IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අඩි උස සපත්තුවේ මුල් අයිතිය පිරිමින්ටලු

වර්තමාන සමාජයේ අඩි උස සපත්තුව කාන්තා විලාසිතාවක් බවට පත්වී ඇත්තේය. එසේ වී නමුදු මෙහි මූලාරම්භය පිරිමින් විසින් ආරම්භ කර ඇත. පුරාණ ඊජිප්තුවේ වැසියෝ කකුලට පාවහන් භාවිතා කර නොමැත. එකල වැසියෝ ගමනා ගමනයේ යෙදී ඇත්තේ පාවහන් නොමැතිවය.

එම වකවානුවේ ඊජිප්තුවේ වෙළඳාම් කටයුතු වල නිරත මස් වෙළෙන්දෝ බිමට වැටෙන රුධිරය කකුල් වල නොගෑවෙන ලෙස ආරක්ෂා වීම සඳහා ලී වලින් සදා නිම කළ පතුල උස පාවහන් වර්ගයක් පාවිච්චි කිරීමට පුරුදුවී සිටියහ.

ඉන්පසු පුරාණ පර්සියා  ජාතික අශ්වාරෝහකයෝ අශ්වයන් පිට ගමන් කිරීම සඳහාත් එයින් ආරක්ෂා වීම සඳහාත් පතුල උස සපත්තු භාවිතා කිරීමට පුරුදුව ඇත. ඊට අමතරව පුරාණ ඊජිප්තුවේ ගොඩ නැගුණු පිරමීඩ ආශ‍්‍රිතව සමහර සොහොන් කොත්හී බිත්ති මත නිර්මාණය කරන ලද රූප අතර පාවහන් සහිත රූප රාමු දැකීමට ලැබීම හා එය අනුකරණය කිරීම තුලින් පුරාණ ඊජිප්තු මස් වෙළෙන්දෝ ප‍්‍රථමයෙන් අඩිය උස සපත්තු භාවිතය ආරම්භ කර ඇත.

පසු කාලීනව ඉතාලියේ විසූ රජ පරම්පරාව මෙවැනි පාවහන් භාවිතා කිරීමට පුරුදුවී ඇති අතර එකල විසූ සාමාන්‍ය වැසියන්ට වඩා උසින් වෙනස් වීම සඳහාත් රජ පවුලේ තරාතිරම ආරක්ෂා කිරීම නිමිති කොට රජ පවුල හා එයට බැදුනු ප්‍රභූවරුන් මෙම පාවහන් භාවිතා කොට ඇත.

ඉන්පසු 1533 දී ඉතාලියේ සිටි කැතරින් මෙඩිසීස් රැජිණ ප‍්‍රංශයේ දෙවැනි හෙන්රි රජු සරණපාවා ගත්තේය. එම විවාහයට ඉතාලියේ කැතරින් රැජිණ සහභාගිවී ඇත්තේ අඩි උස සපත්තු පැළඳ ගැනීමෙනි. එයින්  පසු කාලීනව කලින් කලට අනුකරණය කරමින් එම ප‍්‍රවනතාවය වර්තමානය වන විට කාන්තාවගේ රුව වඩන විශේෂ විලාසිතාවක් බවට පත්වී ඇත්තේය. වසර දහස් ගනනකට පෙර පිරිමින්ගේ පය ආරක්ෂා කළ සපත්තුව අද කාන්තා විලාසිතාවක් වී ඇත.

escarpins-talons-hauts sipa

 

 

 

 



අදහස් (0)

අඩි උස සපත්තුවේ මුල් අයිතිය පිරිමින්ටලු

මහාචාර්ය සුජිත් නිශාන්ත Wednesday, 30 November 2016 06:20 AM

රූපලාවන්‍ය හා විලාසිතා කාලයෙන් කාලයට විවිධ තාලයට එනවා. ගැහැණු පිරිමි බේදයක් නැතුව විලාසිතාවලට පැටලෙනවා. නමුත් කාලය අාවාම මාරයාගේ පණිවිඩය ආවාම කොයි කාටත් යන්න සිදු වෙනවා. (බ)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Thursday, 01 December 2016 02:13 AM

විලාසිතා ලෝකේ කැපීපෙනෙන්න ඉස්සරහට යන්න, සමාජයේ අනිත් අය පරයා ජනප්‍රිය ලේබල් එක අලවාගන්න සමහරුන්ට කියෙන්නේ පුදුමාකාර අමාරුවක්. ඇයි පොඩ්ඩක් හිතන්න බැරි අපි සදාකාලිකව මේ ලොකේට ආපු අය නෙවෙයි කියලා. ඒ කුණු කය පරිහරණය කරනවා කියන හැඟීමෙන් ජීවත්වනවා නම් මිනිස්සුන්ට ගැහැණුන්ට වරදින්නේ නැහැ. නමුත් මිනිස්සු මේ ලොකේ ජීවත්වන්නේම කවදාවත් තමන් මැරෙන්නේ නැති අමරණීය සත්ව කොට්ඨාශයක් වගේ. මම හිතනවා එය නිවැරදි වියයුතුයි කියලා (නි)

:       0       0

මහේෂ් Thursday, 01 December 2016 03:12 AM

ඉතාමත් වැදගත් ලිපියක්

:       0       0

රූපවතී Monday, 14 November 2016 12:58 PM

ඒක වෙන්න පුළුවන්.(හේ)

:       0       0

ලක්මාලි Sunday, 13 November 2016 08:55 AM

පිටිගල, ඒ දවස්වල ඔයත් අල්මාරියට හිරවුණා වගේ කලිසමක් ඇඳගෙන ඇඹරි ඇඹරි යනවා නුවර පැත්තේදී අපි දැකලා තියෙනවා. (නි)

:       0       0

සුමිත්‍රා Wednesday, 30 November 2016 10:30 AM

මේ තියෙන්නේ රුපවතී ආච්චිගේ කකුල් දෙකද? (බ)

:       0       0

ගෝමස් Saturday, 19 November 2016 03:45 PM

අපේ අය අපේම සල්ලි වලින් බාල් දමමින් මේ කාලෙත් කොහොමත් උඩින් යනවා වගේ තමයි යන්නේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 23 November 2016 03:06 PM

මේකට මොකක්ද ලියන්නේ කියලා දැනට නම් ඔලුවට එන්නේ නැහැ. අාවොත් ලියන්නම් (නි)

:       0       0

මාලි Wednesday, 30 November 2016 12:28 PM

සුමිත්‍රා ,හිනා වෙලා පණ ගියා .ඔව් එහෙම වෙන්නත් පුළුවන්.! (බ)

:       0       0

ලංකා Saturday, 12 November 2016 08:51 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 12 November 2016 08:56 AM

හැත්තෑව දශකයේ අඩි උස සපත්තු දාලා පශ්චාත් භාගය හිරවූ ඉණටත් ඉහළින් අඳින හයිවේස්ට් බෙල්බොටම් ඇඳලා කොන්ඩෙත් කණට උඩින් වවපු සොකරි වගේ ඇඹරි ඇඹරි ඇවිදින පිරිමි ලංකාවේ බහුලව හිටියා. මම හිතන්නේ මේ අය අනුකරණය කළේ එක්තරා ස්වීඩන් ජාතික සංගීත කණ්ඩායමක ඇඳුම් විලාශය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1530 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site