයක් තුළ වුවද දත්ත සම්පේ‍්‍රෂණ කීපයක් එකවර අපහසුවකින් තොරව සිදුකළ හැකිවීම මෙහි විශේෂත්වයයි. බාහිර ආලෝකයන්ගෙන් ඇති බලපෑම අවමවීම මෙහි තවත් සුවිශේෂත්වයකි.

දත්ත ඉහළ වේගයක් ලබාගත හැකිවීම, සුරක්‍ෂිත දත්ත සන්නවේදන, වෙනත් විද්‍යුත් චුම්භක තරංගවලින් ඇති බලපෑම අඩුවීම සහ පවතින ආලෝක විමෝචන දියෝඩ පද්ධතියම භාවිත කළ හැකිවීම මෙහි ඇති වාසි ලෙස හදුන්වන්න පුළුවන්.

මෙම පද්ධතිය තවදුරටත් සංවර්ධනය කිරීම තුළින් ගෘහස්ථ පරිසරයක් තුළ අධිවේගී අන්තර්ජාලයට පිවිසීමට මෙය යොදාගන්න පුළුවන්. එසේම දැනටමත් පර්යේෂණ මට්ටමේ පවතින උපාංග අන්තර්ජාලකරණය සඳහා අවශ්‍ය අධිවේගී දත්ත සම්පේ‍්‍රෂණයට මෙම නිර්මාණය ඉතා වැදගත් වෙනවා.’’ යැයි නිර්මාණකරුවෝ පවසති.

2 pera1



අදහස් (0)

ආලෝකයෙන් පේරාදෙණිය 5 ජී තාක්‍ෂණයට

චිරාන් Monday, 24 October 2016 06:21 AM

අගය කරන්න ඕන වැඩක්, ඔබ සැමට ජය...(බ)

:       0       0

සෑම් Saturday, 29 October 2016 03:07 AM

රටට වැඩ ඇති, ණය නැති පුතුන් (නි)

:       0       0

චන්දන Friday, 04 November 2016 01:39 PM

ඔබ සහ ඔබගේ අචර්වරුන්ට ජය වේවා ! රජය සහ විද්‍යාභිවර්ධන සංගමයම මොවුන්ට දිරිදීමන දී තවදුරට පර්යේෂණ සිදුකළ යුතුය .වැඩිදුර ඉගෙනීමට පිටරට ගියත් නැවත රටට සේවයට එන්නට මතක තබාගන්න ඔබසැමට ජය ! (අ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Monday, 24 October 2016 08:19 PM

ඒ වුණාට මේවා වෙන රටවල දැනටමත් භාවිතා වෙනවා කියලා සමහරු කියනවා. කොහොම වුණත් මෙම ක්‍රමය අපේ ශ්‍රී ලංකාවේ වැඩ සඳහා යොදාගත්තොත්, පිටරට යවන සල්ලි කන්දරාවක් රට තුළම රඳවා ගැනීමට පුළුවන් වේවි යැයි මගේ පැතුමයි (නි)

:       0       0

සිල්වා බර්ලින් Friday, 28 October 2016 04:33 AM

මේක පත්තරේ මුල් පිටේ පිටේ වැටෙන්න ඕනේ ප්‍රවෘත්තියක් , මේක ලෝකයේ කොහෙවත් නැහැ මුලින්ම සොයාගෙන තිබෙන්නේ ලංකාවේ මේ පින්තුරේ ඉන්න මහත්වරු තුන්දෙනා . මේ සොයාගැනීමට විරුද්ධව කිසිම දෙයක් ලියන්න එපා එහෙම කරන එක දේශ ද්‍රෝහී ක්‍රියාවක් (බ)

:       0       0

ෂර්මන් ජී ද සිල්වා Wednesday, 26 October 2016 09:58 AM

ඔබ තිදෙනාට සුබ පැතුම්! (බ)

:       0       0

නලින් Tuesday, 25 October 2016 02:44 AM

ලයි-ෆයි කියන්නෙත් මේ තාක්ෂණයටද? මේ සොයාගැනීම වෙනුවෙන් අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

අනුර Friday, 04 November 2016 04:55 AM

ලයි-ෆයි කියන්නෙත් මේ තාක්ෂණයට තමා.(ම)

:       0       0

කාරියවසම් Tuesday, 25 October 2016 02:57 AM

ඔබ සැමට අපගේ ප්‍රණාමය! ජය වේවා! (නි)

:       0       0

දුලන්ජනී බස්නායක Wednesday, 26 October 2016 11:29 AM

සුබපැතුම් තුන් දෙනාටම .මේක ගොඩක් වටිනා හොද නිර්මාණයක්. (බ)

:       0       0

අබය Thursday, 03 November 2016 06:11 AM

නව සොයාගැනීම් සහ නිර්මාණ අතර වෙනස දැනගෙන අපේ උදවිය කතාකරනවා නම් හොඳයි. (නි)

:       0       0

ශාලි Tuesday, 25 October 2016 04:42 AM

ජය වේවා, මෑතකදී පේරාදෙණිය ඉංජිනේරු පීඨය විසින් නිර්මාණය කළ දෑ ලංකාදීප මගින් පමණක් දැනගැනීමට හැකිවීම ලංකාදීපයට ස්තුතිය, මාධ්‍ය තුල යන, නළු නිලියන් සමග කරන විකාර වැඩසටහන් වෙනුවට මෙම දක්ෂයන් රටට පෙන්වීම ඔවුන්ගේ නිර්මාණ අගය කිරීම, ඔවුන්ගේ ආකල්ප රටේ ජනතාව සමග හුවමාරු කරගැනීම රටේ මාධ්‍ය පැවරෙන විශාල වගකීමක්. විද්වතුන්ගේ අදහස් ජනතාවට සමීප කිරීම මාධ්‍ය නොවේද කළ යුත්තේ ? ඔවුන් සමග කටයුතු සිදු නොකීරීම ඔබට මදිකමක් ද? ඇයි ඔවුන් ලස්සන නැද්ද ? (බ)

:       0       0

රූබට් Thursday, 27 October 2016 11:48 PM

ලයි-ෆයි කියන්නෙත් මේ තාක්ෂණයට තමා. මේ වගේ දේවල් මීටපෙරත් මම දැකලා තියනවා. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 29 October 2016 03:50 PM

දැන් මිනිස්සු කියාවි මේවා ඇමෙරිකාවේ, එංගලන්තේ තියෙනවා කියලා. ඒවා බොරු. හෙට අනිද්දා සුද්දෝ ලංකාවට එනවා මේවා ඉගෙනගන්න. මට නම් දැක්ක ගමන් තේරුම්ගියා මේගොල්ලෝ වැඩකාරයෝ කියලා (නි)

:       2       0

චානක Wednesday, 26 October 2016 03:03 PM

නියමි කොල්ලනේ , සුභ පැතුම්. (අ)

:       0       0

අබේරත්න Monday, 07 November 2016 11:05 AM

ජර්මනිය මෝටර් වාහනයේ සහ එන්ජිමේ නිර්මාතෘ වරුන් වන අතර ජපානයද එයම කොපි කරමින් වාහන සැදීමේ කරලියට පැමිණියා. වර්තමානයේ ජපානය ලෝකයේ වාහන නිෂ්පාදන හිනිපෙත්තේ ඉන්නවා පමණක් නොව ඒ අංශයෙන් නව නිපැයුම්ද තිබෙනවා. අනුන් මෙලොවට දායාද කළ දෙයක් අපි නිපදවීම ලැජ්ජාවට කරුණක් නොවෙයි. නුදුරු අනාගතයේදී හෝ මෙලොවට නව සොයා ගැනීම් කරන්නට පෙරහුරුවක් තමයි දැන් මේ කෙරීගෙන යන්නේ.(බ)

:       0       0

අජිත් Tuesday, 25 October 2016 06:55 AM

ඔබ සැමට අපගේ ප්‍රණාමය! ජය වේවා! (නි)

:       0       0

දර්ශන Wednesday, 26 October 2016 06:13 AM

නියමයි කොල්ලනේ. ඔබ විශිෂ්ටයි! (නි)

:       0       0

නාමල් Monday, 24 October 2016 02:42 PM

මේ වැඩ කටයුතු සඳහා රජයෙන් උපරිම සහයෝගය දිය යුතුය. ඔබ සැමට ජය වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2154 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6059 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site