IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අවුකන වන සම්පත නැවත ගොඩනඟන්න කැලණි සරසවිය පෙරට

අනුරාධපුර අවුකන බුද්ධ ප‍්‍රතිමාව ආශ‍්‍රිතව විනාශ වෙමින් පවතින වන සම්පත නැවත ප‍්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනක් කැලණිය විශ්ව විද්‍යාලයෙන් සිදුකෙරේ.

විස්මිත මූර්ති හා කැටයම් කලාව හරහා ශ්‍රී ලංකාව ලෝකයට ගෙන ගිය අනුරාධපුර රාජධානිය මේවන විට වන සම්පත් විනාශයේ පවතී. අවුකන බුද්ධ ප‍්‍රතිමාව අලලා ආරම්භ කළ පරිසරය සුරැුකීමේ ‘හරිත ව්‍යාපෘතිය’ අවුකන විහාරාධිපති ශ‍්‍රාස්ත‍්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන් සමඟ කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනන්ද බද්දුමබණ්ඩාර මහතා ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුව ක‍්‍රියාත්මවේ.

කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සත්ව විද්‍යා හා පරිසර කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ හරිත ක‍්‍රියාකාරී කමිටුවේ සභාපති ආචාර්ය යූ.පී.කේ. ඈපා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කාලීන සමාජ ව්‍යාපෘතිය සිදුකෙරේ.

‘ලෝකයට නොදෙවැනි ලෙස අපේ රජදරුවන් ඉදි කළ වෙහෙර විහාර ඉදිරි පරම්පරාවට දැක බලාගැනීම සඳහා ඒවා ආරක්‍ෂාකිරීම වර්තමාන පරපුරේ වගකීමක් වෙනවා. පරිසර දූෂණය හේතුවෙන් මේවන වන විට පරිසරයේ කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රතිශතය වැඩිවෙලා තියෙනවා. කාලගුණික විපර්යාස සිදුවීමට පරිසර දූෂණය හේතුවක් වෙනවා. මේ හේතු කාරණා සැලකිල්ලට ගෙන පරිසරය සුරැුකීම තේමාව යටතේ අවුකන බුද්ධ ප‍්‍රතිමාව ආශ‍්‍රිතව එකල සිට පැවැත ආ පලූ, බුරුත, මිල්ල, කොහොඹ, දිවුල් ඇතුළු ශාක වර්ග කීපයක් නැවත ගොඩනැගීමට අපි මෙම ව්‍යාපෘතිය පටන් ගත්තා‘

‘ගොවිතැන් කිරීම, හේන් කෙටීම සහ කැලෑ විනාශ කිරීම හේතුවෙන් අවුකන බුද්ධ ප‍්‍රතිමාව ආශ‍්‍රිතව පැවැති වන සම්පත මේවන විට විනාශයට පත්වෙලා තියෙනවා. එම ප‍්‍රදේශයට ආවේණිකව තිබූ ශාක නැවත රෝපණය කරන්න අපි සිතුවා. එම ප‍්‍රදේශයේ වෙනත් ශාක අපි රෝපණය කරන්නේ නෑ‘

‘දැනටමත් රාජ්‍ය දැව සංස්ථාවෙන් ශාක 2000 ක් පමණ අපට ලැබී තිබෙනවා. අපි විහාරාධිපති හිමියන් සමඟ ඇතිකරගත් ගිවිසුමට අනුව වසර 50 ක් යනතුරු එම ශාකවලට කිසිඳු දෙයක් කරන්න බැහැ. මේ කර්තව්‍ය වෙනුවෙන් එම ගම්වාසීන්, පාසල් දරුවන් සහ පොලිසිය අපට සහාය ලබාදෙනවා. දැනටමත් ලංකාවේ සිදුවී තිබෙන පරිසර විනාශය අවම කරන්න ඉදිරියේදී අපි දිවයින පුරා මෙවැනි පාරිසරික සමාජ සද්කාර සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.’’ යැයි ආචාර්ය ඈපා මහතා පැවැසීය.

Avukana LDP1 LDP2 LDP3 LDP4 LDP5Thero

VC

Dr.-Epa



අදහස් (0)

අවුකන වන සම්පත නැවත ගොඩනඟන්න කැලණි සරසවිය පෙරට

බමුණු Sunday, 30 October 2016 06:29 AM

කැලේ නැවත වවන්නෙත් ගිනිසීරියා. වවන්නකෝ බුරුත, මිල්ල, නැදුන් වගේ ඒවා. (බ)

:       0       0

ඈන්ජලෝ Friday, 04 November 2016 02:59 AM

පාරවල් වහගෙන විකාර කර කර අනාගතය අදුරුකරගන්නේ නැතිව මේ වගේ රටට හිතැති උගතුන් බිහිකිරීමට කරන වැඩසටහන් ගැන අපේ උණුසුම් සුබපැතුම් (අ)

:       0       0

ගුණසිරි Friday, 28 October 2016 03:41 PM

සාදු සාදු සාදු ! (නි)

:       0       0

සිසිර Friday, 28 October 2016 04:11 PM

විශ්ව විද්‍යාලයේ සිසුන් මෙවැනි දෙයට යොමුකරවීම ගැන ස්තුතිවන්ත වියයුතුයි. මෙම වනාන්තරය රටට ආදර්ශයක් වෙන ලෙසට පවත්වාගෙන යන්න. (නි)

:       0       0

චාමික Wednesday, 02 November 2016 06:08 AM

කැළණි විශ්ව විද්‍යාල සිසුන්, අනිත් විශ්ව විද්‍යාල සිසුන්ට වඩා, සමාජීය ප්‍රශ්න කෙරෙහි වැඩි සංවේදීතාවයක් සහ දැක්මක් ඇතුව වැඩ කරනවා කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 28 October 2016 04:56 PM

මෙය ඉතා හොඳ පූර්වාදර්ශයක්. රටේ සිටින අනෙක් අයටත් මේ ගැන සිතන්න කාලයයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 02 November 2016 11:55 AM

බොහොම හොඳ දෙයක්. හැබැයි ඉතින් අර උප සංස්කෘතිය එහෙම පාවිච්චි කරනවා එහෙම නොවෙයි ඔන්න (නි)

:       0       0

චාමික Saturday, 05 November 2016 03:56 AM

ඇන්ජෙලෝ, සරසවි සිසුන් පාරට බහින්නේ ආසාවට හෝ විනෝදෙට නොවෙයි. ඔවුන් උගත් තරුණ පරපුරක්. ඒ වගේම ඔවුන් රටට හෝ අධ්‍යාපනයට, වර්තමානයේ හෝ අනාගතයේදී සිද්ධවෙන ප්‍රශ්න කෙරෙහි, රටේ නිදාසිටින අනෙක් බොහෝ මිනිසුන්ට වඩා සංවේදීයි. ඒ නිසා මුලින්ම අප දැනුවත් වියයුත්තේ ඔවුන් පාරට බසින කාරණය ගැනයි. (නි)

:       0       0

මැටිපහන Saturday, 29 October 2016 04:25 PM

පරිසරය රකින්න ඉන්න විවිධාකාර දෙපාර්තමේන්තු වලින් වැඩක් නැහැ. එයාලා කොච්චර හිටියත් දිනෙන් දින වනාන්තර සහ සතුන් විනාශය වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. අපිම මේ විදියට ප්‍රදේශ වෙන්කරගෙන ආරක්ෂා කරන්න පටන්ගන්න වෙයි වගේ. (නි)

:       0       0

තුසිත Friday, 28 October 2016 09:44 AM

පැල හිටවනවට වඩා හොඳ නැද්ද තියෙන ගස් ටික රැකගන්න වැඩපිළිවෙලක් හැදුවොත්? කට්ටියක් ගස් හිටවනවා. කොහෙවත් නැති අය ගස් කපනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site